*ෆැන්ටසියෙ සිහිනයක් නොවුන ඔහු රියැලිටියෙදි මා ලග සිටින හැබෑ වූ සිහිනයක්*
*සිහින තරුව*





"භාශි මොකද පරක්කු බන්..."
ක්ලාස් එක පටන් ගෙන ටික වෙලාවක් විතර ගියාට පස්සෙ කඩිමුඩියෙම bst පන්තියට රිංගගත්ත භාශිගෙන් නේහා ඇහුවෙ හති දාන කෙල්ලට පැත්තක තියන වතුර බෝතලෙත් දික් කරන ගමන්..
"උබට දැන් සතුටු හිතෙයි..තොට පුදුම අමාරුවක්නෙ තිබ්බෙ..ඉන්ටවල් එකේ කතා කරමු..දැන් අරක අහගනින්"
වතුර උගුරු දෙකක් ගිලපු භාශි ඊටපස්සෙ ඒ විදියට කිව්වෙ නේහාගෙ හිතේu ප්‍රශ්නාර්තයක් නගමින් වෙද්දි නේහා ආයෙම පාඩමට අවදානෙ දුන්නෙ ඔලුව පැත්තකින් භාශි කියපු වචන ටික ගැනත් කල්පනා කරන ගමන්..
හසරැලි වික්‍රමසිංහ කියන්නෙ සාමාන්‍ය පවුලක අහිංසක කෙල්ලෙක්..A/L වලට තියෙන්නෙ හරියටම සති තුනක් වගේ පොඩි කාලයක් වෙද්දි කෙල්ලගෙ ටාගට් එක උනේ පොලිස් කොස්තාපල් කෙනෙක් උන තමන්ගෙ තාත්තගෙ එකම හීනෙ ඒ කියන්නෙ කැම්පස් එකකට යන හීනෙ හැබෑ කර nගන්න..
ඉතින් ඒ වෙනුවෙන් කෙල්ල රෑ නිදිමරාගෙන වෙන මහන්සිය දන්නෙ කෙල්ල විතරයි..
භාශි කියන්නෙ කෙල්ලගෙ යාලුවෙක්..ආශ්‍රයට එච්චර සුදුසු නොව්නත් කෙල්ලට එයා වගෙ යාලුවෙක් තියාගන්න එක හේතුවක් තිබුනා..
"මොකක්ද කල්පනාව ආ..උබ සිහියෙන් නෙවේද ඉන්නෙ ගෑනියෙ.."
කෙල්ලගෙ ඕනම දේකට බොක්කෙන්ම උදව් කරන නේහා ඒ වෙලාව හසරැලිගෙ අතට පෑනෙන් ඇනලා එහෙම ඇහුවෙ වෙනම ලෝකෙක හිටපු කෙල්ලව පියවි සිහියට එද්දි..
ඔලුව වනලා මුකුත් නැහැ කියන ඉගිය දීලා ආයෙම පොත දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තෙ තාත්තව හිතින් මවාගන්න ගමන්..
කොහොම හරි පැය දෙකක පන්තියෙන් පස්සෙ සර්ගෙන විවේක කාලයකට අවසර හම්බ උන ගමන් කෙල්ල එක පිම්මෙම පිටිපස්සෙ ඩෙස් එකට බර උනෙ භාශිත් ගැස්සෙද්දි..
"දැන් කියපන්..ඇයි සතුටුද ඇහුවෙ.."
හසරැලි එහෙම අහන ගමන් බාශිගෙ මූනට බර උනේ ඒ මොකක්ද කියලා අහගන්න වෙද්දි භාශි කතාව පටන්ගත්තෙ බැරෑරුම් විදියට ..
"අහන්නකො..විභාගෙ සති තුනයි..මන් කියන දේ අහලා උබ එක්සෑම් අවුල් කරගනියි කියලා මට බයයි..ඒත්..
මේක නොකියත් බෑ...."
භාශි එහෙම කියලා නිකමට නේහා දිහා බලද්දි නේහා පෝන් එක පෙන්නලා මැසේජ් එකක් එව්ව වග ඉගි කරා...
භාශි කතාව නවත්තලා ඒක බලන්න ගත්තෙ "බොරු ආටොප නැතුව ඕක කියපන් මට දුක කෝමත් හුරුයි.."කියන වචන ටික හසරැලිගෙ කටෙන් පිට වෙද්දි..
"උබ ඔය කියන්න යන්නෙ විදූශ ගැන සිද්දියක් නම් කරුනාකරලා ඕක නවත්තපන්..උබ දන්නවනෙ මේකි හිතනවා වැඩි කියලා..විභාගෙ කෙලවෙයි.."නේහා එවලා තිබුන මැසේජ් එක ඒක..
ඒත් ඒ මැසේජ් එක ගැන කිසිම තැකීමක් නොකරපු භාශි ආයෙම කතාව පටන් ගත්තා..
මන් අද ක්ලාස් එනකොට මේක දැක්කෙ..ශාක්‍යා නන්ගි අද අපේ බස් හෝල්ට් එකේ හිටියා..
මාත් ඉතින් ගිහින් කතා කරා..
මෙන්න එක පාරටම අරූ බයික් එකේ ආවා තීක්ශන එක්ක..
ඒකල්ලා තීක්ශන බැහැලා හෙල්මට් එක ශාක්‍යාට දුන්නා..
විදූශත් ගෙදර යන්නද කොහෙද ලොකු බෑග් එකක් දාගෙන හිටියෙ..ශාක්‍යත් එහෙමයි..
ඊට පස්සෙ හෙල්මට් එක ඔලුවට දාගෙන යන්නම් අක්කි කියලා මේකි අරුගෙ බයික් එකට නැග්ගා...අරුත් මගෙන් ඇහුවා උබ ක්ලාස් යනවද බං කියලා..මාත් ඔව් කියලා නිකන් හිටියා..උන් දෙන්නා ගියා ඒකල්ලා..
1236544
මට හිතෙන්නෙ ආයෙම අරූ ශාක්‍යා නන්ගි එක්ක සෙට් බං..උබව රවට්ටලා..
භාශි එක හුස්මට ඒ දේවල් කියාගෙන ගියේ හිතක් පපුවක් නැති එකෙක් වගේ වෙද්දි පුංච් දෙටත් හිත රිද්දගන්න හසරැලිගෙ හිනාව පෙනී නොපෙනී ගියා...
"හරි හරි..උබට ගොඩක් පිං..පනිවිඩේ දුන්නට..හසරැලි නැගිටපන් කන්න යන්න ඕන.."
තරහින් පුපුර පුපුර හිටපු නේහා නැගිටලා බැග් දෙකේ තිබුන බත් දෙකත් අරන් හසරැලිට කතා කරේ භාශිට අම්බානෙට රවන ගමන්..
"මට කන්න බඩගිනි නෑ ඒයි..පොඩ්ඩක් ඉන්නකො මන් අරයට කෝල් එකක් දෙන්න.."
හසරැලි පෝන් එක අතට ගනිද්දිම එහා පැත්තෙන් ඇවිත් සිහින පෝන් එක ඇදලා ගත්තෙ නේහාගෙන් ඇයි මේ කියලා අහන ගමන්..
විදූශ සිංහවංශ කියන්නෙ හසරැලි තමන්ගෙ තාත්තගෙන් පස්සෙ පලවෙනි වතාවට ආදරෙන් බැදුන ඒ පිරිමි පරානය..කාලයක් තමන්ගෙ කලින් පෙම්වතිය උන ශාක්‍යා රූපසිංහගෙන් ඈත් වෙලා වේදනාවෙන් කාලෙ ගෙවපු විදූශගෙ දුකේදිත් සැපෙදිත් ලගින්ම හිටියෙ හසරැලි..
විදූශ විභාගෙ අතෑරලා පිස්සෙක් වගේ ඉබාගාතෙ යද්දි..කෙල්ල කියලා කියලම ආයෙම විභාගෙට කොල්ලව උනන්දු කරේ..ඒ කොල්ලා ගැන තියන ආදරේටම වෙන්න ඇති..
සිහින දෙනුවන් කියන්නෙ හසරැලිව ඒලෙවල් ක්ලාස් එකක දැක්ක පලවෙනි දවසෙ ඉදලම කෙල්ලට තවමත් ඒකපාර්ශවිකව ආදරේ කරන කොල්ලෙක්..
යාලුවො විදියට ආශ්‍රය කරන හසරැලි සිහින ගෙ කතාව ඇතුලෙ හසරැලිට සිහින යාලුවෙක්ම විතරක් උනාට සිහිනට හසරැලි කියන්නෙ තමන්ගෙ අම්මගෙන් පස්සෙ ජීවිතේටම දැනිච්ච එකම ගෑනු පරානය..
අම්මා තාත්තා දෙන්නම අහිමි උන කොල්ලා දැන් ඉන්නෙ තමන්ගෙ සීයා ලග වෙද්දි කෝටි ගානක දේපලවල එකම අයිතිකාරයත් එයාම විතරක් උනා..
කවුරු කොහොම ඒ යාලුකමට නිර්වචන දුන්නත් සිහිනගෙ එක නපුරු බැල්මක් ඇති දග මල්ලක් උනා හසරැලිව මෙල්ල කරන්න..
මන් ඇහුවෙ මොකද උනේ කියලා..ඇයි මේ අඩන්නෙ..
ම්ම්..
සිහින ඒ වෙලාවෙනම් ටිකක් සද්දෙන් කතා කරා..
මේ..මේ..
නේහා මුකුත් කියාගන්න බැරුව ගොත ගැහුවෙ හසරැලි වගේම නේහත් සිහින බය නිසාම වෙන්න ඇති..
මුකුත් නෑ..කෝ පෝන් එක දෙන්නකො..මට තාත්තිට කතා කරන්න ඕන..
හසරැලි ඉදගෙන හිටපු තැනින් නැගිටලා එහෙම කිව්වෙ සිහිනගෙ අතේ ගුලි වෙලා තියන පෝන් එක ගන්න වෑයම් කරන ගමන්..
පෝන් එක අරගත්ත හසරැලි බිම බලාගෙනම නේහත් එක්ක එලියට ගියෙ ඒ නපුරු අහංකාර ඇස් එ මත්තට වැටිලා තියෙද්දි..
සිහින කියන්නෙ අහංකාර පිරිමි පරානයක්..වෙන කිසිම කෙල්ලෙක් එක්ක හිතවත්කම් පාන්න කැමති නැති කොල්ලට කෙල්ලොන්ගෙ ආකර්ශනය අවදානය හම්බ වෙන්නෙ හිතාගන්න බැරි විදියට වෙද්දි බාශි උනත් ඒ පිස්සු වැටුන කෙල්ලො අතර ඉහලින්ම හිටියා..
භාශි ඒක ගැන කිහිප සැරයක්ම ඉගි කරත් සිහිනගෙ අවදානය තිබුනෙම හසරැලි මත නිසා භාශිට තිබුනෙ තනිකරම ඉරිසියාවක්..
තමන් ආදරය කරන කෙනා වෙන කෙනෙක් එක්ක...දරාගන්න පුලුවන්ද කෙල්ලෙක්ට එහෙම වේදනාවක්..
ඇත්ත නැත්ත ගැන විදූශගෙන්ම අහලා දැනගන්න ඕන කියන එක හසරැලිට හිතුනෙ භාශි උනත් සමහර විට වැරදි දෙයක් කිව්ව කියන මතය කෙල්ලට දැනුන නිසා වෙන්න ඇති..
එහෙමත් නැත්තන් ඒ පිරිමි පරානය ගැන අවිශ්වාස කරන්න තියන අකමැත්ත නිසා වෙන්න ඇති..
රිවිශන් ක්ලාස් එකක් කියන්නෙම උදේ පටන් ගත්තොත් හවස් වෙනකන්ම පස්ස රත් වෙන්න ඉදගෙන ඉන්න වෙන එකක් කියන එක අපි කාටත් තියන හොද අත්දැකීමක්..
ඉන්ටවල් එකෙන් පස්සෙ කිසිම පාඩම ගැන කිසිම ආසාවක් අවදානයක් තිබ්බෙ නැති හසරැලිගෙ අවදානය ගිලිහිලා තිබුනෙ..නේහා පෑන් පාරවල් දෙක තුනකට පින් සිද්දවෙන්න සැරින් සැරෙ පියවි සිහියට එන කෙල්ලට සර්ගෙ අවදානයෙන් මිදෙන්න පුලුවන් උනා..
විදූශගෙ මේ සිද්දිය අහපු මොහොතෙ යවපු මැසේජ් එකට ක්ලාස් එක ඉවර වෙලත් රිප්ලයි එකක් නොවෙද්දි...කෙල්ලගෙ හිතේ කටු අනිනවා වගේ හැගීමක් ආවෙ ඇස් බොද වෙන තරමට කදුලු පිරෙද්දි ...
ක්ලාස් එක ඉවර වෙලා..දැන් ගොඩක් හවස් වෙලා...කෙල්ල ඉන්න ගමට යන බස් සෑහෙන අඩුයි..
ගොඩක් වෙලාවට තාත්තා ආවත් කෙල්ලව එක්කන් යන්න අද තාත්තත් වැඩ ගොඩකට හිර වෙලා..
නේහා කෙල්ලව බස් හෝල්ට් එකට එක්කගෙන ගියේ බොහොම අමාරුවෙන්..
පාරෙ යන වාහන ගැන සිහියක් නොතිබුන කෙල්ල හිටියෙ විරහා වේදනාවෙන්..
ටික වෙලාවකින් බස් හෝල්ට් එකට ආව කෙල්ලො දෙන්න බස් හෝල්ට් එකේ ඉදගත්ත නේහාත් ලොකු හුස්මක් අතාරින ගමන්..කතාව පටන් ගත්තෙ සෑහෙන දුකෙන්...මොකද කවුරු නැතත් නේහා දන්නව හසරැලි ගැන..
අහපන්..මන් මේ උබට සිංහලෙන් කියන්නෙ..මට උබ ඔහොම ඉන්නවා බලන්න බෑ මැනිකෙ...
අපි මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සු අපිට ආදරේ නැ...අපිට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සුන්ට අපි ආදරේ නෑ..තිත්ත උනත් ඇත්ත ඒක..
උපදෙස් කොච්චරක් දුන්නත් මේ වෙලාවෙ උබට දැනෙන වේදනාව නැති කරන්න මට බෑ පැටියෝ ...
උබට මන් ඉන්නවා..ඕන දේකට තේරුනාද..
තාත්තා ගැන හිතපන්..
විභාගෙට තව සති තුනයි කියන එක හිතපන්..
විදූශ එහෙම දෙයක් කරලා නම් එයාට යන්න දෙන්න..
හිතින් යන මිනිස්සුන්ව අතින් අල්ලලා ලග තියාගන්න බෑ බන්..
මන් කියන්නෙ මේ වේදනාව උබ දැන් දරාගන්න ඕන..
තාත්තා වෙනුවෙන්..තේරුනාද..
නේහා එක හුස්මට ඒ විදියට කියාගෙන ගියෙ කෙල්ලගෙ ඇස් වලින් සට සට ගාලා කදුලු වැක්කෙරෙද්දි..
සෙනග අස්සෙ ඒ විදියට අඩන්න බැරිකමට කෙල්ල නේහාගෙ උරහිසට බර උනේ..
"අද බසුත් නෑ බන්..මන් ඒ තරමට කාලකන්නි"කියලා ලොකු හුස්මක් අතාරින ගමන්..
ටික වෙලාවකින් තාත්තගෙන් කෝල් එකක් එද්දි කෙල්ල වැටෙන කදුලුත් පිහදන ගමන් කෝල් එක ආන්සර් කරා..
හෙලෝ..තාත්ති..
ආ..මේ වික්‍රමසිංහ මහත්තයගෙ දුවද..
ඔව් ..මන් තමා..කවුද මේ..
ආ..දුව දැන් කොහෙද ඉන්නෙ..මන් පියරත්න අන්කල්..
ආ..අන්කල් මම ක්ලාස් ඉවර වෙලා මේ බස් හෝල්ට් එකේ ඉන්නෙ..
ඇයි අන්කල්..කෝ තාත්ති..
හසරැලි ඒ විදියට අහලා ටික වෙලාවකින් කෙල්ලගෙ අතින් පෝන් එක බිමට වැටුනෙ නේහත් සෑහෙබ බය වෙද්දි..
එක පාරටම නැගිටලා අනේ නේහා හොස්පිට්ල් එකට යන්කෝ..
තාත්ති තාත්තිට කවුද පිහියෙන් ඇනලලු ..
අනේ එන්නකෝ.
හසරැලි පිස්සියෙක් වගේ කෑ ගහන්න ගත්තෙ වටේ ඉන්න අයගෙත් අවදානය ඒ මත්තෙ වැටෙද්දි වෙද්දි එක පාරටම උනුහුම පිරුනු පපුවකට කෙල්ලව තද උනෙ හිතාගන්න බැරි විදියට..
සිහින..
ඔව් Fz වර්ගයෙ බයික් එකක නැගිලා බස් හෝල් එකේ එහා කොනට වෙලා ඔච්චර වෙලා කොල්ලා කෙල්ල දිහා බලන් ඉදලා..කෙල්ල කලබල වෙන විදිය දැකලා සිහින එතනට ආවෙ කලබලෙන්..
ටික වෙලාවකට කලින් පිස්සියෙක් වගේ හැසිරුනු කෙල්ල දැන් කන්ට්‍රෝල්..ඒ උනුහුම අස්සෙ කෙල්ල හැමදාමත් නිවෙනවා..
ඒත් යාලුකමකමට එහා සිතුවිල්ලකින් නෙවෙයි..
නේහා බිම වැටුන පෝන් එකයි බෑග් එකයි අරගෙන කෙල්ලගෙන් හිමීට ඇහුවෙ මොකද උනේ කියලා..
තාත්ති..එයා හොස්පිට්ල්ලු..
හිමීට ඒ උනුහුම් පපුවෙන් ඈත් වෙන ගමන් වචන ගැට ගහගත්තෙ කෙල්ල බොහොම අමාරුවෙන්..
පැහැදිලිව කියපන් ඕයි..කොයි හොස්පිට්ල් එකෙද..මොකද වෙලා තියෙන්නෙ..
සිහින ඒ විදියට අහද්දි ගැස්සුන කෙල්ල ආයෙම නේහා ලගට ගියෙ කොල්ලගෙ සැර වචන ටිකක් තදට දැනුන නිසාම වෙන්න ඇති..
හසරැලි කලබල වෙලා ඉන්නෙ කියන එක තේරුම් ගත්ත නේහා ආයෙම කෙල්ලට කෝල් එක ආව නම්බර් එකට කෝල් එකක් අරන් විස්තරෙ දැනගත්තෙ ඒ ගැන සිහිනටත් කියද්දි..
මෙහෙ එනවා යන්න..මන් එක්කන් යන්නම්..
දැන් බස් වල යනකොට වෙලා යනවනෙ..
බයික් එකේ යන්..
නේහා උබත් වරෙන්..නැත්තන් ප්‍රශ්නයක් වෙයි..
අම්මට කියපන්..
සිහින එහෙම කියලා හසරැලිව වගේම නේහවත් දාගෙන හොස්පිට්ල් එකට ගියෙ වේගෙන් වෙද්දි තියන බයටම කෙල්ලගෙ චූටි අත් කොල්ලගෙ ඉන වටේ එතුනෙ නිරායාසයෙන්මයි..
ඒ වෙලාවෙ කට කොනෙ ඇදෙන නපුරු සරාගි හිනාවක් එක්ක කොල්ලා හිත ඇතුලෙන් පුංචි සතුටක් වින්දේ අවුරුදු දෙකක් තිස්සෙ ආදරේ කරන කෙල්ලව පලවෙනි වතාවට මෙච්චර ලං උන හින්දම වෙන්න ඇති..
සිහින මේ විදියට ඒ උනුහුම විදිද්දි හසරැලි නම් හිටියෙ හිත අස්සෙ ගිනි දලු දලුලන ගමන්..
එහෙම වෙන්නෙ නැති වෙයිද ඉතින්..
තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු එක මනුස්සයෙක් තමන්ව රවට්ටපු ඒ වේදනාව වගේම තමන් වෙනුවෙන් මොන දේ උනත් හිටපු කැපවුනු තමන්ටම විතරක් ආදරෙ අඩුවක් නැතුව දුන්නු මේ ලෝකෙ තමන්ට කියලා ඉන්න එකම නෑයා වෙච්ච තාත්තට එහෙම දෙයක් උනා කියන වේදනාව එකතු උනාම හසරැලි පිස්සියක් වගේ උන එක පුදුමයක්ද..
ඒ වේදනාව කොච්චරක්ද කියලා කියන්න දන්නෙ නෑ..
මොකද අපිට වෙන මිනිස්සුන්ගෙ වේදනාව කොච්චරක්ද කියලා බලන්න තරම් හැකියාවක් නෑ..
පැය භාගයක වගේ කාලයක් ඇතුලත තුන් දෙනාම හොස්පුට්ල් එකට ආවෙ කෙල්ලගෙ හිත ගිනි ගන්නවා වගේ දැනෙන හැගීම දෙගුන තෙගුන වෙද්දි..
ඒ ඕයි කොහෙද දුවන්නෙ..
බයික් එකෙන් බැස්ස ගමන් හොස්පිට්ල් එක ඇතුලට දුවපු කෙල්ල පස්සෙ සිහින ගියේ නේහත් ඒ පස්සෙන්ම එද්දි..
දැන් ටිකකට කලින් පොලිසියෙ කෙනෙක් එක්ක ආවද වික්‍රමසිංහ කියලා..
ප්ලීස් ඉක්මනට කියන්නකො..
එතන හිටපු රිසෙප්ශන් එක ලගට ගියපු කෙල්ල ඒ ගැන හොස්පිට්ල් එකේ කෙනෙක්ගෙන් ඇහුවෙ වියරුවෙන් වගේ..
පොඩ්ඩක් ඉන්න මිස්..
ආ ඔව්..
එයා ICU එකට තමා එක්ක ගියේ..මේ පැත්තෙන් යන්න..
ඒ කියපු පමාවට කෙල්ල ICU එක පැත්තට දිව්ව..
යනකොටම එතන හිටියෙ ලේ පෙරාගත්ත යුනිෆෝම් එකෙන් පියරත්න සාම් මහත්තයා..
කෙල්ල හිමීට අඩිය තිය තිය ගිහින් ICU එකේ දොරේ වීදුරුවෙන් එබිලා බැලුවෙ තමන්ගෙ තාත්තා දිහා..
එහෙම්ම සිහිය නැති උන හසරැලිව සිහින ඇවිත් අල්ලගත්තෙ නැත්තන් කෙල්ල බිම ඇදගෙන වැටෙනවා..
ජීවිතේ අමාරුම කාර්තුවලදි තමන්ට වාරු වෙන්න පුලුවන් ලස්සන පිරිමි ආත්මයක් හැම අහිංසක කෙල්ලෙක්ටම හම්බ වෙන්න ඕන..
ඕ මයි ගෝඩ්..
එයාව ගේන්න මෙහෙට..එතන හිටපු නර්ස් එකෙන් එහෙම කියද්දි තමන්ගෙ අත් දෙකට හසරැලිව අරගෙන කාමරේට දිව්ව සිහින සෑහෙන බය වෙලා..
නේහාව ඇතුලට යවලා කොල්ල එලියට ආවෙ හිතකින් නෙවෙයි..
ඇත්තටම මොකද උනේ අන්කල්..
එතන තිබුන නිහැඩියාව බිදලා සිහින කතා කරේ..
පියරත්නට..
දැන් සතියකට කලින් අපි ගංජා වත්තක් වැටලුවා..
ඒකෙ සම්පූර්න වැඩේ බැලුවෙ වික්‍රම..
උන්ව උසාවි තීන්දුව පිට දවස් දහයකට හිරේ දැම්මා..
ඒ ගංජා වත්ත මන්ත්‍රී කෙනෙක්ගෙ කියලයි ආරංචි උනේ..
කොහොම හරි අද වික්‍රම ගමෙ ග්‍රාමසේවක හම්බවෙලා එන අතරමග උන්ගෙ එකෙක් පිහියෙන් ඇනලා..
ලේ ගොඩක් ගිහින් කියලයි කියන්නෙ...මලකඩ කාපු පිහියක්ලු..
එක එක ඒවා කියනවා..
මටත් තේරෙන් නෑ කොල්ලො..
පුතා කවුද..
පියරත්නගෙ ඒ ප්‍රශ්නෙට නම් කොල්ලා ගැස්සුනා..
මන්...
ආ මේ මගෙ අදුරන අයියා කෙනෙක් අන්කල්..මාව එක්කන් යන්න ආව වෙලාවෙම තමා ඔයා විස්තරෙ කිව්වෙ..
එයත් එක්කම ආවා අපි ඉතින්..
නේහා මැදින් පැනලා ඒ විදියට උත්තර දුන්නෙ...වැරදි වැටහීමක් ඇති වෙයි කියන බයටම වෙන්න ඇති..
කෝ දුව හසරැලි දුව..අවුලක් නෑ නේද..
නෑ අන්කල්..එයා බය වෙලා..ඒකයිලු කලන්තෙ දාලා තියෙන්නෙ..
නේහා ඒ ප්‍රශ්නෙට උත්තර දෙනකොටම වගේ එතනට ඩොක්ටර් ආවා..
චුට්ටක් වැඩේ ඩේන්ජරස් වගේ..මෙයාව අපිට වෙන හොස්පිට්ල් එකකට මාරු කරන්න වෙනවා..මේකෙ පහසුකම් මදි..
ඩොක්ටර් එහෙම කිව්වා..
නේහා මන් ටිකක් එලියට ගිහින් එන්නම්..හසරැලිව බලන්න..
සිහින එහෙම කියලා එලියට ගියා..
හරි ඩොක්ටර් එහෙම කරමු..
පියරත්නත් එහෙම කියලා ඒ වැඩ කටයුතු ටික කරන්න බලද්දිම අදුරන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා...
හෙලෝ කවුද මේ..
ආ මන් මේ DIG කතා කරන්නෙ..
මේ පියරත්න පොලිස් මහත්තයද..
ඔ..ඔව් සර්..මන් තමයි..
හරි පියරත්න..ඔය වික්‍රමසිංහ පොලිස් මහත්තයව ප්‍රයිවට් හොස්පිට්ල් එකකට යවන්න මන් වැඩ ලෑස්ති කරා..ඒකෙ සම්පූර්න වියදම් බලන්න කෙනෙක් ඉදිරිපත් වෙලා තියනවා..
ඒ වැඩ කටයුතු ටික හොයලා බලලා කරන්න..
අ..අනේ ලොකු දෙයක් සර්...
මන් එහෙම කරන්නම්..
පියරත්න DIG මහත්තයා නොසෑහෙන්න ස්තූති කරා.
ටික වෙලාවකින් එතනට ආව සිහිනට මේ ගැන කිව්ව පියරත්න නේහාට හසරැලිවත් එක්කගෙන ගෙදර යන්න කිව්වා..
හසරැලි ඒකට අකමැති උනත් පියරත්න වගේම නේහත් කෙල්ලගෙ හිත හැදුවා..
Pick me ත්‍රීවිලයක හසරැලිවත් එක්කගෙන නේහයි සිහිනයි ගෙදර ගියෙ පියරත්න, වික්‍රමගෙ සම්පූර්න වගකීම අරගත්තු නිසා..
"උබ නේද ඒක කරේ.."
හසරැලිට ටික වෙලාවකින් නින්ද ගියාම නේහා සිහිනගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවා..
"මොකක්ද.."
"හසරැලිගෙ තාත්තාව ප්‍රයිවට් හොස්පිට්ල් එකකට එක්කන් ගුහින් ට්‍රීට්මන්ට් කරවන්නෙ ඔයා නේද සිහින.."
නේහා එහෙම කිව්වම කොල්ලගෙ කට කොනේ හිනාවක් ඇදුනා..
"මගෙ පන ටික වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මට පුලුවන් බං..උබ ඒක දන්නවනෙ..ඒකි අද අර පාහරයා නිසා ඇඩුව..
මන් ඒකට වාඩුව උගෙන් ගන්නවා..මන් මෙච්චර දවස් පැත්තකට වෙලා බලන් හිටියෙ ඌ ඇස් දෙක වගෙ මේකිව බලාගනියි කියන හැගීමෙන්..ඒත් අද ඒ බලු කුක්කා..මගෙ කෙල්ලව නොසෑහෙන්න රිද්දුවා..
දැන් මේ ඉන්නෙ මගේ මල...ආයෙම මන් මොකෙක්ටවත් මේකිව රිද්දන්න දෙන්නෙ නෑ.."
සිහින එහෙම කියලා නිහඩ උනේ..ලොකු හුස්මක් වාතලයට මුසු කරලා...
"උබ කියපු නිසයි මන් ඒකිට මේ ගැන නොකිව්වෙ..උබ අවුරුදු දෙකක් තිස්සෙ මේකි මත්තෙම මැරුනා..කොල්ලෙක්ට මෙච්චර ආදරේ කරන්න පුලුවන්ද..උබ නම් පට්ටයි බ්‍රෝ...
ඉස්සරහට මේකිව රිද්දන්න දෙන්න එපා බං..
උබට තමා දැන් මගෙ එකී අයිති..ඒක ස්තීරයි.."
නේහා එහෙම කියලා ඉවර උනායින් පස්සෙ එතන තනිකර නිහැඩියාවක් පැතිරුනා..
වේදනාව දරාගන්න පුලුවන් උපරිමේටම දරාගෙන මුලු ලෝකයක් කඩා වැටිලා වගේ..
ඒ රැය කෙල්ල ගෙවාගත්තෙ කොහොම වෙන්න ඇත්ද..
විදූශගෙන් ඇවිල්ල තිබුන පනිවිඩ ටිකයි..තාත්තගෙ පොටෝ එක දිහා බලාගෙනයි කෙල්ල කදුලු වගුරපු තරම් කාමරේ එක ඇදේ එහා පැත්තෙ මුල්ලට වෙලා හිටපු නේහා විතරක් දැක්කා..
"මට සමාවෙන්න බොරු බලාපොරොත්තු දුන්නට..
නන්ගි මායි බ්රේක් අප් උනාට අපි දෙන්නගෙ හිතේ තිබ්බ ආදරේ නැති වෙලා නෑ..එයා මන් එනකන් බලන් ඉදලා..
මට ආය ඒ කෙල්ලව දෙවෙනි සැරේටත් රිද්දන්න බෑ..
ඔයා හොදට එක්සෑම් කරන්න..
කැම්පස් යන්න ඕන..
පරිස්සමින් ඉන්න බුදුසරනයි.."
විදූශගෙ උත්තරේ උනේ එච්චර්යි..
දරාගන්න පුලුවන්ද...
හසරැලිගෙ කතාව ඇතුලෙ දරාගැනීම කියන්නෙ මහ අමුතු දෙයක්..
ඒක වචනවලට පෙරලන්න ඒකට ගැලපෙන වචන මගේ වචන බයිබලේ නෑ..
විදූශගෙ රැවටිල්ලට වඩා දැන් කෙල්ලට දැනෙන්නෙ තාත්තගෙ අඩුව..
වෙනිදා බත් කවලා පාඩම් කරනකන් ඇහැරලා ඉදලා නිදාගන්න යනකොට දෙන හාදුව නැතුව කෙල්ලට පාලුයි..
අම්මා කෙනෙක්ගෙ වගකීම් සේරම තනියම දරපු තාත්තා ඒ අඩුව කවදාවත් කෙල්ලට දැනෙන්න දුන්නෙ නෑ..
තමන් නිසා තමන්ගෙ අම්මා නැති උන එක ගැන කිය කිය නෑදෑයෝ පවුලෙ අය හැමෝම කෙල්ලට දොස් නගන හින්දම වික්‍රම හැමෝගෙන්ම ඈත් උනා..
දැන් වික්‍රමට හසරැලිත් හසරැලිට වික්රමත් විතරයි ඉන්නෙ..
කෙල්ලගෙ ඔලුව කම්මලක් වගේ වෙලා..
මොනවා කරන්නද කියලා තේඑඋම් ගන්න බැරුව කෙල්ල එලි වෙනකන් ඇහැරලා..
පහුවදා උදේම සිහින ඇවිත් නේහලගෙ ගෙදර ලග..
හසරැලිත් නේහත් නේහගෙ අම්මා හදලා දුන්න කෑම අරගෙන එලියට එනකොට කාර් එකට හේත්තු වෙලා කොල්ලා පෝන් එක ඔබනවා...
හසරැලි එතනම ගල්ටික් වෙලා..
"ආ..මොනවද මෙ.."
කොල්ලා කෙල්ලව දැක්ක පමාවට එතන ..
ආව ගමන් අතේ තිබුන මල්ලට එබිලා අහපු විදියට නේහට හිනා..
"ගුඩ් මොනින්..මොකෝ මේ කුකුලත් අතින් අරන්.."
නේහා මල් හිනාව දාන ගමන් ඇහුවෙ හසරැලිගෙ මූන රතු වෙද්දි..
"ඔයාලාව එක්ක යන්න ආවෙ.."සිහින එහෙම කියලා වාහනේට නගින්න කියලා ඉගි කරා..
ඒනම් ඩ්‍රයිවර් මහත්තයා අපිව පරිස්සමින් ඇරලවන්න හොදේ..
නැත්තන් අපිටත් මොචරියෙ තමා නතර වෙන්න වෙන්නෙ උබත් එක්ක ගිහින්..
"කටවහගන්න නේහා..මොනවද උදේ පාන්දර කියවන්නෙ.."
හසරැලිගෙ වැහිලා තිබුන කට ඇරුනෙ අන්න ඒ වෙලාවෙ ..
"හරි හරි..නගින්නකො..ඩොක්ටර් මට කෝල් කරා..තාත්තට සිහිය ඇවිත්"
සිහින ඒ කියපු වචන ටික කෙල්ලගෙ හිතට ගෙනවෙ අප්‍රමාන සැහැල්ලුවක්..
තාත්තට මේ විදියට් උදව් කරන මනුස්සයා හොයාගන්න ඕන..
කාර් එකේ යන ගමන් හසරැලි නේහට කියනවා සිහිනත් අහගෙන..
ඔව් බං..මන් මේ..උබට කියන්න..
නේහා එහෙම කියන්න හදනකොට සිහින බොරුවට කැහැලා කියන්න එපා කියලා ඉගි කරපු නිසා නේහා වචන ටික ගිලගත්තා..
"මොකක්ද කියන්න ගියේ.."
හසරැලි ආයෙන අහද්දි නේහා බොහොම අමාරුවෙන් කතාව වෙනස් කරේ පියරත්න ගැන වර්නනා කරන්න අරගෙන..
ටික වෙලාවකින් තුන්දෙනාම හොස්පිට්ල් එකේ..
කෙල්ල ඉක්මනට දුවලා ගියෙ තාත්තා ඉන්න කාමරේට..
යනකොට පියරත්න එක්ක බර කතාවක හිටපු වික්‍රමගෙ මූනෙ හිනාවක් ඇදුනත් කෙල්ල වික්‍රම ලගට ගියේ තරහින් පුපුර පුපුර..
මොකක්ද තාත්තෙ මේ කරගන්නෙ...මොකටද ඔය කොහෙවත් ඉන්න ලොක්කො එක්ක හැප්පෙන්න යන්නෙ..
ඒ මිනිස්සු ඔයාට මීට වැඩිය දෙයක් කරා නම්..මන් මේ ලෝකෙ තනි වෙනවා නේද..
ඔයාට ඔය වැඩ කරද්දි මාව චුට්ටක්වත් මතක් උන් නැද්ද දෙයියෝ..
මට ඉන්නෙ ඔයා විතරනෙ..
ආපු කේන්තිය කදුලු වලට පෙරලෙන්න වැඩි වෙලාවක් ගත උනේ නෑ..
"මොකද මේ මගෙ බිත්තරේ..කෑ ගහන්න එපා දෙයියෝ මන් දැන් හොදින්නෙ.."
වික්‍රම තමන්ගෙ පපුවට තුරුලු උන තමන්ගෙ ලෝකයම උන ඒ අහිංසකීගෙ ඔලුව අතගාන ගමන් එහෙම කිව්වා..
නේහා ඇවිත් අම්මා හදලා දුන්න කෑම ටික නේසෙ උඩ තියද්දි..පියරත්න සිහින කෝ කියලා ඇහුවා..
එතකොටම තමා හසරැලිත් වටපිට බැලුවෙ ..සිහින නෑ..
එයා පල්ලෙහා අන්කල්..මෙතනට එන එක හරි නෑ කියලා හිතුනලු..
ඒ නිසා එයා එතන ඉන්නම් කිව්වා..
ආ ඒමද ..මන් ඒනම් කොල්ලට පොඩ්ඩක් කතා කරලා එන්නම්..
එහෙම කියලා පියරත්න පල්ලෙහාට ගියෙ සිහින කරපු උපකාරය ගැන දැනගෙන..
වික්රමටත් ඒ ගැන දැනගන්න හම්බ වෙලා තිබුනා..
ඒත් ඒ ගැන හසරැලිට කියන්න එපා කියන ඉල්ලිම සිහින කරලා තිබුනෙ ඇයි කියලා කියන්න නේහා ඇර වෙන කවුරුත් දැනගෙන හිටියෙ නෑ..
කොහොම හරි ඒ සතිය පුරාවට තාත්තව ආදරෙන් බලාගත්ත හසරැලිට පාඩම් කරන්න හම්බුනෙ සෑහෙන අඩුවෙන්..
නේහා වගේම සිහිනගෙත් සපෝට් එක මැද්දෙ එක්සෑම් එකට පුලුවන් විදියට සූදානම් උනේ..
විරහා වේදනාවත් උපරිමේටම දැනුන වෙලාවක..
ඒ සති දෙක පුරාවටම විදූශ ශාක්‍යා ආදර කතාව ගොඩක් අය කතා උනා..ඒ අස්සෙ හසරැලිට උන අසාදාරනය ගැනත් කොල්ලො කෙල්ලො අතර වයිරල් වෙලා තිබුනා..
කොහොම නමුත් සමහරක් පතුරලා තිබුනේ හසරැලි සිහිනත් එක්ක සෙට් වෙලා විදූශව රැවැට්ටුවා කියලා..
අතලොස්සක් තමා හරි කතාව දැනන් හිටියෙ..
සිහින මේ කතා කියන කිහිප දෙනෙක් එක්ක කිහිප සැරයක් රන්ඩුවල පැටලිලත් තිබුනා..
කොහොම නමුත් කෙල්ල තමන්ගෙ වැඩ පාඩු කරගත්තෙ නෑ..
මොකද තාත්තා කියන මනුස්සයා වෙනුවෙන් කරන කැපකිරීම වංචාකාරි මිනිහෙක් වෙනුවෙන් කැප කරන්න හසරැලිට උවමනාවක් තිබුනෙ නෑ..
කොහොම හරි එක්සෑම් එකට දවස් දෙක තුනක් තමා දැන් තියෙන්නේ..
තාත්තගෙ අසනීප තත්ත්වත් ටිකෙන් ටික අඩු වෙනවා දැකපු ජෙල්ලට දැනුනෙ මහමෙරක් වගේ සතුටක්..
එක්සෑම් දවස් ගෙවිලා ගියේ ඇහිපිල්ලන් ගාන වේගෙන් වෙද්දි හැමොටම වහකදුරු වෙලා තිබුන sft විශයෙ අන්තිම දවසත් ලගා උනා..
Et වගේම Bst ලමයිනුත් ලියන මේ පේපර් එකේද විදූශ සිහින හසරැලි එකට හම්බ වෙනවා..
වෙනදා වගේම හසරැලි තාත්තගෙ ආශිර්වාදය මැද්දෙ ගෙදරින් එලියට බැස්සෙ අවුරුදු දෙකක මහන්සියෙ අන්තිම ප්‍රතිපලය ගන්න කැපවෙන්න..
නේහත් එක්ක එක්සෑම් හෝල් එකට එනකොටම කරුමෙටම තමන්ගෙ දෙපැත්තෙන් හිටපු දෙන්නව දැක්ක හසරැලි කලබල උනා..
එක පැත්තකින් තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු වංචාකාර මනුස්සයා..
අනිත් පැත්තෙන් තමන්ගෙ කරදරවලදි ලගින් හිටපු හොදම යාලුවා..
මොනවා කරන්නද එක්සෑම් එක ඉවර වෙනකන් හැමදේම දරාගන්න ඕනනේ කියලා කෙල්ල ඇවිත් ඉදගත්තේ හිත හයිය කරගෙන..
සිහිනටත් කතා කරලා හොඩට ලියන්න කියල ගව්වක් විතර එහායින් තබි වෙලා පේපරේට මූන දෙන නේහටත් කතා කරපු කෙල්ල ඇඩ්මිශන් එක දිහා බලාගෙන ඔහේ ඉන්නවා..
තමුසෙත් බඩ්ඩක් වගේ නේ ඕයි..මන් ගියා විතරයි අරූගෙ ඇගේ එල්ලුනේ..මන් කොහොමත් දැනන් හිටියා..උබ ජරා ගෑනියෙක්..කියලා..
සල්ලි පස්සෙ යන තමුන්ව නම් නැති උන එකමයි හොද..
විදූශ එහෙම කිව්වා..
එක පාරටම එහා පැත්තෙන් ඇහිච්ච ඒ වචන ටිකට කෙල්ල පිච්චිලා ගියා..
අනේ දෙයියනේ..තමන් තරන් වෙන කවුරුත් වටින් නෑ..හැම තිස්සෙම ලගින් ඉන්න කියලා කියපු මනුස්සයද මෙහෙම කියන්නෙ..
කොච්චර විශ්වාසෙන් හිටියත් කෙල්ල ඒ වචන ටිකට නම් සෑහෙන වැටුනා..
සිහිනටත් ඒ වචන ටික එහෙම්ම ඇහුනා..
කොල්ලා නැගිටලා විදූශට ගහන්න යනකොටම ශාලාධිපති පේපර් එක දෙන්න නියෝග කරා..
එහ්ම නොකලා නම් අද එතන මිනියක් මැරෙන්නත් ඉඩ තිබුනා..
බය නැතුව වෙන දේවල් ගැන හිතන්නෙ නැතුව හොදට පේපර් එක ලියන්න හාද..
තාත්තා වෙනුවෙන්..
මන් ඉන්නවනෙ..
ඒ වචන ටිකට නම් කෙල්ලගෙ හිත නිවිලා ගියා..
අනේ එහෙම ආදරේ කරන්න පිරිමියෙක්..
ඕනම ප්‍රශ්නෙකදි ලගින් ඉන්න..
තමන්ව මැරෙන දවස වෙනකන් කවදාවත් තනිකරන්නෙ නැති පිරිමි පරාන සෑහෙන අඩුයි..
පේපර් එක පැය තුනයි..සිහින, හසරැලි වගේම නේහත් පේපර් එකට වගේම අවුරුදු දෙකටම හරියන්න උපරිම සාධාරනයක් කරලා තිබුනා..
පේපර් ටයිම් එකෙන් පස්සෙ හැමෝම ඉපිලෙන සතුටින් ගෙදර යන්න ලෑස්ති උනේ ඒ ලෙවල් ඉවරයි කියන වචන ටික හැම ලමයගෙ කටෙන්ම රැව් පිලිරැව් දෙද්දි..
ඒත් එක පාරටම මේන් හෝල් එක පිටිපස්සෙ දෙන්නෙක් කෑ ගගහා රන්ඩු වෙන සද්දයක් ඇහුනේ හැමෝම ඒ පැත්තට දුවද්දි..
හැමෝම කලබලෙන් වගේ මේන් හෝල් එක පිටිපස්සහට යනකොට විදූෂ වගේම සිහිනත් රණ්ඩුවෙවී හිටියා..
විදූශ එක්සෑම් එක වෙලාවෙ කියපු වචන ටිකට සිහින හිටියෙ සෑහෙන තරහින්..
දෙන්නා ගහගත්තෙ පිස්සො වගේ..
කොහොම හරි මේක දැක්ක හසරැලි වගේම නේහත් ඇවිත් දෙන්නව දෙපැත්තට කරේ..
ඔහොම අමාරුවෙන්..
ඕන් බඩුව ඇවිත්..සිහින කුමාරයාව බේරගන්න..
විදූශ ඒ කියපු වචන ටිකට ආයෙම ගහගන්න ගියත් හසරැලිගෙ බල කිරීම අස්සෙ කොල්ලා නැවතුනා..
කාටද උබ බඩුව කියන්නෙ..මගෙ එකීට..
මේකිද යකෝ වටේ ගියේ..
ආ..උබ දැනගනින්..උබ ලගට ආය ආව එකීට ගිහින් කියපන් ඔය වචන ටික..
මන් මෙච්චර කාලයක් මේකිගෙන් ඈත් වෙලා හිටියේ මේකි උබට නොසෑහෙන්න ආදරේ කරපු නිසා ..
මන් හිතුවා උබ මේකිව මලක් වගේ බලාගනියි කියලා...
දුරින් ඉදලා මේකි උබත් එක්ක සතුටු වෙන විදිය දැකලා මන් සතුටු උනා..
ඒත් උබ මොකක්ද කරේ..උබ මේකිට ඕනම වෙලාවෙ වටේ ගියා..
දැනගනින් ..ආය උබට චාන්ස් නෑ..මේකි දැන් මගේ..මගේ විතරයි..
උබලා එකෙක් හරි මේකි ගැන වැරදි විදියට කතා කරලා තිබුනා මන් තොපි එකෙක්වත් තියන් නෑ..
සිහින එහෙම කියාගෙන ගියෙ පිස්සෙක් වගේ වියරුවෙන් ..
හසරැලිවත් ඇදගෙන කොල්ලා එතනින් ආව නේහත් විදූශට බැන බැනම ඒ පස්සෙ වැටෙද්දි..
කෙල්ල ගොලු වෙලා..
මෙච්චර දවස් ආදරේ හංගගෙබ දුරින් ඉදලා කෙල්ලට කරපු ආදරේ තරම කොච්චරක්ද කියලා කෙල්ලට දැනගන්න ආස හිතෙන්න ඇති..
තාත්තට පස්සෙ තමන් වෙනුවෙන් මේ විදියට පෙනී හිටපු එකම පිරිමිය සිහින වෙන්න ඇති..
අහන්න දේවල් දාහක් තිබ්බත් ඒ රුව ඉස්සරහා කෙල්ල ගොලු වෙලා..
ආදරය කියන අකුරු හතර සෑහෙන කල් විදලා විරහව කියන අකුරු හතර ඇතුලෙ තනි වෙලා හිටපු කෙල්ලට මහ අමුතු හැගීමක් දැනෙන්න අරන්..
මන් එක්ක යන්..මන් තාත්තට කතා කරා..එක්සෑම් ඉවර උන ගමන් ඔයා කැමති නම් ඔයත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න මට අවසර ලැබිලා තියෙන්නේ.
තමුසෙ කැමති උනත් නැති උනත් දැන් මගෙ විතරයි..
ගස් ගෙම්බියක් වගෙ මගෙ දිහා කන්න වගේ බලන් ඉන්නෙ නැතුව එනවා යන්න..
ඉස්කෝලෙන් එලියට ආප්ය් කොල්ලයි කෙල්ලයි නේහයි තුන් දෙනාම අද නිහඩයි..
ඉතුරු දවස් ටිකේ පේපරේ ගැන වත ගොත කියව කියව කෙල්ලො දෙන්න අද මීක් නෑ..
කොහොම හරි පාරෙ වාහන එන පැත්තෙන් ආවෙ සිහින..
එක පාරටම ආව ඩිෆෙන්ඩර් එකකින් කොල්ලව එක ක්ශනයට හප්පගෙන ගියෙ කෙල්ලගෙ අත අල්ලන් ඉටෞකොල්ලව ඇතට විසික් වෙද්දි..
එක පාරටම ශොක් උන කෙල්ලගෙ කන් දෙක වහගත්තෙ කෑ ගහගෙන..
නේහා දුවගෙන යනකොටත් සිහින ලේ විලක් මැද..
එක පාරටම වටේ හිටපු ගොඩක් අය වට උනා..හසරැලිගෙ සුදු ගව්ම සිහිනගෙ ලේවලින් තෙත් වෙලා ගිහින්..
ඇම්බියුලන්ස් එකට දාගත්ත කොල්ලව ඉක්මනට අරන් ගියේ මහ රෝහලට..
"නේහා.."
ICU එක ලග පුටුවක ඉදගෙන නේහාගෙ උකුලෙ ඔලුව තියාගෙන හිටපු කෙල්ල කෙදිරිගාගෙන එහෙම් කිව්වෙ සෑහෙන ලොකු වේදනාවකින්..
ඇයු මට ආදරේ කරන මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ..
මන් මේ ICU කාමරේට බයයි..
මට මේ වේදනාව දරාගන්න අමාරුයි..
මන් මහ කාලකන්නි කෙල්ලෙක් නේහා..
වචන ගැටගහගන්නවත් පනක් නැතුව කදුලු වක්කරන ගමන් අඩන කෙල්ලගෙ කටින් පිටවුනේම තමන් අවාසනාවන්තයි කියන වචන ටික..
දන්නවද මැනිකේ..
ඔයා තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල..
මේ විශ්වය ඔයාට ලස්සන් තෑග්ගක් දීලා තියනවා..
දන්නවද මෙච්චර කාලයක් ඔයාව හැම කරදරේකදිම බේරගත්තෙ සිහින..
එයා ඔයාට සෑහෙන කාලයක් තිස්සෙ ආදරේ කරනවා...
දන්නවද ඔයාගෙ තාත්තව බේරගන්න වියදම් කරෙත් එයාම තමා.
ඔයා විදූශට ආදරේ කරනවා කියලා දැනගත්තට පස්සේ ඔයාව දුරින් ඉදලා පරිස්සම් කරන්න තීරනය කරා..
උගේ පෝන් එක බලපන්..උබෙ පොටො එකක් වෝල්පේපර් දාගෙන ඇති..
ගැලරිය බලපන්..
උබෙ පොටෝවලට අමතරව තියෙන්නෙ අම්මා තාත්තගෙ සීයගෙ පොටෝ විතරයි..
උබ ක්ලාස් ගියාම එන්න රෑ වෙනවා කියලා කොල්ලා හොදට දන්නවා..
උබ ගෙදෙට්ට ගොඩ වෙනකන් උබ පස්සෙන්ම එනවා..
උබ අරුත් එක්ක ෆිල්ම් බලන්න යන දවසට ඌත් හැමදාම පිටිපස්සහින් ඉන්නවා..
එකී නොකී ගොඩක් දේවල් තියනවා මැනිකේ..
මට සමාවෙයන්..
මේ කිසි දෙයක් උබට නොකියා ඉන්න ඌ මාව පොරොන්දු කරගත්තා..
ඒත් උබ සැරින් සැරේට කියද්දි උබ අවාසනාවන්තයි කියලා..
මට වාවන්නෙ නෑ..
උබට මේ ලෝකෙ තාත්තට පස්සෙ හම්බුන ආදරනීයම මනුස්සයා ඌ..
ඉතින් උබ අවාසනාවන්තද..
නේහා මේ දේවල් කියද්දි හසරැලිගෙ ඇස් කදුලින් බර උන...
"කොල්ලව හප්පපු එකාව ඇරස්ට් කරා..
විදූශ කියලා පොඩි කොල්ලෙක්..
ඌ කූඩුවෙ"
අඩ අඩ හිටපු කෙල්ල ලගට ආව වික්‍රම එහෙම කිව්වෙ හසරැලි තාත්තව තදින් බදාගද්දී..
මැනිකේ..අඩන්න එපා වස්තු..
ඒ කොල්ලට මුකුත් වෙන් නෑ..
තාත්තා එහෙම කිව්වා..
"අනේ තාත්තෙ එයා බේරෙයි නේද..
අනේ එයාව හොද කරන්න කියන්නකො..
මට එයාගෙන අහන්න දේවල් ගොඩක් තියනවා..
මාව එච්චර දරාගත්තෙ කොහොමද කියලා මට අහන්න ඕන තාත්තේ.."
හසරැලි ඒ විදියට අඩ අඩ ඉද්දී ඩොක්ටර් එලියට ආවා..
එයාට ප්‍රශ්නයක් නෑ..
අපෙ ලඩ් බෑන්ක් එකේ වෙලාවට එයාට ගැලපෙන බ්ලඩ් ගෲප් එක තිබුනා අද රෑ හරි හෙට උදේ හරි සිහිය එයි..
ඩොක්ටර් එහෙම කිව්වම වික්‍රම ඩොක්ටර්ට සෑහෙන ස්තූති කරා..
සිහිනව බලන්න අවසර හම්බ උන මොහොතෙම කෙල්ල ගියේ..ඇස්වල කදුලු පුරවගෙන..
කෙල්ලට සෑහෙන ක්ලකිරීමක් දැනුනා..
තමන්ට මෙච්චර ආදරේ කරන පිරිමි පරානයක් ලග ඉන්නකොටද අච්චර ලොකු වංචාකාරයෙක්ට රැවටුනේ..
කෙල්ලගෙ හිත කෙල්ලටම දොස් කිව්ව..
මන් ආදරෙයි..
මන් ලගටම වෙලා ඉන්න පුලුවන්ද..
ජීවිතෙ හැමදාටම ආදරය කියන අකුරු හතරට වෛර කරන්න තීරනය කරපු මගෙ හිත ඇතුලට ආදරේ ඇත්තටම වටිනකම කියලා දුන්නෙ ඔයා..
මන් ආදරෙයි..
ඔව්..
මන් ආදරෙයි..
අන්තිම වතාවට මටත් වඩා මට ආදරේ කරන ඔයාට ජීවිත කාලෙටම ඇති වෙන්න මන් ආදරෙයි..
ඔයා මාව පරිස්සම් කරාට වැඩිය මන් ඔයාව පරිස්සමින් බලාගන්නවා...
මට ඔයාගෙ ඔය ආදරේ හැමදාටම දෙන්න පුලුවන්ද ඒයි..
දැන් බෑ..
පස්සෙ බලමු..
එක පාරටම කෙදිරි ගාගෙන ගොත ගගහා පටලගත්ත වචන ටික කියන ගමන් සුපුරුදු නපුරු සරාගී හිනාව දැම්මෙ කෙල්ලගෙ මූනජම්බු ගෙඩියක් වගේ රතුවෙද්දි..
මොඩ පොලොස්කොට්ටොරුවා...
කොයි වෙලේද නැගිට්ටෙ ..
ඔයාට මන් කියපු ඔක්කොම ඇහුනද..
හ්ම්ම්..
කොතන ඉදන්ද..
හසරැලි ඒක ඇහුවෙ කොල්ලගෙ මූනට එබෙන ගමන්..
මාව ආයෙම මරාගන්නද හදන්නෙ මට සිහිය ආව කියලා ඩොක්ටර්ට කියනවා ඕයි..
සෑහෙන අමාරුවෙන් කතා කරපු කොල්ලා දිහා බලන් හිටපු කෙල්ලට පස්සෙ තමා ඒක මීටර් උනේ..
දුවගෙන ගිහින් ඩොක්ටව එක්කන් ආව..
දැන් කොල්ලට හොදයි..
සිහිනගෙ සීයා වගේම හසරැලිගෙ තාත්තත් නේහා වගේම අනෙක් යාලුවොත් සිහිනව බලන්න ඇවිත් හිටියා..
විදූශ ඇප පිට නිදහස් වෙලා තිබුනා..
කොල්ලට මොනවා හරි උනා නම් තිබ්බා බලන්න..
දැන් සිහින හසරැලි ආදර කතාවත් සම්පූර්නයි..
මාව හය හතකින් රිසාල්ට් එද්දි කොල්ලයි කෙල්ලයි වගේම ඒ දෙන්නගෙ ඕනම දේකට හිටපු බොක්කෙ ෆිට් එකත් කැම්පස් යන තරමට පාස් වෙලා හිටියා..
සිහින හසරැලිවත් හසරැලි සිහිනවත් ආදරෙන් පරිස්සම් කරා..ජීවිත කාලෙටම...
*ජීවිතේ කාලෙ වැරදි හමුවීම් නිසා ආදරය කියන අකුරු හතර ඇතුලෙ විරහව විදිලා හෙම්බත් උන අහිංසක ගෑනු පරානවලට තමන් ආස විදියෙ ආදරයක්..
තමන්ට දැනුන ආදරයක්,තමන්ට වඩා තමන්ට ආදරේ කරන ලස්සන නපුරු ආදරේ පිරිච්ච පිරිමි පරානයක් හමු වෙන්නම ඕන..*
*විශ්වය ඔයාගෙන් දෙයක් උදුරගන්නෙ ඔයාට ඊට වැඩිය ලස්සන දෙයක් දෙන්න බලාගෙන කියලා හැමතිස්සෙම තේරුම් ගන්න*