H*ආශා...*♥️🍂🌺 සිංහල කෙටිකතාව _අහඹු හමුවීමක නොසිතූ අවසානය..._




 H*ආශා...*♥️🍂🌺


 _අහඹු හමුවීමක නොසිතූ අවසානය..._

" කෙල්ලෙ නැගිටපන්...දවල් වෙලා ඇත්තෙ දැන්..."
  " අයියෝ හරි අත්තම්මේ..නැගිටින්නම්.."
" ඕන් මන් උබට කාලා යන්න රොටියකුත් පිච්චුවා..විගහට නැටිටලා ලෑස්ති වෙයන්..."

ලා රෝස පාටට හුරු දිග අත් තියෙන දිග ගවුමක් ඇදලා කොන්ඩයක් ගොතාගෙන මන් ලෑස්ති උනේ කැම්පස් යන්න..

  " අත්තම්මෙ මන් ගිහින් එන්නම්...අත්තම්මා පරිස්සමින් ඉන්න.."
" බුදු සරණයි කෙල්ලෙ...උබත් පරිස්සමට ගිහින් වරෙන්...උබ හොදට ඉගෙනගනිම් කෙල්ලෙ...නැත්තම් උබටත් මේ අපායෙන් ගොඩ ඒමක් නැතිවෙයි..කාත් කවුරුත් නැති අපිට කවුද කෙල්ලෙ බලන්න ඉන්නෙ..."
  " අම්මා තාත්තා නැති මට හැමදේම මගෙ අත්තම්මනෙ...බය වෙන්න එපා මන් මගෙ අත්තම්මව බලාගන්නවා..."

අත්තම්මට වැදල මන් ආවෙ බස් හෝල්ට් එකට මන් එද්දි චතූ ඇවිල්ලා හිටියා...චතූ කියන්නෙ මට ඉන්න හොදම යාලුවා.

  " ගුඩ් මෝනිම් චතූ.."
" අහ් උබ ආවද...ගුඩ් මෝනිම් කෙල්ලෙ...අම්මෝ කෙල්ලගෙ ලස්සන...කැම්පස් එකේ කොල්ලො පිස්සු වැටිල ඉන්න එක අහන්න දෙයක් නෙවේ..."
  " අනේ යමන් යන්න බන්..අන්න බස් එකක් එනවා යමු.."

  " ඒ බන් අන්න අදත් අරූ අදත් ඉන්නවා.."
" අනෙහ්..මේක පුදුම වදයක් උනානෙ..දැක්කෙ නෑ වගේ යමු බන්.."

 " ආශා..නන්ගි..පොඩ්ඩක් නවතින්නකො...ඇයි දැක්කෙ නෑ වගේ යන්නෙ..."ආශගෙ අතකින් අල්ලලා එයාව නවත්තන ගමන් ඇහුවෙ,,,

  " අනේ අයියෙ..මන් ඔයාට කියල තියෙනව මගෙ පස්සෙන් එන්න එපා කියලා..මගෙ අත අතාරින්න.."

  " ආශා පොඩ්ඩක් මන් කියන දේ අහන්නකො...මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.."

  " අයියෙ මට ඔයා කියන කිසි දෙයක් අහන්න ඕන නැහැ...මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න අයියෙ වදින්නම්..."

ඒ ඇස් දැකපු කොල්ලා ගැස්සිලා ගියෙ නෑ කියන්න බෑ..මොකද ඒ ඇස් රතු වෙලා තිබ්බෙ හිතේ තිබ්බ තරහයි දුකයි ඔක්කොම එකතු වෙලා කියලා එයා හොදටම දැක්කා..
















 " යමු චතූ..."

  " නිසල්..." ආශා යන දිහා කදුලු පිරුනු ඇස්වලින් බලාගෙන ඉන්න නිසල්ට තට්ටුවක් දාලා කතා කලේ අවිශ්ක.

 " උබ අවුල් ගන්න එපා බන්...අනික උබට මොනවයින් අඩුවක්ද...ඒකි නැති උනාට තව කෙල්ලො ඉන්නවනෙ බන් ඕන තරම්.."

 " උබට තේරෙන්නෙ නෑ අවිශ්කයො..මට ඒකිව විතරයි ඕන..මට ඒකිව මාර විදියට දැනෙන්නෙ..මට තේරෙන්නෙ නැත්තෙ ආශා මට කැමති නැත්තෙ ඇයි කියලා..." නිසල් අවිශ්ක ඉස්සරහ තමන්ගෙ කදුලු ගලාගෙන යන්න නිදහස දුන්නෙ අවුරුදු 4ක බලාපොරොත්තු ගොන්නක් එක්ක..
--------------------------------------------
 " අඩෝ පව් බන් මොනා උනත්...අනික නිසල් අයියා එහෙම නරක කෙනෙක් නෙවෙයිනෙ...ඇයි බන් උබට බැරි තව පාරක් හිතන්න..."

 " හ්ම්ම් බන්..මන් දන්නව නිසල් අයියා ගොඩක් හොද කෙනෙක්...ඒත් ඒවගේ සල්ලිකාර කොල්ලෙක්ට මන් වගේ කෙල්ලෙක් ගැලපෙන්නෙ නෑ බන්..අනික නිසල් අයියට මට වඩා හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් බන්.."

  " අනේ මන්ද බන් උබනම්...සල්ලි පස්සෙ එන කොල්ලෙක්නම් ඌ අවුරුදු ගානක් උබ වෙනුවෙන් බලන් ඉන්නෙ නෑනෙ බන්..."

  " ම්ම් බන්...බලමුකෝ..."

" හරි හරි දැන් ඕක ගැන හිතන්න එපා...වරෙන් යන්න ලෙක්චර්ස් පටන් ගනියි දැන්.."

 " යමු බන්..." කදුලුත් පිහදාගෙන මම නැගිට්ටෙ ලෙක්චර්ස්වලට යන්න...ඒ යද්දි,,,

 කදුලුත් පිහදාගෙන මම නැගිට්ටෙ ලෙක්චර්ස්වලට යන්න...ඒ යද්දි ,,

   " ආව්..." කකුල පැටලිලා මම වැටෙන්න ගියපු පාර කවුරුහරි මගෙ බඩ වටේට අත දාලා මාව අල්ලගත්තා..ඒ කෙනාව දැකලා මගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා..

ඒ ඇස් මන් මීට කලින් කවදාවත් එහෙම දැකල තිබ්බෙ නෑ...ඒ තරමටම ඒ ඇස් ලස්සනයි..ඒ වගේම මමත් නොදන්න අමුතුම හුරුපුරුදු හැගීමක් මට දැනෙනවා..

  " ආශා..ආ යූ ඕකේ.." තාමත් කොල්ලගෙ ඇස් දිහාම බලන් ඉන්න කෙල්ලගෙන් ඇහුවෙ..

  " අහ්...ඔ..ඔව් අයියේ.." කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගෙනම කිව්වෙ මෙච්චර වෙලා හිටපු කල්පනා ලෝකෙන් මිදිලා..











  "හ්ම්..පරිස්සමට.." 
" අ..නිසල් අයියෙ..තැන්ක් යූ.." කෙල්ල ලස්සන හිනාවකින් එහෙම කියල එතනින් යන්න ගියෙ හිත තාමත් ඒ ඇස් ගාව තියලා..

 " කෙල්ලෙ එහෙනම් පරිස්සමින් යමන්..මන් යනවා.."

   " හරි චතූ..ඔයත් පරිස්සමට...බුදු සරණයි..."

ලෙක්චර්ස් ඉවරවෙලා චතූ ගෙදර ගියත් ආශා යන්න ගියෙ එයා වැඩ කරන ශොප් එකට..එයා ඉගෙන ගන්න ගමන් අමතර රස්සාවක් කරන්නෙ ගෙදර වියදමයි ඉගෙන ගන්න යන වියදමයි හොයා ගන්න ඕන නිසා..

  " ආශා...මෙහෙ කොහෙද යන්නෙ..." 

  " මන් ශොප් එකට යන්නෙ අයියෙ.."

" නගින්න මන් ඩ්‍රොප් කරන්නම්.."

  " නෑ.. කමක් නෑ නිසල් අයියෙ..මන් යන්නම් මේ ටික.."

" හ්ම්ම්..නන්ගි ඔයාට පුලුවන්නම් මට එක උදව්වක් කරන්න.."

 " මොකක්ද අයියෙ..කියන්න.."

" මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න අවස්ථාවක් දෙන්න..."

නිසල් අයියා අහින්සක බැගෑපත් විදියට එහෙම කියද්දි මගෙ හිතත් අමුතු වේදනාවකින් පිරුනා..ඇත්තටම උදේ තිබ්බ තරහට මොකක් උනාද කියන්න මමවත් දන්නෑ..

  " ම්ම්..හරි අයියෙ..පුලුවන්.." 
" අපි අර කොෆි ශොප් එකට ගිහින් කතා කරමු.." කැම්පස් එකට ටිකක් එහායින් තියෙන කොෆි ශොප් එක පෙන්නලා එයා කිව්වෙ.

  " ඔයා මොනාද බොන්නෙ.."

" මට එපා අයියෙ..අයියා බොන්න.."

 " ඉන්නකො මන් අරන් එන්නම් මොනා හරි.."එහෙම කියල ගිහින් එයා අපි දෙන්නටම කොෆී දෙකක් ගෙනාවා.

 " ආශා.."

  " කියන්න අයියෙ.."

" මන් මේක ඔයාට කියල තියෙනවනෙ..ඒත් මට අවසාන පාරටත් මේක ඔයාගෙන් අහන්න ඕන..ඒත් ඊට කලින් මට කියන්න ඇයි ඔයා මට කැමති නැත්තෙ..."







  " මන් දන්නව අයියෙ ඔයා හුගක් හොද කෙනෙක්..ඒත් ඔයා වගේ සල්ලිකාර කොල්ලෙක්ට මන් වගේ කාත් කවුරුවත් නැති හිගන කෙල්ලෙක්ව හරියන්නෙ නෑ අයියෙ.."

 " නන්ගි.. මේ අහන්නකො..මන් අවුරුදු ගානක් ඔයාගෙ පස්සෙන් එන්නෙ ඔයා ගැන හැමදේම දැනගෙන..මට සල්ලිවලින් වැඩක් නෑ ආශා මට ඕන ඔයාව..

ප්ලීස් ආශා මට එක චාන්ස් එකක් දෙන්න..මට ඕන ඔයාව මගේ කරගන්න..මන් ඔයාව ඇස් දෙක වගේ පරිස්සම් කරගන්නම් මැණිකෙ.."

කදුලු පිරුනු ඇස්වලින් එයා එහෙම කියද්දි මගෙ ඇස්වලින් කදුලු ගලන්න ගියෙ එක තත්පරයක් විතරයි.

  " අ..අයියෙ..මට පරක්කු වෙනවා මන් යන්නම්.."

මම නැගිටලා එතනින් යන්න හදද්දි නිසල් අයිය මගෙ අතින් අල්ලලා මාව නවත්තගත්තා..

  " ආශා..ප්ලීස්..මට එක වචනයක්..''
කියල ඉවර වෙන්නත් කලින් එයාගෙ තොල් උඩින් මගෙ ඇගිල්ලක් තියලා කම්මුලකට චූටි හාදුවක් දෙන ගමන් මන් කිව්වෙ..

 " පරිස්සමින් යන්න..."
තාමත් ඇස් ලොකු කරන් මන් දිහා බලන් ඉන්න එයා..

  " ඒ කියන්නෙ..ඔ..ඔයා කැමතියිද.."
" ම්ම්හ්..ඔව්.." ඒ ඇස් දිහාම බලාගෙන එහෙම කියල මන් ගියෙ ශොප් එකට යන්න..

හවස වැඩ ඉවර වෙලා ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා..

"අද ටිකක් රෑ වෙලා තියෙන හින්දා බසුත් අඩුයි වගේ.." එහෙම හිත හිත ඉන්න ගමන්ම කවුරු හරි කෙනෙක් ඇවිල්ල මාව පිටිපස්සෙන් බදාගත්තා..

මට කර කියා ගන්න දෙයක් නැති උනා..දැනුන බයටම කෑ ගහගන්නවත් බෑ..එක පාරටම..,

  " මොකද..බය උනාද.."

" අයියෙ ඔයා...මොකද මෙතන කරන්නෙ.."
  " මගෙ කෙල්ලව මතක් උනා..තාම ගෙදර ගිහින් නැතුව ඇති කියල හිතල ආවෙ.." 
  " ඔයත් මාර වැඩ තමා කරන්නෙ..බලනව මන් බය උන තරමක්.." මම ඉණටත් අත තියාගෙන කියද්දි,,

  " ඇයි අවුරුදු ගානක් මට පාට් එක දාපු කට නැද්ද දැන්.."






" අනේ මේ අයියෙ.." බොරු තරහකුත් මවාගෙන මන් එයාට රවලා අහක බලා ගත්තා.

  " හරි හරි මෝඩියෙ විහිලුවක් කලේ..කෝ යමු දැන්.."

" කොහෙද.."

  " ඇයි දැන් ඔය නෝන ගෙදර යන්නෙ නැද්ද.."

" මන් බස් එකේ යන්නම් අයියෙ.."

 " ආයෙ කියන්නෑ මන් තමුසෙට හරිද..කිව්වම අහල නගිනව වාහනේට.." 

මන් පුදුම වෙලා වගේ එයා දිහා බලන් හිටියෙ..

" හා පැටියෙක් වගේ පෙනුනට පුදුම නපුරුකමක්නෙ තියෙන්නෙ.."

  " ඉක්මනට ඉතිම්..නගිනවා.." වාහනේ දොරත් ඇරල එයා මට කිව්වෙ..

  " බයින්න ඕනවැයි ඕකට ඉතිම්..මන් එන්නම්.."
 
හිනා වෙවීම කාර් එකේ දොර ඇරල දීලා ඇස්වලින් මට නගින්න කිව්වා..

  " හෙට ඉදන් මන් එනකම් ඉන්නව..."
 " ආ මොකක්.."

"ඇයි මොකද ඒකත් බැරිද දැන්.."

 " නෑ මන් බැලුවෙ මෙච්චර දවස් හා පැටියෙක් වගේ හිටිය කොල්ලට මොකද මේ එක පාරට උනේ කියල.."

  " දැන්ම ඉදම් චුට්ටක් නපුරු විදියට ඉන්න ඕන..නැත්තම් පරිස්සම් කරගන්න අමාරුයි..

" මගෙ මූනට ලන් වෙලා එයා එහෙම කියද්දි මන් හිටියෙ එයාගෙ ඇස් දිහාම බලාගෙන..

  " මොකද...භාවනා කරනවද..මගෙ කොන්ඩ කෑල්ලක් කන පිටිපස්සෙ රදවන ගමන් එහෙම අහපු එයා..

   " කමක් නෑ ඉතිම් ඕන තරම් වෙලා බලාගෙන ඉන්න..කොහොමත් මම දැන් ඔයාගෙනෙ.."

   " අහ්..අයියෙ යමු නේද.." මම ලැජ්ජාවෙන් ජනේලෙන් එළිය බලාගත්තෙ අද දවස ගැන හිත හිතමයි..
-----------------------------------------------
 "මේ මොකද මේ..."
 එකපාරටම ඇහැරුන මම වටපිට බැලුවෙ මන් කොහොමද ඇදට ආවෙ කියල..










  " උබ නැගිට්ටද කෙල්ලෙ.."
" අත්තම්මෙ..මන් කොහොමද.."
  " ආ ඊයෙ රෑ කවුද මහත්තයෙක් උබව එක්කන් ආවෙ..උබට නින්ද ගිහින් හිටපු නිසා කතා කරන්න ඕන නෑ කියල ගියෙ.."

මම මූනත් ඇද කරන් ඔලුවෙ අත තියන් අහන් හිටියෙ ලැජ්ජාවත් එක්ක හිත යටින් පොඩි සතුටකුත් මතු වෙද්දි.

  " කවුද කෙල්ලෙ ඒ මහත්තයා...අපරාදෙ කියන්න බෑ සීදේවි කොල්ල..''
 " අපේ කැම්පස් එකේම කෙනෙක් අත්තම්මෙ..මන් දැන් ලෑස්ති වෙන්නම් ගිහින්.."

ළිද ගාවට ගිහින් ඉක්මනට නාගෙන සුදු පාට මල් තියෙන කහ පාටට හුරු දණිස්ස ගාවට තියෙන ගවුමක් ඇදන් කොන්ඩෙ දෙකට බෙදලා පොඩි කට්ටක් ගහගත්තෙ තාම කොන්ඩෙ වතුර නිසා.

  " අත්තම්මෙ මන් ගිහින් එන්නම්..."
" පරිස්සමට යමන් කෙල්ලෙ.."

අද චතූ නැති නිසා මන් අද ටිකක් පරක්කු වෙලා කැම්පස් එකට ගියෙ..

මන් යද්දි,,,

චතූ නැති නිසා මම අද කැම්පස් එකට ගියෙ ටිකක් පරක්කු වෙලා..ඒ යද්දි මම දැක්කෙ කැම්පස් එක ගාව ඉන්න නිසල් අයියවයි අවිශ්ක අයියවයි..

 " අයියෙ ගුඩ් මෝනිම්..." මම නිසල් අයිය ගාවට ගිහින් එයාගෙ අතේ එල්ලිලා කිව්වා..

  " ඒ බන් මම යනව..උබ එන වෙලාවක වරෙන්..."

" ඒ ඇයි බන් යන්නෙ හිටපන් ටිකක්.."
  
 " අයියෙ..ඇයි ඒ අවිශ්ක අයියා ගියෙ මන් ආපු ගමන්.."

  " දන්නෑ ආශා..ඌ මේ දවස්වල ටිකක් අමුතුයි...මාත් එක්කත් වැඩිය නෑ...හරි හරි මේ ඕව වැඩක් නෑ...දැන් කියන්නකො බලන්න මගෙ දෝණිට ඉර පායන්න ඇයි මෙච්චර වෙලා ගියෙ කියලා.."

  " නිකම් ඉතිම්...චුට්ටක් පරක්කු උනා.." මම එයාගෙ නහයකුත් මිරිකලා එහෙම කියද්දි එයා මගෙ අතකින් චූටි හාදුවක් තිබ්බා..

  " ආශා.."
" කියන්න අයියෙ.."
 " මාව දාලා යන්න එපා මැණික හරිද...මොන දේ උනත්..මාත් එක්කම ඉන්නව නේද..."

" යන්නෑ අයියෙ...මට මෙච්චර ආදරේ කරන ඔයාව දාල මන් කොහොමද අයියෙ යන්නෙ.."







  " මගෙ මැණිකට මන් ආදරෙයි ගොඩක්..." කියන ගමන් එයා මගෙ නළලට කිස් එකක් දීලා..

  " මැනිකෙ මේ අහනවකො...පොඩි ගමනක් ගිහින් එමු.."

" ගමනක්...කොහෙද..."

  " ප්‍රශ්න අහන්න එපා සුදු නෝනෙ...එන්නකො යන්න..."
" ඒත් කොහෙ..."

  " මොකුත් කියන්න එපා එන්නකො යන්න..."

මගෙ අතිනුත් අල්ලගෙනම පාර පැනලා අපි ගියෙ එදා අපි මුලින්ම හම්බවුණු කැෆේ එකට.

  " අයියෙ...දැන්වත් කියන්නකො ඇයි මෙහාට ආවෙ..."

  " ඔයාට කෙනෙක්ව මුණගස්සන්න.."
" මට...ඒත් කවුද.."

  " තව චුට්ටක් ඉවසන් ඉන්නකො.." කියනවත් එක්කම ටිකක් උස ලස්සන කෙල්ලෙක් ආවෙ අපි දෙන්න හිටිය ටේබල් එක ගාවට.දැකපු ගමන් හුරු පුරුදු හැගීමක් ආවත් මන් කවදාවත් එයාව දැකල තිබුනෙ නෑ.

  " හායි බේබි...සොරි කොල්ලො මම පරක්කු උනා ටිකක්..."
" ඉට්ස් ඕකෙ අක්කා...කෝ වාඩිවෙන්නකො.."

අයිය ඒ ආපු කෙනත් එක්ක හොදට කතා කරනවා.ඒත් මම තාම දන්නෑ මේ කවුද කියන්න.ඇත්තටම කවුද මේ..

නිසල් අයිය මම ගාවින්ම වාඩි වෙලා මගෙ අතින් අල්ලගත්තා.

  " අක්කා...මේ ඉන්නෙ ආශා.."
  " හායි ආශා...ආශා තේවින්දි...නම වගේම තමයි කෙල්ලත් ලස්සනයි...මොකද කෙල්ලෙ මේ බය වෙලා වගේ..මම නිසල්ගෙ අක්කා.." 

"එතකොට මේ නිසල් අයියගෙ අක්කද..මේ බූරුව මට කීවෙවත් නෑනෙ කලිම්.." මම එහෙම හිතින්ම හිත හිත ඉද්දි නිසල් අයිය කතා කරා.

  " ආශා...මේ ඉන්නෙ මගෙ අක්ක..ඇත්තටම අක්ක නෙවෙයි..මේ ඉන්නෙ මගෙ දෙවෙනි අම්මා..අක්කට ඔයාව බලන්නම ඕන කිව්ව නිසයි ඔයාව එක්ක ආවෙ..."

අපි තුන් දෙනා ඔහොම ටික වෙලාවක් කතා කර කර ඉදලා නිම්නා අක්කටත් සමු දීලා මමයි අයියයි කැම්පස් එකට ආවෙ දැන් ලෙක්චර්ස් පටන් ගන්න නිසා..








කැම්පස් එකේ වැඩ ඉවරවෙලා මම කෙලින්ම ගියෙ ශොප් එකට..වැඩ ඉවරවෙලා මම එද්දි නිසල් අයිය ඇවිල්ල හිටිය.

  " අයියෙ ඔහොම කරදර වෙන්න එපා අනේ මම හින්දා...මට බස් එකේ යන්න පුලුවන්.."

  " එහෙම බෑනෙ...මගෙ වෙන්න නෝන ගැන මම මීට වඩා හොයල බලන්න ඕන...යමු දැන් අත්තම්මා බලාගෙන ඇති..."

  " මොකද...අදත් නිදා ගන්නද..." අයිය මම දිහා බලල කට කොනකින් හිනා වෙලා එහෙම කියද්දි තමයි මට ඊයෙ උන දේත් මතක් උනේ.

  " ඉතිම් ඇයි ඔයාට බැරි උනේ ඊයෙ මට ඇහැරවන්න..."

" තමුසෙ නිදාගෙන හිටපු විදියට ඇහැරවන්න ලෝබ හිතුන ඕයි..." 

"අනෙහ්..එහෙමද...අත්තම්මා නිසා හොදයි...මගෙත් අම්ම හරි තාත්ත හරි හිටියනම් බලාගන්න තිබ්බා.."

විහිලුවෙන් වගේ මම එහෙම කිව්වත් ඇත්තටම මට ඒ අඩුව ගොඩක් දැනෙනව..නිසල් අයිය වාහනේ නවත්තලා එයාගෙ පපුවට මාව තුරුලු කර ගත්තෙ මගෙ නළලින් උණුසුම් හාදුවක් තියල..

  " මැණික..පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා මම ඉන්නකම්...මම ඔයාව මගෙ පන වගේ බලාගන්නව..." 

මාව පපුවට තුරුල් කරගෙනම එයා ඒක කිව්වෙ.පොඩි කාලෙ ඉදන් විදල නැති ආදරයක් දැන් මට දැනෙද්දි මට දැනුණෙ කියාගන්න බැරි තරම් සතුටක්.

  " අයියෙ..මම යන්නම් එහෙනම්...ඔයා පරිස්සමින් ගෙදර යන්න හරිද.." කියල කාර් එකෙන් බහින්න හදද්දිම,

" බෑ...යන්නෑ මන් පරිස්සමින් ගෙදර.." මූනත් බෙරි කරන් පොඩි එකෙක් වගේ එයා ඒක කියද්දි මට හිනත් ගියා.

  " හරි දැන් ඇයි බැරි.."
" මට බෑ...දැන් ඔයා ඔහොමද මාව යවන්න හදන්නෙ..."

 " මො..හරි දැන් මොකක්ද මහත්තයට වෙන්න ඕන.."

" මන් කියන ඕන දෙයක් කරනවද..." මාව එයාට ලන් කරගන්න ගමන් එයා එහෙම අහද්දි මම එයාගෙ ඇස් දිහාම බලන් හිටියෙ ඒ ඇස් මායාවක්ද කියල හිතන ගමන්..ඒ දුඹුරු පාට බළල් ඇස් ඇත්තටම වශියක් වගේ..

  " ම්ම්...පුලුවන් දෙයක්නම් ඉතිම් කරන්නම්..." එයාගෙ කර වටේට අත දාල මම කියද්දි එයා මගෙ තොල්වලට බර උනේ මගෙ ඇසුත් අඩවන් වෙලා එයට අවනත වෙද්දි..






  " පරිස්සමින් හරිද..."ආදරණීය මිනිත්තු කිහිපයකට පස්සෙ එයා එහෙම කියද්දි මාත් හා කියල ගෙදරට ගියා..
----------------------------------------------
  " ....මම තව කොච්චර කාලයක් බලන් ඉන්නද...උබ දැනගනිම් උබ ඕක ඉවරයක් කලේ නැත්තම් මම උන් දෙන්නව පන පිටින් තියන්නෙ නෑ කියලා..

  " ඇයි...ඇයි කියල තෝ මගෙන්ද අහන්නෙ..මම උබට තව සතියක් දෙන්නම්..වැඩේ ඉවරයක් කලේ නැත්තම් මම උබව ඉවරයක් කරල දානවා.."

එහෙම කියල මැදි වයසෙ වගේ ඉන්න ඒ මනුස්සය කෝල් එක කට් කලා.
 
  " ශානු...ආ යූ ඕකෙ..."
" ඕ මයි ගෝඩ්..බේබි..ඔයා කොහොමද මෙහෙ.."
 " ඔයාව පුදුම කරන්න හිතාන ආවෙ ඉතිම්..මොකුත් ප්‍රශ්නයක් නෑනේද.."
" නෑ නෑ...ඒ ප්‍රශ්න ඔයා හිතන්න ඕන නෑ..කෝ එන්නකො.."
-----------------------------------------------
  " ගුඩ් මෝනිම්..."
" අයියෙ ඔයා මොකද මෙතන..."උදේ ලෑස්ති වෙලා කැම්පස් යන්න බස් හෝල්ට් එකට යද්දි නිසල් අයිය ඇවිල්ලා මට කතා කලා.

  " වෙන මොනා කරන්නද..ඔයා එක්කන් යන්න ආවෙ...යමුද.."
" යමු..."

  " ආශා...මේක ඔයාට..."

  " ආශා...මේක ඔයාට.."
" මට...මොකක්ද.."

  " අරන් බලන්න..."
මගෙ අතට ඒක දීල එයා ඇහැකින් ඉගි කලේ මට ඒක බලන්න කියල.

ඒක දැක්කට පස්සෙ මගෙ ඇස් පුදුමෙන් වගේ ඒක දිහා බලන් හිටියෙ..ඇත්තටම ඒක පුදුම ලස්සනක් තිබ්බෙ...ඒකෙ තිබ්බෙ මැණික් ගලක් අල්ලපු රින්ග් එකක්.

අහින්සක හිනාවක් එක්ක මම දිහා බලන් හිටිය එයා,

" මොකෝ..කැමති නැද්ද ඒකට..."
 " ම්ම්...ඒක ලස්සනයි අයියෙ..ඒත් ඇයි මෙච්චර වටින දෙයක්..."

" ඕක මගෙ අම්මගෙ.."අම්මා නැතිවෙන්න කලිම් මට ඕක දුන්නෙ..කවදහරි මම බදින කෙනාට දෙන්න කියල..."

රින්ග් එක මගෙ ඇගිල්ලට දාල මගෙ මූණ එයාගෙ දෝතටම අරගෙන..,

  " දැන් ඉතිම් ඔයානෙ මගෙ හැමදේම..ඉතිම් මේක අයිති ඔයාට..."

මට දැණුනෙ මේ මුලු ලෝකෙම මගෙ වෙලා වගේ..මේ තරම් ආදරයක් මට ලැබුණ එක...










 " අපි යමුද දැන්..."

කල්පනා ලෝකෙන් මිදුනු මම ඔලුව වනල කිව්වෙ හා කියල.
-----------------------------------------------
 *ඔය විදියට දින සති මාස ගානක් ගෙවිල ගිහින් නොදැනිම අවුරුද්දත් ඉවර උනා..* 
-----------------------------------------------
    " ශානු බොස්...මල්ලිගෙන් කෝල් එකක්.."

  " අයියෙ..තවත්නම් බලාගෙන ඉන්න බෑ...ප්ලීස් අයියා ඔයාට බැරිනම් දැන්වත් කියන්න මම ම මේක ඉවරයක් කරන්නම්.."

  " උන්ට තව ටික දවසක් ඔහොම ඉන්න දීපන්...උබ කලබල වෙන්න එපා කොහොමත් තව ටික දවසයි..."

  " හ්ම් හ්ම්..හැබැයි තවත්නම් කල් අරින්න එපා ප්ලීස්..මට මේකෙ අවසානයක් දකින්න ඕන.."
-----------------------------------------------
  අද කැම්පස් නිවාඩු දවසක් නිසා ටිකක් දවල්වෙලා නැගිටපු මම ටිකක් වෙලා ඉදල ෆෝන් එක අතට ගත්තෙ නිසල් අයිය දැන් කතා කරනව කියල දන්න නිසා..හිතුව වගේම ආවෙ කෝල් එක එයාගෙන්.

  " ගුඩ් මෝනිම් දෝණි.."
" ගුඩ් මෝනිම් අයියෙ..දැන්ද නැගිට්ටෙ.."

  " නෑ..දැන් ටිකක් වෙලා..මේ අහන්නකො.."
" ඕ කියන්න අයියෙ.."

  " ආශා..අපිට හුග දවසකින් හම්බවෙන්නත් බැරි උනානෙ..අද හවස බීච් එකට එන්න පුලුවන්ද.."

" පුලුවන් අයියෙ..මන් එන්නම්.."
 " මට ඔයාව ගන්න අද එන්න වෙන්නෙ නෑ ආශා..අද මාමලා රට ඉදන් එනව මන් එයාපෝර්ට් එකට ගිහින් එන්නෙ.."

  " ඒකට කමක් නෑ අයියෙ..මම එන්නම්..බුදු සරණයි.."

කියල මම කෝල් එක කට් කලේ අත්තම්මට ටිකක් උදව් වෙලා ලෑස්ති වෙන්න හිතාන..මම ඇන්දෙ නිසල් අයිය මට අරන් දුන්න තද නිල් පාට අත් කොට දණහිසෙන් ටිකක් උඩට වෙන්න තිබ්බ ගවුමක්..

ඒ ගවුමට මම කියා ගන්න බැරි තරම් ලස්සනයි හරියට ඇගටම තියල මහල වගේ..එහෙම්මම කොන්ඩෙ කඩා දාලා පොඩි කට්ටක් ගහගත්තෙ දැන් කොහොමත් මම යද්දි 4 විතර වෙනවනෙ කියල හිත හිතම..

මම යද්දි නිසල් අයිය ඇවිල්ල හිටියෙ..මුහුද දිහා බලාගෙන..ඇත්තටම මුහුද දිහා කොච්චර බලාන හිටියත් එපා වෙන්නෙ නෑ..








   " ගොඩක් වෙලාද ඇවිල්ලා..."
එයාගෙ බද වටේට ගිය මගෙ අත් දෙකෙන් අල්ලන් එයා එයා මගෙ පැත්තට හැරිල දෝතටම මගෙ මූන අරගෙන නලලට පුංචි සිපුමක් තිබ්බ එයා මගෙ ඇස් දිහා බලාගෙනම...

  " හැපි බ'ත්ඩේ මැනිකෙ.."

වචනයක්වත් නොකියා ඇස් දෙක ලොකු කරන් මම බලන් හිටියෙ අයිය දිහා...'ඇත්තටම පුදුමයක් නෙවේද '
එහෙම්මම අඩි දෙක තුනක් පිටිපස්සට ගියපු එයා මගෙ ඇස් දිහා බලන්ම එක කකුලක් නවන් බිමට බර උනේ..

   " ආශා..මන් හිතන්නෙ මේක තමා මට ඔයාට දෙන්න පුලුවන් වටිනම තෑග්ග...ඔයා මගෙ ජීවතේම වෙලා ඉවරයි..ඉතිම් කැමතියිද හැමදාටම මගේ වෙන්න..."

  ` Will you marry me..´

ඔව් ඒ නිකම්ම නිකම් තෑග්ගක් නෙවේ..මගෙ ජීවතේ වටිනම තෑග්ග..

තවත් වචනයක්වත් කියන්න නොදී මම එයාව වැළදගත්තෙ මට ඒ දැණුන සතුට වචන කරගන්න තේරෙන්නෙ නැතුව සතුටු කදුලු කඩා හැලෙද්දි...

  " අයියෙ..ඔ..ඔයා මට දෙන්න පුලුවන් හොදම දේ දීල ඉවරයි අයියෙ..ඉතිම් තවත් මොනාද මට දෙන්න තියෙන්නෙ..අයියෙ ම..."

  " ආශා.."
----------------------------------------------
  *අවුරුදු 3 ට පසු..* 

  " අක්කෙ..මොකද හලෝ කරන්නෙ යන්නෙ නැද්ද.."

" ඉන්නවා ඕයි තමුසෙට හදිස්සි උනාට මම ලෑස්ති වෙනව තව.."

  " යැයි යැයි තමා..ඕකනෙ ඉතිම්..බලනව දැන් පැය කීයක්ද.."

" හරි හරි ඕයි තව ටිකයි..."
  " ඒයි මේ..කෝ රිතූ.."

" අහ්..ඔයාගෙ රූම් එකේ හිටියා දැක්ක...අනේ අඩගහන් එනවකො.."

  " රිතූ..යමු පහළට..මොකද ඔය කරන්නෙ.."
 
රූම් එකට යද්දි රිතූ හිටියෙ පොතක් බල බල..ඒ ඇස්වල කදුලු පිරිල තියෙනව දකිද්දි මට හිතා ගන්න අමාරු උනේ නෑ ඒ මොකක්ද කියන එක.






  " රි..රිතූ..කොහෙන්ද ඕක ඔයාට.."
" මාමෙ...කියන්න පුංචිට මොකද උනේ.."

ඒ තිබ්බෙ මගෙයි ආශාගෙයි මතක..අමාරුවෙන් වළදාපු ඒ අතීතෙ ආයෙමත් මගෙ ඇස් ඉස්සරහ මැවිල පේන්න ගත්තෙ ඒ රූපෙ ආයෙ ආයෙත් මං ඉස්සරහ ඇදෙද්දි...
----------------------------------------------
   *අතීතයෙන්..* 

  " අයියෙ..මං දන්නව මට ආයෙ ඔයා තරම් කෙනෙක් ලැබෙන්නෙ නැති වෙයි..ඉතිම් ඇයි මං බෑ කියන්නෙ..ම්ම්.."

අහිංසක හිනාවක් එක්ක එයා ඒක කිව්වෙ මාව ආයෙත් තදින් වැළදගන්න ගමන්...

ඒත්..,,
  
  " ආහ්..අ..අයියෙ.."
" ආශා..මො..මොකද උනේ..අනේ ඇස් අරින්නකො..ආශා.."

  " ආශා..අ..අනේ කෝ බලන්නකො මම දිහා..මම ඔ..ඔය විහිලු කලා ඇති දැන්.."

එතකොට තමයි මම දැක්කෙ ආශාගෙ පිටෙන් ලේ ගලනවා..ඒත් එක්කම එතන නවත්තලා තිබ්බ කලු පාට කැබ් එකකින් කවුද දෙන්නෙක් බැහැල ආවා.

එයාලගෙ මූණවල් අදුරගන්න බැරි වෙන්න කලු පාට රෙදිකෑල්ලකින් බැදගෙන හිටියෙ..ඒත් එතන හිටපු එක්කෙනෙක් ඉස්සරහට ඇවිත් එයාගෙ මූණෙ තිබ්බ රෙදි කෑල්ල අයින් කලා..ඒ..

  " නිසල්..උබ දැන් මොකද හිතන්නෙ ආ.."
" අ..අවිශ්ක..උබ..ඇයි යකෝ මෙහෙම දෙයක් කලේ..උබ මගෙ සහෝදරයා වගේ බන්..ඇ..ඇයි.."

  " හහ්..සහෝදරයා..සහෝදරයා හින්දද උබ මගෙ කෙල්ලව දැලේ දාගත්තෙ..දැනගනිම්..මේ අවිශ්කට දෙයක් නැති උනොත් ඒක වෙන කාටවත්ම අයිති වෙන්න දෙන්නෙත් නෑ කියලා.."

   " මල්ලි..දැන් වැඩේ ඉවරනෙ..යමු ඉක්මනට.."

හීනෙකින්වත් හිතුවෙ නැති විදියට මගෙ මුලු ලෝකෙම මට නැති උනා..ලේ විලක් මැද වැටිල ඉන්න කෙල්ලව බදාගෙන ඇඩුවෙ හරියට පොඩි ළමයෙක් වගේ...

තිරිසන්නු වගේ උන් මගෙ කෙල්ලව මරල දාලා ගියෙ..මම වැඩියෙන්ම විශ්වාස කරපු මගෙම සහෝදරයා වගේ හිටපු මගෙ හොදම යාලුවා..








 " ආශා..අනේ මැනිකෙ ඔයාට බෑ ඔහොම මාව දාලා යන්න..ප්ලීස් ආශා අනේ නැගිටින්නකො.." 

කොහොමහරි ආශාව හොස්පිට්ල් එකට ගෙනාවත් එතකොටත් එයා මාව දාලා ගිහින් ඉවරයි..

මේ හැමදේම වෙලා අවුරුද්දකට පස්සෙ අවිශ්ක ඇක්සිඩන්ට් එකකින් නැති උනා...ඒත් ඌ මගෙ ලෝකෙම නැති කරල ඉවරයි...

 ඇස් වල කදුලු පුරවන් මම කියපු හැම වචනයක්ම අහන් හිටපු රිතූ අඩ අඩාම මාව බදාගත්තා..මට ආශාගෙ මතක අමතක කරන්න බෑ කවදාවත්...ඒ පොතේ අන්තිමටම තියෙන්නෙ එයා මට කියපු අන්තිම වචනය...

  " දන්නවද මෝඩයො..මේ ආත්මෙ අපිට එකතු වෙන්න බැරි උනත් ලබන ආත්මෙ ඔයාගෙ දරුවෙක් වෙලා හරි මම ඔයා ගාවට එනවා..."

 *නිමි..!*

✨✨✨✨✨✨✨✨✨✨✨✨

 *ජීවතේ කියන්නෙම අවසානයක් හිතාගන්න බැරි මහ මුහුද වගේ...අපි බලාපොරොත්තු වෙන ජීවතේ අපිට ලැබෙයිද නැද්ද කියන එක අවසානය වෙනකම් හිතාගන්න බෑ...

ඒ වගේ ම තමයි ඈතින් ඉදන් හතුරුකම් කරන අයට වඩා අපි ලගින්ම ඉදන් හතුරුකම් කරන අය දරුණුයි..එයාලට පුලුවන් අපේ මුලු ජීවිතයක් අදුරු කරන්න...*

*තමන් ලගින්ම ඉන්න අයව විශ්වාස කරද්දි හරි පරිස්සමින් ළමයෝ...මොකද අවිශ්ක වගේ යාලුවො ඕන තරම් මේ සමාජෙ ගැවසෙනවා..*

*ඒ වගේම ආදරේ කියන්නෙම පරිත්‍යාගයක් කියනවනෙ...ඉතිම් පරිස්සම් කරගන්න ඔයාට ආදරේ කරනව කියල වචනෙන් කියන කෙනෙක්ව නෙවේ...ආදරේ කියන දේ ක්‍රියාවෙන්ම පෙන්නලා දෙන කෙනෙක්ව...*

 
  


Post a Comment

Previous Post Next Post