ප්‍රේමාදරි සිංහල කෙටි කතාව

 



ප්‍රේමාදරි ✨🏏*

_කෙටි කතාවකි_

╌╌╌╌╌╌╌╌╌╌╌╌╌╌

අද ටී ටුවෙන්ටි (T20) මැච් එකක් තියෙනවා. ලංකාවේ නැශනල් ටීම් එකේ මම ආසම කෙනාත් අද ප්ලේ කරනවා. ඉතින් මමත් ගියා යාලුවෝ එක්ක මැච් එක බලන්න. 

මං ගඟනි නිත්‍යා. වයස 23ක් වෙනවා. රස්සවක් විදිහට මම කලේ.. මට එක කියන්න අප්පිරියයි දැන්.. ඒත් මේ ලෝකේ තියෙන පරනම රස්සවක් එක.. සමහර විට තේරෙනවා ඇති මං කියන දේ. 

හැබැයි මම ඒ රස්සාව කලේ කැමැත්තකින් නෙවෙයි. දැන් මම ඒ රස්සව කරන්නෙ නෑ. ඒත් මං ජීවත් වෙන්නෙ අනිත් හැමොටම වඩා වෙනස් විදිහකට. 

  " ඇස් පේන්නෙ නැද්ද මිනිහෝ..මොන ලෝකෙ ඉන්නෙ..කොහෙ බලන් යනවද මන්දා.. බලනවා මගෙ ඇඳුම..ශිට්.."
     මම ඒ වෙලාවෙ පොඩි ඩ්‍රින්ක් එකක් අරන් හිටියෙ. 

මොකෙක්දෝ මිනිහෙක් මම යද්දි ඇවිත් මගෙ ඇඟේ හැප්පුනා. ඉතින් උගෙ අතේ තිබ්බ පෙප්සි එකක් මගෙ මුලු ඇගේම හැලුනා. මදැයි ඉදලා ඉදලා මැච් එකක් බලන්න ආවා.

     " ගඟූ.. ඇති බන් යමන් මෙතනින්..අපි ඩ්‍රෙස් එක චේන්ජ් කරගමු.."
   " එපා ඉදපන් ටිකක්..මං දැන් මැච් එක බලන්නෙ කොහොමද මිනිහෝ..අරන් දෙනවා මට ඇදුමක්.."
    " අයියො ගඟූ අපි යමු.. මං අරන් දෙන්නම් උබට ඇදුමක් යමන්.."
   
  " අයිම් රියලි සොරි මිස්..ආ මෙන්න මේක අරන් ඩ්‍රෙස් එකක් ගන්න..."
   ඒ මිනිහා මට රුපියල් 10000ක් දිග් කලා.

    " තියා ගන්නවා ඕයි තමුසෙගෙ සල්ලි..පාරෙ යද්දි සිහියෙන් යනවා.."
    එක්කො මේ මිනිහාට පිස්සු. නැත්තම් මට වැඩි වෙලා.. නෑ ඒත් වැඩි වෙන්න විදිහක් නැ. මොකද මම තාම හරියට බිව්වෙ නැ. 

එක ශොට් එකයි ගැහුවෙ. යකො මේකා මං දිහා බලන් ඉන්නෙ හරියට හිතේ ඉන්න සුපිරි තරුවක් ඌගෙ ඉස්සරහට ආවාම පුදුම වෙනවා වගේනෙ. ශික් කුපාඩි බැල්ම. 

    මං ඉතින් මගෙ හොදම යාලුවා පරීවත් ඇදගෙන එතනින් ගියා. එයා පරින්දි. මං මොන විදිහට හැසිරුනත් ලෝකයා නට මොන විදිහෙ කතා කිව්වත් මාත් එක්ක නොවෙනස් ව එකටම හිටපු මගෙ හොදම යාලුවා. 

 අපි දෙන්නම එක්කම ලග තිබ්බ රෙදි කඩේකට ගිහින් පීකොක් බ්ලූ ඇඟටම ෆිට් ඕපන් ශෝල්ඩර් තියෙන විලුඹ ලගටම දිග උනත් ඉස්සරහින් පලපු ෆ්‍රොක් එකක් ගත්තා. 

ඒකත් ඇදගෙන අපි ගියා ග්‍රවුන්ඩ් එකට මැච් එක බලන්න. දෙන්නම මූණේ ස්ටිකර් ටැටූ එකක් ගහගත්තා ලංකාවේ කොඩියයි මගෙ ආසම ක්‍රිකටර් ගෙ නමයි.

   " ගඟු.. "
  " ඔ පරී..කියපන්.."
මං ඒ වෙලාවෙ ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙන කල්පනාවක හිටියෙ. ඒ වෙද්දිත් නැශනල් ටීම් එක ග්‍රවුන්ට් එකට වාර්තා කරනවා.










   " උබෙ ඔය හිතේ ඉන්න ක්‍රිකටර් එක්ක උබට අද කතා කරන්න චාන්ස් එකක් ආවොත් උබ මොකද කරන්නෙ.."
   " වෙන්නෙ නැති දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න යන්නෙ නැ බන් මම..මෙච්චර බිසී මනුස්සයෙක් එයිද බන් කොහෙවත් නැති මාත් එක්ක කතා කරන්න.."

       මං මූණට බොරු හිනාවක් මවාගන්න උත්සහ කලා. එතනින් එහාට පරී මගෙන් මොකුත් ඇහුවෙ න

ඉතින් මැච් එක පටන් ගත්තා. ඉස්සෙල්ලාම විරුද්ද පිලේ අය සෙල්ලම් කරන්න හිටියෙ. ඉතින් ලංකාව බෝල් කරන්න හිටියෙ. විරුද්ධ පිලට හිටියෙ ඉන්දියාවේ කට්ටිය. 

කොහොම හරි ඕවර් 20ට ලකුණු ගහගන්න පුළුවන් උනේ 276ක් විතරයි. විකට් 8ක් අරන්. ඉතින් ලංකාව දිනන්න නම් 277ක් ගහන්න ඕන. දැන් නම් තරඟය ටිකක් උණුසුම් වගෙ. ඕවර් 10ක් ඉවරයි. ලකුණු 150ක් ගහලා ලංකාව. විකට් නම් තාම බිංදුවයි. 

      " ඔහ් ශිට්..තිසා අවුට් උනා නෙ.. දැන් කවුරු එයිද.."
    මං ඔලුවෙ අත තියාගෙන කියද්දි පරී උඩ පැන පැන කෑගහන්න ගත්තා.

   " අඩො අඩො..අන්න අරයා.. උබෙ සිහින තරුව අන්න බැට් කරන්න යන්නෙ.."
   මං ඒත් එක්කම ඔලුව උස්සලා ග්‍රවුන්ඩ් එක දිහා බැලුවා. 

  දෙයියනේ ලස්සන..අනේ ඒ හිනාව..ඉතින් ඒ තමයි මගෙ ආසම තරුව තීශාක්‍ය සිරිවර්ධන. නැශනල් ක්‍රිකට් ටීම් එකේ හොදම බැට්ස්මන්. එයා හිනා වෙද්දි ඇස් හීනි වෙලා කම්මුල් වල ගැහෙනවා. අම්මො කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.

    " ශාකිඊඊඊඊ...."
 මං විසිල් එක්කුත් ගහලා හයියෙන් කෑ ගැහුවා. එයාට ඉතින් සද්දෙ ඇහුනට මෙච්චර දෙනෝදාහක් ඉස්සරහා පේන්නෙ නෑ කවුද කෑ ගැහුවෙ කියලා නම්.

   "ශාකි..ශාකි..ශාකි..ශාකි.."
   හැමෝම එයාගෙ නම කියලා බෙරිහන් දෙන්න පටන් ගත්තා. එයා බැට් එකට කිස් එකක් දීලා බැට් එක ඕඩියන්ස් එක පැත්තට දික් කලා. මං හිටපු පැත්තට වගේ තමා බැට් එක දික් කලේ. ඒත් ඉතින් එයා මාව දන්නවායැ. 

බාගෙට බාගයක්ම ඉතින් එයාගෙ ෆෑන්ස්ලානෙ ඉන්නෙත්. ඒ නිසා වෙන්න ඇති මේ පැත්තට කරන්න ඇත්තෙ. මට හිතුනෙම ඒක කලේ මට කියලාමයි. ඒත් මට පිස්සු විකාර. එයාගෙ සිහියෙන් ඉන්න නිසා මොනා හිතෙනවද මංදා. 

මං එහෙම හිතින්ම හිත හිත මගෙ ඔලුවට එකක් ගහගත්තා. පිස්සු විකාර හිතනවට.

කොහොමත් අද මැච් එක ලංකාව දිනනවා ඒක ශුවර්. ආපු ගමන්ම පලවෙනි බෝලෙම 6ක්ම දීලා අතෑරියා. ඔහොම එක දිගට හයේ ඒවා පහක්ම ගත්තා.  කොහොම හරි එයා අර්ධ ශතකෙත් ගැහුවා. හල්ෆ් සෙන්ටරි එකක් ගන්න එයාට පුළුවන් උනා. 

දැන් නම් මැච් එකෙ අන්තිම හරිය තව එක ඕවර් එකයි තියෙන්නෙ. බෝල හයට ලකුණු 12ක් ගහන්න ඔනි තව. ඒක නම් ශාකි අයියට මහලොකු දෙයක් නෙවේ. 

   " ශාකි..ශාකි..ශාකි.."
කට්ටිය ගෑගහන අස්සෙ,

   " පෙම් කැකුල පිපී එන විට මහදේ එය පරව ගියා මා හෙලා මේ දුක් අන්දකාරේ.. අන්දකාරේ.."
   සිංදු දාලා ඒ සද්දෙත් ඇහෙනවා. දැන් නම් පට්ටම සතුටුයි. මම ලග තිබ්බ බ්ලැක් ලේබල් බෝතලෙ පිටින්ම උගුරු දෙක තුනක් බිව්වා. 








මගෙ තියරිය ඉතින් සතුටටත් බොනවා දුකටත් බොනවා ඕක තමා මගෙ ජීවිතේ. වටේ පිටේ මිනිස්සුන්ගෙ මිම්මට අනුව බේබද්දියක්. 

    " අඩේ ගගු අන්න හතරක් ගැහුවා.. අඩො ශාකි අයියා නම් සුපිරිම වැඩ්ඩෙක් නෙ.."
     පරී අත්පුඩි ගගහා උඩ පනිනවා. 

   " ඔව් ඔව් කොල්ලාව් වැඩ්ඩා.. බෝල් හතරට තව ලකුණු හයක් ඕන..ගහයි නෙද බන්.."
    " විශ්වාසය තියා ගනින් බන්.."
   අන්න බලහන් ගහන්න යන්නෙ. 

මම ඒ වෙද්දි අත් දෙකම එකතු කරලා වැදගෙන නැගිටලා හිටියෙ. 

   'එකම එක හයක් ගහන්න අයියෙ..'
    මම හිතින් ප්‍රාර්ථනා කලේ එච්චරයි. 

   " අඩෝ ගැහුවා ඕයි ගැහුවා..හයයි..ශාකීඊඊඊඊ....."
    මම උඩ පැන පැන බෙරිහන් දෙන්න ගත්තා සතුටට. තව පොඩ්ඩෙන් වැටෙනවා පරීව බදාගන්න ගිය පාර.

අපි ඉතින් යන්න තමයි ලැහැස්ති උනේ. ඒ වෙද්දි බ්ලැක් ලේබල් බෝතකයක්ම ඉවර කරලා මට ටිකක් වැඩි වෙලා හිටියෙ කෙලින් හිටගන්න බැරුව.

    " මම වොශෲම් ගිහින් එන්නම්..උබ ගෙදර පලයන්.."
   " බෑ බෑ උබව දාලා යන්න බෑ පිස්සුද.. මං එතකල් ඉන්නම් ඉකමනට ගිහින් වරෙන් ගඟු.."
  " නැ නැ උබ පලයන්කො..මට පොඩි වැඩක් තියෙනවා මම ඒකත් කරගෙනම ගෙදර යන්නම්.. පරිස්සමෙන් පලයන්.."
    මම වෙරි ගතියෙන්ම කිව්වා.

   " අනේ මංදා ගඟු මට බයයි උබව දාලා යන්න..හරි එහෙනම් ගෙදර ගිය ගමන් මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාපන් මම බලන් ඉන්න නිදියන්නෙ නැතුව ආ.."
   " ඕකේ මැඩම්.."
මං හිනාවෙලා පරීට සැලුට් කරලා යන්න ඉඩ දුන්නා. එයා හිනාවෙවීම එතනින් ගියා. 

මං වොශෲම් එකට ගිහින් එද්දි කවුරු හරි මගෙ ඉස්සරහින් ෆෝන් එකත් ඔබ ඔබ විසිල් එකකුත් ගහගෙන ආවා. ෆෝන් එක දිහාම බලන් ආපු නිසා එයා මාව දැක්කෙ නැ. මාත් ඒ මනුස්සයාව දැක්කෙ නෑ මමත් වෙරි ගාතේ උඩ බලන් ආවෙ..

මම ඒ මනුස්සයාගෙ ඇගේ හැප්පුන පාර එයා ඒ ක්ෂණික මාව අල්ලගත්තෙ මම වැටෙන්න ගිය නිසා. හරියට නිකන් හින්දු පික්චර් එක්ක වගේ. නිළිය එද්දි නලුවා ඉස්සරහින් ඇවිත් හැප්පිලා නිළිය කැරකිලා ගිහින් නලුවාගෙ අතට වැටෙන්නෙ. අන්න ඒ වගේ. 

වෙනසකට තියෙන්නෙ මම කැරකුනේ නම් නෑ වෙරි ගාතෙ නිසා ඇඟට පණ නැතුව වැටුනෙ. අනික ඒක ෆැන්ටසි මේක සැබෑ ජිවිතේ ඒකයි වෙනස. මං හිටියෙ දුන්න නැමිලා වගේ එයාගෙ අත උඩ. එයාගෙ අතේ පිහිටෙන් නොවැටී බේරුනෙ. 

ඒත්,
____________________°°

කවුද ඒ🤭ඔන්න ලමයි කතාව ගෙනාවෝ🤭🌝 කමෙන්ට් කරන්න බලන්න.
╌╌╌╌╌╌╌╌╌╌╌╌╌

ඒත් මේක හීනයක්ද? මේක අදහා ගන්න පුළුවන් දෙයක්ද..? දෙයියනේ මේ..මේ තීශාක්‍ය සිරිවර්ධන නේද මගෙ ඇස් ඉස්සරහා ඉන්නෙ. වෙයියනෙ මගෙ සිහින කුමාරයා ශාකි. ඔහ් මයි ගෝඩ්..!






    " ස්..සෝ..සො-රි.."
මං එයාට වාරු වෙලාම කෙලින් උනා. ඒත් කෙලින් හිටන් ඉන්න තරම් පණක් නැ. 

     " ඔයා ඩ්‍රින්ක් අරන්ද ඉන්නෙ.."
      එයා ඇහුවේ මාව එයාගෙ ඇඟට වත්තන් කරගන්න ගමන්.

   " ටික්..කක්.."
   " මොකෙද ආවෙ.."
   " යාලුවා එක්ක..එයාව මං යැව්වා.."
   " ම්ම් ගෙවල් කොහෙද.."
   " ගල්කිස්ස ටවුන් එක පහුකරලා ටිකක් යන්න ඔනි..සිල්ලර බඩු කඩයක් එක්ක ඇතුල් පාරක් තියෙනවා එකෙන් ගියාම දෙවනි ගෙදර.. ඇයි අහන්නෙ.."
    මට ඇත්තටම සිහියක් තිබුනු නැ. මං ලාවට ඇස් වහගෙන එයා දිහා බලන් එයාට උත්තර දුන්නා.

   " ආ යන් මං ඩ්‍රොප් කරන්නම්.."
    එයා මාවත් වත්තන් කරගෙන ලොකු බෙන්ස් කාර් එකක් ලගට ගියා. 

 මං කාර් එකෙ පැසෙන්ජර් සීට් එකට වෙලා ඇස් දෙක පියන් ටික වෙලාවක් හිටියා. එයා සීට් බෙල්ට් එකත් දාලා ඩ්‍රයිවින් සීට් එකට ගියා.

   " මචං උබ එන්නෙ නැද්ද පාර්ටි එකට.."
     ඒ ඇවිත් හිටියෙ මං දන්න තරමින් තීශාක්‍යගෙ හොදම යාලුවා ශෙනාල්. නැශනල් ක්‍රිකට් ටීම් එකෙ හොදම බෝලර්. 

   " මං පොඩි ගමනක් ගිහින් එන්නම්..උබලා එතකල් එන්ජෝයි කරපන්.."
   " හරි මචං පරිස්සමෙන්.."
    එහෙම කියලා එයා මගෙ දිහා බලලා ගියා.

  ටික දුරක් ගියාට පස්සෙ මං ලාවට ඇස් ඇරලා ඒ පැත්ත බැලුවා.

    " අඩෝ පරී..මට..මට උබව පේන්නෙ හරියට මගෙ ශාකි වගෙ..මේ ඇස්, මේ හිනාව, වල ගැහෙන කම්මුල්..පිස්සුවක් ඕයි..මට හිතෙන්නෙ එයාගෙ සිහියෙන් ඉදලා බීලා මට දැන් හැම තැනම එයාව පේන්න අරන් වගෙ.."
    මං දැක්කා එයාට ලාවට හිනා යනවා. 

මාව  ගේ ලගින්ම බස්සලා එයා ගියෙ නම් නැ. මාත් එක්ක ආවා. මම දොර අරිනවත් එක්කම ආයෙත් වැටෙන්න ගියා. එයා ඉක්මනට මාව අත්දෙකින්ම උස්සගෙන සාලේ සෝෆා එකෙන් තිබ්බා. 

  එයා නැගිටින්න යද්දි මම එයාගෙ අතින් අල්ලගත්තා. ටික වෙලාවක් ඉද්දි මට එහෙම්ම නින්ද ගිහින්. එයාට යන්න විදිහකුත් නැ. පාන්දර එකට විතර මට ලාවට ඇහැරුනා. මං අරයගෙ අතින් අල්ලගෙන ඉදිලා තියෙන්නෙ. මං හිතුවෙ එතන ඉන්නෙ පරී කියලා.

   " මං මහ ජරා කෙල්ලෙක් පරී..මට තේරෙන්නැ මොනා කරන්නද කියලා..කාත් කවුරුත් නැතුව අනාත උන මට..ශික් වැඩක් නෑ ඒවා මතක් කරලා..මට මගෙ ශාකිව හැමදාම හීනෙන් පේනවා බන්..එක වතාවක් හරි කතා කරන්න තිබ්බා නම්.."
    මං මෙච්චර වෙලා පරී කියලා හිතාගෙන එයාගෙ අතින් අල්ලගෙන කියවලා තියෙන්නෙ. ඉතින් මට එහෙම්ම නින්ද ගියා. එයා මගෙ මූණ දිහා බලන් ඉදලා ඔලුව අතගෑවා.

මං උදේ ඇහැරෙද්දි හිටියෙ සෝෆා එකේ ඇන්දට ඔලුව තියාගෙන කකුල් දෙක ශාක්‍යගෙ ඔඩෙක්කුවෙන් තියාගෙන. 







මං ඇස් ඇරලා ආයෙම ඇස් දෙක පොඩිකරගෙන් බැලුවෙ හීනයක්ද කියලා. නෑ දෙයියනේ මේක ඇත්තක් එයා මගෙ ලග ඉන්නෙ.

මං ගැස්සිලා නැගිට්ට පාර එයාටත් ඇහැරුනා.

  " ආ නැගිට්ටද.."
එයා ලාවට හිනා වෙලා මගෙන් ඇහුවා. යකො මම තාම ශොක් එකේ ඉන්නෙ මේ පුදුම වෙලා. මං ගල් ගැහිලා වගෙ බලන් හිටියා.

    "ම්..මෙ..ඔ.ඕ..ඔව්..ඔයා මෙහෙ.."
   " හ්ම්ම්ම් මතක නැද්ද ඊයෙ වෙච්චි දේවල්.."
    " ඊයේ මොනාද උනේ.."
මං ටිකක් බය වෙලා වගෙ ඇහුවා. බය වෙන්න දේකුත් නැ ඉතින්. මොකද මට තවත් පරිස්සම් කරන්න දෙයක්වත් නැති වෙන්න දෙයක්වත් නැනෙ. 

   " ඊයෙ උනේ කියන්නෙ ඔයා හොදටම බීලා මගෙ ඇගේ හැප්පිලා වැටෙන්න ගියා. ඊට පස්සෙ මං ඔයාව ගෙදර එක්ක ආවා..මං යන්න යද්දි ඔයා මට යන්න දෙන්නෙ නැතුව අතින් අල්ලගෙන හිටියා යන්න එපා කියලා.. 

ඉතින් මම උදේ වෙනකල් මෙහෙ..බය වෙන්න එපා ඔයාට කිසිදෙයක් උනෙ නැ මගෙ අතින්.."
    මම ලොකු හුස්මක් පිටකලා. මං කොහොනද කියන්නෙ මට බයවෙන්න දෙයක් ඉතුරු නෑ කියලා. 

   " අනෙ සමාවෙන්න අයියෙ. අයිම් රියලි සොරි..මං ඊයෙ සතුටටත් එක්කම ටිකක් වැඩි පුර බිව්වා..ඉන්නකො මම තේ එකක් හදන් එන්නම්.."
    මම කුස්සියට ගිහින් ඉක්මනට දෙන්නටම කිරි තේ දෙක්කුත් හදාගෙන ආවා.

   " මට නම් විශ්වාස කරන්නත් බෑ..මං ආසම බැට්ස්මන් මගෙ ඉස්සරහා ඉන්නවා කියද්දි.."
   එයා ලා මදහසක් එක්ක මගෙ දිහා බැලුවා.

   " ඊයෙ ශාකි කියලා කෑගහලා විසිල් එකක් ගැහුවා නෙ.."
   මොකක්? එයා කොහොමද එක දන්නෙ.

   " ඔයා කොහොමද ඒක දැක්කෙ.."
   " ඇයි දැක්කෙ නැද්ද ඒ වෙලේ ඩ්‍රෝනා කැමරාව ඔයාගෙ වැටේට කැරකෙනවා..අර ලොකු ටිවි එකෙන් ඔයාව සූම් කරලම පෙන්නුවා. "
    දෙයියනෙ ලැජ්ජාවෙ බැ. කී දෙනෙක් දැක්කද දන්නැ.

    " අප්පාහ්..ඔහොම බලන්න එපා අයියො ලැජ්ජයි අනෙ.."
    "  එහෙනම් මම යනවා..පස්සෙ වෙලාවක හම්බෙමුකො.."
    " පරිස්සමෙන් යන්න අයියා.."
    " අහ් ඔයාගෙ නම මොකක්ද? "
     " ගඟනි.."
   "නයිස් නේම්..ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද..?"
   " නෝත් සවන් ෆෝ ටූ සීරෝ***.." 
   බ්ලා බ්ලා බ්ලා බ්ලා..

එයා ලස්සන හිනාවකුත් දාලා බායි කියාගෙන ගියා.

අප්පට සිරි දැන් නෙ මතක් උනෙ. පරීට රෑ කෝල් එකක් ගන්න කිව්වනෙ..මයෙ එකී බයවෙලාද දන්නැ. ඉම්හි ඉම්හි බැනුම් අහපන්කො ඉතින් දැන්.

මම ඉතින් ෆෝන් එකෙ ඩේටා උන් කලා. ඔන් කරත් හරි ඔන්න මයෙ එකී මැසේජ් දාලා හෝ ගාලා.
   
ට්ක්..ට්ක්..ට්ක්.. හරිනෙ අමාරුව අද ඉතින් කනේ ඇබ ගහන් තමයි ඉන්න වෙන්නෙ...

📲 *මයෙ එකී🫂👻පරී බබාහ්🥴♥️😜*








☞koheda ballo tho inne😡
☞call kiyak gaththada😒
☞ganiye
☞answer karapan pmco🤬
☞besika kella
☞yako baya karanna epa😑
*missed 2 voice called*

☞warenko tho gedara😒😡
☞ade ගඟු කොහෙද බන් ඉන්නෙ🥺💔 බයයි දැන් නම්🥺 12යි වෙලාව🥺

අනෙ පව් දෙයියනෙ. හොදටම බය වෙල. මං ඉතින් පටගාලා කෝල් එකක් ගත්තා පරීට..

*mage eki normal👻 calling..*
    ආන්සර් කරන්නැ මෙ බෙසික කෙල්ල. තරහා වෙලාද කොහෙදො මා අම්මා. ඒත් එක්කම ගෙදර බෙල් එක ගහන සද්දෙට මම දොර ලගට ගියා. 

මොකාද යකො බෙල් එක උඩ ඉදගෙන හික්කඩු යන්නෙ.. එක පාරක් ගහපියව් මගෙ කන් ඇහෙනවා.

   මං දොර ඇරියා නම් තමයි.. අරිනවත් එක්කම අර යස්සනි කුඩේකුත් අරන් මගෙ ඇඟට කඩන් පැන්නා.

   " කොහෙද තෝ ගියෙ ඊයේ අඅ..කෝල් කීයක් ගත්තද..අඩුම මැසේජ් එකක්වත් දාන්න බැරි උනාද බොට.."

මෙන්න මේකි මට කුඩෙන් ගහගෙන ගහගෙන ගියා.

   " ආව් ආව් සුදු එපා..රිදෙනව රිදෙනව.. ම..ආව්..ඇති ඇ..ආව්.."
     ගහලා ගහලා කුඩේ සෝෆා එකට විසික් කරලා පරිත් ඉදගත්තා.

   " මං බය උනා ගඟු උබට මොකක් හරි උනොත් කියලා.. මං පාන්දර 2 වෙනකල් ඇහැරලා..උබට කෝල් 5ප්ක් විතර ගන්න ඇති වට්සැප් නෝමල් ඉන්ටාර්..බැරිම තැන මැසෙන්ජර් එකෙනුත් ගත්තා..අන්තිමට පාන්දර 2ට විතර ගත්ත කෝල් එක ආන්සර් උනාට පස්සෙ තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.."

   " කෝල් එක ආන්සර් උනා..?"
   මං පුදුමෙන් ඇහුවා. මම නම් ආන්සර් කරනවා තියා සිහියක්වත් තිබ්බෙ නෑ.

   " ඔව් ආන්සර් කරලා කතා කලේ කොල්ලෙක්..උබ හොදින් ඉන්නවා කියලා කිව්වා..ඊයේ රෑ ඩ්‍රින්ක් අරන් ටිකක් වැඩිවෙලා සිහිය නෑ කිව්වා..

ඊට පස්සෙ එයා ෆෝන් එක තිබ්බා 'මාත් ගෙදර යනවා දැන් ඔයා උදේට මෙයාට කෝල් එකක් ගන්න කියලා'..හැබැයි මචං මට ඒ වොයිස් එක නිකන් හුරුයි වගෙ..ශාකි අයියගෙ කටහඩ වගෙ හරියට ඇහුනෙ..ඒත් එහෙම වෙන්න විදිහක් නැනෙ කියලා මං නිදා ගත්තෙ.."

   මට ටිකක් ලැජ්ජා හිතෙන හිනාවක් යන්න ගිහින් මම තොල හපාගෙන හිනාව නතර කරගත්තා.

    " උබට දෙයක් කියන්න තියෙනව..ඉදපන්කො මම තේ එකක් හදන්ම එන්නම්.."
    මං කුස්සියට ගියාට පස්සෙ මගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා. 

  " ගඟූ මෙන්න උබට කෝල් එකක්.."
   " කවුද බලපන්.."
 
*ශාකී♥️🥺🌏*

   " ශාකි කියන්නෙ කව්ද.. "
   " කෝ දෙන්න.."
මම ෆෝන් එක අරන් ආන්සර් කරලා කනේ තියාගත්තා.










   " හෙලො.. ගඟු.."
  " ඕ අයියෙ කියන්නෙ.."
අනෙ එයාත් මට ගඟූ කිව්වා. මට ගඟූ කියන්නෙ මට ලගින්ම ආදරේ කරන අය විතරයි. ඉතින් මට එහෙම කෙනෙක්ට ඉන්නෙ පරී විතරයි ඒ නිසා ඒකි විතරයි මට ගඟූ කියන්නෙ. ඒත් දැන් ශාකි අයියාත් මට ගඟූ කියද්දි මාර සතුටක් දැනෙනවා. දුකකුත් එක්කම.

   " ඔයා බිසීද.."
   " නෑ අයියා කියන්න.."
 " වැරදියට හිතන්න එපා..ඔයා කැමති නම් අද මාත් එක්ක ඩේට් එක්කට යමුද..මට ටිකක් නිදහසේ කතා කරන්න ඕන.."
     " ආ හරි අයියා මං  එන්නම්..කීයටද එන්න ඕන.?"
   " ඔයාට පුළුවන් කීයටද.."
   " ඔයා ටයිම් එකක් කියන්න මම එන්නම්..අද ස්පෙශල් වැඩක් නැ මට.. "
    " ම්ම් එහෙනම් දෙක වෙද්දි ලෑස්ති වෙලා ඉන්න මම ඔයාව පික් කරන්න එන්නම්.."
   " හරි.."

මම ෆෝන් එක කට් කරලා  පරී දිහා බලද්දි මේකි මට රවාගෙන නළලත් රැලි කරන් මගෙ දිහා බලන් ඉන්නවා. 

   "මොකද ඔහොම බලන්නෙ.."
  " කවුද ඔය කතා කලේ.."
   " ආ මේ නැශනල් ක්‍රිකට් ටීම් එකේ හැන්ඩ්සම් ම බෝයි තීශාක්‍ය සිරිවර්ධන.."
   " සිරාවට..බොරුනෙ.."
" ඇත්ත සුදු..මේකයි ඊයෙ උනෙ.."
    මම ඉතින් වෙච්චි ඔක්කොම කිව්වා පරීට.

  " අඩො සිරාවට..මහෙන් උණුසුම් සුභ පැතුම් කෙල්ලෙ.. මයෙ එකීටත් එහෙනම් ජයසිරි මංගලම් වෙයිනෙ ලගදිම.."
    මං මොකුත් නොකියා ලොකු හුස්මක් එක්ක සිවිලිම දිහා බලන් හිටියා. 

   " ඇයි මූඩ් අවුල් ගියෙ..."
   " මං වගේ කෙල්ලෙක්ට කවුද බන් කැමති වෙන්නෙ..පොඩි කාලේ ඉදන්ම ජීවිතේ විනාස වෙච්ච කෙල්ලෙක්ට අච්චර ෆේමස් අච්චර ලස්සන ශාකි අයියා වගේ කෙනෙක් කැමති වෙයිද.."

   " ඌ ප්‍රසිද්ධ උනා කියලා අකමැති වෙන්නෙ මොකද..අනික උබ කොච්චර ලස්සනද.."
    " හරි ලස්සන නිසා කැමති උනා කියමුකො..ඒත් මං ගැන ඇත්ත දැනගත්තට පස්සෙ එයා කොහෙත්ම කැමති වෙන්නෙ නෑ පරී..අපි දෙන්නා අතරේ යාලුකමකට එහා රිලේශන්ශිප් එකක් තියෙන්නෙ නැතිවෙයි පරී.."

    " අනෙ උබෙ විකාර..සමයං බන් උබට..හැම කොල්ලාම එකවගේ නැ..උබව කොල්ලො රැවැට්ටුවා තමයි, උබ කලින් කරපු රස්සාවත් අවුල් තමයි, ඒත් උබ හැම වෙලේම උබේ චරිතෙ ගැන උබම අවතක්සේරු කරගන්න එපා බන්.. රටේ ලෝකෙ උන් මොනවා කිව්වත් උබ උබේ චරිතෙට ආදරේ කරපන්..

 අනික හැම කොල්ලාම එක වගේ නැනෙ..ශාකි අයියා මොන වගේද කියලා අපි තාම හරියටම දන්නෙ නැනෙ..බලමුකො.."
    

   " ඒත් බන්..මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා..මට මගෙ ජීවිතේ ගැනම එපා වෙලා තියෙන්නෙ බන්..අම්මෙක් අප්පෙක් නැති කාලකණ්ණි ජීවිතයක් නෙ බන් මම ගත කරන්නෙ.."
    " අනෙ ගඟු මට ඔය මිනිස්සු දෙන්නා ගැන නම් මතක් කරන්නවත් එපා..මට මාර කේන්ති.."

     මම මොකුත් නොකියා සිවිලිම දිහා බලාගෙන හිටියා.

කියපු වෙලාවටම ශාකි මාව ගන්න ඇවිත් හිටියා. 









    " ගුඩ් මෝනිම් ගඟු.."
  මම ඉස්සරහා දොර ඇරලා වාඩි වෙද්දිම ශාකි මල් හිනාවකුත් දාගෙන ගුඩ් මොනිම් කිව්වා.

    " ගුඩ් මෝනිම්..කොහෙද දැන් මේ යන්නෙ.."

   " කොහෙට ගියොත් ද හොඳ.."
   එයා ලාවට හිනා උනා.

   " මං දන්නෑ ඉතින්.."
   " එහෙනම් යමුකො..මං නෙ එක්ක යන්නෙ.."
    අනෙ දෙයියනෙ මේ හිනාව පිස්සුවක් අප්පා. ඔහොම කෙල්ලෙක්ව ඉස්සරහා තියාගෙන ඔය හිනාව දාන්න එපා මනුස්සයෝ වශී වෙනවනෙ අප්පාහ්.. 

  එයා කාර් එක නතර කලේ ග්‍රීන් කැෆේ එකක් ඉස්සරහා. 

එයා යන පස්සෙන්ම මාත් ඇතුළට ගියා. ඒකේ ඇතුල මාරම ලස්සනයි. හැමදේම වගෙ කොළ පාට තීම් එකකින් හදලා තියෙන්නෙ. 

   " මොනාද බොන්නෙ.."
ශාකි අහද්දි මම උත්තර දුන්නෙ,
       " ඔයාට කැමති දෙයක්.."
   " ම්ම්..එස්කියුස් මී..අපිට බ්ලූ ලගූන් කොක්ටේල් දෙකක් ගේන්න.."
    ශාකි එතනට ආපු වේටර් ට කිව්වා.

වේටර් එතනින් ගියාට පස්සෙ එයා මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. 

     " ගඟු.."
මං සිහියකින් නෙවෙයි හිටියෙ. එයාගෙ දිහා බලාගෙන හිටියෙ. 

   " ගඟු..ලමයො.."
එයා මගෙ අතට තට්ටුවක් දැම්මාට පස්සෙ තමයි මං ගැස්සිලා සිහියට ආවේ.

   " අහ් ඔ කියන්න.."
  " මොනාද ඔච්චර කල්පනා කරන්නෙ.."
   " ආ..මේ..නැ මේ මට ගඟූ කියන්නෙ මගෙ ලගින්ම ආදරේ කරන අය විතරයි..ඔයා එහෙම කියද්දි මට අමුතු හැඟීමක් දැනෙනවා.."

    " ඉතින් එහෙම කියන්න එපාද.."
    " නෑ නෑ කියන්න..කමක් නෑ.."
   " කවුද ඔයාට ලගම අය.."
    එතනකොට වේටර් ඇවිත් ඩ්‍රින්ක් දෙක තියලා ගියා.

   " පරී..මගෙ හොදම යාලුවා..මට කියලා ඉන්නෙ එච්චරයි.."
    මං ලොකු හුස්මක් පිට කලා. 

   " ඇයි අම්මා තාත්තා.."
ඒක අහද්දි මම එකපාරටම බැලුවෙ ශාකිගෙ ඇස් දෙක දිහා. ඒ වෙද්දිත් එයාගෙ ඇස් නතර වෙලා තිබ්බෙ මගෙ ලඟම තමයි.

මම අර බ්ලූ ලගූන් කොක්ටේල් එක, එක උගුරට බීලා දැම්මා. ඇත්තටම මම කැමති නෑ ඒ මිනිස්සු දෙන්නාව මතක් කරන්නවත්. 

     " ප්ලීස් ශාකි ඔය මිනිස්සු ගැන මතක් කරන්නවත් එපා.."
   " ඇයි එහෙම කියන්නෙ.."
    මගෙ ඇස් වලින් කදුළු කැට වැටෙනවා එයා බලන් හිටියෙ. 

   " අනෙ ඇයි ගඟූ අඩන්නෙ..අඩන්නෙ නැතුව කියන්නකො.."
    එයාගෙ මූණේ ප්‍රශ්නාර්ථ පෙනුමක් තිබ්බෙ. ඇයි මම අඩන්නෙ..? ඇයි අම්මා තාත්තා ගැන කියනවට කැමති නැත්තෙ..? කියලා හිතනවා ඇති එයා.








 " මං අපෙ අම්මාගෙ බඩට එද්දිම තාත්තා අපිව දාලා ගිහින් මාව බාරගන්න බෑ කියලා.. මං ඉපදිලා අවුරුද්දක් යන්නත් කලින් අම්මා මාව පාරේ දාලා ගිහින්..ඉතින් මට කාත් කවුරුත් නෑ..මට මගෙ කියලා ඉන්නෙ පරී විතරයි..

සමහර වෙලාවට එකී මට අම්මෙක් උනා..සමහර වෙලාවට තාත්තෙක් උනා.. මට මගේ කියලා ඉන්නෙ පරී විතරයි..මට ටිකක් හරි සතුටු වෙන්න හේතුවක් තියෙනවා නම් ඒ තමයි මට හොදම යාලුවෙක් හරි ඉන්නවානෙ කියන එක..මං ආදරේ කරපු කිසිම කෙනෙක් මං ලග වැඩිකාලයක් ඉන්නෙ නෑ..

මං මහ කාලකන්නි කෙල්ලෙක්..මට මේ හැමදේම දැන් එපා වෙලා තියෙන්නෙ.."
   " අනේ ලමයෝ ඇයි එහෙම කියන්නෙ..ජීවීතේට ප්‍රශ්න එනවා තමයි..අපි ඒවට මූණ දෙන්න ඕන..ඔයාට විතරක් නෙවෙයි අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා.. හැබැයි වෙනසකට තියෙන්නෙ මොකක්ද ප්‍රශ්නෙ කියන එක විතරයි වෙනස් වෙන්නෙ..

මෙච්චර දේවල් දරාගත්තු ඔයාට ජීවිතේ එපා වෙන්න විදිහක් කොහෙත්ම නෑ.."
    එයා මගෙ අතක් උඩින් එයාගෙ අතක් තියාලා ලාවට පිරිමැන්දා.

  " අනේ මංදා..දරා ගත්තා නම් තමයි..මටත් පුදුමයි මං චූටි කාලෙ ඉදන් එච්චර ප්‍රශ්න තොගයක් කොහොමද දරාගත්තද කියලා.."

   " හිතන්න එපා ලමයෝ හැමදේම හරියයි..මේ එක නෙවෙයි..මං ඔයාට ඩේට් එක්කට එළියට යමු කිව්වාට පස්සෙ ඔයාට බය හිතුනෙ නැද්ද ඇයි මේ කියලාවත්.."

     " මට බය වෙන්න දෙයක් ඉතුරු වෙලා නැනෙ ශාකි.."
   " ඒ කිව්වේ..මට තේරුනෙ නැ.."

    එයා නිකන් අමුතු විදිහට පුදුම වෙලා වගෙ මගෙ දිහා බැලුවා. එයා බලනවා ඇති මොනවද මේ මම කියන අන්ඩර දෙමළ කියලා. 

    " ඔයා මගෙ සම්පූර්ණ කතාවම අහලා ඉන්නකො..එතකොට ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර නිකන්ම හොයාගන්න පුළුවන්.."

   " කියන්නකො ඉතින්.."

  " අම්මා මාව දාලා ගිහින් තිබ්බේ පාලු ගෙවරක් ලග..ඒ ගෙදර හිටපු ගෑණු කෙනා මාව දැකලා හදාගන්න අරගෙන.. හැබැයි මම ටික ටික ලොකු වෙද්දි තමයි මට තේරුනේ ඒ ගෑණු කෙනා කරන බිස්නස් එක..එයා ගෙදර  ගෑණු ලමයි හිරකරගෙන තියාගෙන සල්ලි වලට ඒ අයට කියලා වැඩ ගන්නවා.. 

ගෑණු ලමයි කිවෙ පොඩි අය නෙවෙයි අවුරුදු 18,20 වගෙ අය..සල්ලි වලට වැඩ ගන්නවා කීවේ එයා එතන ගණිකා නිවාසයක් දාලා තියෙන්නෙ..ඉතින් උදේට,දවල්ට,රෑට දවසම වගෙ කොල්ලො පිරෙනවා..එකා දෙන්නා හරි එනවාමයි.. ඉතින් මට අවුරුදු 16ක් වෙද්දි මාත් ඒකට බිලි උනා..ඉතින් මගෙ පරිස්සම් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ දැන්..

 අකමැත්තෙන් උනත් මටත් ඒ දේවල් කරන්න සිද්ධ උනා..අවුරුදු 20දි වගෙ මම එතනින් පැනලා ආවා..ඊට පස්සෙ තමයි අහම්බෙන් මට පරින්ද්‍යාව සෙට් උනේ..මට යන්න එන්නවත් තැනක් නැතුව තියෙද්දි එයා මාව එයාලගෙ ගෙදර එක්කගෙන ගිහින් කැමති කාලයක් ඉන්න කිව්වා.. ඒ ආන්ටි එහෙමත් හරි හොදයි..

ඉතින් හැමදාම එයාලට බරක් වෙන්නත් බෑනෙ..ඒ නිසා මම අර දවස් වල බැංකුවේ ඉතුරු කරලා තිබ්බ සල්ලි වලින් ගෙයක් ගත්තා.. දැන් ඔය ඉන්න ගෙදර තමයි ඒ.."
    එයා ලොකු දුකකින් වගෙ මගෙ දිහා බලන් හිටියා. 






    " එතකොට දැන් කරන ජොබ් එක මොකක්ද.."
     මං ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් පිට කලා. 

    " දැන්.

   " එතකොට දැන් කරන ජොබ් එක මොකක්ද.."
    මං ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් පිට කලා.

   " දැන්...දැන් ක්ලාබ් එකක් ඩාන්ස් කරනවා.."
   මං අහක බලාගෙනම උත්තර දුන්නා. එයා මගෙ අතකින් අල්ලගත්තා.

    " ඇයි ඉතින් දුක් වෙන්නෙ..කැමැත්තෙන් නෙවෙයිද කරන්නෙ.."
     
     " නැහැ..කරන්න වෙන රස්සාවක් නැතිකමට කරන්නෙ.."
   " මං ඔයාට ජොබ් එකක් හොයලා දෙන්නම්..එතකල් දැනට ඕක කරන්න.."
    මම මොකුත්ම නොකියා උදාසීන බැල්මකින් එයා දිහා බලන් හිටියා.
    
     " අහන්නකො ගඟු..මං ඔයාට එන්න කිවේ වැදගත් දෙයක් කියන්න.."
   " ඒ මොකක්ද.."
   " මං කෙලින්ම කියන්නම්..මම ඔයාට ආදරෙයි..ඔයා කැමතිද මාත් එක්ක හැමදාටම ඉන්න..මං හිතන්නෙ නම් නෑ ඔයා ඒකට අකමැති වෙයි කියලා.."

    " ඇයි එහෙම හිතන්නෙ නැත්තෙ.."
    මම එයා අහපු දේ විශ්වාස කරගන්න බැරුව විනාඩි දෙකක් විතර ගල්ගැහිලා වගේ ඉදලා එක පාරටම අර දේ ඇහුවෙ ඇයි කියලා දැනගන්න.

   " ඇයි එදා වෙරි ගාතේ කියෙව්වෙ ශාකි තමයි මගෙ ක්‍රශ් එක මට ශාකිව ඕනි.. කිය කිය.."
   එයාට නම් ඉතින් හිනා. අඩේ මම එහෙමත් කියලද. වස ලැජ්ජාව.

   " ශාකි...!!"
මම එයාට රවලා අහක බලාගත්තා. 

   " ඔව් බබා ශාකි තමයි මම..කියන්නකො ඉතින් මොකද කියන්නෙ ක්‍රශ් එකව ලව් එක කරගන්න කැමති නැද්ද.."
    යකො මුගෙ කොමලෙ බලකො.

   " කවුද ඔයාට අකමැති වෙන්නෙ..ඒත් මාව ඔයාට ගැලපෙන්නැ ශාකි.."
   " ඒ ඇයි..මොකද ගැලපෙන්නෙ නැත්තෙ.."

" මගෙ චරිතෙම බලන්නකො ශාකි.. ඔයා වගේ රටම දන්න තරුවකට මං වගෙ ජරා කෙල්ලෙක් ගැලපෙන්නෙ නැහැ කොහෙත්ම.."
    " කට වහගන්නවා ගඟූ.. මං ඉස්සෙල්ලාත් කිව්වා ආ..ඔක්කොමටම කලින් තමන්ව අවතක්සේරු කරගන්න එක නතර කරන්න ගඟූ..මට ඔයාගෙ අතීතෙන් වැඩක් නැ. 

ඔයා මාත් එක්ක ඉද්දි හොදින් ඉන්නවා නම් මට ඒ ඇති.. ප්ලීස් ගඟූ ඔක්කොටම කලින් ඔයා ඔයාට වටිනාකමක් දෙන්න.. "
    " ඒත්..මට ඔයා කියන දේ තේරෙනවා..ඒත් මට මං ගැනම ලැජ්ජායි ශාකි.."

   " ඇයි ලැජ්ජා වෙන්නෙ.. ලැජ්ජා වෙන්න ඔයා පාරේ ඇදුම් නැතුව යන්නෙ නැනෙ.. මං ඔයා ගැන හැමදේම දන්නවා ගඟූ..ඔයා කියන්නත් කලින්..හැබැයි ඒ අතීතෙ පිටිපස්සෙ තිබ්බ ඇත්තම කතාව දන්නෙ අද.."

   " අනේ මංදා..ඒත් ඔයා පස්සෙන් ගොඩක් ලස්සන හොද කෙල්ලො එනවනෙ මාර විදිහට..ඇයි මටම කැමති.."
    " කොච්චර කෙල්ලො ආවාත් මගෙ හිත ගියේ එදා ග්‍රවුන්ඩ් එකේදි මම බැට් එකෙන් කිස් එකක් දීපු පිස්සු කෙල්ලෙක්ටනෙ.."
   මං ගැස්සුනා.









   " ඔයා ඒක..මටද දුන්නෙ.."
   " ඔව් ඇයි දැක්කෙ නැද්ද.."
    " නෑ දැක්කා..මම හිතුවේ ඕඩියන්ස් එකට කියලා.."
   " ගඟූ මට ඔයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න ඕනෙ..ඒත් ඊට කලින් ඔයා මට උත්තරයක් දීලා ඉන්නකො..මට එතකොට ලේසි.."

    " මට කොල්ලො එපා ශාකි..මට කාවවත් විශ්වාස නෑ ආදරේ ඇතුලේ.."
    " හ්ම් හරි.. කවදා හරි ඔයාට මං ගැන විශ්වාසයක් ඇති උනොත් මට කියන්න..මම එතකල් බලන් ඉන්නම්.."
    අනෙ ඇයි මේ එකාපරටම මොකද උනේ. එයා මෙහෙම හැසිරෙන්නෙ ඇයි. 

එයත් බොරුවක් නෙවේද කරන්නෙ.? මට තේරෙන්නෑ දෙයියනේ..ප්ලිස් මට හරි පාර පෙන්නලා දෙන්න. මෙච්චර දවසක් මගෙ ජීවිතේ කාලකණ්ණි කරලා දැම්මා ඇති දෙයියනෙ..!! මං එච්චර ලොකු පවක් කරලද..?

   " අපි දැන් යමු..ඔයාට පරක්කු වෙනවනෙ..වෙන දවසක කතා කරමු.."
    එහෙම කියලා ශාකි නැගිට්ටා. 

මාත් මොකුත්ම නොකියා නැගිටලා එයාගෙ පස්සෙන්ම කාර් එකට ගියා. 

   " ඔයාට කොහෙන්ද බහින්න ඔනි..ගෙදරින් දාන්නද.."
   " එපා..මාව ක්ලබ් එක ලගින් දාන්න..ඊයෙ ගියෙත් නැනෙ..අද යන්නම වෙනවා.."
     මම ග්ලාස් එකෙන් එලිය බලාගෙන ගියා.

එයා මාව ක්ලබ් එක ලගින් බස්සලා ගියා.

කොහොමත් ක්ලාබ් එකේ ඉදලා ගෙදර එද්දි රෑ වෙනවා.

අදත් වෙනදා වගේම ක්ලාබ් එකේ නටලා ගෙදර එන්න කලින් බීලා ආවේ. මගෙ ජීවිතේ ඉතින් ගෙවෙන්නෙ ඔහොම තමයි. 

සමහරු කියනවා ඇති කෙල්ලොන්ට බොන්න හොද නෑ. බොන කෙල්ලො කිසි හැදියාවක් නැති මහ ජරා ගෑණු කියලා. එහෙම නම් මමත් එහෙම් වෙන්න ඇති. ඇයි කෙල්ලෙක්ගෙ කටින් බිව්වොත් පෙවෙන්නෙ නැද්ද. 

මම නම් බොන්නෙ මගෙ දුකට. මම හුරු වෙලා ඉන්නෙ ඒකට. මං බිව්වාම මහෙ හිතේ තියෙන බර නිදහස් වෙනවා බීලා ගෙදර ඇවිත් නිදා ගන්න පැය ගානට හරි. මෙච්චර දුක් විද විද ජීවිතේ නාස්ති උන එකට වගකියන්න ඕන මගෙ දෙමව්පියෝ තමයි. එක්කො එයාලට මාව හදන්නෙ නැතුව ඉන්න තිබ්බා. 

නැත්තම් බඩේදිම නැති කරලා දාන්න තිබ්බා. මොකටද මාව හැදුවේ. දැන් ඒ මිනිස්සුන්ට ගානක්වත් නෑ. එයාලා හොදට ජීවත් වෙනවා ඇති. 

මං ඉතින් ක්ලාබ් එකෙන් එළියට ඇවිත් පාර පනින්න යද්දිම වාහනේකට හැප්පෙන්න ගිහින් අනූනවයෙන් ඒ මනුස්සයා බ්‍රේක් ගැහුව නිසා බේරුනේ. එකාතකට මෙහෙම හරි මැරිලා යනවා නම් එකක් අප්පා. මොන කරුම ජීවිතද මේ.

 එතන ඩ්‍රයිවින් සීට් එකේ හිටපු පිරිමි කෙනා බැහැලා ආවා.

   " ඔහ් ගෝඩ්..මේ කෙල්ල මාව හිරේ දාන්නමයි හදන්නෙ..මේ දෙවනි පාර මගෙ කාර් එකට පැන්න.."

   දෙයියනේ මේ ඉන්නෙ එදා අර මැච් එක දවසෙ මගෙ ඇඟේ හැප්පුන මිනිහා නේද.  ඊට කලින් දවසකත් ඔය මිනිහගෙ කාර් එකට මං හැප්පෙන්න ගියා. ඒ නම් මම හොදටම බීලා මෙලෝ සිහියක් නැතුව හිටිය දවසක. 

ඔය මැච් වලට එහෙමත් කලින්. මට එදා නම් මේ මනුස්සයාව මීටර් උනේ නෑ.  අද නම් එදා මතකේ තියෙනවා ඒත් කලින් දවසකත් හැප්පෙන්න ගියා කියලා මතකයක් නෑ. 







   " ආහ් අන්කල්..සොරි වෙන්න ඕන.."
    මං ලාවට අස් පිල්ලම් ගහලා ඒ මනුස්සයා දිහා බැලුවා. 

  ඒත් එක්කම ඉස්සරහා සීට් එකේ ඉදගෙන හිටපු ගෑණු කෙනා එතනට ආවා.

අන්කල්ගෙ වයිෆ් ද දන්නැ.

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මම මෙයාව කොහෙදි හරි දැකලා තියෙනවා. ඒත් කොහෙදිද.. ඔහ් ශිට් මතක නැනෙ අප්පා. 

   " අන්ට්.."
මම ඒ ගැණු කෙනාට කතා කරන්න යද්දිම කවුරු හරි ඇවිත් මගෙ අතින් ඇදලා ලගට ගත්තා.

    " කා..ඔහ් ශාකි.."
මම කවුද කියලා බලන්න ඒ පැත්ත බලද්දිම ශාකි මගෙ අතින් අල්ලන් තියෙන්නෙ..

     " ඔහ් සොරි ආන්ටි. සොරි අන්කල්.. දිස් ඊස් මයි ගර්ල්ෆ්‍රෙන්ඩ්..මං මෙයාව එක්ක යන්නම්.."
    ශාකි මාවත් එක්කගෙන එයාගෙ කාර් එක ලගට ගියා.

   " බලන්නකො අද කාලේ හැදෙන ලමයි.. මෙච්චර ලොකු ක්‍රිකට් තරුවකගෙ කෙල්ල බිබී පාරවල් ගානෙ.."
    ඒ ආන්ටි අර අන්කල් අතින් කියලා කාර් එක ඇතුලට ගියා. 

   " දැන් ඔයා මාව බෝඩිමෙන් දාලා ගෙදර ද යන්නෙ.."
   " ඔව් ඉතින් වෙන කොහෙ යන්නද.."
   " අද වයිෆ් ගෙදර ද.."
    අර ආන්ටි ඇහුවෙ ඒ අන්කල්ගෙන්.  අඩෙ ඒ ගෑණි මිනිහයි නෙවෙද? එතකොට හොර...? ඔහ් ගෝඩ්..!!!

    " හ්ම්.."
අන්කල් ලොකු හුස්මක් පිට කරලා කිව්වා.

ශාකි මාව ගෙදරට ඇරලවලා ගියා. මම උදේ නැගිටිද්දි පරී ගෙදර ඇවිත් හිටියෙ. ඒකිට ඉතින් ඕන වෙලාවක මගෙ ගෙදර එන්න යන්න පුළුවන්. මොකද මම ඒකිට ගෙදර එක්ස්ට්‍රා යතුරක් දීලා තියෙන්නෙ.

    " ආ පරී බබා ගුඩ් මෝනිම්.."
   මොකද මේකි මේ ගිනි අරන් ඉන්නෙ. රවන රැවිල්ල බලකො යස්සනි..

   " මෝනින්.. කොහෙද යකෝ මෝනින්..වෙලාව බලපන් හරකි.."
   ටැහි.! යකෝ 1යි වෙලාව. මට මෙච්චර වෙලා නින්ද ගියාද. 

   " අනේ මංදා ගඟු මට නම උබට කියලා ඇති වෙලා.. කොච්චර කිව්වත් බොන්න එපා කියලා අහන්නෙ නැනේ බේබද්දි.."
   මං ඔහෙ බැනපුදෙන් කියලා අහක බලාගෙන අහගෙන හිටියා. 

    " බලපන් ඉතින් ක්ලබ් යනවා නටනවා බොනවා රෑට රෑවෙලා ගෙදර එනවා පහුවදා දවල් වෙනකල් බුදියනවා එකල්ලා ආය නැගිටලා ආය ක්ලබ් යනවා..මොකක්ද ගඟූ මේකෙ තේරුම.. උබ විහින්මයි උබෙ ජීවීතේ නාස්ති කරගන්නෙ.."
    " පරී මෙ.."

  " ඇති ගඟූ ඇති..මොකුත් කියන්න එපා..උබ කියන වචන මට කටපාඩම්..හැමදාම එකමනෙ.. මට දුකයි මහෙ ජීවිතේ විනාස වෙලා ඉවරයි අඅය හදාගන්න බෑ..යැයි යැයි තමා.."
   මට ලාවට හිනා ගියා.

 මාත් ඉතින් කට වහගෙන පරීගෙ බැනුම්, දේශනා අහගෙන හිටියා. ඒත් එක්කම මිදුලේ කාර් එකක් නතර කරන සද්දෙ ඇහුනා. බලන්න දෙයක් නම් නෑ ආවේ කවුද කියලා දන්නවා ඉතින්.






    " අහ් අන්න ආවා.. දැන් ඉතින් කන් දෙක පුපේ ගහන් ඉදපන්.."
   පරී මට රවලා ශාකිගෙ කාර් එක පැත්තට ගියා.

මොනාදෝ කුටු කුටු කකා දෙන්නා එක්කම ගේ ඇතුලට ආවා. මුන් මට කුමන්ත්‍රණ කරනවද කොහෙදො. 

     " ආහ් ලොකු මැඩම් වෙරි හිදුනද.."
   " හ්ම්.."
මං එයාටත් රවලා අහක බලාගත්තා.

   " මොකක්ද ගඟූ ඊයෙ නටන්න හදපු නාඩඟම.."
    " ඇයි මොනවද මං කලෙ.."
   " මොනාද කලේ කියලා අහන ලස්සන..ඇයි ඊයෙ කාර් එකේ ඉද්දි අර ගෑණු කෙනෙක් පස්සෙ දුවන්න හැදුවෙ..'එයාට කතා කරන්න ඔන එයාව බලන්න ඔන මම එයාව දන්නවා හොදටම' කිය කිය.."

    දෙයියනෙ මම එහෙමත් කියලද? ඒත් ඇත්තට කවුද ඒ ගෑණු කෙනා. මට එයාව හුරුයි නම් තමයි. ඒත් ඒ කවුද?

   " කවුද ඒ.."
  " කවුද කියලා මම දන්නවද..වෙරි වැඩි වෙලා පැනලා තියෙන්නෙ කාර් එක ඉස්සරහට.. ඒ මනුස්සයා බ්‍රේක් ගැහුවෙ නැත්තම් තමුසෙ අද මෙතන නෑ.. මෝඩ වැඩ කරන්න එපා ගඟූ..මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ..

ඔයාට මම බොන්න එපා කියන්නැ අඩුම එහෙම ගමනක් යද්දි ටැක්සි එකක්වත් දාගෙන යන්න..බස් ගානෙ පාරවල් ගානෙ ඔහොම යන්න පුළුවන් ද කියන්නකො.."
    ඇයි මෙයා මෙච්චර මං ගැන වද වෙන්නෙ.

      " මට කවුරුත් එපා යන්න දෙන්නම මෙතනින්..මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න..යනවලා දෙන්නම..ප්ලීස්.."
       මහෙ හිත ආපු සමහර සිතුවිලි නිසා ඇත්තටම මට තරහා ගියා.  ශාකිවත් පරීවත් වැරදි නෑ මම දන්නවා. මම විතරයි මෙතන වැරදි. ඒත් මට අර ගෑණු කෙනාව ඇයි හැමවෙලේම මතක් වෙන්නෙ. මගෙ හිතට මහ වදයක් ඒක.

   " හරි ඔයාට නිදහසේ ඉන්න ඔනි නම් නිදහසෙ ඉන්න අපි යන්නම්..හැබැයි මෝඩ වැඩ නතර කරන්න.. පරී යනවා නම් එන්න මම ඩ්‍රොප් කරන්නම්.."
     ඒ දෙන්නම එතනින් ගියාට පස්සෙ මම කාමරේට ගිහින් දොර වහන් ඇඳට පැන්නා.

හවස ශාකි ගිහින් තියෙන්නෙ එයාගෙ හොදම යාලුවා ශෙනාල් ව හම්බවෙන්න. 

   " මචං ශාකි.."
එයා ලොකු කල්පනවක.

   " ශාකි..අඩො.."
ශෙනාල් තට්ටුවක් දැම්මා.

   " කියපන්.."
   "මොනවද උබ ඔච්චර කල්පනා කරන්නෙ.."
   " මොකුත් නෑ බන් කියපන්.."
    " උබට මට මොකුත් හංගන්න බැ මචෝ..

 හරි අහපන්කො..මට උබ කියපන් උබ අර කෙල්ලට ලව් කරන්නෙ සීරියස් ද ජෝක් එකටද කියලා.."

   " සිරියස් බන් සීරියස්.. අනෙ මංදා ඕයි දැක්ක ගමන් මට මාරම විදිහට දැනුනා..අනික උබ දන්නවනෙ මම බොන කෙල්ලින්ට ආසාත් නෑ කියලා..ඒත් බන් ඒකිව දැක්ක වෙලේ ඉදන් මට හිතෙන්නෙම මගෙ ජීවිතේට මම හොයන මට හරියනම කෙනා එයා කියලා..

ඒකි හරියට පොඩි ළමයෙක්වගෙ බන් සමහර වෙලාවට.. ඒ කෙල්ල පට්ටටම දුක් විදිනවා බන්..මෙච්චර කල් කොහොම ඉවසන් හිටියද දන්නැ.. මතක් වෙද්දිත් පුදුමයි බන්.. කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ බන්.. මම එකිව මට පුළුවන් උපරිමයෙන් බලාගන්නවා මගෙ නොවුනත්.. 







ඒත් ඔක්කොටම කලින් මට පොඩි දෙයක් ගැන හොයාගන්න ඔන.."
    " ඒ මොකක්ද බන්.."
╌╌╌╌╌╌╌╌╌╌╌╌╌
  " ඒ මොකක්ද බන්.."
  " ගඟූගෙ අම්මායි තාත්තයි ගැන.. පුළුවන් තරම් ඉක්මනට මට ඒ ගැන දැන ගන්න ඕන.. අනික ගඟූ කොච්චර කිව්වත් ඒ අයව මතක් කරන්න එපා කියලා තාම හිතේ පොඩි හරි ආදරයක් ඒ දෙන්නා වෙනුවෙන් තියෙනවා කියලා මට විශ්වාසයි.."

    " ඒත් අපි කොහොමද බන් හොයාගන්නෙ.. කිසිම දෙයක් දන්නෙ නැතුව.. "
    " මෙහෙමයි අපිට සමහර විට අර ගඟූව හිරකරන් හිටපු ගෑණු කෙනාගෙනුත් මොකක්ම හරි තොරතුරක් ගන්න පුළුවන් වෙයි.."

    " එහෙනම් අපි අදම යමන් එහෙ..මං දන්නවා ඔය පොට් එක.. අනික මචං මට පුළුවන් උපරිමෙන් උබට උදව් කරනවා.."
    " ඒක මම දන්නවානෙ.. මේ එක නෙවේ මට පොඩි සැකයක් තියෙනවා ශෙනා.."
   " මොකක් ගැනද.."
   " අර එදා ගගූට පාරෙදි හම්බුන ගෑණු කෙනා ගැන.. "

   " අර උබ කිව්වෙ ගඟූ හැප්පෙන්න ගිය කාර් එකෙ හිටියා කියලා ගෑණු කෙනෙක්.. එයාද.."
    " ඔව් ඔව් එයා තමා.."
  " මොකක්ද ඉතින් ඒ ආන්ටි ගැන තියෙන සැකේ.."

   " අනේ මංදා බන් මට හරියටම ශුවර් නෑ.. ඒත් බන් මම එදා උඹට කියපු නැති දෙයක් තියෙනවා.."
   " මොකක්ද.."
ශෙනාල් පුදුමෙන් ඇහුවා.

   " එදා ගඟූ කාර් එකේදි හෙන පිස්සුවක් කෙලියා කියලා මම කිව්වානෙ.. එදා ගඟූ වෙරි විකාරෙන් වගෙ මොනාද මොනාදෝ කියෙව්වා.. එයා කිව්වා 'ශාකි.. එයා මගෙ අම්මා වගේ ශාකි' කියලා.. මට ඒකයි තියෙන ප්‍රශ්නෙ.. 

මට හිතෙනවා ඒ ගෑණු කෙනාව හොයාගෙනම මේ ගැන අහලා දැනගන්න.. සමහර විට ඒ ගඟූගෙ අම්මා උනොත් එහෙම.."

   " අඩෝ සිරාවටම.. එතකොට දැන් උබට ඒක කිව්වා කියලා ගඟූට මතකද.."
   " මම හිතන්නෙ නෑ කියලා.."
    " එහෙනම් අපි නොදන්න විදිහටම ඉමු.."
   " ඒක තමා මාත් බැලුවෙ.. මේ ගැන හරියට හොයා ගන්නකල් එයාට නොකියා ඉමු කියලා.."

    " ම්ම් එක හොදයි.."
 දෙන්නා එක්ක ඔහොම ටිකක් වෙලා කතා කර කර ඉදලා ගියා.

 සතියකුත් ගෙවුනා දැනුනෙවත් නැ. නිකන් එහෙ හැරිලා මෙහෙ බැලුවා ව්අහෙ ඉක්මනින් සතියක් ගෙවුනෙ. අදත් මම සුපුරුදු විදිහටම ක්ලබ් යන්න පිටත් උනා. බස් එකේ තමයි ඉතින් ගියේ නම්. අපිට ඉතින් ලොකු ලොකු වාහන ගන්න තරම් වත්කම් නෑ තාම. 

 බස් එකට නඟින්න බස් හෝල්ට් එකේ ඉද්දි බී.එම්.ඩබ්ලිව් (BMW) එකක් ඇවිත් මගෙ ඉස්සරහා නතර කලා. ඒත් කවුද මෙච්චර හොද වාහනේක එන්නෙ. ශාකි වෙන්නත් බෑ එයාට තියෙන්නෙ බෙන්ස් එකක් නෙ. ඒත් ඉතින් අනෙ මංදා.. 

මම බලන් හිටියෙ දොර ඇරන් බැහැගෙන එන කෙනා දිහා. ඉස්සරහා සීට් එකේ මගෙ පැත්තට වෙන්න තිබ්බ දොර ඇරෙද්දි පොඩි කුතුහලයක් නොතිබ්බාමත් නෙවෙයි.  ඒත් දෙයියනෙ මේ ඉන්නෙ නැශනල් ටීම් එකේ ක්‍රිකටර් ශෙනාල් නේද.? 






ටීම් එකේ හොදම බෝලර් ශෙනාල්. ඔහ් ගෝඩ් ශාකිගෙ හොඳම යාලුවා. ඒත් එක්ක ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ දොරත් ඇරුනා. මූණේ කිසිම හිනාවක් නැතුව උදාසීන බැල්මක් එක්ක මගෙ දිහාම බලාගෙන එතෙන්ට ආවේ ශාකි. ඒත් අද එයාගෙ මූණේ කිසිම හිනාවක් නැහැ. 

වෙනදා තියෙන හිනාව කොහෙන් ගිහින්ද මංදා. හිනාවක් තියා අඩුම කේන්තියක් තරහක්වත් පේන්න නැ. නිකන්ම උදාසීන ගතියක් විතරයි පෙනුනෙ මට නම්.

    " ආ ගඟනි නංගි, හව් ආ යූ.."
   " අ'යිම් ෆයින් අයියා.. නයිස් ටු මීට් යූ.."
   " මී ටූ ඩාලිං.."

ශෙනාල් අයියා මට අතට අත දීලා මගෙත් එක්ක කතා කරද්දිවත් අඩුම ශාකිගෙ මූණේ කිසිම හිනාවක් තිබ්බෙ නැහැ. මං මීට කලින් මේ මූණ මෙහෙම දැකලා නැ. අර ලස්සන හිනාව කෝ.. හිනා වෙද්දි වල ගැහෙන කම්මුල්, හීනි වෙන ඇස්, අනෙ මට බලන්න ආසයි ඒ මූණ ඒ  විදිහට. අනෙ හිනා වෙන්නකො ශාකි අයියෙ!!

   "නංගි මේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද.."
    ශෙනාල් අයියා මාත් එක්ක කතා කරන්න ඔන කීවට පස්සෙ ශාකි අයියා කාර් එක ලඟට ගිහින් කාර් එකට හේත්තු වෙලා අත් වෙක බැදන් බලන් හිටියා. සැරෙන් සැරේට මේ පැත්ත බැලුවත් එයා වැඩි හරියක්ම කලේ අහක බලන් හිටපු එක විතරයි.

   " පුළුවන් අයියා අවුලක් නෑ.. "
   " මට නම් ලොකූවට දෙයක් කියන්න නැහැ. ඒත් නංගිට පුළුවන් නම් අපෙ එකා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද.. ඌ මේ ටිකේම හරියට කල්පනා කරනවා.. හරි හැටි කෑමක් බීමක් වත් නැතුව ඔච්චර මොනා කල්පනා කරනවද කියලා මංවත් දන්නෙ නැ.. 

ඇහුවට කියන්නෙත් නැ.. අනික ඌ නංගිට සීරියස් ලව් කරන්නෙත්.. මෙච්චර කාලෙකට උට හිත ගිය එකම කෙල්ල නංගි.. ඌට නංගි එක්ක තනියම ටිකක් කතා කරන්න ඕන කිව්වා.. පුළුවන් නම් අද ක්ලබ් නොයා ඌ එක්ක ඩිනර් එකට ගිහින් ටිකක් කතා කරනවද.. පුළුවන් නම් උගෙ හිතෙ හදන්නවත් බලන්න.. ප්ලීස් නංගි.."

    මං මොකුත්ම නොකියා ටික වෙලාවක් හිටියා. ඇයි දෙයියනෙ මටම මෙහෙම වෙන්නෙ.. කෙනෙක්ට ආදරයක් ඇති උනාම ඒ ආදරේ විදින්නවත් මට පිනක් නැති වෙන්නම මම පව් කරලද.?

   " ඒත් අයියෙ.. නැහැ හරි මම එන්නම්.. මං එයා එක්ක කතා කරන්නම් යමු.."
    ශෙනාල් අයියා හිනාවෙලා මට කාර් එක පෙන්නලා එයත් කාර් එක ලගට ගියාට පස්සෙ ශාකි ඩ්‍රයිවින් සීට් එකෙන් ගිහින් ඉදගද්දි ශෙනාල් අයියා මට ඉදගන්න පස්සහා සීට් එකේ දොර ඇරියා. 

මමත් ඇතුලෙන් ඉදගත්තාට පස්සෙ එයා දොර වහලා ඉස්සරහා සීට් එකෙන් ඉදගත්තා.

ශෙනාල් අයියා ශාකි දිහා බලලා හිමිට ඇස් පිල්ලමක් ගැහුවා. ' හැමදේම හරියයි බයවෙන්න එපා' කියන්න වගේ එයාගෙ බැල්මත් තිබුනෙ. 

ඒත් මොකක්ද ශාකි අයියාගෙ ප්‍රශ්නෙ. එයා මොකක් හරි ලොකු අවුලකින් ඉන්නෙ කියලා මට තේරෙනවා. 

මං වීදූරුවට ඔලුව තියාගෙන ශාකි දිහා බලන්ම ගියා. මට පේනවා එයා ඉස්සරහා කන්නාඩියෙන් මගෙ දිහා බලන් ඉන්නවා කියලා. ඒත් ඒ බැල්ම ඒ මූණෙන් කවදාවත්ම දැකලා නැති විදිහෙ බැල්මක්. 

එයා කාර් එක නතර කලේ ෆයිව් ස්ටාර් හොටෙල් එකක් වගේ ලොකු හොටෙල් එකක් ඉස්සරහා. ෆයිව් ස්ටාර් නම් නෙවේ ඒත් ඒ හා සමානයි.









    " මචං උබලා දෙන්නා කතා කරපල්ලා මම එහා මේසෙන් ඉන්නම්.."
    ශාකි අයියා ඒකට හා කියන්න ඔලුව වනලා ටේබල් එකක් ලගට ගියා. අපි ගියේ හොටෙල් එකේ බැල්කනි එකකට. මොකද එතන හරි නිදහස්. 

මුලු ටවුන් එකම එතෙන්ට පේනවා.   චෙයාර්ස් දෙකක් එක්ක තිබ්බ ටේබල් එකේ රතු රෝස මල් දාපු වීරුදු වාස් එකක් තිබ්බා. එයා පුටුවක් ඉස්සරහට ඇඳලා අතින් පෙන්නුවා ඉඳගන්න කියලා. මමත් ඉඳගත්තට පස්සෙ එයාත් මට ඉස්සරහින් තිබ්බ පුටුව ඇදලා ඉදගත්තා. 

මෙතන හිටියෙ අපි දෙන්නායි ශෙනාල් අයියායි විතරයි. ශෙනාල් අයියා හිටියෙත් අපිට ටිකක් එහායින් ටේබල් එකක. අපි කතා කරන දේවල් එහෙම එයාට ඇහෙන්නෙ නැති දුරක හිටියෙ. 

එයා මගෙ මූණ දිහා බලාගෙන ඉදලා ලොකු හුස්මක් පිට කලා.  ඊට පස්සෙ,
    
     " මොනාද කන්නෙ.."
   " ඔයාට කැමති දෙයක්.."
   "ම්.."
එයා මෙනූ එක අතට අරන් බලලා ටිකක් එහායින් බැල්කනි එකේ දොර ලග පහසුවෙන් අත් දෙකත් පස්සට බැදගෙන හිටපු වේටර් ට අතින් ඉඟි කරලා එන්න කිව්වා.

   " ටෙල් මී සර්, වට් ඩූ යූ ඕඩර්.."
   " නම්බර් ෆයිව් එකෙන් දෙකයි නම්බර් ට්වෙල් වලින් දෙකයි ගේන්න.."
     " ඕකේ සර්, ප්ලීස් වේට්.."
   " ඉට්ස් ඕකේයි.. ආහ් එස්කියුස් මී..?"
   " යස් සර්.. "

   " අතන ටේබල් එකේ ඉන්න සර්ගෙනුත් අහගෙනම යන්න මොනාද ඕන කියලා.. ව්‍යත් අපි එක්කමයි ආවෙ.."
   " ඕකේ ශුවර් සර්.."
වේටර් එතනින් ගියාට පස්සෙ ශාකි ටික වෙලාවක් අහස දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා.
   
      " ගඟූ.."
එයා මගෙ ඇස් දිහා හරි කෙලින් බලන් හිටියා.

    " අයියා.."
  " මං දෙයක් අහන්න මට අවංකව හරියටම උත්තර දෙනවද..?"
   "අහන්න මොකක්ද.ම්"

මං එයා දිහාම බලන් හිටියෙ පුදුමෙන්. මොනාද අහන්න යන්නෙ. මාව අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්වත් ද.. එයාට ආදරෙයිද කියලා ආයෙත් අහයිද.. ඒත් මම මොනාද දෙන උත්තර. මං ආදරෙයි දෙයියනෙ.. ඒත් මට බැ ඔයාගෙ වෙන්න. ඔයා පව්..

   " ගඟූ ඔයාට මට මොකුත්ම කියන්න නැද්ද.."
    මං අන්දමන්ද වෙලා බලන් හිටියෙ මොනා ගැනද මේ අහන්නෙ කියලා නොදන්න නිසා.

   " ම්..මොනාද.."
  " ඔයා අර හිර කරන් ඉදපු ගෙදර ගෑණු කෙනා මොන වගෙ කෙනෙක්ද.."
     මේ මොනාද අහන්නෙ.. අමතක කරන්න හදන දේවල් ඇයි මතක් කරලා රිද්දන්නෙ අයියෙ!!

    " එයා-එයා අනෙ මට එයාව මතක් කරන්න එපා අයියෙ.."
     මම අත් දෙකින්ම ඔලුව බදාගෙන ඇස් පියා ගත්තා. ඒ අතීතේ!අනෙ ඒ අතීතෙ එපා මට.. මට මට බය හිතෙනවා මතක් වෙද්දි..

    " ප්ලීස් ගඟූ.. හොඳ ලමයා වගෙ හිතට ශක්තිය ගන්න.. ඔයා ඔහොම වැටෙන්න ඔන කෙනෙක් නෙවෙ.. තේරුනාද.. කෝ මෙහෙ බලන්නකො.. ඔයා හිතට ශක්තිය අරන් මට මුල ඉදලා සිද්ධ උන හැම දෙයක්ම කියන්න.. 

මං ඔයාට ඉන්නවනෙ.. ගඟූ කියන්නෙ එහෙම ලේසියෙන් වට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.."
   " ඒ ඒ අතීතේ.. ම්-මට බය-යි.."
    මම ඇස් ඇරියෙ නම් නැහැ.










    " ළමයෝ.. ඇස් අරින්නකො.. මගෙ දිහා බලන්නකො.. මට උන දේ කියන්න.. මම ඔයාට උදව් කරන්නම්.. හරිද.."
      එයා මගෙ අත අල්ලගෙන මගෙ නිකටින් ඉස්සුවා.

    " ගඟූ අහන්නකො.. මම මේ හදන්න ඔයා වගේ ම තව ගෑණු ලමයෙක් අමාරුවේ වැටෙන එක බේරගන්න.. ඒ මිනිස්සු කී දෙනෙක්ට ඔහොම කරනවා ඇද්ද.. ඒ නිසා ප්ලීස් බය නැතුව මට ඇත්ත කියන්න.. මාව විශ්වාස කරන්න.."
    මගෙ ඇස් වලින් කදුලු ආවා.

   " අයියෙ..එයාල එයාලා මට හුඟක් කරදර කලා අයියෙ.. මට අවුරුදු 5යි එතකොට. මම අඩුම ලියන්න කියන්නවත් දන්නෙ නැති කාලෙක එයාලා මාව ඒ දේවල් වලට යොදව ගත්තෙ.. ලොකු මිනිස්සු ගෙන්නලා මාව කාමරේකට දාලා මට හුඟක් වද දුන්නා අයියෙ.. 

ඒ ගෑණී අපිව බිල්ලට දීලා සල්ලි හම්බ කරනවා.. දවසක් මම  යන්න බෑ කියලා ඇඩුවා කියලා තෙල් හැන්දෙන් මට ගැහුවා.. අවුරුදු 10යි මට එතකොට.. චුටී කාලේ ඉදන්ම මම මිනිස්සුන්ගෙ බිල්ලක් උනා.. කැමැත්තකින් හිටියා නෙවෙයි මම..

 කරන්න දෙයක් නැතිකමට හිටියෙ.. මම අනන්තවත් ගුටි කාලේ ඇති ඒ මිනිස්සුන්ගෙන්.. කොහොම හරි මම එහෙන් පැනගත්තෙ බොරු වීස් එකක් හදාගෙන හොස්පිට්ල් නතර වෙලා.. හොස්පිට්ල් එකේ ඉද්දි පැනලා ආවෙ.. 

මට අම්මා කෙනෙක් හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලා මට අනන්තවත් හිතිලා තියෙනවා.. මට මං ගැනම පිලිකුලක් දැනෙනවා.."

   " ගඟූ මම ඔයාට හැමවෙලේම කිව්වා... ආයෙත් කියනවා.. ඔයා ඉස්සෙල්ලාම ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.. සමාජෙ කවුරු මොනවා කිව්වාත් තමන් තමන්ව පහත් කරගන්නවත් අප්පිරියා කරගන්මවත් එපා.. 

ඔයා කොච්චර ශක්තිමත් කෙල්ලෙක්ද.. ඇයි මේ පොඩි දේවල් හිතලා මෙච්චර වැටෙන්නෙ ආ..  ගෙවුන අතීතෙ ගැන ආයෙ ආයෙ හිතන්න යන්න එපා.. ඔයා නිසා අනිත් අය අමාරුවේ වැටෙයි කියලා තමන්ට දැනෙන ආදරේ නැතිකරගන්නත් එපා.. මම කියන්නෙ නැ මටම ආදරේ කරන්න කියලා.. 

එත් ගඟූ ඔයාට හිතට හුඟක්ම දැනෙන කෙනෙක්ට ඔයා ලං වෙන්න.. එතකොට මේ ප්‍රශ්න සේරම විසදෙයි.. ඔයාට ඕන කරන්නෙ නොලැබුන ආදරේ.. ඒක ඔයා දන්නවා උනාට ඔයාගෙ හිත ඒ දේ පිලිගන්න කැමති නැහැ.. මං හරි නෙද.."

     එයා කොහොමද දෙයියනේ මෙහෙම මගෙ හිත කියෙව්වා වගේ හිතෙ තියෙන දේ කියන්නෙ.

     " ඒත් අයියෙ.. මට මේ මොකුත් තේරෙන්නැ අප්පා.."
   " ගඟූ.. ඔයාගෙ අම්මායි තාත්තයි ආය ඔයා ලගට ආවොත් ඔයා මොකද කරන්නෙ.."

   " ම්..මොකක්.."
මොකක්ද ඒ ඇහුවේ හෙනගහන්නා වගෙ එකම පරම.. මං මොකක්ද දෙන උත්තරේ.. 

   " කියන්නකො ගඟූ.. එයාලා ආවොත් ඔයා මොකද කරන්නෙ.. එයාලා ඔයාගෙන් සමාව ඉල්ලලා කිව්වොත් ආපහු එයාලා ලගට එන්න කියල.."

    " නැ නැ නෑ.. එහෙම වෙන්නෙ නෑ.. එයාලා ආය එන්නෙ නෑ.. අනික- අනික අම්මා- එයා තාත්තා එක්ක නෙවේ ඉන්නෙ.. තාත්තා වෙන කෙනෙක් එක්ක ඉන්නෙ.."
    මට ඉකි ගගහා ඇඩුනා.  

    " මං එයාලට ආදරේ නෑ.. එයාලාව මතක් කරන්න එපා.. මට ඇහෙන්න එයාල ගැන කියන්න එපා.."

    මට පිස්සු වගෙ දෙයියනෙ.. මොකක්ද මේ මට වෙන්නෙ.. ඇයි මං මෙච්චර කලබල වෙන්නෙ එයාලාව මතක් කරද්දි.. ගඟූ ඔයා ඒ මිනිස්සු ගැන තාම හිතනවද..? ඔයාව පාරේ දාලා ගිය කෙනෙක් ගැන කොහොමද ආදරයක් ඇති වෙන්නෙ ආයෙ.. 









මං අත් දෙකින්ම ඔලුවට ගහගත්තා. 

   " ගඟූ.. ගඟූ කූල් ඩවුන් ගඟූ.. රිලෑක්ස් ලමයෝ.. ඔච්චර කලබල වෙන්න දෙයක් නෙවෙයි මම ඇහුවේ.. කෝ හොද හුස්මක් ගන්න.. මෙහෙ බලන්නකො.."

    " ම්..මට බ්-බයයි අයියෙ.. එයාලා එයාලා ආය එන එකක් නෑ..මං ආදරේ ඒ මිනිස්සුන්ට.. "

   " ගඟු හරි ලමයො.. ඔයා ආදරේ නැත්තම් ඇයි අඩන්නෙ.. සන්සුන් වෙන්නකො එහෙනම්.."

    එයා මගෙ ලගට ඇවිත් ඔලුව අත ගාලා මාව සන්සුන් කරන්න හැදුවා. මම එකපාරටම එයාගෙ ඉණ වටේට අත් දෙක දාලා එයාව හයියෙන් තද කරලා බදාගත්තා.

   "ශාකි..ශාකි..හ්හ්..අනෙ එදා අර- අර ගෑණු කෙනා.. මං-ම්ම් හැප්පෙන්න ගියෙ.. අනෙ එයා- එයා මගෙ අම්මා වගෙ ශාකි.. මට අම්මාගෙ මූණ ලාවට විතරයි මතක.. මම එදා ඔයාට කීවෙ නෑනෙ එක.. එයා මගෙ අම්මා වගේ ශාකි.."

    මං කොච්චර කලබල උනාද කියනවා නම් මං එයාට තුරුල් වෙලා අඬන්නෙ කියලාවත් මට ගානක් නෑ.

    " හරි හරි ලමයෝ.. ඔයා මට ඒක කිව්වා කලින්.. කෝ අඩන්නෙ නැතුව ඉන්නකො අපි දැන් කමු.."
    ඒ වෙද්දිත් වේටර් ඩිනර් එක සර්ව් කරලත් ඉවරයි.

    " මට කන්න බෑ ශාකි අපි යමු.. අනෙ අපි ගෙදර යමු ශාකි.. ප්ලීස් මාව එක්ක යන්න.."
    " ලමයො ඇයි මේ.. මෙච්චර කලබල වෙන්න තරම් මොකක්ද උනෙ.. ඔයා මාවත් බය කරනවා.. ගඟූ මගෙ දිහා බලන්න... කෝ.."

    " මාව එක්ක යන්න ශාකි ප්ලීස්.. මම වදින්නම්.."
    මට වචන පවා පැටලෙනවා. ඒත් මෙච්චර කලබලයක් මට ජීවිතේට ඇති වෙලා නැ. වැළලීගෙන ගිය අතීතේ නැවත ස්මතු වෙද්දි වෙච්චි හැම දේම ඇස් ඉස්සරහා මැවිලා පේද්දි මට මැරෙන්න හිතෙනවා. 

ඒ මගෙ අම්මාද කියලා මට හිතෙනවා. අම්මෙක්ට පුළුවන් ද දරුවෙක්ට එහෙම දෙයක් කරන්න.

   " හරි හරි අපි යමුකො.. කෝ එන්න නැගිටින්නකො.."
   ශාකි එතන හිටිය වේටර් ට කතා කලා.

   " මේ කෑම දෙක පැක් කරලා දෙන්න පුළුවන් ද.. අපිට හදිස්සියේම යන්න වෙනවා ඒකයි.."

    " ඕකේ සර්.."
වේටර් කෑම දෙකත් පාර්සල් කරලා ගෙනාවට පස්සෙ ශාකි පන්දාහේ කොළයක් දීලා ඉතුරුත් නොගෙනම මාවත් එක්කගෙන ශෙනාල් අයියාටත් කතා කරගෙන කාර් එකට ආවා. 

  ඒ යද්දි මම ගියේ ඉස්සරහා සීට් එකේ. ශෙනාල් අයියා හැමෝටම කලින් ගිහින් පස්සහා සීට් එකෙන් ඉදගෙන හෙඩ් සෙට් එකකුත් දාගෙන හෙන සද්දෙන් සිංදු අහ අහ ඉන්නවා. එයා එහෙම කරන්නෙ අපි දෙන්නාට නිදහසේ කතා කරන්න ඉඩ දීලා.

   මම ඇස් දෙකත් වහගෙන මූණ පුරා බේරෙන කදුලු වලට වැටෙන්නම ඉඩ දීලා සීට් එකට ඔලුව හේත්තු කරගත්තා.

   ආයෙත් මම පිස්සු කෙලින්න ගත්තා. මට තේරෙන්නැ මට මොකද වෙන්නෙ කියලා.

    " අයියෙ.. මට ගෙදර යන්න බෑ.. මාව වෙන කොහෙ හරි ගිහින් දාන්න.. මට බෑ අනෙ.. එයාලා මාව හොයන් ආවොත්.. අනෙ මට ගෙදර යන්න බෑ ප්ලීස්.."
     මගෙ ඇඩිල්ලා ආයේ අලුත් උනා.

   " හරි ගඟූ හරි.. මම ඔයාව අපේ ගෙදර එක්ක යන්නම් එහෙනම්.. ඔයාගෙ අකමැත්තක් නැත්තම්.."
    එයා මගෙ අතකින් තද කරලා අල්ලගත්තා. ඒ බැල්ම ඒ වචන ඒ පුංචි ස්පර්ශය මට ලොකු විශ්වාසයක් ඇති කලා.



 

මම මොකුත්ම නොකිය ඔලුව හෙල්ලුවේ 'කමක් නෑ' කියන්න.

එයා ශෙනාල් අයියාවත් ගෙදෙට්ට ඩ්‍රොප් කරගෙන මාවත් එක්කගෙන එයාලාගෙ ගෙදර ගියා. ඒ කියන්නෙ මේ කාර් එකත් එයාගෙ නෙ. බැලූ බැල්මට හෙන ලොකු ගෙදරක්. ඒත් මට ඒ දේවල් බලන්න ඒ ගැන හිතන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි හිටියෙ. 

එයා මාව එක්ක ගියේ එයාගෙ කාමරේට. එයාගෙ ඇඳේ මට නිදාගන්න දීලා එයා කොට්ටෙකුයි සීට් එකකුයි අරගෙන කාමරේම තිබ්බ සෝෆා එකට ගියා. 

    " ගඟූ ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්න.. මම කෑම ලෑස්ති කරන්නම්.. "
   " ඒත් ඇදුම්.."

  " අප්පාහ්..මට ඒක අමතක උනානෙ.. දැන් ඉතින් මොනා කරන්නද මගෙ ශර්ට් එකක්වත් තමා ඇඳගන්න වෙන්නෙ.."
     එයා අල්මාරිය ලගට ගිහින් ඒක ඇරලා එයාගෙ අත් දිග ලා නිල් පට ශර්ට් එකක් දුන්නා.

මං ඒකත් අරන් බිම බලාගෙනම කාමරේ වොශ් රූම් එකට ගියා.

  ඇයි ගඟූ මෙච්චර කලබල වෙන්නෙ🥺 ඔයාලා දන්නෙ නැද්ද😫💔 දන්නවනම් කොමෙන්ට් එකක් දාන්න🥺 මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න.😍
╌╌╌╌╌╌╌╌╌╌╌╌╌

මම වොශ් එකක් දාගෙන ඇවිත් එයා හිටපු තැනට ගියා. රයිස් එක ප්ලේට් එකකට බෙද බෙද හිටපු කෙනා එක පාරටම මං දිහා බලන් හිටියෙ වශී වෙලා වගෙ. මම ලැජ්ජාවෙන් ශර්ට් එක පහලට කරද්දි එයා ඉක්මනට ආයෙත් බත් එක දිහාම බලාගත්තා. මාත් ඉතින් එයාට එහා පැත්තෙන් ඇවිත් ඉදගත්තා. 

   " ආ කන්න.."
  " මට එප.. ඔයා කන්න.."
   මම එපා කියලා අහක බලාගත්තු නිසා එයා බත් එක අතට අරන් මට ටිකක් ලං උනා.

    " ආ.. කවද්දිවත් කන්න පුළුවන් නෙ.. ආ කියන්න.."
   එයා හැන්ඳකින් කවන්න ගියපු එක දැකලා මම ඇරපු කට ආයෙත් වහලා අහක බලාගත්තා. 

   " මට එපා ඔයා කන්න.."
   මං සයිඩ් එකෙන් දැක්කා එයාට ලාවට කට කොනින් හිනා යනවා. 

   " මුරන්ඩු වෙන්න එපා ගඟූ.. කෝ ආ කියනවා.."
     ඒ පාර හැන්ඳ මේසෙ උඩින් තියලා බත් කට අතින්ම කවන්න කට ලගට ලං කලා.  ඊට පස්සෙ නම් මම කෑවා. 

පහුවදා උදේ මම ශාකි අයියා එක්කම අපෙ ගෙදර ගියා. යද්දි දොර ඇරලා තිබ්බේ. දොර අරින්න පුළුවන් ඉතින් මං ඇරුනාම පරීට විතරයි. හිතුවත් වගේම පරී නම් ඉන්නවා. ඒත් ඒත් ඊට එහා පැත්තෙන් ඉදගෙන ඉන්න දෙන්නා. ඒ ඒ.. දෙයියනේ ඒ අර මම හැප්පෙන්න ගිය කාර් එකෙ හිටිය දෙන්නානෙ.

මගෙ මුලු ඇඟම වගේ පණ නැති උනේ ඒ දෙන්නාව දැක්කට පස්සේ බයටම. එයාලා මාව හොයන් ආවේ ඇයි? මාව එක්ක යන්නවත්ද..

දැන් නම් මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා. 

මං ඇතුළට යද්දි ඒ දෙන්නම මගෙ දිහා බලන් ඉදලා පසුතැවිලි මූණකින් දෙන්නම මූණට මූණ බලාගත්තා. 

ඒ වෙද්දිත් මගෙ ඇස් වලින් කදුළු පනින්න ඔන්න මෙන්න තිබ්බෙ. ඒ ඇත්තටම මගෙ අම්මා නම්..? එතකොට අර පිරිමි කෙනා කවුද..? එයා ආයෙත් බැඳලාවත්ද?




   " දුව.. මෙහෙට එන්නකො.."
   මං එක අඩියක්වත් ඉස්සරහට නොයා ශාකි අයියාගෙ අතක් අල්ලගත්තා. එයාගෙ අතක එල්ලිලා චූටි ලමයෙක් යකෙක් දැකලා බය වෙලා බලන් ඉන්නවා වගේ බලන් හිටියෙ. 

ශාකි අයියා මගෙ දිහා බලලා ඇස් පිල්ලම් දෙකකුත් ගහලා ඉඟි කලේ බය වෙන්න එපා හැමදේම විසඳෙයි කියන්න වගෙ.

මම නැගිටලා ගියෙ නැති නිසාම ඒ ගෑණු කෙනා නැගිටල මං ලගට ආවා. 

   " ඇයි ලමයො මේ බය වෙලා.. "
  " ක්-ක..කවුද..ඔයා.."
 " මං ඔයාගෙ අම්මා.. මට සමාවෙන්න රත්තරනෙ.. "

   මොකක්.. දෙයියනෙ මම හිතපු දේ හරි. මම ශාකිගෙ අත තද කරලා හයියෙන් අල්ල ගත්තු පාර එයාට රිදෙන්නත් ඇති. ඒත් ඒ වෙලාවෙ මට තිබුනෙ තනිකරම බයක් විතරයි. මට ඇඬුනා. ඒ වලදාන්න හදපු අතීතේ ආයෙ ආයෙ ඇස් ඉස්සරහා මැවෙන්න පටන් ගත්තා.  ඔලුවම විකාරයක් වෙලා වගෙ තිබුනෙ. 

    මං එතනින් දුවලා හැංඟෙන්න උත්සහ කලත් ශාකි අයියා මාව නතර කරගත්තා.

   " ශාකි- ශ්-ශා..කි.. මෙයාලට..යන්..න කියන්..න.. ප්ලීස් ප්ලීස්.. මේ මිනිස්සු දෙන්නාව යවන්න ශාකි.."
    " ගඟූ..ගඟූ කූල් ඩවුන් බේබී.. රිලෑක්ස්.. "
    පොඩි එකෙක් වගෙ බෙරිහන් දීගෙන අඩන මාව එයා එයාගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගෑවා.

   " මොනදේ උනත් ඔයාට මං ඉන්නවනෙ ලමයෝ.. හිතට ධෛර්ය ගන්න.. අඬන එක නවත්තලා ඇත්තට මූණ දෙන්න.. හිතේ දුකක් තියෙනවා නම් මේ ගොල්ලො ඉස්සරහාම ඒ හැමදේම කියලා හිත නිදහස් කරගන්න.. මේ ඉන්නෙ ඔයාගෙ අම්මායි තාත්තයිනෙ.. බය වෙන්න එපා.."

    මගෙ ඉස්සරහා ඉන්නෙ අම්මා බව ඇත්ත. ඒත් එතකොට මෙ මෙ එහා පැත්තෙ ඉදගෙන ඉන්නෙ තාත්තාද..? දෙයියනෙ මාව ඉපදෙන්නත් කලින්ම දාලා ගියපු කෙනාද? 

ශාකි ගෙ ඒ වචන වලට මට ඇත්තටම පණක් ආවා. මං එයාවත් අතෑරලා කදුලුත් පිහිදගෙන ඒ වෙන්නා පැත්තට හැරුනා. ඒ වෙද්දිත් අර නමට තාත්තා කියන මනුස්සයා එතෙන්ට ඇවිත් හිටියෙ. 

   " මගෙ ජීවිතේම විනාස කරා මදිවට තවත් හොයන් එන්නෙ ජීවිතේ නැති කරලාම දාන්නද.."
    පරීත් පුදුම වෙලා වෙන හැමදෙයක්ම බලන් හිටියත් එයා මේවට මැදිහත් වෙන්න ආවෙ නෑ. 

  " මොනාද ලමයො මේ කියවන්නෙ.. තමන්ගෙ දරුවගෙ ජීවිතේ නැති කරන්න තරම් මම තිරිසනෙක් කියලා හිතුවද.."
   ඒ කතාවට නම් මට කට කොනින් හිනා ගියා. මෙච්චර දෙයක් කරලා බෝසත් වෙන්නත් යනවනෙ ඉතින්. මේවට කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බැ. 

  " ඇති ඇති නවත්තගන්න ඔය රඟපෑම.. මට මගෙ පාඩුවේ ඉන්න දීලා යනවද දෙන්නා එක්කම මෙතනින්.. මගෙ කට ඇවිස්සුනොත් අම්මා කියලා බලන්නෑ මම.. නමට හරි අම්මායි තාත්තායි නෙ.. "

    " ඇයි ලමයො මෙහෙම කතා කරන්න මම මොනවද ඔයාට කලේ.. "
   බොරු කදුලු පෙරන එකත් හෙන ලේසි වගෙ. 

   " හ්හ්.. ඔයා මට මොනවද නොකලේ කියලා ඇහුවා නම් තමා හරිම ප්‍රශ්නෙ.. ඇයි ඔයාලට බැරි උනේ මාව බඩේ ඉද්දිම නැති කරලා දාන්න.. ආ.. ඇයි බැරි උනෙ.. තමන්ගෙ දරුවගෙ ජීවිතේ විනාස කරන්න තරම් හිත හදාගත්තෙ කොහොමද..


 තමුන්ට අම්මා කියන්නවත් සුදුසු නෑ.. තමුන් අම්මා කියන නමටත් කැලලක්.. "
     " ගඟූ.. මොනවද මේ කියවන්නෙ.. මොනා උනත් ඒ ඔයාගෙ අම්මානෙ ගඟු.. ඔහොම කතා කරන්න එපා.."
    ශාකි එහෙම කියද්දි මම එයා පැත්ත හැරුනා. 

   " ශාකි දන්නවද මේ මනුස්සයා මට කරපු දේවල්.. මාව පාරේ දාලා ගියපු එකට නෙවෙයි මම මෙච්චර මෙහෙම හැසිරෙන්නෙ.. "

   " එහෙනම්.. මොනාද ඔයාට මෙයා කලේ.."
   " මේ මනුස්සයා තමන්ගෙම දුව ව ගණිකා නිවාසයක කාමරයක් ඇතුලේ පිරිමිත් එක්ක හිර කරපු ගෑණියක්.. එහෙම- එහෙම මනුස්සයෙක්ට ශාකි මම කොහොමද අම්මා කියලා කියන්නෙ.. 

පුංචි අවුරුදු දහයක දොළහක කෙල්ලෙක්ව එයාටත් වඩා වයසින් වැඩිමල් පිරිමින්ට සැප ගන්න දීපු මහම මහ කාලකන්නි ගෑණියක්.. ඉස්සර මට ඒ දේවල් මතක් වෙද්දි බයයි.. ආයෙ එයි කියන බය තිබුනා.. හැබැයි ශාකි ඔයා ඒ බය මගෙන් නැති කරලා දැම්මා.. "

     මම කියපු දේවල් අහලා පරීගෙ ඇස් වල කදුලු පිරුණා වගේම ශාකි එතන තිබ්බ පුටුවෙන් ඉද ගැස්සුනා.
  
     " මට තේරෙන්නෑ ගඟූ.. මොනාද මේ කියන්නෙ.. ප්ලීස් මට හරියටම මොකද උනේ කියනවද.."
   " අහන්නකො.. "
අර මිනිස්සු දෙන්නාත් අන්දමන්ද වෙලා බලන් හිටියා.

   " මං හම්බුනාට පස්සෙ මෙයා මාව අර ගණිකා නිවාසයක් ඉස්සරහට් ගිහින් දැම්මානෙ.. ඊට පස්සෙ කොහොම හරි අවුරුද්දක් විතර ගියාට පස්සෙ මෙයා ආයෙත් මාව හොයන් ආවා එතෙන්ට..

 කොහොම හරි මට තේරෙන වයසෙදිත් එයා එහෙට යන්න එන්න ගත්තා.. දවසක් අර ගෑණු කෙනා එක්ක මේ අම්මා කියන මනුස්සයා කතා කරනවා මට ඇහුනා.."

*අඳුරු මතක👉*

   " හරි නංගි ඒ ඔයාගෙ දුව බව ඇත්ත.. හැබැයි මෙච්චර කාලයක් කන්න බොන්න දීලා හදාවඩා ගත්තෙ මමනෙ.. ඉතින් ඒ කෙල්ල ගැන මට තමයි අයිතිය තියෙන්නෙ.. තමන්ගෙ දරුවා කියලා පාරේ දාලා යද්දි හිතුනෙ නැද්ද.."

    " ඒවා මට වැඩක් නෑ මම කියන දේට අකමැති උනොත් මම පොලිසියට කියනවා මෙතන ගණිකා නිවාසයක් තියෙනවා කියලා.. හොරට කරන දෙයක් කියලා මාට්ටු කරලා දෙනවා.. තව 18ට අඩු ලමයිව බලෙන් හිරකරගෙන ඉන්නවා කියලා.."
   " හරි දැන් මොකක්ද ඔයාට වෙන්න ඕන.."
    
   " වෙන්න ඕන මෙච්චරයි.. මෙතන මගෙ කෙල්ලත් ඉන්නවනෙ.. ඔයාට තියෙන්නෙ මාත් එම්ම හවුලෙ වැඩ කරන්න.. හැබැයි එක දෙයක්.."
    " ඒ මොකක්ද.."

 " මාත් මෙතන බිස්නස් එක වැඩි කරන්න උදව් කරන්නම්.. කෙල්ලගෙන් හම්බෙන සල්ලි සේරම මට ඕන.. එකඟද.."
    " හරි එහෙම කරන්නම්.."

*අදුරු මතකෙන් වර්තමානයට👉*

   " දෙයියනෙ ගඟු.."
මම දැක්කා ශාකිගෙ අත් පවා මිටි මෙලවෙනවා. නහර ඉලිප්පෙනවා. 

 එයා මාව බදාගත්තා. ඉතින් මගෙ නතර උන ඇඩිල්ල ආයෙ අලුත් උනා.

 " ඔයාට විශ්වාස කරන්න අමාරුනම් අර ගෑණු කෙනාව මෙතෙන්ට එක්ක ඇවිත් අහන්න හැමදේම.."
   " එයා හිරේ.."
   " මොකක්.."
මං කෙලින්ම බැලුවෙ ශාකිගෙ ඇස් දිහා. 


    " ඔව් ගඟු.. ඔයා මට හැමදේම එදා කිව්වාට පස්සෙ මම ඒ කෙනා ගැන විස්තර හොයන්න ගත්තා.. ඊට පස්සෙ පොලීසියත් එක්කම එහෙට ගිහින් අල්ලගත්තා.. සාක්ෂි දෙන්න එතන කෙල්ලො ටික ඉදිරිපත් උනා.. දැන්වත් ආන්ටි පිලිගන්නවද මේ කියපු දේවල් ඇත්ත කියලා.."

   " ඔ- ඔව්..ඒත්.."
  " වාව් ඉට්'ස් ඇමේසීන්ග්.."

     අම්මා කියලා ඉවර වෙන්නත් කලින්ම තාත්තා අත්පුඩියක් ගගහා ඒක කියලා අම්මා ලගට ගියා. අම්මා පුදුම වෙලා බලන් හිටියා. එයා විතරක් නෙවෙයි එතන හිටපු හැමෝම පුදුම උනා.

   " ශාන්ති, දානවා මාංචු මෙයාට.."
     එයා සද්දෙන් කියද්දි එළියෙ ඉදන් පොලිස් ගෑණු කෙනෙකුයි පොලිස් පිරිමි දෙන්නෙකුයි එතෙන්ට ආවා.

   අර පොලිස් ගෑණු කෙනා අම්මාගෙ අත් වලට මාංචු දැම්මා.

   " විජේ මොකක්ද ඔයා මේ කරන්නෙ.."
   " කරන්නෙද.. කරන්නෙ සාදාරනේ වෙනුවෙන් අසාදාරනයට විරුද්ධ වෙනවා.. තමුන් හිතුවද තමුන්ගෙ නොහොබිනා වැඩ නිසා දාල ගිය මං තමුන්ට ආයෙත් ලං උනේ ආදරේකට කියලා.. එහෙම හිතුවා නම් ඒක වැරදී.. මං ආයෙ ලං උනෙත් මගෙ දරුවා ගැන දැනගන්නම තමා.. 

කොච්චර බොරු කිව්වාද තමුන්.. කෙල්ල හොඳ සල්ලිකාර පවුලක මිනිස්සු වගයක් හදාගන්න ඉල්ලුවාට පස්සෙ දුන්නා කිව්වා.. මුල ඉදන්ම තමුන් ගැන සැකයක් තිබ්බ නිසා තමා මෙහෙම ලඟින් හිටියෙ.. මාව කසාද බැදලා ඉද්දිත් තමුන් කලේ අයාලෙ ගිය එකනෙ.. 

එහෙව් ගෑණියක් ලමයගෙ සත්‍ය්ට ගැන හිතයිද.. මේ පුතා නොහිටින්න මං තාම එහෙනම් මගෙ දරුවා ගැන හොයනවා.. ගොඩක් පිං කොල්ලො.."
   අම්මාට අමතක වෙලාද කොහෙදො බැදලා හිටියේ ඕ.අයි.සී කෙනෙක්ව කියලා. 
    
    " මට සමාවෙන්න දුවේ.. ආදරේ නැතිකමකට නෙවෙයි දාලා ගියෙ.. මේ වගේ මනුස්සයෙක් එක්ක පවුල් කන්න බැරි නිසා.. අම්මාගෙයි තාත්තාගෙයි ආදරේ ලබන්න බැරි උනාට ඒ හැමදේකටම හරියන්න දුවට නියම ආදරවන්නයෙක් හම්බෙලා තියෙනවා.. 

හැම කොල්ලාම තමන්ගෙ කෙල්ල අඑනුවෙන් මෙහෙම පෙනී ඉන්නෙ නෑ.. ඒ අතින් තීශාක්‍ය පුතා, කියන්න වචන නෑ කොල්ලෝ.. යූ ආ අ ග්‍රේට් මෑන්.."
   තාත්තා මගෙ අතකුයි ශාකිගෙ අතකුයි එක ඉඩ තියලා අල්ලගෙන ඒ දිහා බලාගෙනම කිව්වා. 

පරීගෙ ඇස් වලත් කදුළු. 

   " ගඟූ.. මම නංඟි ගන්න යනවා.. හවස එන්නම් උබව හම්බෙන්න..යන්නම් ශාකි අයියෙ.. යන්නම් අංකල්.."
    පරී කදුලු පිහිදගෙන ඇවිත් මට හග් එකක් දීලා අයියටයි තාත්තටයි යන්නම් කියලා ගියා.

   තාත්තා අපි දෙන්නාවම බදාගෙන මගෙන් සමාවත් අරගෙන අම්මාවත් ඇරෙස්ට් කරලා අරන් ගියා.

ගෙදර ඉතුරු උනේ ශාකියි මමයි විතරයි.

  " අයියෙ.. ඔයාට ගොඩක් පිං..මට ඇත්තට මූණ දෙන්න ශක්තියක් උනාට.. මගෙ ලගින් හිටියට.. මං.. මං ඔයාට ගොඩක් ආදරෙයි.."

     මං එයාගෙ කම්මුලකින් හදුවක් තියනකොට එයා මහෙ ඉණ වටෙන් අත් දාලා මාව එයාට තව ටිකක් ලං කරගත්තා.

   " මං කිව්වනෙ මොන දේ උනත් අන්තිම වෙනකල් මං ඔයත් එක්ක ඉන්නවා.."
   එයා මගෙ තොල් වලින් සියුම් හාදුවක් තිබ්බා.

*අවුරුද්දකට පසු👉*





අදට ශාකි අයියායි මමයි බැඳලා මාස අටක් වෙනවා. ඒ වගේ විශේෂ දවසක තවත් විශේෂ දෙයක් තියෙනවා. අද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය. 

ඉතින් දැන් තියෙන්නෙ එයාගෙ අවස්ථාව. අර සුපුරුදු බැට් කිස් එක අදත් ඒ විදිහටම මගෙ පැත්තට බැක් එක දික් කරලා කිස් එකක් දුන්නා. මම ඉතින් වෙනවා වගේම එයාව දිරිගන්වන්න බෙරිහන් දෙනවා. මෙතන තියෙන ලොකුම දේ තමයි දැන් අපි දෙන්නා ගැන මීඩීයා වලින් පවා දන්නවා. 

ඒ නිසාම ගොඩක් කැමරා මම කෑගහද්දි මගෙ පැත්තට තමා හැරෙන්නෙ. එ නිසා අර ලොකු තිරෙන් මාව එයාට පේනවා. 

එයා දවසක් මීඩියා එක ඉස්සරහට මාව එක්ක ගියානෙ. වස ලැජ්ජාව. හෙන හෑලි තොගයක් කිව්වෙ. මේ ඉන්නෙ මගෙ පණ, අපි ලගදිම මැරි කරනවා, අරකද මෙකද ගොඩක් කීවා. 

කැමරා ඉස්සරහම කිස් එකකුත් දුන්නා කියන්නකො. මං ඉතින් ආදරෙයිනෙ එයාට. මට කියලා ඉන්නෙ එයා විතරයි නෙ. 

අද මැච් එකත් මගෙ හබියා නිසාම දින්නා. ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් එයානෙ. 

මැච් එක ඉවර වෙලා එයා මගෙ ලගට ආවා. එද්දි ගොඩක් අය එයාගෙන් සයින් ගන්නවා, සෙල්ෆි ගහනවා, කතා කරනවා හෙන විකාරයක්. 

 මම එයා එනකල් චේන්ජින් රූම් එක ලඟ හිටියා. කොහොමත් එයා එතෙන්ට එන්නෙ කියලා දන්න නිසාම එතන හිටියෙ.

 ආපු ගමන් මගෙ ඉණ වටෙන් අත් දාලා මාව ලගට ගත්තා.

   " හැමදාම මාව ඔය විදිහටම දිරිගන්වන්න මැණික.."
   එහෙම කියලා එයා මගෙ නළලට හාදුවක් දුන්නා. 

    " මගෙ හැමදේම ඔයානෙ.. මං ඉන්නකල් ඔයාට ශක්තියක් වෙනවා.."
   මම එයාව බදාගත්තා.

ඉතින් මේ අපෙ ආදරේ ආරම්භය විතරයි. අවසානය තෙක්ම අපිට අපි ඉන්නවා.

සමාප්තයි!
━━━━━━━━━━━━━━

ඔයාලට දැන් මගෙ කතා එපා වෙලාද ලමයි කමෙන්ට් එකක්වත් නැත්තෙ😫💔


මේකේ ලොකු රොමෑන්ටික් සීන් නෑ. මොකද මම මේ කතාව ලිව්වේ ජීවිතේට උපදෙසක් දෙන්න. 
🙃❤️‍🩹 කතාවෙන් ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා. සමහරුන්ට නම් ඒවා තේරෙනවා ඇති කියවද්දි😊♥️

හැමෝම එකවගෙත් නැහැ වගේම ජීවිතේ හරිම කෙනා තෝරගද්දි හොඳට හිතලා බලලා තීරණේ කරන්න ලමයි🙂යාලුවෙන්න අහපු ගමන් රිජෙක්ට් කරන්න එපා. මොකද කෙනෙක්ගෙ බොරුවක් නිසා අපිට අවංකව ආදර්වෙ කරන කෙනෙක් පවා නැතිවෙන්න පුළුවන්🥺❤️‍🩹


 මොකද හිතෙන්නේ අද කතාව ගැන? comment එකක් දාන්නකෝ බලන්න.

Post a Comment

Previous Post Next Post