මරණාදරය සිංහල කෙටි කතාව

 



*❤‍🩹මරණාදරය*❤‍🩹

කෙටි කතාවකි
---------------------------------------------------------------
"*බොස් ලොකේෂන් එක ගැමා දැම්මා මිනිහා ඉන්න*"

"*ම්....වාහනෙ ගනින් අද මේක ඉවර වෙන්න ඕනි...*"

"*හරි බොස්*"

"*කො Rj..*"

"*අපේ බොස් පොට් එකට ගියා එනගමන් කිවුවා දැන්..ආ ඔය එන්නෙ..*"

"*ආ Rj ජයවීර ඉන්න තැන හොයාගත්තා වැඩේ ඉවර කරන්න ඕනි අදම මිනිහා නටනවා වැඩි*"

"*සර් එනවාද අපි වැඩේ කරන්න ද...?*"

"*මාත් එනවා මිනිහාගෙ අවසන් ගමන් යනවා බලන්න එපැ.....*"

"*ගැමා වාහනේ ගනින් සෙට් එකත් එක්ක...*"

"*හරි Rj බොස්....*"

"*බොස් තැනට ආවා. අර ඉන්නෙ මිනිහා කවුරුත් නැ වගේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්.*"

"*ම්....යමන් ගිහින් අල්ලගනින් ඌව*"

"*හරි බොස්  ඒ .....යමන්ලා අරුව අල්ලගනින්...*"
---------------------------------------

"*අද නම් මාර මහන්සි නේද බන්...*"

"*ඔව් රෙහා මට නම් පනත් නැ බන් යාගන්න බඩ ගාලා යන්න හිතෙනවා*"

"*ඇත්තටම යමන්ද  ඒම ආතල් එකටත් එක්ක*"

"*උබ ලොයර් කෙනෙක් උනෙ මැටි ගිලලද කියපන්කො මට ආතල් දෙන්නැතුව පල  ගෙදර*"

"*ආ උබම කියලා දැන් මන් පලි පුහ් හරි හරි මැණිකෙ මේ මන් මෙතනින් හැරෙනවා පරිස්සමෙන් පලයන් මට ගියා කියලා මැසේජ් එකක් දාම් කරුවලයි දැන් අනික*"

"*හරි බන් මන් ගිහින් දාන්නම් හැමදාම යන එකනෙ බන් උබත් පරිස්සමෙන් ගිහින් මට කියාම්*"

"*හරි බන්*"






(අර කවුද ඉන්න කට්ටිය කාට හරි ගහනව⁣වත්ද...)

"*ආ ජයවිර ලෝයර් මහත්තයා කොහොමද ...... කියන දෙයක් අහන්නෙ නැ නේද එහෙම උන්ව අපි කරන්නේ ඉක්මනට යවන එක*"

"*මාව  මැරුවට මේක නවතින්නැ මන් නැතත් වෙන⁣ කෙනෙක් හරි කරයි*"

(දෙයියනෙ ඒ මනුස්සයාව මරන්න නේද හදන්නේ කො මේ පෝන් එක ......)

"*ඊට කලින් උබ  පලයන්🔫🔫🔫🔫*"

"*📸📸📸📸📸*"

"*අරකිව අල්ලගනින් Rj ඒකි දැක්කා පොටොත් ගැහුවා.ඒකිව  ඉවරයක් කරපන් ....*"

"*හරි සර් ගැමා යමන්*"

(අනේ ⁣...මාව දැක්කා නේද මාවත් මරන්න වෙන්නැති එන්නෙ)

"*අල්ලපන් ඕකිව අත අරින්න එපා...*"

"*ගැමා.....?*"

"*ඒ කෙල්ල මට දැකලා හුරුයි වගේ බන් කලුවරේ හරියට දැක්කෙ නැ*"

"*අපි අල්ලන් බලමු බොස් කවුද කියලා*"

Rj පාතාලෙට සම්බන්ධ වැඩ කරන ගැස්සියෙ නායකයා.එයාගෙ හැමදේම දන්නෙ ගැමා  විතරයි .Rj ගෙ ⁣ලොක්කා තමා සරත් .

සරත්ට විරුද්ධව නඩුව කතා කරන්න හිටිය ඒ වගේම සාක්ෂි හොයපු ජයවිර ලොයර් ව මරද්දි එතනට ආව ශදි එයාගෙ සීනියර් ලෝයර් කියලා අදුරගත්තෙ නම් නැ  බැග් එකේ තිබුන පෝන් එක අරන් කරෙ සදි සරත් වෙඩි තියන පොටෝ ගත්ත එක.හැබැයි ඒක සරත් දැක්කා.ඒක නිසා සරත්  Rj ට කිවුවෙ කෙල්ලව  අල්ලන් ඉවර කරන්න කියලා ඒත්  Rj ට කෙල්ලව හුරුයි.

"*ගැමා.......? ඒ අරකි .....අර බලහන්*"

"*එ...ඔව්මයි මොකද කරන්නේ බොස් කෙල්ලව අනිවා සරත් කාරයා මරන්න කිවුවා....*"

"*මන් කොහොමද බන් ඒක කරන්නේ ....*"

ගැමාගෙ උරහිස් හොලවන ගමන් Rj ඇහුවෙ හරියට පිස්සෙක් වගේ.මොකද අවුරුදු 3කට කලින් උන අනතුරකින් Rj පාරෙ වැටිලා ඉද්දි බේරගත්තෙ ශදි.







එදා ඉදන් Rj කරෙ ශදි ගැන හොයපු එක වගේම කවදාවත් ආදරේ නොකරපු Rj ආදරෙ කරන්න ගත්තා හැබැයි කවදාවත් ඒක ශදිට කිවුවෙ නැ මොකද එහෙම  උනොත් ඒක ශදිගෙ ජීවිතේ ට බලපෑමක් වෙයි කියලා .මොකද Rj කියන්නෙ පාතාලෙ කෙනෙක් .

"*බොස් කෙල්ලට යන්න දෙමු සරත්ට කියමු කෙල්ල මිස් උනා කියලා දැනට හැබැයි බොස් මේක අත අරින එකක් නැ*"

"*මන් ඒකිට  ලං නොවුනෙත් මේක නිසා කියලා උඹ  දන්නවා නෙ*"

"*මන් දන්නවා බොස් අපේ උන්ව මන් වෙන පැත්තකට අරන් යන්නම් සරත් කාරයාට  කියන්න කෙල්ල නැ කියලා*"

"*හ්ම්....*"

කවදාවත් නැතුව එ නපුරු ඇස් අද තෙත් වෙලා වගේම රතු වෙලා තමන්ගේ ම කොණ්ඩෙ ඇදන් හයියෙන් කැ ගැහුවෙ තමන් අවුරුදු ගානක් ආදරෙ කරන කෙල්ලව මරන්න හදන නිසා .කාටද ඉවසන්න පුළුවන් ඒකත් තමන්ගේ ම අතින් කරන්න වෙද්දි.

(හ්හ.......හ්හ...උන් තාමත් පස්සේ න්  එනවද .මන් මොකද කරන්නේ පිස්සු වගේ.මාව මරයි මුන්)

ශදි කකුල් දෙකට පිංසිද්ද වෙන්න පුළුවන් තරම් දුවලා කඩ පේලියක් පිටිපස්සෙ හැංගුනා.කෙල්ල හොදටම බය වෙලා.

ටිකක් වෙලා එතනම ඉදලා කැබ් එකකට කතා කරලා කෙල්ල කොහොමහරි ගෙදර ගියා.

------------------------------------------------------------

ටික වෙලාවක් එතනම ඉදලා කැබ් එකකට කතා කරලා කෙල්ල කොහොමහරි ගෙදර ගියා.

*"ඇයි දරුවො පරක්කු මූනත් එක්ක සුදුමැලි වෙලා*"

"*රෙහා එක්ක නෙ අම්මා ආවෙ එයාට ගන්න දේවල් ටිකක් තිබ්බා ඒකයි මහන්සි අම්මා .*"

"*වොෂ් එකක් දාගන්නකො පුතේ මන් තේ එකක් හදන්නම්*"

"*හරි අම්මා කො අප්පච්චි*"

"*අප්පච්චි අද එද්දි පරක්කු වෙයි කිවුවෙ*"

"*ඒමද හරි අම්මා මන් එන්නම් වොෂ් දාලා*"

එහෙම කිවුව ශදි කාමරේට ගියත් වෙච්චි දේ ගැන කල්පනා කර කර ඇදෙන් වාඩි උනෙ ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතන්.





එහෙම ඉදපු ශදි ගෙදර ආවා කියලා රෙහාටත් කියලා බාත්රූම් එකට ගියෙ වෙච්චි දෙ අඩුම රෙහාටත් නොකියාමයි.

වොෂ් එකකතුත් දාන් ශදි ගියෙ අම්මා හොයන්.

"*අම්මා තේ එක*"

"*ආ මෙන්න*"

තේ එකත් අරන් ශදි ගියෙ tv එක බලන්න .වෘත්තීයෙන් ලෝයර් කෙනෙක් උන ශදිගෙ තාත්තාත් විශ්‍රාමික ලෝයර් කෙනෙක්.

"*මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්...අවුරුදු 45 වයසැති රජයේ නීතිඥවරයෙකු වූ ජයවීර හේරත් මහතා මීට සූළු මොහොතකට පෙර වෙිඩි තබා ඝාතනය කොට ඇත*"

ඒ වචන ඇහෙද්ද ශදි නිකම්ම නැගිට්ටුනා.කෙල්ල තවත් ශොක් උනෙ මැරුන තැන පෙන්නද්දි.ඔව් එ ශදි පොටෝ ගහපු තැන.

"*පුතේ...දරුවො ......*"

"*අහ්....අ...ම්මා....*"

"*දරුවො මොකද මෙ බය වෙලා...*"

"*ජයවීර සර්.....මරලා....*"

"*දෙයියනෙ .....*"

*"දෝණි කවුද නැති වෙලා තියෙන්නේ*"

"*අප්පච්චි .....මේ.....*"

"*මොකද දෝණි බය වෙලා වගේ*"

"*සුගත් ජයවීර ව මරලා.....*"

"*මේනකා මොනාද මේ කියන්නෙ ....*"

"*ඒක ඇත්ත අප්පච්චි ....news වලට කිවුවෙ දැන්*"

"*කොහොමද එහෙම උනෙ*"

"*අම්මා අප්පච්චි ට තේ එකක් හදන් එන්නකො*"

"*ඉන්න මන් අරන් එන්නම්කො*"

"*අප්පච්චි එලියට යමුකෝ ....*"

"*දෝණි කොමද ජයේට එහෙම උනෙ හිතාගන්න බැ...*"

"*අප්පච්චි .....දෙයක් කියන්න තියෙයි*"

ශදි වැඩියෙන් ආදරෙ එයාගෙ අප්පච්චි ට එයා කාටවත් නොකියන දේවල් පවා කියන්නෙ අප්පච්චි ට විතරයි.






"*කියන්න දෝණි ....*"

"*ජයවීර සර් ට වෙඩි තියනවා මන් දැක්කා අප්පච්චි හැබැයි එ සර් කියලා මන් දැක්කෙ නැ news වලිනුයි දැනගත්තෙ ඒ සර් කියලා*"

"*දෝණි ඒක හොදටම දැක්කා ද*"

"*ඔව් අප්පච්චි මන් දැක්කා ඇස් දෙකටම මන් පොටා් එකකුත් ගැහුවා*"

"*කෝ බලන්න ....උන් දෝණි ව දැක්කා ද*"

ශදි කල්පනා කරෙ ඒක කියනවද නැද්ද කියලා මොකද එහෙම උනොත් බය වෙයි කියලා හිතලා  ඒත් ආරක්ෂාව ඕනි නිසා කෙල්ලට  හිතුණා කියන්න

"*මාව දැක්කා අප්පච්චි උන් මාව අල්ලන්න පස්සේන් පැන්නුවා මන් දුවලා බේරුනේ.*"

"*තව ටිකක් එහෙ මෙහෙ උනානම් දෝණි වත් මරනවා*"

"*මේකට මොකද කරන්නේ අප්පච්චි ..*"

"*ඒක තමා දෝණි මාත් කල්පනා කරෙ ජයේ මේ දවස් වල වැඩ කරෙ සරත් ගෙ නඩුව මට හිතෙන්නෙ උන් වෙන්නැති මේක කරන්නේ*"

"*සරත්.....?*"

"*පාතාලෙ නායකයා තමා සරත් කියන්නෙ මිනිහාගෙ වැඩ ටික ජයේ හොයන් තිබ්බා*"

"*එහෙම  නම් නඩුවට මොකද  කරන්නේ.....*"

"*වෙන ලෝයර් කෙනෙක් නඩුව බාරගන්න ඕනි නැත්නම් නඩුව  අයින් කරයි සැලකියයුතු සාක්ෂි නැති නිසා සරත්ව  ඇරෙස්ට් කරන්න බැ  උ  කවුද කියලා හැමෝම දන්නවා උනත් උසාවියට පැහැදිලි සාක්ෂි ඕනි.මොකද මිනිහා කරන වැඩ වල  සාක්ෂි ඉතුරු කරන්නේ නැ*"

"*නඩුව බාරගනිද අප්පච්චි*"

"*මන් හිතන්නේ නැ මේ උන දේත් එක්ක බාර ගනි කියලා*"

"*අම්මා ⁣එනවා අර දේවල් කියන්න එපා එයා බයවෙයි*"

"*ඒක ඇත්ත*"

මේනකා එනවා දැක්ක ශදි ඉක්මනට කතාව වෙනස් කරෙ උන දෙ දැනගන්න ඕනි නැති නිසා.
--------------------------------------------------------







"*Rj බොස් කෙල්ල ගෙ සීනයර් තමා ජයවිර*"

"*ශිට් බලපන් ඒකිව හොයාගන්න ලු බන් මන් මොකද්ද කරන්නේ ඇයි එවෙලෙම ඒකි ආවෙ.මන් මොකද්ද බන් කරන්නේ ඒකිට මැරෙන්න දෙන්න බැ*"

"*බොස් කෙල්ලෙක් නිසා අඬනවා කවදාවත් දැකලා නැ.බොස් දන්නවා නෙ මෙ ගැමා ඕනි  දේකට ඉන්නවා කියලා.අපි මොකක්හරි කරමු*"

ගැමා එහෙම කිවුවෙ පිස්සෙක් වගෙ අඩන Rj දැකලා.කවදාවත් අඩපු නැති තමන්ගේ සහෝදරයා වගේ ඉන්න කෙනා කෙල්ලෙක් නිසා මෙහෙම හැසිරෙද්දි ගැමාට ඉවසගන්න බැරි උනා.

---------------------------------------------------------

ගැමා එහෙම කිවුවෙ පිස්සෙක් වගෙ අඩන Rj දැකලා.කවදාවත් අඩපු නැති තමන්ගේ සහෝදරයා වගෙ ඉන්න කෙනා කෙල්ලෙක් නිසා මෙහෙම හැසිරෙද්දි ගැමාට ඉවසගන්න බැරි උනා.

"*දෝණි පරිස්සම් වෙන්න ඕනි උන් ඔයාව හොයාගන්න හදයි.*"

"*මටත් හිතෙනවා අප්පච්චි ඒක නම් ...ඒක නෙවෙයි අප්පච්චි මෙ නඩුව මන් ගන්නද ජයවිර සර් මරන විදිහ තාම මට මැවිලා පේනවා එයා සැලකුවේ එයාගෙම ලමයෙක්ට වගේ අප්පච්චි*"

"*ජයේ කියන්නෙ මගෙ හොදම යාළුවා දෝණි මට මේ නඩුව ගන්න එක නෙවෙයි ප්‍රශ්නෙ ඔයාට මොනවාහරි වෙයි ද කියලා මට ඔයාව නැතිකරගන්න බැ දෝණි*"

"*අප්පච්චි බය වෙන්න එපා මට මොකුත් වෙන්නැ අපි මේක කරමු මට අප්පච්චි ගෙ උදව් ඕනි*"

"*දෝණි ට හොදයි නම් කරමු පරිස්සමෙන් පුතෙ*"

එහෙම කියපු සුගත් ගෙ ඇතුලට ගියෙ ලොකු හුස්මකුත් පිට කරන් .නොකිව්වට තමන්ගෙ ලගම යාළුවා නැති උනා අනිත් පැත්තෙ න් තමන්ගේ දරුවා ⁣ට වෙන බලපැම එක්ක හිටියෙ ලොකු හිතෙ අමාරුවකින්.

"*Rj බොස් මේක තමා ගෙදර*"

"*හ්ම්........මෙතන ට එකෙක් දාපන් ඇලට් එකේ ඉන්න*"

Rj ගැමා එක්ක ගියෙ ශදි ගෙ ගෙදර ලගට .ගැමා ආව කිවුවම ලොකු හුස්මක් පිට කරන් වාහනෙන් බැ⁣ස්සෙ හිතෙ ඇවිලෙන ගින්න නිවාගන්න වගෙ.

"*උබ ඔතන ඉදපන් මන් එන්නම්*"







"*බොස් කොහෙද යන්නෙ*"

"*මෙ අඹ ගහට නැග්ගොත් කෙල්ල ඉන්නවා ද කියලා බලන්න පුළුවන්*"

"*කවදා කරපු වැඩද බොස් මේවා.*"

හිනාවක් විතරක් දුන්න Rj තාප්පෙත් එක්ක තිබ්බ අඹ ගහට නැග්ගෙ මුලු ගෙදරම පේන නිසා

(මැණික......ඇයි රත්තරනෙ උඹ එතනට ආවෙ.මන් උඹ නිසාමයි ලගටවත් නැවිත් ඉන්නෙ මොනාහරි වෙයි කියලා .ඒත් මන් දැන් කොහොමද උබව බේරගන්නෙ.....)

අඹ ගහට නැග්ග Rj දැක්කෙ එලියෙ පුටුවක වාඩි වෙලා අහස දිහා බලන් ඉන්න පුංචි කෙල්ලව.ශදි නිසාමයි Rj ලගටවත් එන්නැතුව ඉන්නෙ .⁣අවුරුදු 3ක් පරිස්සමෙන් ඇත ඉදන් බලාගත්ත ආදරෙ අද මරන්න වෙලා කියලා දැනෙද්දි Rj ට දරාගන්න බැරි උනා.

"*ගැමා යමන්*"

"*කෙල්ල ඉන්නවා ද බොස්*"

"*කෙල්ල නම් ඉන්නවා බන්. මට බය සරතා හොයාගෙන ඇවිල්ලා මොනාහරි කරයිද කියලා*"

"*අපෙ එකෙක් මෙතනට දාන්නම් එතකොට දැනගන්න පුළුවන් නෙ කෙල්ල එලියට යන වෙලාව එහෙම ෆලෝ කරලා කෙල්ල ලගම ඉමු*"

"*ඒම කරමු...වාහනෙ ගනින්*"

ගැමා එහෙම කිවුවෙ Rj විදවනවා බලන්න බැරිම තැන.Rj මෙහෙම  ඉන්න එකට ගැමාට තිබ්බෙ ලොකු දුකක්.

--------------------------------------------------------

"*දෝණි අපි මලගෙදර යන්න කියලා දෝණි එනවාද*"

"*දෝණි ට ඇගට හරි නැ කිවුවා නේද .ටිකක් rest කරන්න අපි යනවානෙ.*"

"*අ...ඔව් අප්පච්චි ඇගට ටිකක් හරි නැ ඔයාලා යන්නකො*"

අප්පච්චි එහෙම කිවුවෙ ඇයි කියලා මට තේ්රුනෙ පස්සේ ගෙදරින් එලියට දැම්ම යන අවදානමක් .

"*දෝණි මායි අප්පච්චි යනවා එහෙනම් පරිස්සමෙන් ගෙට වෙලාම ඉන්න උවමනාවක් උනොත් කතා කරන්න කො*"

"*මේනකා එහෙනම් යමු නෙ*"

"*යමු*"








අම්මා ට යන්න දිලා අප්පච්චි නතර උනෙ මොනාහරි කියන්න.

"*දෝණි ගෙ ඇතුලෙම ඉන්න දැම්ම එලියට යන එක එච්චර හොද නැ මගෙ ඔෆිස් කාමරෙ මේසෙ ඇති ෆයිල් වගයක් ඒක බලන්න ජයේගෙ දිහායින් මන් බලන්නම් එයා ගෙ ෆයිල් තියෙයි ද කියලා සරත් ගැන හදපු*"

"*හරි අප්පච්චි පරිස්සමෙන් ගිහින් එන්න*"

"*දෝණි ත් පරිස්සමෙන්*"
-------------------------------------------------------
"*බොස් කෙල්ලගෙ ගෙදර අය එලියට ගිහින් මන් හිතන්නේ ජයවිර ගෙ මලගෙදර කෙල්ල ගිහින් නැ කෙල්ල ඇත්තෙ ගෙදර*"

"*ගැමා හොදට ඇලට් එකේ ඉන්න  කියපන් සැකයක් ආව ගමන් කියන්න කියපන්*"

"*හරි බොස්*"

"*Rj බොස් සරත් බොස් ඇවිල්ලා*"

"*මන් එන්නම් කියපන්*"

ගැමා එක්ක කතා කරද්දී එතනට ආවෙ Rj ගෙ ගෝලයෙක් සරත් ආවා කියන්න.කොල්ලට දැන් පිස්සු වගෙ.

"*ශුවර් එකට එන්න ඇත්තෙ අරකට පිස්සු වගේ බන්*"

"*ගිහින් ම බලමුකො බොස්*"

ගැමා Rj ව සන්සුන් කරෙ වෙන කරන්න දෙයක් නැති නිසා.දෙන්නම ගියෙ සරත් ආවෙ ඇයි බලන්න.

"*ආ Rj......මන් ආවෙ වැදගත් වැඩකට.*"

"*මොකද්ද සර්*"

"*මෙන්න අර කෙල්ලගෙ විස්තර ටික ඉක්මනට මේකිව උස්සපන්.මේකිත් ජයවිරගෙ ගෝලයෙක් මෙ නඩුව ගන්න උනත් පුළුවන් ඊට කලින් උස්සන්න ඕනි.*"

කොල්ලාගෙ ඔලුව ලග හෙන පුපුරනවා වගෙ දැනුනා.මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව දුන්න ෆයිල් එක බැලුවා

"*මායි ගැමයි කතා කරෙත් ඒකමයි.ඉක්මනට වැඩෙ වෙයි*"

"*ඒක හොදයි*"

එහෙම කිවුව සරත් ගියා.එතන තිබ්බ පුටුවට ඇදන් වැටුන Rj අත් දෙකෙන්ම ඔලුවෙ කෙස් ටික ඇදගත්තා






"*බොස් .....බොස්....*"i

"*ගැමා වැඩේට ලැස්ති වෙයන්*"

"*බොස් හොදටම ශුවර් ද*"

"*සරත් දෙයක් කරන්න කලින් අපි  කරන එක හොදයි කෙල්ලට මොනා හරි වෙන්න කලින්*" 

"*ඒකත් ඇත්ත*"

"*වැඩේට ලැස්ති වෙයන්*"

එහෙම කිවුව Rj නැගිටලා බියර් ටින් ටිකකුත් අරන්  ගියෙ තමන්ගේ කමෙරේට.
------------------------------------------------------------

එහෙම කිවුව Rj නැගිටලා බියර් ටින් ටිකකුත් අරන් ගියෙ තමන්ගේ කාමරේට.

ඒ අතර ශදි හිටියෙ සුගත්ගෙ ඔෆිස් කාමරෙ ෆයිල් ටික බලන ගමන්

"*📞......බම්ලො ....ඇත්තද බන් අර කතාව*"

"*📞....මොන කතාවද රෙහා*"

"*📞.....ජයවිර සර් මරලාද බන් හත්තිකේ කෝමද එහෙම වෙන්නෙ බන්*"

"*📞.......ඒක ඇත්ත බන්..ජයවිර සර් මෙ දවස්වල නඩුව ක් කතා කරන්න හැදුවා මතකද සරත් ගැන මන් හිතන්නේ උන්ගෙ වැඩක්*"

"*📞.....අඩේ ඒක නඩුව හින්දා ද බන් මරලා තියෙන්නේ*"

"*📞......ඔව් උන්ගෙ වැඩ ටික ජයවිර සර් හොයන් තිබ්බෙ ඒක නිසා තමා ඕක කරන්න ඇත්තෙ*"

"*📞.....එතකොට නඩුව බන් කවුද කරන්නේ මන් හිතන්නේ නැ පනට ආස එකෙක් ගනි කියලා*"

"*📞.....මන් ගන්නවා රෙහා නඩුව*"

"*📞......ශදි උබ බිලද නැ නෙ ජයවිර සර් මැරුවා කියන්නෙ උබවත් උන්ට⁣ ගේමක් නැ*"

"*📞.....ජයවිර සර් මැරුවෙ මන් ඉස්සරහ රෙහා මට තාම පේනවා වගෙ මන් පොටෝ එකක් ගද්දි උන් දැක්කා මගෙ පස්සෙ පැන්නුවා මන් දුවලා හැංගිලා ඉදලා කැබ් එකක් දාන් ගෙදර ආවෙ*"

"*📞.......දෙයියනෙ මැණිකෙ උබ හොදින් නේද.උබ නඩුව ගත්තොත් තවත් පස්සෙන් එයි*"







"*📞......රෙහා මැරෙන අන්තිම එකා මන් වෙයි හැමදාම මේක වෙන්න දෙන්න බැනෙ එ මනුස්සයා මැරෙනවා දැක දැක මට කරගන්න දෙයක් නැ අප්පච්චි වගෙ හිටපු මනුස්සයා රෙහා*"

ශදිට⁣ නොදැනිම ඇස් වලින් කඳුළු වැටුනෙ තමන්ගෙ අප්පච්චි වගෙ හිටපු කෙනා අද නැති වග දැනුන නිසා

"*📞.....මට තේරෙනවා බන්  ඒත් උබෙ ජිවිතෙ අවදනමට දාගන්නවා නෙවෙයි ද*"

"*📞......මේක කරන්නම ඕනි බන් එ මනුස්සයා මැරුන එකට සාදාරනයක් කරන්න ඕනි අප්පච්චි ත් මට උදව් කරනවා*"

"*📞......කරන්නම ඕනි නම් කරමු මැරෙන්න හරි ඉන්නවා උබ එක්ක*"

"*📞......දන්නවා බන්  හෙට යමන් නඩුව ගන්න එකට වැඩ  ටික බලන්න ඕනි*"

"*📞.....හරි බන්*"

--------------------------------------------------------

ගැමා කැම එකකුත් අරන් Rj බලන්න ගියෙ සරත් ආවට පස්සේ ගිය ගමන් තාම ආවෙ නැති නිසා

"*බොස් කාලා ඉදියනම්*"

"*උබ කාපන් මට බඩගිනි නැ*"

"*නොකා ඉදලා ප්‍රශ්න විසදන්නෙ කොහොමද බොස් ඊයෙ ඉදන් කාලා නැ හරියට*"

"*මොන කෑමද බන් ආදරේ කරපු පලවෙනි කෙල්ල ඒකි මාව දැක්කෙ එදා විතරක් උනාට මන් ආදරෙයි කියලා නොදන්නවා උනාට මන් ආදරෙයි බන් එහෙව් එකිව මන් කොහොමද බන් මැරෙන්න දෙන්නෙ පපුව රිදෙනවා බන් මතක් වෙද්දි ඇයි බන් අපි මෙච්චර කරුමක්කාරයො උනෙ*"

ඇස් දෙකෙ කඳුළු පුරෝගෙන බයර් එකත් අතෙ තියන් බිම වාඩි වෙලා හිටිය Rj ඇහුවෙ ගැමාගෙන්.ගැමාට ඉවසන්නම බැ Rj මෙච්චර වැටිලා ඉන්නවා 

"*මේකෙ හැටි නෙ බොස් දන්නවා නෙ ඒක*"

"*ගැමා මේක කොහොමහරි වෙනස් කරන්න ඕනි*"

"*ඒ කිවුවෙ බොස්*"

"*හෙට වෙද්දී කෙල්ලව උස්සපන් සරත්ව හිරෙ යවන්න ඕනි සාක්ෂි හොයපන් විඩියෝ ව⁣ගෙ ⁣අද  බඩු ටික එනවා කිවුවා ඒකෙත් අරගනින් පුළුවන් තරම් හොයාගනින්*"







"*බොස් ශුවර් එකටද කියන්නෙ බොස්ට වැඩි වෙලාද*"

"*මන් හොද සිහියෙන් කියන්නෙ වෙන ක්‍රමයක් නැ මට ඒකි මැරෙනවා බලන්න බැ  මගෙ අත් වලින් මට ඒක කරන්න බැ*"

"*බොස්ට ඕනි ඒක නම් වැඩේ වෙයි මෙ ගැමා ඉන්නවා බොස්ට*"

------------------------------------------------------

"*දෝණි යන්නද.....*"

"*ඔව් අම්මා රෙහා එනවා කිවුවා දැන්*"

"*පරිස්සමෙන් දෝණි*"

"*කෝ අප්පච්චි ...*"

"*අන්න එලියෙ*"

ශදි ලැස්ති වෙලා යන්න හැදුවෙ නඩුවෙ වැඩ ටික බලන්න එලියට යන්න බය තිබුණත් වෙන කරන්න දෙයක් නැති නිසා යන්න තිරනෙ කරා.

"*අප්පච්චි*"

"*මන් වැඩ ටික කතා කරා දෝණි ඒත් එලියට යන එක හොදද ⁣මට නම් හිතෙන්නැ හොදයි කියලා*"

"*මේක කරන්න වෙනවා අප්පච්චි බය වෙන්න එපා හදිස්සියක් උනොත් මන් කතා කරන්නම්*"

"*කාර් එක අරන් යන්න එහෙනම් දෝණි*"

"*හරි අප්පච්චි*"

----------------------------------------------------

"*ශදි දැන් ඉක්මනට ගෙදර යමන් එලියෙ ඉන්න එක අවදානමක්.නඩුව ගත්තා කියලා දැනටමත් දැනන් ඇති*"

"*හම්....ඒක ඇත්ත නැගපන්කො කාර් එකට*"

ශදි රෙහා එක්ක නඩුවෙ වැඩ ටික බාර අරන් ඕනි ෆයිල් ටිකත් අරන් එද්දි රෙහා කිවුව දේට ශදිත් බය නොවුනම නෙවෙයි

(මැණික උබ හරි ලස්සනයි බන් අද ඒත් මට සමාවෙයන් අද මෙ කරන දේට මට උබව බේරගන්න ඕනි බන්)

ඈත ඉදන් ජිප් එකට වෙලා කෙල්ල කාර් එකට නගිනවා දැක්ක Rj හිතුවෙ පපුවටත් අත  තියන් 

"*ගැමා යමන්*"






ගැමා  මොකුත් නොකියම ජිප් එක අරන් කාර් එක පස්සෙ ගියා.

"*බොස් කෙල්ලව උස්සන් නෙ කොහොමද*"

"*Ice cream ෂොප් එක ලග නවත්තයි එතනදි උස්සමු*"

"*බොස් කොහොමද කියන්නෙ එතන නවත්තයි කියලා*"

"*අවුරුදු ගානක ඉදන් මන් කරෙ ඒකි දිහා බලන් ඉදිය  එකනෙ*"

Rj හැමදාම කරෙ කෙල්ල යන එන කොට බලන් ඉදපු  එක අවුරුදු 3 පුරාවටම කරේ ඒක.

"*Ice cream අරන් එමු යමන්*"

"*ශදි යමන් ගෙදර*"

"*හරි බන් ඉක්මනට එමු*"

ශදි ෂොප් එක ගාව කාර් එක නතර කරද්දී Rj ට කට කොනින් හිනාවක් ගියෙ තාමත් එ පුරුද්ද ගිහින් නැති නිසා.

"*ගැමා යමන්*"

වාහනේන් බැහැලා යන්න හැදුව කෙල්ලව Rj අවිල්ලා අල්ලගත්තා කවුද කියලා බලන්න බැරි උනා කෙල්ලට මොකද මූන වහගෙනයි හිටියෙ.

"*ශදි......කෙල්ලව අත ඇරපන්*"

"*මාව අත අරිනවා මනුස්සයො ...*"

(සමාවෙයන් රත්තරනෙ  හිතකින්  කරනවා නෙවෙයි උබ දන්නවා නම් පපුව අස්සෙ ඇවිලෙන හැටි)

කෙල්ල දගලන නිසාම නහය ලේන්සුවකින් තද කරා කෙල්ලට සිහිය නැති උනා.රෙහාව එහාට තල්ලු කරපු ගැමා වාහනේ අරන් යන්න ගත්තා.

කෙල්ලට සිහිය නැති නිසා කොල්ලා ශදිව තුරුලු කරන් ඉදියෙ හරියට මැණිකක් රකිනවා වගෙ

(උබ හරි අහිංසක හා පැටියෙක් වගෙ මෙහෙම ඉද්දි මට හැමදාම පුළුවන් නම් මෙ උනුහුම⁣ විදින්න )

කෙල්ලගෙ මුන හිමින් අත ගාන ගමන් කොල්ලා හිතුවෙ එහෙම.ගැමා මෙ දිහා බලන් හිටියෙ ආදරේට මෙච්චර මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ද කියලා හිතන ගමන්.

"*ගැමා දොර ඇරපන්*"

කෙල්ලව අත් දෙකට අරන් ගිහින් Rj ගිහින් පුටුවකින් තියලා ගැට ගැහුවෙ ඇස් දෙකත් රතු කරන් කඳුළු පුරෝගෙන.







"*බොස් ටිකක් ඉවසන් ඉන්න*"

ගැමා එහෙම කිවුවෙ පිස්සෙක් වගෙ කෙල්ලගෙ අත් දෙක අල්ලන් බලන්න කොල්ලා දැකලා දැනුන වේදනාවට

------------------------------------------------------------

ගැමා එහෙම කිවුවෙ පිස්සෙක් වගෙ කෙල්ලගෙ අත් දෙක අල්ලන් බලන් ඉන්න කොල්ලා දැකලා දැනුන වේදනාවට

ටිකකින් සිහිය ආව කෙල්ල බැලුවෙ ඉන්නෙ කොහෙද කියලා.කෙල්ල ගැට ගහලා තිබ්බ ලනුව ලෙහාගන්න දගලනවා ඒක නිසා කෙල්ලගෙ අත් දෙක රතු වෙලා ලේ පුරලා කියලා කොල්ලා දැක්කා.


(අනේ දගලන්න එපා මැණිකෙ උබට රිදෙනවා බන් බලපන් අත් දෙක රතු වෙලා )

කොල්ලා කදුළුත් පුරවන් බලන් ඉදියෙ දොර ගාවට වෙලා කෙල්ල දිහා එතකොට ආවෙ එතනට සරත්.

"*කෙල්ලව අරන් ආවද*"

"*ඔව් අරන් ආවා*"

"*ම්...*"

කොල්ලගෙ පපුව එකසිය ගානට ගැහෙන්න ගත්තෙ කෙල්ලට මොනාහරි කරයිද කියලා හිතන්

"*පුංචි නෝනා.....කොහොමද ....මේකනෙ අපෙ වැඩ වලට අත දාන්න හදන උන්ව අපි තියාගන්නැ*"

ශදි හොදටම බය වෙලා කෙල්ලට හිතුනෙම අද තමා ජිවත් වෙන අන්තිම දවස කියලා.

"*එහෙනම් පුංචි නෝනා ජයවිර ලගටම ගියා නම්*"

ඒක ඇහෙද්දි Rj ⁣ට හුස්ම ගන්නත් අමතක උනා ගන් එකක් අරන් කෙල්ලගෙ ඔලුවට තිබ්බෙ කෙල්ල ඇස් දෙක පියාගද්දි

"*📞..........*"

"*සර් මන් බලාගන්නම්*"

ආපු අවස්ථාවෙන් ගන් එක Rj ගත්තෙ සරත් ට ආව කෝල් එක නිසා.

"*වැඩෙ ඉවර කරන්න බඩු ටික ඇවිල්ලා මන් ඒක බලන්න යනවා*"

"*හරි අපි බලාගන්නම් බොස්*"

එහෙම කිවුව ගැමා සරත් ව එලියට අරන් ගියෙ Rj දිහා බලන්.






සරත් ජීප් එක ට නැගලා යද්දි ඇහුනෙ වෙඩි සද්දෙ. .ඒක ඇහුන ගැමා දුවලා ගියෙ ඇත්තටම තිබ්බද බලන්න

"*බොස්*"

Rj අතෙ තියෙන දුන් දාන ගන් එක දැක්ක ගැමා දුවන් ආවෙ කෙල්ල ඉගට.

"*ගියාද...*"

"*ඔව් බොස් ගියා*"

"*මගෙ පෝන් එක දියන්.අර වැඩේ බලපන් ගිහින්*"

"*හරි බොස්*"

Rj වෙඩි තිබ්බෙ ශදි ට ටිකක් මෙහා තිබ්බ බිත්තියට.ශදි කඳුළු බේරෙන ඇස් වහන් ඉදියෙ මරන බයෙ.ඒත් ඇස්  ඇරලා බැලුවෙ තාමත් ඉන්නවා ද නැද්ද කියලා හිතාගන්න බැරුව .

"*යාළුවට කතා කරලා කියන්න හොදින් කියලා අනිත් එක සරත් ගෙ නඩුවට ඕනි  දේවල් තමුසෙ ගෙ තාත්තා ට බලන්න කියන්න*"

කෙල්ල ඇස් අරිද්දි හිටියෙ ඇස් දෙකත් රතු කරන් බලන් ඉන්න Rj ව.ගැට ගහපුවා ලෙහලා අතට දුන්න පෝන් එක අරන් ශදි කතා කරලා කිවුවෙ වැඩ ටික කරන්න කියලා .

"*ඉක්මනට එනවා යන්න ඕනි*"

"*ක්...කො..හෙද*"

"*තමුසෙ මැරුනා කියලා හිතන්නේ අනිද්දා වෙනකන් තමුසෙ පරිස්සම් වෙන්න වෙනවා.මන් තැනක් කියන්නම් එතන  ඉදන් වැඩ කරන්න*"

"*හ්ම්...*"

⁣කෙල්ලට කිසිම දෙයක් හිතාගන්න බැ.ඒත් බේරුව එකට ශදි පිං දුන්නා.

---------------------------------------
"*අංකල් වැඩ ටික හරි නේද.*"

"*ඔව් දුව .....මගෙ කෙල්ල හොදින් ඇති නේද*"

"*ශදි මට ගත්තා අංකල් එයා හොදින් හෙට එයා එයි උසාවියට.ආ ...අංකල් අද රෑට වීඩියො වගයක් දානවා කිවුවා ඒ ටික ත් අරගන්න කිවුවා සාක්ෂි විදිහට*"

"*හරි දුව*"

Rj විතරක් ම දන්න ගෙදරක ශදිව නවත්තලා ඕනි දේවලුත් දිලා ගියෙ හදිස්සියක් උනොත් කතා කරන්න කියලා නම්බරෙ ත් දිලා.








ශදි දවසෙම මහන්සි වෙලා වැඩ  කරා නඩුවට ඒ අතර ගැමාගෙන් හම්බුන වීඩියෝ ටිකත් රෙහාට දැම්මෙ පෙන් එකකට ගන්න කියලා 

"*කාලා ඉන්න...*"

"*අහ්....හරි මන් ටිකෙන් කන්නම්*"

"*වැඩ ටික හරිද  හෙට ලැස්ති ද*"

"*ඒ⁣ක නම් හරි ඒත් බයයි*"

"*බය වෙන්න එපා වැඩේ විතරක් කරන්න*"

"*Thank you කරපු හැමදේටම*"

"*කාලා ඉන්න*"

Rj හිනාවක් විතරක්  දාලා කිවුවෙ පපුවෙ දුවන හැගිම් ගොන්නක් හිර කරන්

"*ගැමා වැඩෙ හරිද*"

"*ඔව් බොස් සරත්ව ඇල්ලුවා*"

"*හ්ම් හෙට වැ⁣ඩෙ බලපන්*"

"*හරි  බොස්*"
 
හො⁣ර බඩු බානකොට පොලිසිය පැනපු නිසා සරත්ව ඇල්ලුවා.ගැමා විඩියෝ කරපු ටික ශදිට යැවුවෙ සාක්ෂි විදිහටයි 

------------------------------------------------------

"*ලෑස්ති ද*"

"*ඔව් අයියෙ යමු*"

(මගෙ කෙල්ල අද හරි ලස්සනයි .ඇදලා අරන් තුරුල් කරගන්න තිබ්බා නම් බන් )

Rj හිතුවෙ ලස්සන ට හැඩ වෙලා  ඉන්න ශදිව  දැකලා.අද තමා නඩුව.ශදි අමුතු බයක් තිබ්බා ත් මෙච්චර දවසක් කරපු දෙ නවත්තන්න හිතුනෙ නැ.

"*නගින්න*"

"*ම්..*"

Rj නම් කරේම  කෙල්ල දිහා බලන් ඉදිය එක

"*මේක දාගෙන යන්න ඇතුලට*"

උසාවිය ගාවට ඇවිත් දුන්නෙ කැප් එකකුයි මාස්ක් එකකුයි.ඒකත් දාන් මන් බැස්සා.එතකොට ම ආවෙ ශදිගෙ තාත්තා

"*අප්පච්චි...*"

"*මගෙ දෝණි හොදින් නේද අපි  ඉක්මනට යමු ඇතුලට*"

"*මැණිකේ උබ හොදින් නේද බන්*"








"*මන් හොදින් රෙහා යමු*"

ශදි යන දිහා ජිප් එකට වෙලා බලන් ඉදියෙ ලොකු හුස්මකුත් පිට කරලා.

----------------------------------------

නඩුව පටන් ගද්දි ශදි කැප් එකයි මාස්ක් එකයි ගලවලා ගියෙ සරත් පුදුම වෙද්දි.


සරත් ට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කරපු ශදි  විඩියො තිබ්බ පෙන් එකත් දුන්නා

සරත් හිටියෙ පුපුර පුපුර.අන්තිමට සරත්ට මරණ දඩුවම් නියම උනා.ශදි නම් හිටියෙ ගොඩක් සතුටින් .

"*ශදි අපි වැඩෙ කරා බන්*"

"*ඔව් බන් මට මාරම සතුටුයි*"

---------------------------------------------

"*📞.....  ගැමා කියපන්*"

"*📞.......සරත් ⁣එකෙක්ව දාලා බොස් ඔතන කෙල්ලට වෙඩි තියන්න*"

"*📞....මොකක්....*"

"*📞....ඔව් බොස් සරත්ට මරන දඩුවම ලැබිලා ඒක නිසා තමා මු කරලා තියෙන්නේ එලියට ආව ගමන් ති⁣යයි බොස්*"

එතකොට යි දැක්කෙ උසාවියෙන් එලියට එන්න හදන කෙල්ලව .පෝන් එකත් විසි කරන් කොල්ලා  දිව්වෙ කෙල්ල ඉන්න දිහාට

දුවද්දි දැක්කෙ ස්නයිපර් වෙඩික්කරුවෙක් ඉන්නවා කෙල්ල ගාවට පුළුවන් තරම් හයියෙන් දිව්වා 

"*අයියෙ අපි.........*"

ශදිට කියන්න පුළුවන් උනෙ එච්චරයි කෙල්ලව කවර් කරපු කොල්ලට වෙඩි උන්ඩ වැදුනෙ ශදි ශොක් වෙද්දි

"*අ.....යි..යෙ*"

කඳුළු පුරවන් කෙල්ලගෙ මූන  දෝතට බොහොම අමාරුවෙන් ගත්ත Rj හරි ලස්සනට හිනා  උනා.

(මන් හීන දැක්කෙ උබ එක්ක ඉන්න මගෙ චූටි කෙල්ලෙ ඒත් මට ඒ පින මදි උබ ජිවත් වෙන්න ඕනි මගෙ ආදරෙ උබ දන්නැ ඒත් මගෙ පන උබ මන් යන්නම් රත්තරන් ඊලග ආත්මෙවත් මගෙ වෙන්න මැණික )

ගැමා වෙිඩි තිබ්බ එකාව අල්ලගත්තා ත් එතකොටත් කොල්ලාගෙ අන්තිම හුස්ම කෙල්ලගෙ අත් දෙක උඩදි ගියා





"*අ......නේ.........අයියේ.........*"

ශදි කෑගහලා ඇඩුවෙ මෙ දවස් ටිකට දැනුන හැගිම මොකද්ද කියලා කොල්ලගෙ ඇස් වලින් දකිද්දි.ඒත් එතකොටත් Rj යන්නම ගිහින් 

*අහිමිව යන බැව් දැන බැඳුනෙ*
*දැන දැනමයි නුඹ ලඟ රැදුනේ*
*හිමිකම් නැති ලැම මත හැඬුනේ*
*සනසනු හැකිදෝ කඳුලට මේ*

*සිඳගනාවි නුඹමයි සසරෙම පැතුවේ*

*හිමි නැති නම් කිම නුඹේ උනුහුම දැනුනේ*

*දෙතැනක වූවත් නැත මිය යන සෙනෙහස මේ*
*එන අත්බවයක හෝ නුඹ හිමිවේවිද ලඳුනේ*

      "*එන අත්බවයක  හෝ නුඹ හිමිවේවිද ලඳුනේ ......🥀*"

---------------------------------------------------------

*ආදෙර් කියන්නෙ ම අකුරු හතරක් පිට කරන එකම නෙවෙයි ඊටත් එහාට ගිය පරිත්‍යාගයක්.Rj වගේ ආ⁣දරෙ නාමෙන් පන උනත් දෙන මිනිස්සු අදටත් ඉන්නවා ඉතින් ලමයෝ ආදරේට ආදරේ කරන්න අවංක වෙන්න එහෙම ආදරෙ හරි ලස්සනයි හරියට Rj ගෙ ආදරෙ වගේ*❤️




Post a Comment

Previous Post Next Post