✨*ඔබට පමණයි ආදරේ* 🌼♥️✨ සිංහල නවකතාව




 *ඔබට පමණයි ආදරේ* 🌼♥️✨


 _ලියමි නුබේ නමට ආදරේන්...._ 


   "බබා...දෝණි කොහෙද ඔයා ඉන්නෙ...මෙන්න නැන්දලා ඇවිල්ලා..."
  "ඕ අම්මා මේ එනවා.."
මම වොශ් එකක් දාගෙන පහලට ආවා.
පහලට එද්දි දැක්ක රූපෙත් එක්ක මට මාරම සතුටක් ආවා.

  "ලොකු අයියා..."
මම දුවලා ගිහින් අයියව බදාගත්තා.

මම තමා අපේ ගෙදර එකම දරුවා.මට සහෝදර සහෝදරියො කවුරුත් නැහැ.ඒත් මට මගෙම සහෝදරියො වගේ තමා මගෙ නැන්දලාගේ දුවලා දෙන්නා.ඒ දෙන්නගෙ අයියට තමා මම ලොකු අයිය කියන්නෙ.මට සහෝදරයො නැති නිසාමද මන්දා අපි දෙන්නා ගොඩක් ෆිට් උනා.මගෙ හැමදේම වගේ මම කියන්නෙ ලොකූට.

නැන්දලා ටික දවසක් ඉන්න ඇවිත් තියෙන්නෙ මෙහෙ.ඒ නිසා හැමෝම ගියා ඇවිදින්න.මම ටිකක් ඇගට පණ නෑ වගේ නිසා මම බෑ කිව්වා යන්න.ඉතිම් එයාලා මාව තියල ගියා 'ලොකුත් දැන් එයි නෙ ඉන්න' කියලා.

ලොකූ එද්දි මට හොදටම උණ.

  "චූටි..ඉශූ...කොහෙද ඔයා.."
මම පේන්න හිටපු නැති නිසා ලොකූ මගෙ කාමරේට ආවා.

  "දෙයියනේ හොදටම උණ නෙ..චූටි නැගිටිනවා යමු බෙහෙත් ගන්න..."
  "අනේ බෑ අයියෙ..  බෙහෙත් බොන්න බෑ..."
බෙහෙත් නැතුව සනීප වෙන්නෙ නෑනෙ.."
නැගිටින්නකො මැණික..ආවොත් මම බඩුවක් දෙනවා.."
 "මොනාද දෙන්නෙ..."
  "ම්ම්ම් මන් කිස් එකක් දෙන්නම්..දැන් එන්නකො..."
"හා..."
මම හරි ආසාවෙන් ගියා.
උදේ වෙද්දි මට උණ හොද වෙලා තිබ්බෙ. 

අපි දෙන්න එළියට ගිහින් කතා කර කර හිටියෙ.ගෙදර අය එහෙම සැක කරන්න ගියෙත් නෑ.මොකද එයා මට සලකන්නෙ එයාගෙම නන්ගි කෙනෙක්ට වගේ කියල දන්න නිසා.

  "මොනවද චූටි කල්පනා කරන්නෙ.."
   "අහ් නෑ මොකුත් නෑ.."
  "නැති වෙන්න බෑ.. ඔයා මොකක් හරි දෙයක් ගැන හිතනව නේද.."
   "ඔයාට මාව තේරෙනවා නේද.."
  "නැතුව..ඔයාව මන් තරම් කවුරුත් තේරුම් ගන්නෙ නැතුව ඇති.."

'හැමදේම තේරෙන ඔයාට ඇයි මන් ඔයාට ආදරෙයි කියලා තේරුනේ නැත්තෙ..'
මන් හිතින්ම කිව්වත් එයාට ඇහෙන්නනම් කිව්වෙ නෑ.ඔව් මන් එයාට ආදරේ කරනවා.මටත් නොදැනිම මන් එයාට ආදරේ කරන්න පටන් අරන්.

  "මන් කෙනෙක්ට ආදරේ කරනවා. ඒත් මට ඒක එයාට කියන්න බයයි.යාලුකමත් නැතිවෙයි කියලා.."
  " කවුද ඒ.."
 "ඒක ඔයාට කියන්න බෑ.."
"හ්ම්.."
අයියා එතනින් නැගිටලා යන්න ගියා.

" කොහෙද ඔය යන්නෙ.."
   "පොඩි ගමනක්.ගිහින් එන්නම්.." 
මන් කොහොමද කියන්නෙ මම එයාට ආදරේ කරන්නෙ කියලා.

රෑත් උනා.තාම ලොකූ ආවේ නෑ.9ට විතර එයා හොදටම බීගෙන ආවා.ගෙදර හැමෝම එයාට හොදටම බැන්නා.ඒත් මන් ගෙදර අයව ශේප් කරලා ලොකූව කාමරේට එක්ක ගියා....
________________________________

ලොකූව හාන්සි කරවලා මම දෙහි එකක් ගේන්න යද්දි ලොකූ මගෙ අතින් ඇදලා ලගට ගත්තා.

  "චූටි.. කොහෙද යන්නෙ මේ..මාව දාලා යන්න එපා..මාත් එක්ක මෙහෙම ඉන්න ප්ලීස්.."
   "මන් යන්නෑ ලොකූ..ඔයාව දාලා මම කොහොමත් යන්නෑ..ඇයි ලොකූ මේ බීගෙන ආවෙ..මන් කියල තියෙනව නේද බොන්න එපා කියලා.."

  "මන් තමුසෙට ආදරෙයි චූටී..අයියා විදියට නෙවෙයි මන් ආදරේ කරන්නෙ...මට ඔයාව මගෙ වයිෆ් කරගන්න ඕනි...මගෙ හැමදේම ඔයා කරගන්න ඕනේ...ප්ලීස් චූටි මගෙන් ඈත් වෙන්න එපා..."

   "දෙයියනේ ලොකූ...හිතා ගන්නවත් බෑ මට...මාත් ආදරෙයි අයියෙ ගොඩක් ගොඩක් ආදරෙයි..."
  "ඒත් උදේ කිව්වෙ  කොල්ලෙක් හිතේ ඉන්නවා කියලා.."

 " ඒ කීවේ ඔයා ගැන තමයි..ඔයාව මට නැතිවෙයි කියල බයට මම නොකියා හිටියෙ..."

  "ආදරෙයි නේද මැනික.."
 " ඔව් ගොඩක් ආදරෙයි.."

ලොකූ මාව එයාගෙ පපුව උඩට ඇදලා ගත්තා.මන් හරි ආසාවෙන් ඒ උණුහුම වින්දෙ.මට ලෝකෙම ලැබුන වගේ මට දැනුනෙ.ලොකූට නින්ද යනකම්ම එහෙම ඉදලා මම පහලට ගියා.

" නිදිද දෝණි ලොකූ.."
  "ඔව් නැන්දෙ..පව් අනේ.. පොඩි එකෙක් වගේ නිදි.."
"මොන පව්ද..බැනලත් මදිනෙ.. කවදාවත් නැතුව බීගෙන පිස්සු නටනවා.."
ඇණුම්පදනම් කෝටියක් විතර.අහින්සකයා පව් මොකුත් දන්නෑ.

උදේම නැගිටලා මම කුස්සියට යද්දි අම්මා තේ හදනවා.

  "ගුඩ් මෝනිම් අම්මා..ගුඩ් මෝනිම් නැන්දි.."
"ගුඩ් මෝනිම්,ගුඩ් මෝනිම්"
දෙන්නම එකවැරම කීවා.

  "දෝණි මේ තේ එක ලොකූට දීලා එන්න..."
මම තේ එකත් අරන් ගියෙ ලොකූගෙ කාමරේට.පේන විදියට නම් හොදටම නිදි වගෙ.මන් ඉතිම් නින්දට බාධා නොකර තේ එක තියලා යන්න හදනකොටම එයා මගෙ අතින් අල්ලගත්තා.

  "චූටි.. කොහෙද මේ හොරගෙඩිය වගේ යන්නෙ ආ.."
 "නෑ ඉතිම් ඔයා හොද නින්දක හිටපු නිසා ඇහැරුවෙ නැත්තෙ...තේ එක දෙන්නවත් ඇහැරවන්න හිතුනෙ නැ නිදන් ඉන්න ලස්සන දැක්කම.."
  "අනෙ අනෙ ඉතිම්..කෝ එන්නකො.."
එයා ලගටම මාව ඇදල ගත්තා.

හුස්මට හුස්ම ගෑවෙන තරම් ලගින් අපි හිටියෙ.ඒ ඇස් කතා කරන විදිය හරි ආසාවෙන් මන් බලන් හිටියා.

ඒත් එක්කම,,,,,,

.............................
මොනා වෙන්න ඇද්ද ☹️ අම්මලා දැක්කද දන්නෑනෙ😫කමෙන්ට් කරන්න බලන්න😌

හුස්මට හුස්ම ගෑවෙන තරමට අපි ලගින් හිටියෙ.ඇස් පිල්ලමක්වත් නොගහා ඒ ඇස් කතා කරන දිහා මන් හරි ආසාවෙන් බලන් හිටියා.








ඒත් එක්කම එයාගෙ දගකාර දෙතොල් මගෙ සියුමැලි තොල් සමග සෙල්ලම් කරන්නට විය.මන් මොකුත්ම නොකියා එයට අවනත උනේ ඒ පහස විදගන්න ඇති ආසාව නිසාමයි.


   "චූටි.."
 "ම්ම්.."
මන් ලොකූගෙ පපුවට තුරුල් වෙලාම ඇයි ඇහුවා.


  "මොකෝ මේ.. යන්න හිතක් නැද්ද මැනිකට.."
 " දාලා යන්න හිත දෙන්නෑ...මට දැන් මගෙ ලෝකෙම හම්බුනානෙ..අවුරුදු ගානක් බලන් ඉදලා.."
  "අනේ ඉතිම් මගෙ කෙල්ල..මොන ප්‍රශ්නෙ ආවත් මාව දාලා යන්නෙ නෑ නේද චූටි.."
 " නෑ ලොකූ..කවදාවත් නෑ.."
   " හ්ම්..දැන් යන්න මැණික,ගෙදර අය දැක්කොත් සැක හිතයි.."
 " හා...එන්න දැන් වොශ් දාගෙන කෑම කන්න.."
මමත් වොශ් එකක් දාගෙන ගියෙ කෑම මේසෙට.


ඉතිම් ඔහොම හරි ලස්සනට දවස් ගෙවුනා.දවසක් ලොකූට හොදටම අසනීප උනා.


   " ලොකූ..කෝ නැගිටින්නකො බත් කටක් කමු අපි..එන්නකෝ.."
 " බැ.හ් චූටි.. මට කන්න අප්පිරියයි.."
    "එහෙම බෑනේ ලොකූ..කෝ නැගිටින්න.. "
මම කොහොමහරි ලොකූව නැගිට්ටවලා බත් කටවල් දෙකතුනක් කැව්වා.


ඔහොම දින සති ගෙවෙද්දි අපේ ආදරේ තවත් වැඩි උනා.මට එයාවත් එයාට මාවත් නැතුවම බැරි උනා.

ඉතිම් ඔහොම දවසක් දෙන්නාටම දෙන්නගෙ හැගීම් පාලනේ කරගන්න බැරි උනා.සීමාව ඉක්මවා ගියේ ගෙදර හැමෝම මලගෙදරක ගමේ ගියපු දවසක.ලොකුයි මමයි විතරයි ගෙදර හිටියෙ.කවදාවත් අමතක නොවන මතක ගොඩක් එකතු උනා.


   " ලොකූ.."
  " ම්ම්..කියන්න මැනික.."
   " මාව තනි කරන්නෙ නෑනේද.."
  " නෑ ලමයො කවදාවත් නෑ.."
එයා මගෙ පපුවට ඔලුව තියාගෙනම කීවා.


හිමින් සීරුවේ ඇග පුරා ඇදුනු ඒ අත් නැවතුනෙ මගෙ ලැම මත.මුලු ඇග පුරාම ඒ රළු දෙතොල් දිව යද්දි මුලු ඇගම සීතල වෙලා ගියා.එයා මගෙ ලවනට බර උනේ මම නොහිතුව මොහොතක.විනාඩි කිහිපයක් දෙතොල් එක්ක සෙල්ලම් කල ඒ දගකාර දෙතොල් නතර උනෙ මගෙ ලැම මතය.


ඔහුට ඇති ආදරෙය නිසාම මා මගෙ පතිවත පවා බිද දමන්නට විය.


සුන්දර රැයක නිමාවත් සමග මතක වරුසාවක් එක්ක ඊලග දවසත් උදා උනා.


අද උදෙන්ම නැගිට්ටෙ වැඩට යන්න ඕන නිසා.ඒත් ඇගට වෙහෙසක් දැනෙනවා ඊයෙ උන දේවල් එක්ක.මන් යන්න යදද්දිම ලොකුත් මගෙ පස්සෙන් ආවා.


  " ගුඩ් මෝනිම් ලොකූ.."
" ගුඩ් මෝනිම් චූටි..මට සමාවෙයන් මැනික.."
  " ඇයි ඒ.."
 " මට මගෙ හැගීම් පාලනේ කරගන්න බැරිඋනා..මන් මැනිකට ගොඩක් රිද්දුව නේද..සමාවෙයන් මට.."
   " අයියො ලොකූ ඒක ගැන හිතන්න එපා..මට එහෙම අමාරුවක් නැහැ.. මේ හොදට ඉන්නෙ.."
  " බොරුනෙ ඔය..හරි යමු මාත් එන්නම් අද ඔයාව ගිහින් දාන්න.."
   " හා යමු.."
ලොකූ එක්කම මම වැඩට ගියා.


වැඩ ඇරිලා ගෙදර එන අතරතුර කවුරු හරි මාව ෆලොව් කරනව වගේ මට දැනුනා.මම පිටිපස්ස හැරෙද්දිම එකපාරටම ඩිෆෙන්ඩර් එකක් මගෙ ඉස්සරහින් නැවැත්තුව.


ධනුෂ්ක රාජමන්ත්‍රී. මේ ගමේ ඇමතිගෙ පුතා.


   " අහ් චූටි නෝනා...කොහෙද මේ යන්නෙ.."
 " නාන්න යනවා අනේ පේන්නෙ නැද්ද.."
   " පේනවා පේනවා..හැබැයි වෙන ගමනක් ගිහින් වගේ පේන්න ඉන්න විදියටනම්.."
 " අනේ මේ මිස්‍ටර් ධනුෂ්ක තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවෙ යනවද..කෙල්ලෙක්ට නිදහසේ පාරෙවත් යන්න නෑනෙ..තාත්තා හොද උනාට වැඩක් නෑ පුත්තු රස්තියාදුකාරයොනම්.."
මේ පොර මගෙ දිහා කන්න වගේ හිනාවීගෙන බලන් ඉන්නවා.


   " පිස්සු යකෙක් මූ නම්..බනිද්දි හිනාවෙන මිනිහෙක් දැක්කමද කොහෙද.."
මන් හිමීට මිමිනුවත් ඒක එයාට ඇහුනා.


   "ඔයානෙ මාව පිස්සෙක් කලේ.."
  " පිස්සු ද තමුසෙට..මොනාද කියවන්නෙ.."
මන් යන්න යදද්දිම එතෙන්ට බයික් එකෙ ආවෙ,,

......................................

කවුරු එන්න ඇද්ද බයික් එකේ🤭කෙල්ලට මොනා වෙයිද😒අදනම් ලමයි ටිකගෙ හැගීම් ඇවිස්සුනා වගේ😚🙈

  " ඔයානෙ මාව පිස්සෙක් කලේ.."
  " පිස්සුද තමුසෙට..මොනාද කියවන්නෙ.."
මන් යන්න යදද්දිම එතෙන්ට බයික් එකෙ ආවෙ ලොකූ.


   "චූටි මොකද මෙතන කරන්නෙ..නගින්න.."
මන් ලොකූගෙ බයික් එකට නැගලා බැලුවෙ අර ඇමතිගෙ පුතාගෙ මූන දිහා.පව් මූන කජු ලෙල්ල වගේ කරගත්තා.


ඔහොම මාසයක් විතර අපි හොදින් හිටියා.කිසි ප්‍රශ්නයක් උනේ නෑ.හැබැයි ඇමති පුතා ධනුෂ්ක නම් පස්සෙන් එන එක නතර උනේ නෑ.මන් හිතන්නෙම ආදරේකට නෙවේ එයා පස්සෙන් එන්නෙ රූපෙටයි ආසාවල් වලටයි කියල.


දවසක් අපි දෙන්නගෙ ආදරේ ගෙදරට මාට්ටු උනා.මට නම් හොදටම ගැහුවා.සම්බන්ධෙ නතර කරන්න කියල කීවත් මට ඒක කරගන්න බැරි උනා.මොකද මම ඒ වෙද්දිත් අම්ම කෙනෙක්.


   " අනේ අම්මේ..ප්ලීස්..එහෙම කරන්න එපා..නෑනයි මස්සිනයි උනා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නෙ.. "
ලොකූටත් හොදටම බැන්නා කට්ටිය.
   " කාවී,ලෑස්ති වෙනව ගෙදර යන්න..නටන්න ඕන නාඩගම් ඔක්කොම නටන්න ඇතිනෙ දෙන්න එක්ක එකතු වෙලා.."
නැන්ද හොදටම ලොකූට දොස් කිව්වා.


   " ප්ලීස් නැන්දෙ මගෙ දරුවට තාත්තෙක් නැති කරන්න එපා.." 
 " මොකක්ද උබ ඒ කිව්වෙ.."
හැමෝම පුදුම වෙලා බලන් ඉද්දි අම්ම මගෙ අතින් ඇදල අරන් ගැහුවා.


   " හ්ම්..ඔව් එයාගෙ දරුවෙක් මගෙ බඩේ..මට සමාවෙන්න අම්මේ..ආදරේ ලග මන් හරි අසරණයි.."
  "තොට කන්න බොන්න දීලා උගන්නලා උස් මහත් කලේ ඕව බලන්නද.."
අම්මා මට තවත් ගැහුවා.


   " දැන් ඉතිම් දුර දිග නොබලා වැඩ කරානම් දෙන්න එක්කම තීරණයක් ගන්නවා.."
එහෙම කියල අම්මයි නැන්දයි කුස්සියට ගියා.


   " චූටි ඔයා..මට හිතාගන්නත් බෑ.."
 " මේ කිසි දෙයක් හිතන්නෙ නැතුවද ලොකූ ඔයා මට ලන් උනේ..හැබැයි ඔයා මාව බාර නොගත්තොත් ඇත්තමයි මම මැරෙනව.."
  " මොනාද චූටි මේ කියවන්නෙ.."

   " ඇත්ත කියන්නෙ.අපිරිසිදු වෙච්චි කෙල්ලෙක්ව බාර ගන්න කොල්ලො කැමති නෑනෙ..ඉතිම් ජීවත් වෙලා තේරුමක් නෑනෙ.."

   " හරි හරි අපි එහෙනම් ඇබෝශන් එකක් කරමු.."
   " පිස්සුද ලොකූ..බෑ බෑ..මේ ඔයාගෙ ආදරේ සන්කේතෙ..මන් මේ පැටියව හදාගන්නවා.."

   " ඒත් චූටි තේරුම් ගන්නවා..අපි ලමයි හදන්න ඕන වයසක නෙවේ ඉන්නේ..ඒවට තව කල් තියෙනවා.." 

   " එහෙනම් මට ලන් වෙන්න කලින් ඔයාට ඒවා හිතන්න තිබ්බනෙ..ඔයාට තියෙන ආදරේ නිසා හැමදේම ඉවසන් හිටපු මට ඔයා ඔහොම කතා කරන්න එපා ලොකූ..මේ ඔයාගෙත් දරුවා.."

   ඇත්තටම මට ඇඩුනා.කෙල්ලෙක් ගොඩක් අසරණ වෙන තැනක් තමා ඒ.

අකමැත්තෙන් උනත් එයා කැමති උනා ලමයව හදාගන්න.ගෙදර අයත් ලොකූට බැන්නා හොදටම ඇබෝශන් කරමු කිව්වට පස්සේ.

ඉතිම් ඔහොම මාස දෙකක් විතර ගියාට පස්සෙ එක මූසල දවසක් මගෙ ජීවතේම විනාස කලා.


     " ලොකූ.."
   " ම්ම්..කියන්න.."
    " ඇයි මේ..ඔයා දැන් මගෙත් එක්ක කැමැත්තෙන් නෙවේද ඉන්නෙ.."
  " එහෙම දෙයක් නෑ..කියන්න ආපු දේ කියන්නකො.."

   " කොහෙද මේ යන්න ලෑස්ති.."
  " වෙන කොහෙ යන්නද ඉතිම් ඔෆිස් තමා.."
   " අද නිවාඩු දවසක් නෙ.."
  " ඔව්..අද වැදගත් මීටින් එකක් තියෙනව ක්ලයන් කෙනෙක් හම්බෙන්න..මැඩම් එක්ක යන්නෙ.."

   " අහ් එහෙමද..හ්ම්..එහෙනම් පරිස්සමින් යන්න අයියා.බුදු සරණයි.."
  " හරි ඇයි ආවෙ කියල කියන්න ඉතිම්.."
   " නෑ මෙ මට ඩොක්ට හම්බෙන්න යන්න තියෙනවා.."
 
    " අහ් එහෙමද.. කාත් එක්ක ද දැන් යන්නෙ.."
  " තනියම යනවා..ඔයාට කතා කරන්න ආවෙ යන් කියන්න..ඔයා වැඩ නෙ..තනියම යන්නම් මම කමක් නෑ.." 
   " හ්ම් පරෙස්සමින් යන්න එහෙනම්..මන් යනවා.."
     " හරි.."
ලොකූ ගිහින් පැයකට විතර පස්සෙ මම හොස්පිට්ල් යන්න පිටත් උනා.

ටවුන් එකට යද්දි ඇස් දෙකටම දැක්ක එක සිදුවීමක් මට අදහා ගන්නවත් බැරි උනා.කවදාවත් නොහිතපු විශ්වාස කරන්න අමාරු දෙයක් දැක්කෙ.

     " ලොකූ..මෙතන.."
මම දැක්කෙ ලොකූ කාගෙ හරි අතක් අල්ලගෙන කොපි ශොප් එකක ඉන්නව.ඒත් කෙල්ලගෙ මූන හරියටම පේන්නෙ නෑ.මන් ලගට ගියා.මන් මගෙ විතරයි කියල හිතන් හිටපු ලොකූ වෙන කෙල්ලෙක්ව කිස් කරනව.ලොකූ මාව දැකලා එකපාරටම හිටගත්තා.

එතන එයත් එක්ක හිටියෙ එයාගෙ ඔෆිස් එකේ බොස්.එහෙමත් නැත්තම් ජයවීර ඇමතිතුමාගෙ දුව.කොටින් ම කිව්වොත් ධනුෂ්කගෙ නන්ගි.

    " චූටි.."
මන් විනාඩියක්වත් එතන ඉන්නෙ නැතුව ඒ ක්ශනිකව පාර පැත්තට දිව්වා.

පාර මාරු වෙද්දිම ආපු ලොරියකට මන් හැප්පුනා.විසි උනේ මටත් නොදැනිමයි.

කෙල්ලට මොනා වෙයිද😥මැරිලද දන්නෑ නෙ😫💔කමෙන්ට් කරන්න  බලන්න 👀❤️
    








දවස් දෙකක් යනකම් මට සිහිය ආවෙ නැහැ.මට සිහිය එද්දි දැඩිසත්කාරෙ හිටියෙ.

කරුමෙ මහත කොච්චර ද කියනවනම් මම හීනෙකින්වත් හිතන්න අකමැති දෙයක් සිද්ධ උනේ.මුලු ලෝකෙම නැති උනා වගේ මට.

  මට සිහිය එද්දි ලොකූ මගෙ ලග හිටියා.

    " ඩොක්ට.මට මොකද උනේ..මට මතක හැප්පුනා කියන්න විතරයි..ඩොක්ට මගෙ දරුවා හොදින් ඇති නේද..ඇයි ඩොක්ට මගෙ බඩ බැහැල ගිහින් තියෙන්නෙ.."
මම එකදිගටම ඩොක්ටගෙන් ප්‍රශ්න කලා.ඒ වෙලේ ලොකූගෙ ඇස් තෙත් වෙනව මාත් දැක්කා.

    " කලබල වෙන්න එපා.. දුව ඔයාගෙ දරුවා නැති උනා.."
ඒ දේ ඇහුවට පස්සෙ මම ගල් ගැහුන වගෙ උනා.හිතා ගන්නවත් බැරි උනා මට.ගොඩක් හීන මැව්වා.එක සිදුවීමක් නිසා හැම හීනයක්ම බොද වෙලා ගියා.

මම හයියෙන් කෑ ගහලා ඇඩුවා.

    " චූටි අඩන්න එපා දැන්..උන දේ උනානෙ.."
  " ඔව් ඔයාට කොහොමත් ඕන උනේ මේකනෙ..ඔයාට ඕන දේ උනා..දැන් ඉතිම් සතුටු ඇතිනෙ..මගෙ ලමයවත් මරාගත්තා..දැන් ඔයාට ඕන විදියට ඉන්න පුලුවන් නෙ..ප්ලීස් මෙතනින් යන්න.."

ඩොක්ට එක්කම ලොකූ එලියට ගියා.හැබැයි ලොකූගෙ ෆෝන් එක එතන දාල ගිහින් තියෙන්නෙ.මන් අමාරුවෙන්ම නැගිටලා ෆෝන් එක දෙන්න යදද්දි ඩොක්ට ලොකූට දෙයක් කිව්වා.ඒක මටත් හොදටම ඇහුනා.

    " පුතා..මේක දැන්ම ලෙඩාට කියන්න එපා..මොකද එයා දැන් ඉන්නෙ ලමය නැති උන එකේ කම්පනෙන් නෙ..ඒ නිසා මේක හිමින් සීරුවේ කියන්න ටික දවසක් ගියාම..

මොකද දුව දැනගත්තොත් ඒ ඇක්සිඩන්ට් එකෙන් වෙච්චි ඩැමේජ් එක නිසා ගර්භාශෙ අයින් කරපු හින්දා ආයෙ කවදාවත්ම ලමයි හදන්න බෑ කියලා..

එහෙම උනොත් පැරලයිස් වෙන්න ඉඩ තියෙනවා දරා ගන්නම බැරුව.."

      මගෙ අතේ තිබ්බ ෆෝන් එකත් බිමට වැටුනා.මන් ගල් උනා වගේ.කිසිම චලනයක් නැතුව බලාගත්තු අත බලාගෙනම හිටියා.

   " දෙයියනේ ඉශූ..ඔයා මෙතන.."
ලොකූ මන් හිටපු තැනට ආවා.

     "චූටි..චූටි කතා කරන්නකො චූටි..මොකද මේ..ඩොක්ට එයා කතා කරන්නෙ නෑනෙ..හෙල්ලෙන්නෙවත් නෑ.."

     " මන් කිව්වනේ කම්පනේ වැඩි උනොත් පැරලයිස් වෙන්නත් ඉඩ තියෙනවා කියලා..නර්ස් මේ ලෙඩාව ඉක්මනට අල්ලන්න අයි.සී.යූ. එකටම දාන්න ඉක්මනින්.."

ඉශූට කොච්චර ට්‍රීට්මන්ස් කලත් හොද උනේ නෑ.ඔහොම කාලෙ ගෙවුනා.ඉශූව ගෙදරත් එක්ක ආවා.මාසෙකුත් ගත උනා.ඒත් ඉශූගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නෑ.

    " ආන්ටි..ඉශූව එක්ක ආවා නේද.."
  " දෙයියනේ පුතා ඔයා මෙහෙ.."
    " ඇයි ආන්ටි මට මෙහෙට එන්න හොද නැද්ද.."
ධනුෂ්ක ඇහුවා.

   " නෑ එහෙම නෙවේ..ඒත් ඇමතිතුමා දැනගත්තොත් දොස් කියයි.."
    " එහෙම නෑ..ඩැඩී දන්නවා මන් එනව කියන්න.."

   " අහ්.එහෙනම් යමු ගෙට.."
දෙන්න එක්කම ඔහොම ටික වෙලාවක් කතා කර කර ඉද්දි ඉශූගෙ අම්මට ප්‍රශ්නයක් උනේ එදා ඇක්සිඩන්ට් එක දවසෙ ඇත්තටම මොකද උනේ කියලා.

  " ඇත්තටම පුතේ මන් තාම දන්නෑ එදා ඇත්තටම මොකද උනේ කියලා..පුතාවත් ඒ ගැන දන්නෙ නැද්ද.."
   " එදා වෙලා තියෙන්නෙ ආන්ටි ඉශූ හොස්පිට්ල් යද්දි..."
ධනූ එදා වෙච්චි හැමදේම කිව්වා.එයත් දැනගෙන තියෙන්නෙ එයාගෙ නන්ගි ගෙන්.

ඉශූගෙ අම්මට ගොඩක් කේන්ති ගිහින් හිටියෙ.මොකද හැමදේම උනේ කවිශ්ක නිසා කියල දන්න නිසා.

   " ආන්ටි මට වැදගත් දෙයක් කියන්න තියෙනවා.."
  " මොකක්ද පුතේ කියන්න.."
   " මම කැමතියි ඉශූව බදින්න.."
  " මොකක්..ඒත්.."
   " ඇයි ආන්ටි ඒත් කියන්නෙ.."

  " පුතාගෙ ජීවතේ විනාස කරගන්න ඕනි නෑ අපේ කෙල්ල නිසා..අනික ඩොක්ටස්ලනම් කියන්නෙ පැරලයිස් වෙලා ඉන්න නිසා හොද කරන්න අමාරුයි කියලා.."

   " නෙගටිව් විදියට හිතන්න එපා අම්මා.."
  " අම්මා.."
    " අනේ සොරි ආන්ටි..මට කියවුනා..මන් ඉතිම් පුන්චි කාලෙ ඉදන් ඒ නම කියල නෑනෙ කාටවත්.."

ධනූ ගෙ අම්මා එයාලව දාලා වෙන කෙනෙක් එක්ක ගිහින් තියෙන්නෙ ධනූ පොඩි කාලෙමයි.

එයා ගියාට පස්සෙ තමයි ධනූගෙ තාත්තා පොලිටික්වලට ජොයින් වෙලා තියෙන්නෙ..මොකද දනූගෙ අම්මා දාලා ගිහින් තියෙන්නෙ සල්ලි නෑ කියලනෙ.


    " අනෙ කමක් නෑ පුතේ..මට අම්මා කියන්න.."
  " තෑන්ක්ස් අම්මෙ..මන් තාත්තගෙන් අවසරේ අරන් තියෙන්නෙ ඉශූව මැරි කරන්න..අපි කොහොමහරි ඉශූව හොද කරගමු..

කම්පනයක් නිසා පැරලයිස් වෙච්ච කෙනෙක්ව හොද කරගන්න තියෙන එකම දේ නිදහස..අම්මගෙ අකමැත්තක් නැත්තම් මන් ඉශූව එළියට එක්ක යන්නද.."
    " හා පුතේ..පරිස්සමින් හරිද.."
  " හරි අම්මේ.."

දනු ඉශූව ලස්සන නිදහස් තැනකට එක්ක ගියා.ගිහින් එයාගෙ හිතේ තිබුන හැමදේම කිව්වා.ඔහොම එක දිගට ඒ දේම කලා.හැමදාම උදේට ඉශූව එක්කගෙන නිදහස් තැන්වලට යනවා.

ගිහින් තනියම කතා කර කර ඉන්නවා.ඉශූට ප්‍රතිචාර දක්වන්න බැරි උනාට එයාට දැනෙනවා ඒ දේවල්.

කොහොම හරි කවිශ්කගෙන් අනුශ්කාගෙයි වෙඩින් එක අද.ඉතිම් තමන්ගෙ නන්ගිගෙ වෙඩින් එකටවත් නොයා ධනුෂ්ක හිටියෙ ඉශානි එක්කමයි.අදත් වෙනදා වගේම ලස්සන පරිසරයකට ආවා.

  " දන්නවද ඉශූ අද මගෙ නන්ගිගෙ වෙඩින් එක..හරිනම් අද මම එතන ඉන්න ඕන..ඒත් ඔයා මෙහෙම ඉද්දි මට යන්න හිතෙන්නෙ නෑ..ඔයාව හොද කරගන්නමයි ඕන මට..

ඔයා තාම ආදරේ කවිශ්කට කියල මම දන්නව..ඒත් ඔයා එයාට ආදරේ කරනවටත් වැඩිය මම ඔයාට ආදරේ කරනවා..ප්ලීස් ඉශූ කතා කරන්නකො මැණික..ඇයි ඔයාට බැරි මට ආදරේ කරන්න..ඔයා හිතනව වගේ අනිත් ඇමති පුත්තු වගේ නෙවේ මන්.."

    දනූ බිම ම ඉදගෙන ඉශානිගෙ ඔඩොක්කුවෙන් ඔලුව  තියාගත්තා.දනුගෙ ඇස්වලින් කදුලුත් ආවා.කදුලු ගෑවුනේ ඉශානිගෙ අතේ.


ඇත්තටම මේක මාර ආශ්චර්යක්.ඉශූ හිමීට අත හෙල්ලුවා.ධනුෂ්ක ඒ ක්ශනිකව බැලුවෙ ඉශූගෙ ඇස් දිහා.එයා ඇස් පිල්ලම් ගහන්න පටන් ගත්තා.ආදරේට ඕනම දෙයක් කරන්න පුලුවන් කියනවනෙ.ඉතිම් ධනුෂ්කගෙ ආදරේ ඩොක්ටස්ලටත් කරන්න බැරි උන දේ කලා.


   " ධනූ.."
ඉශානි ධනුෂ්කගෙ ඔලුව අත ගෑවා.
   " දෙයියනේ ඔයාට සිහිය ආවද.."
  " ඔව්.. ඇයි මේ අඩන්නෙ.. කෝ නැගිටින්න.."
   " ධනුෂ්ක නැගිටලා ඉශානිවත් හිමීට නැගිට්ටෙව්වා.."
  " ධනූ අහන්නකො..


..................................
හී🤭අන්තිම කොටස් ටික යන්නෙ ඈ😒කෙටි කතාවක්නෙ🥹බනින්නනම් එපා ඉතිම්😒😫 









    " ධනූ අහන්නකො.."
  " ඕ කියන්න මැණික.."
    " කෝ අම්ම එහෙම අපේ.."
  " අහ් අද කවිශ්කගෙ වෙඩින් එක..එතන ඉන්නෙ හැමෝම.."
   " එයා බදිනවද.."
ලොකු දුකක් එක්ක ලොකු සතුටකුත් හිතට දැනුනා.


  " ඔව්.."
    " අපිත් යමුද එතෙන්ට..කෝ එන්නකො යමු මාත් එක්ක.."
  " ඒත් ඉශූ..ඔයාට දුක නැද්ද.."
    " ඇයි මන් දුක් වෙන්නෙ..එයාගෙ සතුට එතන නම් මම ඇයි දුක් වෙන්නෙ..එන්න අපි යමු.."
 දනූ ඉශානිවත් එක්කගෙන වෙඩින් එක තියෙන හොටෙල් එකට ගියා.


ඉශානි ඇවිදිනව දැක්ක ගමන් හැම කෙනෙක්ටම අදහා ගන්නවත් බැරි උනා.ඉශානිගෙ අම්මා ඉශානි ලගට ඇවිත් බදාගත්තා.

හැමෝම පුදුම වෙලා බලන් හිටියා.

   " මගෙ මැණික..සනීපයිද දැන්..මන් කොච්චර බලන් හිටියද මගෙ කෙල්ල සනීප වෙනකම්..අනේ පුතාට ගොඩක් පින් මගෙ කෙල්ලව සනීප කලාට.."
  " මන් කිව්වනෙ අම්මේ ආදරේටයි නිදහසටයි කරන්න බැරි දෙයක් නෑ කියලා.."

      ඉශානිට දැන් ටික ටික තේරෙනව එයා ධනූ ගැන හිතන් හිටපු විදිය වැරදියි කියල.එයාට ඇත්තටම ආදරේ කරන්නෙ දනූ කියලා දැන් එයා දන්නවා.

  " චූටි ඔයාට සනීපයි ද.." 
 " හ්ම් ඔව් ලොකු අයියා..මගෙන් උණුසුම් සුබ පැතුම්.."

  මොනවා උනත් කවිශ්කගෙ හිත දන්නවා නෙ එයා කලේ වැරැද්දක් කියලා.ඉතිම් එයා බිම බලා ගත්තා.

ඉශානිගෙ එකම පැතුම උනේ එයා ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක හරි සතුටින් ඉන්න එක.

ඔහොම ඉතිම් ඒ දවසත් ගෙවුනා.

පහුවදා ධනූ ඉශානිලාගෙ ගෙදර ආවෙ එයාව බලන්න.


  " ධනූ ඔයා උදෙන්ම ඇවිල්ල නෙ..එන්න ඇතුලට.."
   " ඔයාව බලන්න ආවෙ.."
දෙන්නත් එක්ක එලියෙ බෙන්ච් එකට වෙලා කතා කර කර හිටියා.


   " ඇත්තටම ඉශූ මන් ආයෙ ඔයාට වද දෙන්නෙ නෑ.මේ අන්තිම පාරට මන් ආයෙත් අහන්නම්.මට කැමති නැද්ද.."


    " අකමැත්තක් නෑ දනූ..මන් දැන් දන්නවා ඔයා මට ඇත්තටම ආදරේ කරන්නෙ කියල..ඒත් ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙයි..ලමයෙක්වත් හදන්න බැරි මගෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද.."
  " කටවහගන්න ඉශූ..මන් ආදරේ කලේ ඔයාට මිසක් වෙන දේවල් වලට නෙවේ..ලමයෙක් හදන්න බෑ කියන එකෙන් කියවෙන්නේ නෑ අපිට කවදාවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න බෑ කියලා..තේරුනාද..මට ඔයාගෙ උත්තරේ විතරක් කියන්නකො..ප්ලීස්.."
   " මන් කැමතියි.. ඒත් ඇමතිතුමා කේස් දායිනෙ.."
 " නෑ..එයාගෙ කැමැත්ත දීලා තියෙන්නෙ..කිසිම කෙනෙක් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..ඔයාගෙ කැමැත්ත විතරයි ඕන වෙලා තිබ්බෙ..අනිත් හැමෝම කැමතියි.."
   " ම්ම්.."
ඉශානිම දනූගෙ ලගට ගිහින් පපුවට තුරුල් උනා.


ඉතිම් ඔහොම ඒ ආදරේ පටන් අරන් අවුරුද්දක් ගෙවුනා.බැන්දට පස්සෙ එන ඉශානිගෙ පලවෙනි උපන්දිනය අද.ඉතිම් ධනුෂ්ක ලොකු සප්‍රයිස් එකක් දුන්නා එයාට.


ඉශානිගෙ උපන්දිනේ දවසෙ ලස්සන බේබි රූම් එකක් හදලා රෝස පාටින්ම හැමදේම සරසලා තොටිල්ලක චූටි පැටියෙක් තියලා.ඇත්තටම ඒ ආදරේ හරි පුදුමයි.


ඉශානි ඒක දැක්කට පස්සෙ පුදුම උනා.


  " අනේ බබෙක්..අනේ දනූ..කොහෙන්ද මෙයාව..එයා ශෝයි.."
ඉශානි බබාව වඩාගෙන හුරතල් කරන්න ගත්තා.


  " ළමා නිවාසෙක දාලා ගිහින් ඒ ලමයව..මම සල්ලි දීලා අරන් ආවා..හැම ඩොකියුමන්ට් එකක්ම හරි..ලමයගෙ අයිතිය දැන් අපිට තියෙන්නෙ..
   " ආදරෙයි දනූ ගොඩක්.."
ඉශානි ධනුෂ්කව බදාගෙන ඇඩුවා.


ඒ ලස්සන ආදර කතාවට ගලාගෙන යන්න ඉඩ දීලා මෙතනින් මම නවතිනවා...

...............................

*ඔන්න සුදූලා ඉවරයි කතාව🥺❤️හොදයිද 😫*
*එයාලට ආදරේ කරන්න ඉඩ දීලා මම පැත්තකට උනා🤭*

*මේක මගෙ යාලුවෙක්ගෙ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙතුණ කෙටි කතාවක්♥️*


ඉතින් මෙ කතාව ලස්සනයි නම් කමන්ට් එකක් දාගෙන ලයික් එකක් දාගෙන යන්න අමතක  කරන්න එපා. subscribe බටන් එකත් all  කරගෙන  තියාගන්නත් අමතක කරන්න එපා ලමයි❤️‍🩹 මොකද නැත්තම් අපි විඩියො එකක් දපු ගමන් ඔයාලට දැනගන්න විදියක් නැ. ඉතින් එහෙනම් ඔයලා හැමොටම සුබ දවසක්



Post a Comment

Previous Post Next Post