අහිමි පෙම, හමුවීමක නොසිතූ අවසානය සිංහල නවකතාව





අහිමි පෙම, හමුවීමක නොසිතූ අවසානය🔏🤍🧚🏽‍♀️*



❴ _༺මැජික් අකුරු වලට පණ දෙන පුංචි සුරංගනාවි..༻_ ❵



`කෙටි කතාවකි.`

> 𝒜𝓂𝒶𝓈𝒽𝒶 𝒮𝒶𝓉𝒽𝓈𝒶𝓇𝒶𝓃𝒾✍️


🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄


උදේම නැගිටලා මං ලැහැස්ති උනේ නම් කැම්පස් යන්න හිතාගෙන. දවස් දෙක්කට ගෙදර ආපු නිසා අද කැම්පස් යන්න උනේ ගෙදර ඉදන්මයි. උදෙන්ම යන්න ඕන නිසා පාන්දර 2ට විතර බස් එක්ක නැග්ගා. මොකද අද ටිකක් කලබල දවසක් උනේ කැම්පස් එකේ ශෝ එකක් නිසා. ඩාන්සින් අයිටම් කීපයකටම ඉන්න නිසා ලැහැස්ති වෙන්නත් එක්කම මම උදේම කැම්පස් එකට ගියා. කවදාවත් නැතුව යද්දි මගෙ හොදම යාලුවා පූර්වි ඇවිත් හිටියේ. 





   " ආ සුදු මැණික මොකො මේ උදේම ඇවිත් අද.."
    " මගෙ කෙලි පැංචිව ලැහැස්ති කරන්න එපැයි, ඒකයි ආවේ.."
     පූර්වි ඇඹරි ඇඹරි කියද්දි නම් මට හිනා ගියා. මේකි ලගට එන්නෙ නම් හොඳකට නෙවෙයි." විකාර.. අහකට පලයන්.."
   පූර්වි හිනාවේගෙනම මගෙ ඉනෙන් අල්ලන්න යද්දි මං පූර්විගෙ අතත් ගසාදාලා ගියෙ වොශ්රූම් එකට. දෙවනි අයිටම් එක විදිහට තිබුනෙ මගෙ නැටුම නිසාම ඉක්මනට ලැහැස්ති වෙන්න ගත්තෙ ශෝ එක 1ට පටන් ගන්න නිසා.







හැමෝම ආසාවෙන් බලන් හිටපු අවස්ථාව ආරම්භ වෙන්න තිබුනෙ තව විනාඩි පහක වගේ කාලයක්.ශෝ එක බලන්න ඇවිත් ඉන්න සෙනඟ දැක්කාම තරු පේනවා.


   " මේ මචං යමන්ද එක්කො රවුමක් දාන්නවත්.. හෙන බෝරින්ග් වෙයිද දන්නෑ මේක.."
    " මේ ඩාන්ස් එක විතරක් බලලා යමංකෝ.." 
    කියපු  රිශාන් ඉස්සරහා හැරුනේ දකුණු අතත් වැළමිට හරිය පුටු ඇන්දටත් ඇඟිලි තුඩු නිකට ලගටත් තියාගෙන. 






මගෙ නැටුම තමයි දැන් තියෙන්නෙ. ඉතින් නිවේදනේ දුන්න ගමන් මං ස්ටේජ් එකට ගියෙ ලොකු චකිතයක් හිතේ තියාගෙන.  මොකද ඉස්සර ඉදන්ම මම නටන්න පුළුවන් උනාට ස්ටේජ් වල නටන්න ටිකක් බයයි. පුරුදු නැති නිසා උනත් ලොකු හුස්මක් අරගෙන කිසිම චකිතයක් හිතේ නැති වෙන්න කියලා අම්මාව මතක් කරගත්තා. ඉස්සර ඉදන්ම හිතට චකිතයක් බයක් දැනුන වෙලාවට මං මතක් කරගත්තෙ මගෙ අම්මාව. ඇයි ද කියන්න දන්නෙ නැහැ හැබැයි එතකොට ඒ බය කොහෙන් ගියාද දන්නැ.





 ස්ටේජ් එකේ මැදට ගිහින් හිටගත්තෙ මුලු ඕඩියන්ස් එක දිහාම ඇස් යවන ගමන්. දෙයියනේ මෙච්චර සෙනඟක් ඉස්සරහා මම මේ නටන පළවෙනි පාර.  ලොකු හුස්මක් ගත්තෙ ට්‍රැක් එක ප්ලේ වෙද්දිමයි.

    මේ දවස්වල හුඟක් ජනප්‍රිය නාන විලේ කියන නෙළුම් කවියෙන් කරපු කවර් එකට තමයි මම නැටුවේ. මොකද ඉතින් මං හුඟක්ම කැමති සංස්කෘතික නැටුම් වලට නිසා. 

කිසිම බයක් හිතේ නැතුව මෙච්චර ලොකු වේදිකාවක මෙච්චර සෙනඟක් ඉස්සරහා මේ නටපු පළවෙනි පාර නිසාම මට හුඟක් ආඩම්බරයි මං ගැනම.




 

  " වෝව්.. ඒ ඩාන්ස් එක.."
    " මොකද කියන්නෙ දැන් යමන්ද රිශාන්.."
    ඒතන නෙවෙයි රිශාන්ට නම් සිහියක් තිබුනේ.

 " අඩො මචං රිශි.."
දෙනුවන් රිශාන්ගෙ පිටට තඩි බෑවට පස්සෙ තමා රිශාන් ගැස්සිලා ඒ පැත්ත බැලුවෙ.

    " මොකද උබ මෙ ගල් ගැහිලා වගේ.. යන්නෙ නැද්ද."

   " පිස්සුද බන් යන්න බැ දැන්.. මෙන්න මේක බලමු.. බෝරින්ග් නෑනෙ ඕයි.."
   ඉස්සල්ලාට වඩා අමුතු උද්‍යෝගයකින් කතා කරපු රිශීගේ අමුතු වෙනසක් දෙනුවන් නම් දැක්කා.






    " ඒ ඉතින් ප්‍රතිභා අක්කාගෙ අයිටම් නෙ, ඒවා කොහොමත් බෝරින්ග් නෑ.."
   " අඩෙ උබ එයාව දන්නවද, අඩො කවුද බන් ඒ.."
     " යකෝ කැම්පස් එකෙ හැමෝම වගේ දන්නවා එයාව, උබ දන්නෙ නැද්ද.."
    " හරි හරි උබ දන්නවනෙ ඉතින් මං වැඩිය කා ගැනවත් හොයන්න යන්නෙ නැ කියලා.. කියපන්කො ඉතින් කවුද ඒ.."
     රිශාන්ට දැන් නම් ඉවසිල්ලක් නැති පාටයි.



     

    " සීනියර් අක්කා කෙනෙක්.. තර්ඩ් ඉයර් බැජ් එකේ ඉන්නෙ.. එයා හැමදේකටම වගේ දක්ෂ නිසා කැම්පස් එකෙ හුඟක් අය අඳුරනවා එයාව.. ප්‍රතිභා  
විදේෂනි රූපසිංහ.."
   
    " අඩෝ ඒ නම මට හොඳට අහලා පුරුදුයි නෙ.. ඒත් කොහෙදිද.."
    " අහලා නැති උනොත් තමා පුදුමේ.. හරි හරි දැන් ඇයි උබ එයා ගැන හොයන්නෙ.. හිතක්වත් පහල උනාද අපෙ ගනන් කාරයාට.."
    " අනේ මේ, වරෙන් කො යන්න.."
     රිශාන් නැගිට්ටේ එළියට යන්න හිතාගෙන.




ශෝ එක ඉවර වෙලා බෝඩිමට යන්න ලෑස්ති වෙද්දි නම් ටිකක් රෑ උනා. මොකද ඒක පබ්ලික් ශෝ එකක් නේ.


    " පූරි.. දැන් නම් හොඳටම මහන්සි බන්.. 11ටත් කිට්ටුයි තාම බස් එකක් නැනෙ.."
    බස් හෝල්ට් එකට වෙලා අපි මේ ඉන්නෙ දැන් විනාඩි විස්සක් විතර අප්පා. ඇඟ තලා දාලා වගේ. මට නම් දැන් ඕන ඇඟපත සෝදගෙන හොදට නිදාගන්න එක විතරමයි. ඒත් කරුමෙට බස් එකක් නැනේ අප්පා. 







බස් නැතුව තවත් විනාඩි පහක් ගෙවිලා යද්දි අපි ඉස්සරහා නතර කලේ කාර් එකක්. කවුද කියලා දන්නෙ නෑ, ඉස්සරහා පැසෙන්ජර් සීට් එකෙ හිටිය කෙනෙක් ජනෙලෙ ඇරලා කතා කරද්දි තමා දැක්කෙ කවුද කියලා.


    " ප්‍රතිභා අක්කේ.."
   " අහ් මේ අපෙ දෙනුවන් මල්ලිනෙ.. මං බය උනා කවුද කියලා.. කොහෙද මේ යන්නෙ.."




    " බස් නැද්ද.."
   " නැනෙ මල්ලි, දැන් විනාඩි විසි පහක් විතර වෙනවා මෙතෙන්ට වෙලා හිටගෙන.. දැන් නම් මහන්සි අනෙ.."
     දෙනුවන් ඇවිත් හිටියේ රිශාන්ගෙ කාර් එකේ. ඩ්‍රයිවින් ශීට් එකට වෙලා දෙන්නාගෙ සංවාදේ දිහා බලන් හිටිය රිශාන් දෙනුවන්ට ඇස් වලින් ඉඟි කලේ 'නඟින්න කියන්න' කියන බැල්මකින්. 


   " අක්කා නගින්න අපි ගිහින් දාන්නම්, අපි යන්නෙත් ඒ පැත්තට.."
    " අනෙ ඔයාලට කරදරයක් නැද්ද.."
   " පිස්සුද අක්කෙ, ඕක මොකක්ද අනේ.. නගින්න.." 






    මේ වගෙ වෙලාවක මේ උදව්ව නම් හුඟක් වටින නිසා මාත් ඉතින් පූර්වි එක්කම කාර් එකට නැග්ගා. 

ටික දුරක් යනකල් කිසිම කෙනෙක්ගෙ මීක් සද්දයක්වත් නැති කොට ඒ නිශ්ෂබ්දතාවය බිඳුනේ දෙනුවන් මල්ලිගෙ හඬ අවදි වෙද්දි.


  " ඒක නෙවෙයි අක්කෙ මේ, නිකමට අහන්නෙ අක්කාට කොල්ලෙක් එහෙම නැද්ද.."
    දෙනුවන් මල්ලිගෙ ප්‍රශ්නෙට නම් මං උත්තර දෙන්නත් කලින්ම හිනා ගියේ පූර්විට. හිනා උනාමත් නෙවෙයි ඒ හිනාව ඉබේම කටින් පැන්නා කිව්වොත් හරි. 





" මොකො පූර්වි අක්කා හිනා වෙන්නෙ.."

   " නෑ මේ උඹට කියන්න මල්ලි මේ ගොං ගෑනි කොල්ලෙක් එක්ක යාළුවෙනවා තියා කොල්ලෙක් දිහා බලන්නෙවත් නැති කොට මේකිට මොන ලව්ද.."
   " සිරාවට.. ඒ මොකද ඒ."
   " අනේ මන්දා මේකිට නම් මිනිහො ඇලජික්ද කොහෙද.. එකෙක්වත් ගනන් ගන්නෑ.."
     ඒ පාර නම් හිනාවෙන් පිරිලා තිබුන රිශාන්ගෙ මූණ අවුල් යද්දි රිශාන් මං දිහා බැලුවෙ ඉස්සරහා කන්නාඩියෙන්. ඒත් ඒක මම දැක්කෙ නම් නෑ. මං අඩුම එයාගෙ නමක් ගමක් තියා මූණවත් දැකලා නෑ තාම හරියට. 




   " එහෙනම් අපෙ රිශා වගෙ.." 
    කියලා දෙනුවන් ඇහෙන් පෙන්නුවෙ රිශාන්ව. ඒ වෙලාවෙ තමයි මං එයාගෙ මූණ දිහා ඕනැකමින් බැලුවේ.


   " මූටත් කෙල්ලො ඇලජික්.. කොච්චර පස්සෙන් ආවාත් ගනන් ගන්නැ උන්ව.. කොච්චර නම් කෙල්ලො පස්සෙන් එනවද මුගෙ, මූට පින නෑ.. අපෙ පස්සෙන් අඩුම පාරෙ යන බල්ලෙක්වත් එන්නෑ ඉතින් කොහෙද.."
     ඒ වෙලාවේ රිශාන් රැව්වේ දෙනුවන්ව අලුවෙලා යන බැල්මකින්. 




කතාවෙන් කතාව බෝඩිම් එක ලගටම ආපු නිසා දෙන්නත් එක්ක බැහැලා දෙනුවන් මල්ලිට එහෙම සමුදෙන්න මං ෂටර් එක ලගට ගිහින් එබුනෙ දෙනුවන් මල්ලිට ස්තූති කරන ගමන්. ඊට පස්සෙ ඕනෑකමින්ම කෙලින්ම බැලුවේ රිශාන් දිහා. කිසිම හේතුවක් නැහැ නමුත් මට බලන්න හිතුන නිසා මං බැලුවේ, අනේ මංදා.. ඒ ඇස්.. බළල් ඇස් කොල්ලෙක්ට හිමිවෙන්නෙ කලාතුරකින් නෙ. එයාට තිබ්බෙත් දුඹුරු පාට බළල් ඇස් දෙකක්.




 ඊටත් කොන්ඩේ බෙල්ල හරියට වවලා තියෙද්දි එයා කොන්ඩෙට දාගෙන හිටියෙ හාෆ් ටේල් එකක්. කළු පාට හීනි දගර බෑන්ඩ් එක දැම්මාම ඒ ලස්සන තවත් වැඩි උනා. කිරිඟරුඩෙන් නෙළපු පිළිමයක් වගේ.  එකිනෙකාට ඇස් ගැටෙද්දි ඒ තප්පර කිහිපය ඇතුළත මට හිතුනෙ එයාගෙ ලස්සන ගැන. 




ලාවට ඇස් පිල්ලමක් ගහලා ලස්සනට හිනා වෙලා මම කිව්වෙ, 
     " තැන්ක් යූ සෝ මච් ඔයාටත්.. ආයෙත් හම්බෙමු.."
   කියලා මං කටපුරා හිනා උනේ එයා කරපු මේ උදව්වට මට මේ වෙලාවෙ එයාට සංග්‍රහ කරන්න දෙයක් නැති නිසා. ඒත් එයාට මං ආයෙත් හම්බෙමු කිව්වෙ ඇයි..? මට ඒක කියවුනත් පස්සෙ මටත් හිතාගන්න බැ ඇයි එහෙම කිව්වෙ කියලා.
   " ගිහින් එන්නම්.."
කියලා එයා හරි ලස්සන හිනාවක් පෑවේ අතින් බායි කියන ගමන් උනත් මං බලන් හිටියෙ හිනා වෙද්දි වල ගැහෙන ඒ කම්මුල් දිහා. දෙයියනේ එයා ඩිම්පල් බෝයි කෙනෙක්. 




බොඩිම් එකට ගිහින් වොශ් එකක් දාගෙන කුස්සියට ගියේ කැම්පස් එකේ වැඩත් එක්ක බිසී උන නිසා කන්න වෙලාවක් තිබ්බෙ නැනෙ, ඉතින් දැන් නම් බඩගිනි. ඒත් මේක උය උය කන්න වෙලාවක්  නෙවෙයි නිසා පෙති පාන්  පෙති කිහිපියකට බටර් ගාලා ෆ්‍රිජ් එකෙන් චොකලට් කිරි පැකට් දෙක්කුත් අරගෙන රූම් එකට ගියේ පූර්වි එක්කම කන්න හිතාගෙන. පූර්වි හෝදගෙන එනකල් මං ෆෝන් එක අතට ගත්තෙ මැසේජ් හුඟක් ඇවිත් තිබුන නිසා. ඒත් එක්කම බෝඩිමේ ඇන්ටි කාමරේට ආවේ ප්‍රභා දුව කියාගෙන..





    " ඕ ඇන්ටියෝ කියන්න.."
   " මෙන්න ඔයාට තෑග්ගක් ඇවිත්.."
    කියමින් ආන්ටි ලියුම් කවරයක් එක්ක පාර්සල් එකක් දිග් කලා.

මොකක්ද කියලා බලන්න හැදුවා විතරයි,
     " අඩෝ බඩගිනි.. කාලා ඉමුද.."
   කියාගෙන පූර්වි ආවේ කොන්ඩෙත් පිහිද පිහිද.


පස්සෙම බලන්නම් කියලා ලියුම් කවරෙත් එක්කම පාර්සල් එක පොත් මේසෙ ලාච්චුවට දාලා මං ගියේ පූර්වි ලගට. 


මහන්සියටම කාපුගමන් ඇඳට පැනලා නිදා ගත්තෙ උදේම කැම්පස් යන්න ඕන නිසා. 



♡        ♡        ♡        ♡        ♡

උදේ පාන්දර කැම්පස් යන්නත් කලින්ම රිශාන් දෙනුවන්ට කෝල් එකක් ගත්තෙ හදිස්සියේම.

    " හෙලෝ මචං.."
   " කියපන් රිශා මොකො මේ හදිස්සියෙ.."
   " උබ ලෑස්තිද.."
    " නෑ බන් දැන් නැගිට්ටේ.."
    නිදිමැළි කඩමින් දෙනුවන් උත්තර දුන්නෙ ලොකු ඈනුමකුත් යද්දි.

    " අඩෝ පුළුවන් නම් කලින් වරෙන්කො, මට උබට දෙයක් කියන්න තියෙනවා.."
   " මොකක්ද ඒ.. මේ හදිස්සියෙ.."
   " ඔව් ඔව් හදිස්සියේ තමා වරෙන්කො.."
   " හරි ඉදපන්.."






කියමින් දෙනුවන් ඇමතුම තිබ්බේ රැක් එකෙන් තුවායත් අරගන්න ගමන්. 
වෙනදා 8ටත් පහුවෙලා කැම්පස් එකට එන ජෝඩුව අද 7 30 වෙද්දි කැම්පස් එකේ.

   " මොකක්ද කියන්න තියෙනවා කිව්වේ.."
   " මේ.."
රිශාන් දෙනුවන්ගෙ පැත්තට දික් කලේ පොතක්. පෙනුමින් නම් නවල් එකක් වගේ.

   " ඇයි ඉතින්.. මේක නවල් එකක්නෙ.."
   " ඔව් නවල් එකක් තමයි.. නම බලපන්.."
   දෙනුවන් ඕනැකමින්ම බැලුවේ පොතේ පිටකවරේ දිහා.








   " අඩෝ මේක.."
   " මං උබට කිව්වේ මෙ නම අහලා පුරුදුයි කියලා, ඒ නිසා තමා. මෙයාගෙ පොත් හුඟක් කියවනවා මං, උබ දන්නවනෙ ඒක.. මතකද මං දවසක් කිව්වා මෙච්චර ලස්සනට දැනෙන්න ලියන්න බෑ කාටවත් කියලා.. මං නිකමට ඊයෙ කම්මැලි නිසා මේ පොත කියවන්න ගද්දි දැක්කේ.."
   " අඩේ ඒ කියන්නෙ ප්‍රතිභා අක්කා ලේඛිකාවක්ද.. අඩෝ මරුනෙ බන්.."
    රිශාන් ඔව් කියන්න හිස වැනුවේ මගෙ පොත දිහා බලන් හරි පරිස්සමට පිටකවරේ පිරිමදින ගමන්. හරියට කවරෙට රිදෙයි වගේ. 








තාරුණ්‍යයේ මේ දවස් වල ප්‍රසිද්ධම ලේඛිකාවක් උනත් කවුරුත් මාව දැකලා නෑ කැම්පස් එකේ අය ඇරුනු කොට. 


ඔහොම ඉතින් දින සති ගෙවුනේ අපෙ තර්ඩ් ඉයර් එකෙත් අවසාන කාලේ ලං වෙද්දි.  මේ මාස දෙක පුරාවට මං රිශාන් මල්ලි එක්ක හුඟක් ෆිට් උනා. හැමවෙලේම හම්බෙන්න බැරි උනත් එයා පුළුවන් හැමවෙලේම දුවගෙන ආවේ අපෙ ෆැකල්ටි එක ලගට. මොකද එයා මෙඩිකල් ෆැකල්ටි එකේ, මම අපරාද විද්‍යා ෆැකල්ටි එකේ. 









   " ප්‍රභා.."
රිශාන් ආවේ බෙන්ච් එකට වෙලා පොතක් ලියමින් හිටපු මගෙ ලගට.


   " මේක හරි වැඩක් උනානේ, යකූ අක්කා කියපිය.. මං වැඩිමල් හොදේ.."
    මං කිව්වෙ බොරු තරහක් මූණට අරගෙන.

    " මට බෑ.. අවුරුද්දයිනෙ.. වයස කියන්නෙ ඉලක්කමක් විතරයි.."
   තියන මුරන්ඩුකමට රිශාන් ගස්සගෙනම ඉදගත්තෙ මට එහා පැත්තෙන්.

   " ඒ උනාට කමක් නෑ අක්කා කියනවා.."
    මං ඉතින් විහිලුවට එහෙම කියන්නෙ එයාව අවුස්සන්න හිතාගෙන. 

    " මට බැ බැ බෑමයි.. බෑ කිව්වොත් බෑම තමා.."








   " රිශි, ඔලුව හිල්වෙන්නම ටොක්කක් අනිනවා හොදේ මුරණ්ඩු උනොත්.."
    මං බොරුවට රවලා එහෙම කියද්දි රිශාන් මූණත් ඇඹුල් කරගෙන මටත් පුප්පලා අහක බලාගත්තා." මේ ඒක නෙවෙයි.. ඔයා ආදරේ ගැන මොකද හිතන්නෙ.."
    තරහින් මූණ එල්ලගෙන ඉන්න රිශාන්ගේ අතකින් අල්ලගෙන මං අහද්දි එයා ගැස්සිලා බැලුවේ මං අල්ලගත්තු අත දිහා.

   " ආ.. ම් මොකක්ද.."
අත දිහාම බලාගෙන අහද්දි මට මිටර් උනේ අත අල්ලගෙන ඉන්නෙ කියලා. 

  " ඔහ් සොරි.."
  කියමින් මං අත අහකට ගත්තා. කොල්ලාට දාඩියකුත් දාලා අනේ පව්. 












   " කියන්නකො ඉතින් ආදරේ ගැන මොකද හිතෙන්නෙ.."
    " මට නම් හිතෙන විදිහට ආදරේ කියන්නෙ තමන්ට දැනෙන තැන නතර වෙන එක.. මං හිතන්නෑ ආදරේට සල්ලිවත්, වයසවත්, ලිංග භේදයක්වත් බලපානවා කියලා.. අනික අයිති වෙන්නම ඕන නෑ ආදරේ කරන්න..  අවංකව ආදරෙයි නම් ජීවිත කාලෙම උනත් එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.."
    ඔව් එකතු වෙන්න බැරි උනත් ජීවත් වෙලා ඉන්නකල් ආදරේ කරන්නම්. මං හිතින් හිතුවෙ එහෙම. 


 ඒකට හොදම උදාහරණෙ මම. වැල්වටාරම් ඕන නෑ, මං එයාට ආදරෙයි. 








ආදරෙද මොකක්ද කියන්න දන්නෙ නැහැ හැබැයි හැඟීමක් දැනෙනවා කියලා කියන අය අතරේ මං කියන්නෙ මං එයාට ආදරෙයි කියලා. හැබැයි මූණට කියන්න තරම් මට හයියක් නැහැ, මොකද එයාගෙ ඔලුවට විකාර දාලා ඉගනීම කඩාකප්පල් කරන්න ඔන නැහැ මට. 

මට ඒක කියන්න දවසක් ආවොත් එදාට මං මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල වෙයි.

ඒ ඇස් එකිනෙකට ගැටුන දවසේ ඉදලා මං හිතුවේම ඔයා ගැන රිශි. ඔයාට නොතේරුනාට මේ හිත හුඟක් ඔයාට ආදරෙයි. ඒ ඇස් දිහාම බලාගෙන මං කිව්වේ හිතින් මටමයි.








  " හ්ම්..රිශීගෙ හිත ගිය සුරංගනාවියක් නැද්ද.."
    රිශාන් ටික වෙලාවක් බලන් හිටියෙ මගෙ මූණ දිහා.

   " ඉන්නවා.."
  " වාව් කවුද ඒ වාසනාවන්ත කෙල්ල.."
හිත යට කොච්චර ලොකු ගින්දරක් ඇවිලුනත් ඒ කවුරු වෙන්න ඇද්ද කියලා, ඉවසීමෙන් පිටට නොපෙන්නුවේ මං ලග නැතත් වෙන කෙනෙක් ලග සතුටින් ඉදී කියලා හිතලා.

   " කෙල්ලෙක් ඉතින්.. පස්සෙ කියන්නම්කො.."
   " අනෙ දැන්.."
   " මේ.. කොහොමද ඒක කියන්නෙ.."
   " නම කියන්න ඉතින්.."
   " ම්ම් මේ.."
ඒත් එයා කියන්න යද්දිම පූර්වි එතෙන්ට දුවගෙන ආවේ ත් ඒ වෙලාවෙමයි.








   " රිශා මල්ලි.. අන්න ඔයාව දෙනුවන් මල්ලි හැමතැනම හොයනවා.."
    "ඒ මොකද.."
   " දන්නෙ නෑ.. ගිහින් බලන්න.."
   මගෙ දිහා හැඟීම් විරහිත බැල්මකින් බලපු රිශාන් අඩියෙන් දෙකෙන් දුවන් ගියේ දෙනුවන්ව හොයාගෙන.


නොදැනිම රෑ උනා. මං බෝඩිමේ මගෙ පොත් මේසෙ ලඟ ඉදගත්තෙ එසයින්මන්ට් එක්ක වැඩක් කරන්න.. ඒ වෙලාවෙ තමා මට මතක් උනේ මීට මාස දෙක්කට කලින් මට පාර්සල් එකක් ආවා නේද කියලා.

මේසේ යටම ලාච්චුව ඇරලා තෑග්ග හෙව්වත් ඒක එතන තිබුනෙ නැහැ.








   " පුරියෝ.. මේ ලාච්චුවේ තිබ්බ ගිෆ්ට් එක දැක්කාද.."
   " ආ ඒක මං අරන් තිබ්බා අල්මාරියෙන්.. උඩම ලාච්චුවේ ඇති.."
     ලියුම් කවරෙත් එක්කම තෑග්ග අරන් ආවේ මම ඇද උඩට.
  
    ලියුමට කලින් ඉස්සෙල්ලාම බැලුවෙ මං රැපින් කරලා තිබුන තෑග්ග මොකක්ද කියලා.


 ඒක නවල් එකක් දෙයියනෙ. ඒත් මට නවල් එවන්නෙ කවුද..? මට හිතුනේ එහෙම. 

*අහිමි පෙම* තමයි ඒ පොතේ නම. මුල් පිටුවෙ ලියලා තිබුන දේ දැකලා මට හිතාගන්නවත් බැරි උනා මේ කවුද කියන එක නම්. 






 *my princess, thank you so much my happiness.♡*
    ඒ දේ දැකලා හිතාගන්න බැරි තැන මම අතට ගත්තෙ අර ලියුම් කවරේ. මං කියවන්න ගත්තා ඒක.


*මගෙ ආදරණීය සුරංගනාවි වෙත,*
`2023.08.05`






      *හායි මගෙ ප්‍රින්සස්.. මුලින්ම කියන්නම් මං කවුද කියලා..? මං ඔයාගෙ ලොකුම ලොකු රසිකයෙක්. `2021.03.02` ඔයාගෙ පළවෙනි පොත නිකුත් වෙද්දි ඊට සතියකට පස්සෙ මට අහම්බෙන් ඒ පොත ලැබුනා. කියවනවද නැද්ද කියලා හිත හිත ඉදලා නිකමට පලවෙනි ඡේදේ කියෙව්වෙ. ඒත් ඊට පස්සෙ මට නොකියවාම බැරි උනා. ඒ තරම් ඒ වචන හිතට දැනෙනවා. කොහොමද ඔච්චර ලස්සනට අකුරු ගලපන්න ඉගෙන ගත්තේ. ඇත්තටම ඒ නිකන්ම නිකන් අකුරු නෙවෙයි. මැජික් අකුරු. කෙනෙක්ගෙ හිතකට කතාවක් එච්චර ඉක්මනින් කාවද්දන්න තරම් ඔයා මායාකාරියක්.*







        *අවුරුදු පහක් තිස්සෙ ඔයාගෙ හැම පොතක්ම මම කියවනවා. මූණක්වත් නොදැක අදටත් හිතින් ආදරේ කරනවා. ඒ පුංචි මායාකාරිට මං හුඟක් ඇබ්බැහි වෙලා. ඒ වචන නැතුවම බැරි වෙලා.* 
        *ඇත්තටම හුඟක් ස්තූති පුංචි සුරංගනාවි ඔයාට අපෙ හිත් සනසනවට. ඇත්තටම ඔයාගෙ පොත් නම් බෙහෙතක්. ඔයා එක්ක එකම එක වචනයක් කතා කරන්න තිබ්බා නම් මට ජීවිත කාලෙටම ඇති.*


07634*****
*මේ තියෙන්නෙ මගෙ නම්බර් එක. ඔයා කැමති නම් මට කෝල් එකක් ගන්න.*

 
         *ඔයාට හිතින් ආදරේ කරන මං,*
           `කවීෂ..`








දෙයියනේ මෙච්චර කාලයක් නොදැක මං වෙනුවෙන් බලන් ඉන්න කෙනෙකුත් ඉන්නවද.
මෙච්චර කල් බලන් ඉදල මගෙන් උත්තරයක් නැති උනොත් දුක හිතෙයි කියලම මම එයාට කෝල් එකක් ගත්තා. 


   " හෙලෝ.."
    " කියන්න කවුද මේ.."
   " මං ප්‍රතිභා විදේෂනි රූපසිංහ.."
    " දෙයියනේ සුරංගනාවි ඔයා.. මං හිතුවෙ නෑ ඇත්තටම ඔයා කතා කරයි කියලා.."
    " තැන්ක් යූ එවලා තිබුන ගිෆ්ට් එකට.."
     " ඒක පුංචි තෑග්ගක්.."
    ටික වෙලාවක් ඔහොම කතා කරලා මං කෝල් එක කට් කලේ පස්සෙ කතා කරමු කියලා.









ඉතින් ඔහොම දින සති මාස ගෙවෙද්දි කවීෂ අයියාත් එක්කත් මං හුඟක් ෆිට් උනා. නමුත් ඒක ආදරයක් නෙවෙයි. සහෝදර බැඳීමක් වගේ. සහෝදරයෝ නැති මට සහෝදරයෙක් උනේ එයා. එයා මට ඊටත් එහා ආදරේ කලත් මං එයාට රිශාන් මල්ලි ගැන හැමදේම කියලා තිබුනේ. එදා ඉදන් එයා මට උදව් කලා ඒ ආදරේට. හිතේ තියන් ඉන්න එපා කියලා කිව්වත් මට ඒ ලමයාව අවුල් කරන්න බැරි තාම ඉගෙන ගන්න නිසා. හදිස්සියෙ හරි අකමැති උනොත්, අනික එයාට හිතේ කෙනෙක් ඉන්නවා කිව්වනේ.


දන්නෙම නැතුව ඉතින් විශ්ව විද්‍යාල ගමනේ අවසාන දවසත් උදා උනා. 









ඒත් ඇයිද කියන්න දන්නෙ නෑ රිශාන් ඒ දවසේ හුඟක් අවුල් වෙලා හිටියේ. මං එයාට කතා කරන්න හිතාගෙන එයාව හොයාගෙන යද්දි දැක්කෙ පූර්වි රිශාන්ගෙ කම්මුලක් අතගාලා මොනා හරි කියලා යන්න හැරෙනවා.

මාව දැකපු පූර්වි මට හිනා වෙලා කිව්වෙ අර පැත්තට ගිහින් එන්නම් කියලා. මං ගියේ රිශාන් ගාවට. මොකද ළමයා මේ මූඩ් අවුල් ගහලා.."
    " එහෙම එකක් නෑ.."
  " නැති වෙන්න බෑ.. කියන්න මොකද උනේ, ක්‍රශ් එකවත් තරහා උනාද.."
    " නෑ එහෙම නෑ අක්කා.. මං හොදින්.. අක්කාට අදින් පස්සෙ අපිව අමතක වෙයි නේද.."








     පපුවට පිහියෙන් අනිනවා වගේ ඒ වචන ඇහෙද්දි මට දැනුනේ. අද වෙනකල් ඒ කටින් මට අක්කා කියලා නෑ. මං කැමති උනෙත් නැහැ අක්කා කියනවට. මොකද මං එයාට මගෙ පණටත් වඩා ආදරේ කරන නිසා. ඒත් එයාගෙ  හිතේ මං ගැන තියෙන්නෙ සහෝදර ප්‍රේමයක් කියලා දැන් මට තේරෙනවා.


ඔයාව අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න වෙයි ළමයෝ, මං හිතුවෙ එහෙම උනත් මට කියාගන්න ශක්තියක් නෑ. 







    " අනේ නෑ, එහෙම වෙන එකක් නෑ.. හොඳින් ස්ටඩීස් කරගන්න.. දවසක ලොකු ඩොක්ටර් කෙනෙක් වෙලා අසරණ හැමෝටම උදව් කරන්න.."
     කියලා රිශාන්ගෙ ඔලුව අතගාලා මම ගියේ බෝඩිමට. 


කොච්චර ලොකු දුකක් තිබ්බත් මම ඒක පිට කලේ නැත්තේ පූර්වි හිටිය නිසා.







♡     ♡     ♡     ♡     ♡    ♡    ♡
*අවුරුදු පහළොවකට පසු..♡*



 දැන් සතියක් වෙනවා මං ඕසී වල ඉදලා ඇවිත්. අවුරුදු 15කට පස්සෙ ලංකාවට අඩිය තියද්දි දැනුනෙ ඉස්සර දැනුන හැඟීමමයි. පොලිස් ස්ටේශන් එකට ගියේ අලුත් පත්වීමත් අරගෙන. කොළඹ ප්‍රදේශයේ DIG පත්වීමත් අරන් ගියේ පලවෙනි දවසෙම නඩුවක් සෙට් වෙද්දි.

    " මැඩම්.. කේස් එකක්.."
    " පැමිණිල්ලක් දාන්න ඇවිත් තියෙන්නේ.. දරුවා නැතිවීම සම්බන්ධයෙන්.."
   " එන්න කියන්න.."
     " හරි මැඩම්.."
සාජන් මට සැලූට් කරලා ගියා.








ෆෝන් එක දිහා බලන් හිටිය මම ඇතුළට ආපු කෙනා දිහා බැලුවේ කවුද මගෙ අලුත් පත්වීමෙ පළවෙනි පැමිණිලිකාරයා කියලා.

නෑ දෙයියනේ නෑ මේක හීනයක්. ඒ ඇස්, ඒ මූණ.. අනේ කෝ ඒ කොන්ඩේ.. රිශාන්.. ඔව් ඒ රිශාන්ම තමා. මගෙ රිශාන්.. අයිතියක් නැති උනත් අදටත් මගෙ හිතේ ඉන්න මගෙ රිශාන්.

 ඉදගෙන හිටිය තැනින් මට නැගිටුනේ ඉඹේටමයි.

   " ඔ..ඔයා.. රි..ශාන්.."
මට වචනත් පැටලුනා.

   " ප්‍රතිභා.."
රිශාන් ගෙ ඇස් ලොකු වෙද්දි එයාට මතක් උනේ එයා නම කියලා නේද කතා කලේ කියලා.







   " සො..රි අක්කෙ.."
   " ඉදගන්න.."
දරුවා නැති උන කේස් එකක් නම් එයාගෙ දරුවද..?

අනේ ඒ කියන්නෙ ඔයා බැදලාද.. ඔව් ඉතින් අවුරුදු 15ක්ම ගෙවිලා ගිහිල්ලත් එයා නොබැද ඉන්නෙ නැනෙ.

    " ඉතින් රිශාන්.. මොකක්ද කාරණාව.."
     " මගෙ දුව අද උදේ ඉදලා නෑ.. උදේ අට ට විතර ක්ලාස් යනවා කියලා ගියේ.. දැන් 6ත් පහුවෙලා.."
     රිශාන් කිව්වෙ දුක්මුසු හඬකින්.

පැමිණිල්ල ලියන්න යද්දිම සාජන් පතිරත්න ආවේ,
    " මැඩම් දරුවෙක් අතරමං වෙලා එක්ක ඇවිත්.."
     කියමින්.








ඒත් එක්ක පොලිස් කාන්තාවක් දරුවාව එක්ක එද්දි රිශාන් හැරිලා බැලුවත් වගේම නැගිටලා දිව්වේ ඒ ලමයා ගාවට.


     " මගෙ දෝනි, දෙයියනේ කොහෙද මේ ගියේ.."
    " අප්පච්චි.. අනේ අප්පච්චි මට පාර අමතක උනා.. යාලුවෙක් මාව එයාලගෙ ගෙදර යමු කියල එක්ක ගියා, ඒත් මං එන්න දන්නෙන්නෑ එහෙ ඉදන්.. එයා මාව මගට දාලා ගියා.."
     රිශාන් දෝණිව බදාගෙන ඔලුව අතගෑවෙ නොසන්සුන්ව.

හම්බුන නිසා පැමිණිල්ල දාන්න ඔන නෑනෙ. ඉතින් මං යන්න හැදුවෙ ගෙදර. 








ඒත් රිශාන්ට මාත් එක්ක කතා කරන්න ඕන කියපු නිසා මම ගියේ එයත් එක්කම එයාගෙ කාර් එකෙ. දෝනිව ගෙදර ඇරලවලා දෙන්නත් එක්ක ලග තිබුන පාක් එකට ගියා.


     " ඇයි රිශාන්.."
   " නිකන්.. කතා කරන්න ඕන කියලා හිතුනා.. දැන් ඉතින් හස්බන්ඩ් එහෙම හොඳින්ද.."
     " මොන.."
    " ඔයාගෙ හස්බන්ඩ්.."
  " ම්..මගෙ.. මං බැදලා නෑ.."
   මං එහෙම කියද්දි නම් රිශාන් ගෙ ඇස් උඩ ගියේ පුදුමෙන්.







    "මොකක්.. එතකොට අර ඔයාගෙ ෆෑන් බෝයි.. එයාට මොකද උනේ.."
     දෙයියනේ එයා ගැන රිශාන් දන්නෙ කොහොමද.. ඒක දැනන් හිටියේ මමයි පූර්වියි විතරයිනෙ. සමහර විට පූර්වි කියන්න ඇති. 

   " එයා මගෙ කවුරුත් නෙවෙයි. සහෝදරයෙක් විදිහට ආශ්‍රය කලේ.. අනික එයා දැන් බැදලා ඉන්නේ.. ඒත් ඒක ඔයා කොහොමද දන්නෙ.."
      "පූර්වි අක්කා කිව්වේ.. "
     " අහ් එහෙමද.. කෝ දැන් එයා.. කාලෙකින් දැක්කෙ නෑ.."
   " ඒත් එයා කිව්වේ ඔය දෙන්නා ආදරේ කරනවා කියලානෙ.. ඔයා ඒ අයියාට පණ ඇරලා ආදරෙයි කිව්වා.."
    " මොකක්.."
මොකක්ද මේ හරුපේ තේරුම. පූර්වි ඇයි එච්චර ලොකු බොරුවක් කිව්වේ.









   "හ්ම් ඔව්.. මතකද ඔයාලාගෙ කැම්පස් එකෙ අන්තිම දවස, ඔයා මගෙන් ඇහුවා මතකද අවුලෙන් ඉන්නෙ ඇයි කියලා.. අන්න ඒ වෙලේ තමයි පූර්වි අක්කා ඕක මට කියලා ගියේ.." 
    " නෑ දෙයියනේ.. ඒක අමූලික බොරු.. දැන් ඉතින් උන දේ උනානේ.. කොයි ඉතින් පූර්වි,.. දෙන්නා මැරි කරලා නෙද ඉන්නෙ.."
     " නෑ.."
    " ඈ.. ඒත් කැම්පස් කාලේ යාලුවෙලා හිටියනෙ.."
   "මොකක්.. පිස්සු හැදීගෙන එනවද.."
     " ඇයි.. එයා මට කිව්වා.."
   " මොනවද කිව්වේ.."
රිශාන් ඇහුවෙ නළලත් රැලි කරන්.









    " ඔයා එයාට කැමති කිව්වාලු.. එයා ඔයාට ආදරෙයි කියලත් කිව්වා.. ඔයා එයා ගැන හිතේ තියන්ලු හිටියේ කාලයක් තිස්සෙ ඉදන්ම.. ඔයා එදා අන්තිම දවසෙ දුකින් හිටියේ එයා කැම්පස් එකෙන් යන නිසා කිව්වා.."
    " මොකක්.. එච්චර බොරුවක්.. යකෝ මේකිව මරන්න වටින්නෙ.."
    " ඇයි.."
   " මං ඒකිට ආදරේ කරේ නෑ.. මං එදා ඉදන් අද වෙනකල් ආදරේ කරන්නෙ වෙන කෙනෙක්ට.."
    " ඒ කවුද.."
   " ඔයා.."
නැ නැ එහෙම වෙන්න බැ. මට මේ ඇහෙන දේවල් පිස්සු විකාරෙන් ඇහෙන දේවල්. පිස්සුද ප්‍රතිභා හොඳ සිහියට එනවා..









   " පිස්සුද රිශාන් ඔයාට.. මොනවද මේ කියවන්නෙ.."
   " ඔව් පිස්සු, ඔයා ගිය දවසෙ ඉදන් මට පිස්සු තමා.. ඩොක්ටර් කෙනෙක් උනාට මාත් ඩිප්‍රශන් රෝගියෙක්.. ඔයාව දැක්ක දවසෙ ඉදන් ඔයාට ආදරේ කලේ මං.. ඒත් කියාගන්න හයියක් තිබ්බෙ නැ, මං හිතුවෙ ඔයා තේරිලත් නොතේරුන විදිහට ඉන්නවා කියලා.. කැම්පස් එකෙ ඔයාලගෙ බැජ් එකේ අන්තිම දවසේ එදා මම අවුලෙන් හිටියේ ඔයා යන නිසා. අනික ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන්නෙ කියලා කියපු නිසා. මං එදා රෑ සෑහෙන්න ඇඩුවා.. 







මත් පැන් බෝතලයක් අතින්වත් අල්ලලා නැති මම ජීවිතේ පලවෙනි වතාවට  නැගිටගන්නවත් බැරිවෙන්න බිව්වා.. ඒ මං පණටත් වඩා ආදරේ කරපු ඔයා මට අයිති නැ කියලා දැනෙද්දි.. මං කොච්චර විදෙව්වද ප්‍රභා.. මං විතරයි ඒවා දන්නෙ.."
     මගෙ ඇස් වලින් කඳුලු පැන්නෙ ඉකිගැහෙද්දි. මට හයියෙන් ඇඩුනා. 


   " මාත් තමුසෙට ආදරේ කලා රිශාන්.. අදටත් ආදරේ කරනවා.. මං නොබැඳ ඉන්න හේතුවත් ඔයා.. මං එදා ඉදන්ම ආදරේ කලේ ඔයාට මිසක් වෙන කෙනෙක්ට නෙවෙයි.. ඒත් මට ඒක කියන්න හයියක් තිබ්බෙ නෑ, මොකද ඔයාව අවුල් කරලා ඔයාගෙ ඉගනීම කඩාකප්පල් කරන්න ඕන උනේ නෑ මට.. මං රට ගියෙත් ඔයා පූර්විට ආදරෙ කරන නිසා.. දන්නවද මං විදවපු තරම.. අද වෙනකල් මං නොඅඬා හිටිය දවසක් නැති තරම්.. හැම රෑකම මට අඩන්නවත් ඉතුරු උනේ ඔයාගෙ මතක විතරයි. මං මහගොඩක් ආදරෙයි රත්තරං.."







     මගෙ ඇඬිල්ල තවත් වැඩි වෙද්දි හුස්ම හිර උනේ මට අඩන්න හොද නැති නිසා. මම දැක්කා එයාගෙ ඇස් වලට කඳුළු උණනවා. නිසොල්මන්ව හිටිය එයාගෙ ඇස් වලින් කඳුළු කඩා වැටෙද්දි එයා ක්ෂණිකවම මාව බදා ගත්තේ තදින්.


මං ඒ පපුවට මූණ හොවාගෙන ඇඩුවේ ඒ දැනෙන උණුහුම විදින පලවෙනි පාර නිසා.



ඒත් එක්කම මට මතක් උනේ මොන විදිහකින් හරි දැන් එයා බැදපු කෙනෙක්නෙ කියන එක. එයාට ලං වෙලා මම කෙල්ලෙක්ට කරන්නෙ ලොකු වැරැද්දක් නිසා මං ඒ ක්ෂණික එයාගෙන් ඈත් උනා. 










   " ඇයි මේ.."
   " ඔයා දැන් බැදපු කෙනෙක්.. මට බෑ තව කෙල්ලෙක්ට වැරැද්දක් කරන්න ඔයාට ලං වෙලා.. මේ හිටිය විදිහටම කොහොම හරි මං ඉන්නම්.. ඉවසන්නම්.. ප්ලීස් දැන් ඔයා යන්න.."
     තවත් නම් බැ අඩලා අඩලා හෙම්බත් වෙලා. එහෙන් පපුව රිදෙනවා හොදටම. ඩොක්ටස්ලා කියලා තිබ්බෙ අඩන්න එපා කියලා. ඒත් නාඬා ඉන්නෙ කොහොමද දෙයියනේ.


    " මං බැදලා නෑ.."
   "ඒ කතාවේ තේරුම මොකක්ද.. බැඳලා නැත්නම් ළමයෙක් කොහෙන්ද.."
    මට තේරුන්නෙ නැත්තේ රිෂාන් මේ කියන්නේ මොනාද කියලා. බැඳලත් නැල්ලු. ඒත් ළමයෙකුත් ඉන්නවා. මේවා අහල මට තවත් පිස්සු හැදෙනවා. 










   "  මං අදටත් ආදරේ කරන්නෙ මගෙ ප්‍රභාට විතරයි.. මගෙ පලවෙනි ආදරෙත් ඔයා අන්තිම ආදරෙත් ඔයා.. පුර්වි ව මම බැන්දේ නෑ.. දවසක් එයා අපෙ අම්මලා අතින් කියලා අපි දෙන්නා ආදරේ කරනවා කියලා, කැමැත්ත ඉල්ලලා අපෙ ගෙදරින්.. අම්මා කැමති වෙලා.. හැබැයි මං හිතුවේ ඒක අපෙ ගෙදරින් ගෙනාපු ප්‍රපෝසල් එකක් කියලා.. එයා මට කිව්වෙත් එහෙම.. ඒත් පස්සෙ තමා දැනගත්තේ මේකි තමයි ඔක්කොම කරලා තියෙන්නෙ මාව ඕන නිසා කියලා.. ඉතින් අම්මාගෙ කීම අහක දාන්න බැරි නිසා මම කැමති උනා.. හැබැයි මං අම්මාට කිව්වා මට බදින්න බෑ ඒ නිසා නොබැද ගෙදර ගේමු කියලා.. පූර්විත් ඒකට කැමති උනා.. මට එයා එක්ක ජීවත් වෙන්න බෑ මොකද මං ආදරේ ඔයාට නිසා.. ඒ නිසාම අපි දෙන්නා වෙනම ගෙදරක ජිවත් උනා.. එයා කොච්චර මගෙ හිත වෙනස් කරන්න හැදුවත් එයාට ඒක කරගන්න බැරි උනා.. අනික එයා මට ලං වෙලා තියෙන්නෙ සල්ලි නිසායි රූපෙ නිසායි.."










    " දෙයියනේ.. ඒත් එතකොට දරුවා.."
    මට ලොකුම ප්‍රශ්නෙ උනේ ගෙදර ඇතුලෙත් වෙනම නම් දෙන්නා ජීවත් උනේ ලමයා කොහොමද හම්බුනේ කියන එක.


   " ඒ පූර්විගෙ ලමයා.. මං එයාගෙ ලඟටවත් ගියෙ නැති කොට කොහෙන්ද ළමයි හදන්නෙ.. පූර්විගෙ හොර සම්බන්ධෙ ළමයෙක් ඒ.. මේකි කපටිකමට අපෙ ගෙදරට එහෙම කිව්වේ ඒ මගෙ ලමයා කියලා.. මං කියලා මොනා කරන්නද ,ගෙදරින් විශ්වාස කරයිද ඇත්ත කිව්වොත්.. ඉතින් මාත් කරබගෙන පාඩුවේ හිටියා.. ඒකිටත් ඉතින් කිසිම ආදරයක් නැති ජීවිතේකින් වැඩක් නැතුව ඇති, ඒ නිසාම පූර්වි ලමයාව මං ලග දාලා වෙන එකෙක් එක්ක ගියා.. ලමයෙක්ව අනාථ කරන්න බැරි නිසා මං ලමයාව හදාගත්තේ.. දැන් අවුරුදු පහකට කිට්ටුයි.."












තවත් ඉවසන්න බැ දෙයියනේ. මෙයා මෙච්චරම මට ආදරේ කරලද.. මං තරම්ම රිශිත් මට ආදරෙයිද..?


මං මොකුත්ම නොකියා රිශීව බදාගත්තා. 


*හදෙහි මගේ ලැගුම් ගත් ප්‍රථම ප්‍රේමය නුඹ..*
*අහිමි උනත් නොලියමි වෙන කෙකුහට මේ පෙම..*
*මේ භවයේ හිමි නැති නම් මතු භවයේ මගෙම වේවා කියා පතමි මම..*
  
                  𝓻𝓲𝓼𝓱𝓲..


රිශාන් ප්‍රභාවි හොයාගෙන කාමරේට ආවේ පන්සල් යමු කියන්න. ප්‍රභාවි කියන්නෙ පූර්විගෙ දුව. එහෙමත් නැත්තම් රිශාන් දැන් හදාගන්න ළමයා. රිශාන් ඒ නම දැම්මෙත් ප්‍රතිභාව මතක් වෙන්න.  










   " දෝණි.."
  "අප්පච්චි.."
කියවමින් හිටිය පොත ක්ෂණික වහපු ප්‍රභාවි දෑස් මත රැදි කඳුළු පිස දමා ගත්තේ කලබලයෙන්.

   
    " දෝණි.. ඇයි මේ අඩලා.."
  " නෑ අප්පච්චි, කතා කරේ ඇයි.."
  " කතා කරේ නම් පන්සල් යමුයි කියන්න.. ඒත් ඊට කලින් කියන්නකො මගෙ දෝනි ඇඩුවෙ ඇයි කියලා.."
     රිශාන් ඇහුවේ ඇඳ උඩ වාඩිවෙලා කෙල්ලව උකුලෙන් ඉන්දව ගන්න ගමන්. 


   " ඇයි අප්පච්චි පන්සල් යන්නෙ.."
    "මං පස්සෙ කියන්නම්කො.. දැන් ලෑස්ති වෙන්නකො.."
    කියලා රිශාන් කෙල්ලගෙ ඔලුව අතගෑවා.






   " අප්පච්චි මෙතනින් එහාට මොකද උනේ.. කෝ ප්‍රතිභා ආන්ටි.. මෙතනින් එහාට ඇයි ලිව්වෙ නැත්තේ.."
    දෙයියනේ මේ පොත කොහෙන්ද දෝනිට හම්බුනේ, රිශාන්ට හිතුනෙ එහෙම. 

මෙතෙක් වෙලා ප්‍රභාවි ඇස් වල කඳුළු පුරවගෙන කියෙව්වේ රිශාන්ගෙ අතින්ම ලියවුනු පොතක්. 

 කෙල්ල අතින් ඇඳ පැත්ත පෙන්නද්දි ඒත් එක්ක රිශාන්ගෙ ඇස ගැටුනේ ඇඳ උඩ තිබුන පොත දිහාවට. ඇයගෙන් කිසිවක් හංගා පලක් නැති බව තේරුම් ගත් රිශාන් ලොකු හුස්මක් පිට කලා. ඇය පොත කියවා අවසන් නිසා එතනින් එහාට සිදු වෙච්ච දේ දැනගත්තට කමක් නැ කියලා ඔහුට හිතුනා.








    " කියන්නකො අප්පච්චි මොකද උනේ, අප්පච්චි තාම ප්‍රතිභා ආන්ටිට ආදරෙයිද.."
  
    " හ්ම් ඔව්.. ඒ මගෙ පණ, මගෙ හැමදේම එයා.. මගෙ හුස්ම මගෙන් ඈතට යන්නම ගිහින් අදට අවුරුදු 3ක් වෙනවා.. දෝණිට දැන් අවුරුදු 16ක් වෙන නිසා හංගලා තේරුමක් නැනෙ.. මං කියන්නම්.."
     ප්‍රභාවි රිශාන්ට ඇහුම්කන් දුන්නෙ හරි උනන්දුවෙන්.

   " එදා එයා මාව බදාගෙන ඇඩුවා.."

රිශාන්ට ඇස් පණාපිට උන සිදුවීම නැවත මැවෙන්න ගත්තා.

   " මං ආ..දරෙයි රි..ශාන්.. ම..ගෙ ප..ණ ඔයා.. කැහ්..කැහ්.. මාව දාලා යන්..න එ..පා.."
     මං වචන අමුණ ගත්තෙ හරි මාරුවෙන්. අඩපු නිසා අසනීපේ වැඩි වෙලා කැස්සත් එක්ක.










     ඒත් එක්කම මට හිටන් ඉන්න පණ නැතුව මං වැටුනේ රිශාන්ගෙ ඇඟට. රිශාන් මාව ටග්ගාලා අල්ලගත්තා. 

   " ප්‍රභා.. ප්‍රභා මොකද උනේ.. මැනික ඇයි මේ.."
     රිශාන් බිම ඉදගෙන එයාගෙ උකුලෙන් මගෙ ඔලුව තියවගෙන මගෙ ඔලුව අතගෑවා.

    " ඔ..ඔයා.. සත්.තුටි..න් ඉන්..න රත්.තර..න්.. මට.. ඔයා..එක්..ක ජී.ව්වත්.. වෙන්..න වා.සනා..ව නෑ.."







    " අනේ මැනික බය නොකර කතා කරන්නකො.. මොකද උනේ කියන්න මට.. අපි යමු හොස්පිට්ල්.."
    " එපා.. එ..පා රි.ශි.. මං.. ඔයා නැ..ති දව..සෙ ඉද..න් හාට් පේශ..න් කෙනෙ..ක්.. ඩොක්..ටස්.ලා කිව්..වෙ අඩන්.න එපා, බොන්.න එ.පා, වැඩි..ය හිත.න්න..ත් ය.න්න එපා කිය.ලා.. හාට් එක.ට විස..බීජ ගි..හින් මත් ද්‍රව්‍ය නි.සා, මට සමා.වෙන්න.. ඔයා නැතු.ව මං බේබද්..දිය.ක් උනා.. ඩොක්ට.ස්ලා කිව්වා.ට ඒක ලොකු රිස්..ක් එක.ක් කිය.ලා, මං කොහො.ම.ද ඔයා.ව ම..තක් වෙ.ද්දි අඩ.න් නැ..තුව ඉන්..නෙ.."
  එපමණයි. රිශාන්ගෙ අත් එක උඩම ප්‍රතිභාගෙ හුස්ම නතර වෙද්දි රිශාන් ට දැනුනෙ තමන්ගෙ මුලු ලෝකෙම නැති උනා හා සමානව.









තමන් නිසා මෙච්චර විදවපු අහිංසක කෙල්ල, තමන් පණ වගේ ආදරේ කරන කෙල්ල තමන්ගෙ ඇස් ඉස්සරහා  තමන්ගෙම අත් උඩ නැති වෙද්දි රිශාන්ට දැනුනේ ලෝකේ ලොකුම වැරදිකාරයා එයා ගානට. රිශාන් පසු නොබැස කලින්ම ප්‍රතිභාට ආදරෙයි කිව්වා නම් අද ඇයත් සතුටින් ඔහුත් සතුටින් ජීවත් වෙනවා කියලා හිතලා රිශාන් සම්පූර්ණ වැරැද්ද තමන් පිට පටවගත්තා.


සිදුවීම අහද්දි නම් ප්‍රතිභාට වෙච්ච දේට ප්‍රභාවිටත් හොදටම දුකයි. ඇයගෙ ඇස් වල කදුලු පිරුණේ රිශාන්ගෙ ඇස් වලත් කදුලු පිරෙද්දි.

ප්‍රභාවි මෙතෙක් වෙලා කියවපු රිශාන්ගේම අතින් ලියවුනු රිශාන් ප්‍රතිභා ඒකපාර්ශ්වික ආදර කතාව මේ වෙද්දි මුද්‍රණය කරලා තිබුනේ. ලංකාවෙම තාරුණ්‍යයේ ජනප්‍රිය පොතක් බවට බත් උනා.









*සිඳගනාවි*

(~_මැජික් අකුරු වලට පණ දෙන පුංචි සුරංගනාවි.._~)


`නොලැබුනත් ප්‍රේම කරමි නුඹෙ නමට..`

🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄🪄

*හැම ආදර කතාවක්ම සතුටින් එක්වීමකින්ම නිම වෙන්නෙ නැහැ. රිශාන් ප්‍රතිභා වගේ මැරෙනකල්ම හිතින් ආදරේ කරන අයත් ඉන්නවා.* 








*මට මේ කතාවෙන් කියන්න ඕන උනේ ලඟම යාලුවෙක් උනත් ආශ්‍රය කරද්දි අතේ දුරින් ආශ්‍රය කරන්න. මොකද පූර්වි වගේ යාලුකමට ද්‍රෝහි වෙන යාලුවොත් නැතුව නෙවෙයි. ඒ විතරක් නෙවෙයි තව රිශාන් ප්‍රතිභා වගේ ආදරවන්තයො ආදරවන්තියන් ඕනතරම් ඉන්නවා.* 


*හිතේ තියන් විදවන එකට වඩා ආදරේ ප්‍රකාශ කරලා හිත සැහැල්ලු කරගන්න එක හොදයි. මොකද දෙන්නම නොකියා ආදරේ කලොත් මෙහෙම සිදුවීම් වෙන්න පුළුවන්.*

*ඉතින් ලස්සන ලමයි ආදරේ කරද්දි හරි පරිස්සමින් ආදරේ කරන්න.*



කමෙන්ට් එකක් දාගෙන යන්න😚♥️



_Author Ama🐼✍️♥️_

Post a Comment

Previous Post Next Post