_࿐°•අහම්බෙන් හමුවුන නුඹ මගෙ මුලු දිවියම වේලා.
" ආව්හ්...අම්මේහ්..."
සොනික් වගේ මම දුවගෙන යද්දි කාගෙදෝ ඇගේ හැප්පුනා.
එත් කව්ද ඒ හැප්පුනේ ..
"කොහෙද ඕයි යන්නේ... ආ ඇස් පෙන්නෙ නැද්ද තමුසෙගේ... බලනවා තමුසේ නිසා මගේ වාස් එකත් කුඩුනේ ඕයි... ශිට්..."
'අපෝ නපුරුකම තියෙන.. ඕකට ඔච්චර කෑගහන්න ඕනද අප්පා...
හරියට නිකන් මිනියක් මැරුවා වගේ නෙ ...'
මං හිතින්ම ඒ කෙනාට බැන වැදුනා.
" මොකද අනේ ඔච්චර කෑගහන්නෙ... ඕකට ඔච්චර කෑගහන්න ඕනද අප්පා... බඩු තියෙන්නෙ කැඩෙන්න තමා... ඕක හැමදාම එකම විදියට තියෙන්නෙ නෑනේ..."
මාත් ඉතින් ලේසියෙන් අතෑරියේ නෑ වැඩේ.
**මොනා උනත් බොරු කියන්න ඔනි නැනේ ඒ පිරිමි ලමයා ගොඩක් ලස්සනයි. ඕනම කෙනෙක් වශිවෙන රූපයක් තියෙන්නෙ.**
" ඒ උනාට තමුසේ දන්නවාද මට මේක කොච්චර වටිනවාද කියලා ආ..කියක් කියලද හිතේ..."
එයාට හොදටම කේන්ති ගිහින්.
" ඔයාට ඕක වටිනවා උනාට මම හිතලා කැඩුවායෑ.. වැරදිමක් නෙ උනේ.. ඕන්නම් ඕක රුපියල් දාහක් වෙයි උපරිම උනොත් දෙදාහක් වෙයි.."
"යකො මේක රුපියල් හත්දාහක් වටිනවා.."" අඩෙහ්.. අනෙ සොරි.. වැරදීමක් උනේ.. මන් ඔයාට ඕකේ අලාභය දෙන්නම්.. මට සමාවෙන්න.."
" මට තමුසෙගෙ සල්ලි ඕන නෑ.. මොකද ඔය සොනික් වගේ දුවන්නේ.. ඊලග දවසෙවත් හිමීට යනවා.."
"අහ් මේ.. මගේ යාලුවෙක්ව හම්බෙන්න යන්නේ. ඊලග දවසේ හිමීහිට යන්නම්කො ඈ.. බායි බායි.."
මන් එක කියාගෙන අයෙත් දිව්වා.
*මන් ගැන කිව්වොත් මගෙ නම ශනුලි දිසානායක. හැමෝම කියන්නේ ශනූ කියලා. ආඩම්බරයකට කියනවා නෙවේ. ඒත් මේ කැම්පස් එකේ අනාගත හිමිකාරිය තමයි මම. මේ කැම්පස් එක අපේ තාත්තාගේ. එයා තමයි ඉතින් අයිතිකාරයා.**
එතකොට මගේ හොදම යාලුවා තමයි රිතුශි බණ්ඩාර. කැම්පස් ගියාට එයාට බදින්න කෙනෙකුත් ඉන්නවා. ගෙවල් වලිනුත් කැමතියි. අපිට ඉතින් හුළං තමයි. "තොපි දෙන්නා මෙහෙ පෙම් කෙලිනවා හොදට.. මං අරහේ එක එකාගෙන් බැනුම් අහනවා.."මන් බොරු තරහක් අරන් බැන්නා.
" ඒ කවුද ඒ..ඇයි උබට බැන්නේ.." "දැන ගත්තා කියලා මොනා කරන්නද?
තී දන්නේ පෙම් කෙලින්න විතරනේ .."
මන් උන් දෙන්නාව නොන්ඩි කලා.
"අනේ මේ... කියපන් මොකො උනේ කියලා.. " උබලා දෙන්නා හොයන් දුවන් එද්දි කොල්ලෙක්ගෙ ඇගේ හැප්පුනා. එයාගෙ අතේ මල් වාස් එකක් තිබුනා..ඒක බිදුනා මං හැප්පුන පාර.. ඒක ටිකක් ගණන්..ඒකයි බැන්නේ.."
" අනෙ ඉතින් උබත් කරගන්න වැඩ.. කොයි වගේද කොල්ලා.. උබ දන්න කෙනෙක්ද..? " නෑ බන් අලුත් කෙනෙක්ද කොහෙදෝ.. පට්ට ලස්සනයි හැබැයි.. එයා හරියට... "
කියලා ඉවර කරන්න හම්බුනේ නෑ එයා එතනින් ගියා. "අඩේ... ඔයි අර යන්නේ එයා තමා.."
"මොකක්.." මොකො බන් පුදුම වෙලා වගේ.. "උබ දන්නවාද ඒ කව්ද කියලා... "නෑ බන් කව්ද ඒ..මන් දන්නෙ නෑ.."
රිතූ මුනට අපු හිනාව හිර කරගත්තා.
" අඩී ඒ මනෝජ් මායාදුන්න ඇමතිගේ පුතා.." "අඩේ සිරාවටම.. එතකොට ඒ අපේ තාත්තාගෙ හොදම යාලුවාගේ පුතාද? පුංචි කාලේ මං සෙල්ලම් කරද්දි මාව එළවගත්තු නපුරාද ඒ.."
මගේ මූණට සියුම් සිනහවක් නැගුණා.
"ඔව් ඔව්.. නමින් අභිශෙක් මායාදුන්න වයස 23යි .. බයෝ සෙක්ශන් එකෙ ඉන්නේ.."
"තාත්තාගෙ බලේ නිසාද දන්නෙ නෑ මෙච්චර ලොකුකම.. එයා තාම දන්නෙ නෑ මේ ශනූ කියන්නෙ කව්ද කියලා.."
මං ටිකක් ආඩම්බරෙන් කිවා.
තුන් දෙනාම කැන්ටින් එක පැත්තට ගියේ මොනවා හරි කන්න හිතාගෙන. ඒත් මාව දාලා අරුන් දෙන්නා පෙම්කෙලින්නද කොහෙදො ගියා. අපි ඉතින් තනිකඩයිනේ.. ආතල් එකේ ඉන්නවා ඒක නිසා. මං ඉතින් සිංදුවකුත් කියාගෙන බලන් හිටියා.
/**සිහින හොරා මේ හිත කියවලා**
*හොරහින් සුසුමක් පිට කලා..***/
මගේ සිංදු ඉතින් අහන්න ඉන්නෙ කැන්ටිමේ ඇන්ටි විතරයි. කව්ද අනෙ ටකරන් වලට ගල් ගහන සද්ද ඇහෙන්නෙ.
"අනෙ ඉතින් කෙල්ලගෙ කටහඩේ ලස්සන.. ඔක්කොම අමතක වෙනවා ආ.."
ඒ ඉතින් අපේ ආදරණීය කැන්ටිමේ ඇන්ටි. "ඇස් වහක් නම් වදින්න එපා මගෙ කෙල්ලට.."
ආන්ටි මට ගොඩක් ආදරෙයි ඉතින්. ආන්ටිගේ දුවට තියෙන්නෙත් මන් වගේ ගති ගුණලු.
"ඈ.. මේ කෙල්ල කැන්ටිමේ ආන්ටිගේ දුවද බන් ඒත් එහෙම පෙන්නෙ නෑනේ... ඉන්නෙ නම් හයිෆයි ෆැමිලි එකක වගේ නෙ.."
ඒ අභිශේක්.ඒ කියන්නේ එයටත් මගේ සිංදුව ඇහිලද වස ලැජ්ජාවේ බෑ. මොනවා කියයිද දන් නෑ.
"මොකද යකො උබ හිනාවෙන්නේ.."
අභිශේක් ඇහුවේ සතිශ්කගෙන්.
සතිශ්ක කියන්නේ අභීගේ හොදම යාලුවා.
" උබට පිස්සුද යකෝ..ඒ ඇන්ටිගේ දුව නෙවෙයි.. දන්නැද්ද කව්ද ඒ කියලා.."
සතිශ්කට නම් හොදටම හිනා.
"එහෙනම් කවුද ඒ.. " ඒ තමයි..."
එතකොට සතිශ්කට යාලුවෙක් කතා කලා. "ඉදහන් ඇවිත් කියන්නම්..."
සතිශ්ක දිව්වා. අභීට මොකුත්ම කියන්න හම්බුනේ නෑ. ඊට පස්සේ ඒ නපුරා මං හිටපු මේසේ ළගට ඇවිත් එතනින්ම වාඩි උනා.
" අහ් මැඩම්.. මෙතෙන්ට ආවේ මොනවා කඩන්නද? " අභිශේක් මට නොන්ඩියට වගේ ඇහුවා.රන්ඩු වෙන්න ගියොත් නතර වෙන්නෙ නැති නිසා මං ඇහුනේ නෑ වගේ පාඩුවේ හිටියා.
"නැන්දේ.. තාම හදලා ඉවර නැද්දෝ.." ඉන්න කෙල්ලේ මේ ගේනවා...ඉවරයි දැන්.."හා ඉක්මනට.. බඩගිනි .." හෙනම ලොකු බඩගින්නක හිටියේ ඈ.." උදේට කාලා ආවානම් ඔය මොකුත් නැනේ.." හරි හරි අනේ දේශනා එපා ඉතින්.." මේ නැන්දාගෙයි දුවගෙයි කතාව ඉවර නම් මටත් කන්න දෙනවාද? "
"අනේ සොරි පුතේ.. ඉන්න ගෙන්නම්.."
ඇන්ටි ගියේ කෑම ගෙන්න. මේ තමුසේ මේ ආන්ටිගේ කසින් කෙනෙක්ද?." ඇයි එහෙම අහන්නේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද ඒක ඔයාට.." මාත් ඉතින් එයාට සෙකන්ඩ් වෙන්නෑ.
" ලොකුකම පැත්තකින් තියලා කියනවාකො.." නෑ ඇයි... අදුරනවා විතරයි..."එහෙනම් නැන්දා නැන්දා ගාන්නෙ.."ඇයි නැන්දා කියන්න බැරිද ? "නෑ පුලුවන් " ම්ම් .. මෙහෙ හැමොම එහෙම තමා කතා කරන්නේ.."
" හ්ම් .. ඒක නෙවේ තමුසෙගේ වොයිස් එක නම් ලස්සනයි.. මොනවා උනත් ලස්සන වොයිස් එකක් නම් තියෙනවා.." අහලා නැති අයට හොදයි.."මන් හිනාව නවත්තගෙන එහෙම කිව්වා.
" මේ කවුද තමුසෙගේ සිහින හොරා..." ඈ.. ඇයි එහෙම ඇහුවේ.." නෑ නිකන්.. අර ඉස්සෙල්ලා කිවේ.." ඒ ඉතින් සිංදුවටනේ.. ඇත්තටම නෙවේ..එහෙම කෙනෙක් නෑ මට.." හ්ම් එහෙමද.. හාකෝ.."
" ම්ම් මම යනවා.."කියාගෙම මං නැගිට්ටේ යන්න. බායි.. පරිස්සමෙන් යනවා දුවන් නැතුව.."මං පන්තියට ගියා. ඒ දවස ගෙවෙනවා දැනුනෙත් නෑ. ඒ මචං මොනවාද උබ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනාව ආ.."ඒ සතිශ්ක. එතකොට තමා අභී පියවී සිහියට ආවේ..
"අහ් මේ ම්ම් නෑ බන් මේ. "ගොත ගහන් නැතුව මට ඇත්ත කියපන්.. උබට මට කියන්න බැරි දෙයක් නෑනේ.." නෑ බන් ඊයේ කෙල්ලෙක් ඇගේ හැප්පුනා..එකි අතින් අර වාස් එක කැඩුනා.." අඩේහ් කව්ද ඒ.. වරෙන් යන්න හොද දෙකක් කියන්න.. අපරාදේ ඕයි සල්ලි.. අපෙ මහන්සිය ඕයි.. දැන් ලෙක්චර්ට දෙන්නෙ මොකක්ද්ද ? ඒකටද උබ අවුලෙන් ඉන්නෙ.."
" එපා එපා බන්.. එහෙම නෙවේ.. මං කියන එක අහලා හිටපන්කො..එකි මාව පිස්සෙක් කලා බම්.. එකි දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නැ. මට හිතෙන විදියට මං එයාට ආදරේ කරනවාද කොහෙදෝ බන්.. රපුංසල් කෙනෙක් වගේ එයාගේ කොන්ඩේ.. දනිස්සටත් වඩා පහළට දිගයි බන්.. මාර ලස්සනයි. ඒ ඇස්, ඒ මුහුණ, ඒ තොල්, මන් ඉස්සරහා තියෙන ආඩම්බරකම, හුරතල්කම, දාංගලේ, පිස්සු වැඩ වලට මං වශී වෙලා බන්.. මට එයාව ඕන.."
අභී එක හුස්මකට කියාගෙන කියාගෙන ගියා.
"අභි අභියෝ.. අඩේ මොකො බන් වෙලා තියෙන්නෙ..කෙල්ලො පෙන්න බැරුව හිටපු මූට මොකක් වෙලාද මංදා..මටත් පෙන්නපන් උබව පිස්සු වට්ටපු රපුංසල් ව.."
" එකිට බැන්නාට පස්සෙ මට මාරම දුක හිතුනා බන්..මටත් හිතා ගන්න බෑ.. "හරි ඉතින් කව්ද ඒ.." අර කැන්ටින් එකේදි සිංදුවක් කියපු කෙල්ල.."
අඩෝ නෝ අභියා.. සිරාවටමද.." ඔව් බන්.. එයා තමා.."
" ඒක තමා මූ එකිගේ විස්තර අහගන්න නැටුවේ.." ඔව් ඉතින්. දැන්වත් කියපන්කො කව්ද ඒ.. මං ඉතින් කැනඩා වලනේ හිටියේ, කොහොම අදුරන්නද.."
ම්ම්.. එහෙනම් අහගනිම්කො.. කොටිපති ව්‍යාපාරික මහේෂ් දිසානායකගෙයි, ඩොක්ටර් සුජාතා සිරිවර්ධනගෙයි එකම දූ සිගිත්ත ශනුලි දිසානායක.. කොටින්ම කිව්වොත් උබ පුංචි කාලේ වෙනස්කම් කරපු ඒ පුංචි අහිංසක කෙල්ල.." සතිශ්ක වර්ණනා කර කර කීවා. අඩේ ඒ බොලේද..හිතාගන්නත් බෑ මට නම්.."
"කොල්ලගේ මූණේ තියෙන සිරියාව බලපන්කො.. යමං යමං දැන්.." දෙන්නාම එතනිම් ගියා.ඊලග දවසත් ලස්සන විදියට පටන් ගත්තා.
"ශනූ ඇයි මේ.."නෑ මේ අභී අයියා දන්නේ නැතුව ඇති නේද බන් මම කවුද කියලා.." අයියෝ ඒකද මේ පැයක් තිස්සේ ඉදන් කල්පනාව.. ඉතින් අපි කියමු.."
" නෑ නෑ බන් එපා..එකෙන් වැඩක් නෑ මේ අපි අයිස් කමුද?.." ඔව් ඔව් අනේ.. වැස්සාට මොකෝ..වරෙන් යමූ.." හැබැයි එකයි ආ.." අන්කල් අපිට අයිස් දෙකක් දෙන්න.."
අපි එතන තිබ්බ බංකුවෙන් වාඩි උනා.අඩේ මරු බන් වැස්සෙ අයිස් කනකොට.."
"මරු මරු.. තෙරෙයි මරුව හෙම්බිරිස්සාවක් උණක් එහෙම හැදුනොත්.. මොනා නැතත් හෙට කැම්පස් වර ආ.."හරි හරි සුදූ මැණිකේ.. ඉදහන් ඈ තව එකක් අරන් එන්නම්.."
මං කඩේ ඇතුලට දිව්වා.
"තිට පිස්සුද ගෑණියේ.. මට නම් එපා.. තොම කාපිය.. කියන දෙයක් නම් අහන්නෙම නෑ.." මං ම කන්නම් එහෙනම්.. මේ කුඩේ ගෙනාවද? " නෑ බන්.. උබගෙ එකේ යමන්.." අඩේ මන් ගෙනාවෙත් නෑ.. දැන් ඉතින් තෙමෙන්න තමා වෙන්නේ.."
දෙන්නාම වැස්සෙ තෙමි තෙමීම ගෙදර ගියා. හොදටම තෙමිගෙන ගියපු ගමන් නෑවා. නාලා හොදට නිදාගත්තා. දෝණී... දෝණී" කො එන්න කෑම කන්න.."
අම්මා මගේ අතින් අල්ලලා ආයෙත් අත ආපස්සට ගත්තා. දෙයියනේ හොදටම උණ නේ.. වැස්සේ තෙමීගෙන ඇවිත් නෑවාද? "
" ඔ..ව්.. අම්මා.. හොට් වොටර් එක කැඩිලා නිසා ඇල් වතුර නෑවේ.. අයිස් කෑවානෙ වැස්සෙම එකයි.." ඉන්නකො ඔහොම තාත්තා එනකල්.. ආවාම අහගන්න පුලුවන් හොදට.."
අම්මා බැන බැනම ගිහින් සුප් එකක් හදන් ආවා.බෙහෙත් වගයකුත් අරන් ආවා. ඔන්න ඔහොම ඒ දවසත් දන්නෙම නැතුව ගෙවිලා ගිහින් අලුත් දවසත් පටන් ගත්තා. ලස්සන දවස් හරි ඉක්මනට ගෙවෙනවානේ.
" ආන්ටි කෝ ශානු.."
රීතූ කැම්පස් යන්න ලැහැස්ති වෙලා අපේ ගෙදර ආවා." අනේ දුව.. කෙල්ලට හොදටම උණ.. අද ඉස්කොලේ යන්න වෙන එකක් නෑ.."අයියෝ එහෙමද මං බලලා එන්නම් ආන්ටී.."රීතූ ටිකක් තරහෙන් වගේ කාමරේට ආවා. "ශනු මං උබට කිව්වානේ ඕක වෙයි කියලා..දැන් හරිනෙ..දැන් හිටපන් හොද වෙනකල්ම ගෙදරට වෙලා.."එච්චර සීරියස් හීතුවේ නෑ බන් මම.."
"දැන් ඉතින් හරිනේ..මං යන්නම් අද පරක්කු වෙලා තියෙන්නෙ... දවල්ට ඇවිත් ලෙක්චර් එකේ නොට් එක ලියලා දෙන්නම්.. බායි ඈ.."හා බන්.. පරිස්සමෙන් පලයන්.."මමත් කම්මැලිකමේ ඇදට වෙලා හිටියා. අභී ඇඳට වෙලා කාගේහරි පින්තූරයක් අතේ තියාගෙන හිනාවෙවී ඉද්දි එයාගේ තාත්තා කාමරෙට ආවා.
"පුතා...."
" ඩැඩි.. "අභිශේක් ගැස්සිලා ඇදේම ඉදගත්තා.මොකක්ද ඔය..කො දෙන්න බලන්න...අම්මෙහ් ඉතිම්.. මොකො මේ දෝණිගේ පින්තූරයක් ලග තියාගෙන.."නෑ ඩැඩී මේ.. අල්මාරිය අස් කරද්දි ඕක හම්බුනෙ.." මට නම් පෙන්නේ අස් කරලා වගෙ නෙවේ..මොනවා හරි හොයන්න අල්මාරියම ඇදලා දාලා වගේ.."ඒ අභීගේ අම්මා.
"හරි හරි ඒවගෙන් වැඩක් නෑ.. ආව කාරනෙ කියන්නකො.." මහේෂ් අන්කල් කතා කලා..දෝණිට හොදටම උණලු.." මොකක්.. ඒ කොහොමද?..."ඇදේ ඉදගෙන හිටපු කෙනා එක පිම්මට නැගිටලා ඇහුවා. " ඊයේ වැස්සේ තෙමිගෙන අයිස් කලා ගෙදර ගිහින් නාලා.. දැන් නැගිටින්නවත් බැරිලු. අම්මායි මමයි බැලුවේ හෙට උදේටවත් එහෙ ගිහින් දෝණිව බලලා එමු කියලා..පුතා ඉතින් කැමති නෑනේ එහෙ යන්න.."
" අනේ ඩැඩී අපි දැන් යමුකො..ඉක්මනට යමු..ලැහැස්ති වෙන්නකො.. යමු යමු ප්ලීස්.."අභීශේක් ටිකක් කලබල වෙලා. දැන් රෑ වෙලා නේ.. අනික වැස්ස..හෙට උදේම යමු පුතා.." බෑ බෑ ඩැඩී..මට දැන්ම යන්න ඔනි..ප්ලීස් යමු..නැත්තම් මම තනියම හරි යනවා.."ම්ම් ලැහැස්ති වෙන්නකො එහෙනම්.."
තුන්දෙනාම රෑ වෙලා අපේ ගෙදර ආවා.
" මේ රෑ වැස්සෙම ආවේ ඇයි.. හෙට උදේ එන්න එපැයි මනෝ.."අපේ හදිස්සියකට ආපු ගමනක් නෙවේ මේක .. කොල්ලාගෙ බලකිරීමටම තමා ආවේ.." මොනවා මේ අපේ අභී පුතා.. පුදුමයි.."ඒක තමා මටත් තියෙන පුදුමේ.. පොඩි කාලේ ඉදපා කෙල්ලත් එක්ක වලි දාගෙන හිටපු විදිය කොහොමද...? බලෙන්ම ඇදගෙන එන්න හැදුවත් ආපු නැති එකා දොණීට උණ කියපු ගමන් කුලප්පු වෙච්ච හැටි බලන්න එපැයි.. කවදාවත් නැතුව අද දෝණීගෙ පොඩිකාලේ ෆොටෝ එකකුත් බල බල හිටියා.."
" ඒ කියන්නේ මේ දෙන්නා අතර මොකක් හරි.."ඒ ඉතින් අපේ අම්මා."එහෙම වෙනාවනම් කොච්චර හොදද.. එතකොට යාලුකම නෑදෑකමක්ම කරගන්න පුලුවන්.. නේද මනෝ.."තාත්තා කිව්වා " එක නම් ඇත්ත.. අපේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ දෝණිව අපේ ලේලි කරගන්න.. නෙද නිලූ.."නැතුව නැතුව.."ඒ අභීගේ අම්මා.එයලා ඉතින් බරටම කාතාවක. ඒ අතරේ අභී මාව බලන්න කාමරේට ආවා.
" තමුසෙට පිස්සුද? මොළයක් කියලා එකක් නැද්ද? ඔච්චරම මෝඩද තමුසේ.. ඇයි මැණික මෙහෙම දුර දිග හිතන්නෙ නැතුව වැඩ කරන්නේ... කැම්පස් ආවෙත් නෑ. මං කොච්චර බය උනාද.."අයියා ඔයා මෙහේ... ඒ කියන්නේ ඔයා දන්නවාද මං කව්ද කියලා .."ඔව් නන්ගි මන් දන්නවා.."
එයා ඇදේ පැත්තකින් ඉදගෙන මගේ අතක් අල්ලාගත්තා. "එත් ඇයි ඔයා කලබල වෙලා.."
"මං ඔයාට ආදරේ කරනවා...මට ඔයාව ඕන.." දෙයියනේ.. හිතා ගන්නත් බෑ.."අසනිපේ කොහෙන් ගියාද දන්නෑ. මට එක පාරටම ඉද ගැස්සුනා.ඇයි ඔයා කැමති නැද්ද.."නෑ එහෙම නෙවේ... මං ඉතින් ඔයාට කැමැත්තෙන් හිටියේ නොතේරෙන කාලේ ඉදලනේ.. ඔයා ඉතින් කිසි හිතක් පපුවක් නැතුව මාව පන්න ගත්තේ ඉස්සර.."පොඩිකාලේ උන දේවල් දැන් වැඩක් නෑනේ ලමයෝ.. දැන් කැමතිද නැද්ද කියලානේ මන් අහන්නේ.."
"කැමති ගොඩක්.." එහෙනම් ඉතින් අද ඉදලා මගේ.."අභී මගේ උරහිසෙන් ඔලුව තියාගත්තා. ගෙවල් දෙකෙන්ම කැමති උන නිසා අපේ ආදරේට බාදාවක් උනේ නෑ.
*අවුරුදු පහකට පසු..*
" හෙලෝ මගෙ නපුරෝ.." කියන්න මැට්ටි.." කොහෙද ඉන්නෙ.."මම මේ එන ගමන්.. මොනා හරි ගේන්න ඕනද.."මට නම් එපා, මේ චූටියාට කතා කරන්න ඕන කීවා.. ඒකයි ගත්තේ.."කෝ මගෙ චූටි පණට දෙන්නකො ෆෝන් එක.."හලූ තාතී.." මගෙ දෝණි බබා.. මොකෝ කලන්නෙ.. අම්මිට වද දෙනෝද.."අපූ නා තාතී.. මම ආමීත වද දෙම්නා.. තාතීදෙ දූණී හොද බබෙත් වදේ ඉන්නෝ අලේ.. අයිම් ආ ගුත් ගර්ල්.."
" ඒකනෙ ඒකනෙ.. කෝ පැටියෝ මගෙ කොල්ලා, අයියා කො.." ආපූ.. එයා තාම දොයි.. උදේ ඉදලා දොයි අලේ, එයා නම් නූටි බබෙක්...'" අනෙ අනෙ.. කියන්නකො ඉතින් මොනාද මගෙ දෝනිට ඕන.."ආමීතයි මතයි අයියාතයි චොකෝ ඕනා.. හලිත මදෙ තුදු තාතීයෝ.. " අම්මේ හලි හලි මං ගේන්නම්.. කෝ දැන් අම්මි.."ආඅ.. මේ ඉන්නෙ ඔයාදෙ ලපුංතල්.. ඒයි ලපුංතල්, මෙන්න තෝල්.." පැහිච්ච ආච්චි.."අභී කිව්වෙ හිනා වෙවී.
" කියන්න.." බබාට නම් චොකෝ ලු.. අම්මිට මොනාද ගේන්න ඕන.."
" මට මොකුත් ඕන නෑ.. තාත්ති පරිස්සමෙන් ගෙදර එන්නකො, මට ඒ ඇති.. මට ඕන මගෙ නපුරු අභීව.." අනෙ අනෙ මැනික.. හරි මැනික මං ඩ්‍රයිව් කරන ගමන් ඉන්නෙ, මම තියන්නද.."
" හරි නපුරෝ.. බුදු සරණයි, පරිස්සමෙන් එන්න.. උම්මාහ්.." උම්මාහ්.."අභීම කෝල් එක කට් කරනකල් මං හිටියා.ඒ චූටියා කවුද කියලා කිව්වෙ නෑනේ. ඒ තමා මගෙ නපුරු කුමාරයාගෙයි මගෙයි ආදරේ සංකේතය.. අක්ශි මායාදුන්න. තව පුතෙකුත් ඉන්නවා. ආශික් මායාදුන්න. අකී, ආශී ට්වීන් බබාලා දෙන්නෙක්. ඒ දෙන්නා තමා ඉතින් දැන් අපෙ මුලු ලෝකෙම..
*නිමි..!!*
▍▍▍▍▍▍▍▍▍▍▍▍▍▍▍▍▍
*සමහර හමුවීම් තියෙනවා අහඹුවක් උනත් තමන්ගෙ මුලු ජීවිතේම උන. නොහිතුන විදිහට ජීවිතේට එන යන සමහර මිනිස්සු අපිව ඇබ්බහි කරගන්නෙ අඩුම ඒ අය නැතුව අපිට ජීවත් වෙන්නවත් කියලා නොදී.
*


ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාගෙන sub කරගෙන යන්න ලමයෝ
