*ප්‍රාර්ථනා
*
කෙටි කතාවකි
.............................. ....
උදෑසන අරුණැල්ලත් සමග මා අවධි උනේ මව බැලීමේ අරමුණින් ය. ගස් කොළන් වල සිසිලසත් සමග ඇසෙන කුරුල්ලන්ගේ කිචි බිචි නාදය මුළු දවසම හැඩ කරන්නට සමත් විය. එහෙත් වෙනදා වගේම මගෙ සතුට වැඩි වෙලා රැඳුනෙ නැහැ.
අම්මා තමයි මගෙ හැමදේම උනේ. අම්මා නැතුව මං කොහොමද ජීවත් වෙන්න ඕන කියලවත් මම හිතල තිබුනෙ නැ. මේ දවස් වල අම්මා අසනීපෙන් නිසා මට සතුටක් නම් තිබුනෙ නැ.
මං තාම අවුරුදු දාසයක පුංචි කෙල්ලෙක්. මගෙ වයස හැමෝටම වගේ ලොකු ලොකු හීන තිබුනට මට තිබ්බ ලොකුම හීනය තමයි මගෙ අම්මාව කොහොම හරි සනීප කරගෙන එදාවේල කන්නෙ කොහොමද කියන එක.
අම්මා නම් කියන්නෙ මං පොඩි කාලේම මගෙ තාත්තා අපිව දාලා ගියා කියලා. එයාට නම් හොඳට සල්ලි තියෙනවා කියලා ගමේ සමහරු කියනවා. ඒත් මං අද වෙනකල්ම මගෙ තාත්තාව දැකලා තිබුනෙ නැහැ. මම එයා ගැන හොයන්න වද උනෙත් නැ. මොකද මගෙ අම්මා මට තාත්තා නැති අඩුව කවදාවත් දැනෙන්න දුන්නෙ නැ.
"අම්මේ..කො නැගිටින්නකො අපි මොනවා හරි කාලා ඉමු.."
අම්මා අසනීප වෙන්න කලින් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින්
ගෙනාපු බඩු වගයක් තිබිලා මම ඒවගෙන් උයලා අම්මාට කන්න දුන්නා.
ඔන්න ලමයි කතාව ගෙනාවෝ
කමෙන්ට් කරන්න බලන්න " දෝණි...කැ..වද?"
"මම කන්නම්.. අම්මා ඊට කලින් කාලා ඉන්නකො..බෙහෙත්
බොන්නත් එපැයි.."
" මගෙ කෙල්ල මං නිසා ගොඩක් දුක් විදිනවා නේද? මට සමාවෙයන්
රත්තරනේ.."
අම්මා අඬන්නට විය.
'' ඔන්න ඉතින් පොඩි බබා ටැප් එක අරින්න පටන් ගත්තා.. ඔයත්
නිකන් පොඩි ළමයෙක් වගේනෙ අම්මේ..මන් එහෙම දුක් විදින්නෙ නැ..අම්මා දුක් නොවී ඉන්න අසනීපේ වැඩි නොකර.."
අම්මාට බෙහෙත් ටිකත් දීලා මම ගියේ රෑට කන්න මොනවා හරි
හොයන් එන්න. ඒත් මට පිහිට වෙන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ.
බැරිම තැන මම පාරේ නටලා තමයි රෑට කන්න සල්ලි හොයා ගත්තේ.
මම බඩු ටිකත් අරන් ගෙදර යද්දි අම්මා පෙන්න හිටියේ නැ.
"අම්මේ..අම්මේ.. කොහෙද ඔයා ඉන්නේ..අම්මාගෙ චුටී දෝණි ආවා.."
මම ගෙදර හැම තැනම අම්මාව හෙව්වත් අම්මා පේන්න
හිටියෙ නැ. ඒ වෙලාවේ අපේ ගෙදර අයිතිකාරයා ආවා.
" මාමේ අපෙ අම්මාව දැක්කාද?"
"ප්‍රාර්ථනා කෙල්ලේ.. මම කියන එක අහලා කලබල වෙන්න එපා..
අම්මාට පපුවේ අමාරුව වැඩි වෙලා ඉස්පිලිතාලේ එක්ක ගියා.."
" අනේ මාමේ අම්මාට ගොඩක් අමාරුද?''
මගෙ අතේ තිබ්බ බඩු මල්ලත් බිමට වැටුනා. මටත් නොදැනිම
මගෙ ඇස් තෙත් වන්නට විය.
" බය වෙන්න එපා කෙල්ලේ..දැන් සිහිය ඇවිල්ල ඇති මයෙ
හිතේ..යමන් මාත් දැන් ඒ පැත්තෙ යනවා.."
ඔහු රිය පනගන්වා රෝහලට කිට්ටු වන විට මගෙ හදගැස්ම වැඩි
වන්නට විය.
උපාලි මාමා ගිහින් නතර උන තැන වාට්ටුවේ දෙවෙනි ඇඳේ ඉන්න ලෙඩාව සුදු රෙද්දකින් වහලා තිබුනේ.
" මාමේ ඇයි මෙතන නතර වෙලා ඉන්නේ..අපි යමුකෝ අම්මාව
බලන්න.."
"කෙල්ලේ මේ ඉන්නෙ අම්මා තමයි.."
උපාලි මාමා අර සුදු රෙද්දෙන් වහලා හිටපු කෙනාව පෙන්නද්දි
මගෙ කකුල් දෙකම පන නැතුව ගියා. මම හිමිහිට ඇඳ ලගට ගිහින් වහලා තිබ්බ සුදු රෙද්ද හිමින් අයින් කලා.
ඒ දැකපු රූපෙත් එක්ක මට වැඩි වෙලා ගියෙ නැ ඒ කවුද කියලා අදුරගන්න. මට එහෙම්ම එතන
තිබුන බංකුවෙන් ඉද ගැස්සුනා. පැයක් විතර යනකල්ම මම ගල්
පිළිමයක් වගේ බලාගත්තු අත බලාගෙන හිටියා.
''අම්මා...''
මම මුළු ඉස්පිලිතාලෙම දෙවනත් වෙන්න කෑගැහුවා. මගෙ මුළු ලෝකෙම නැති උනා වගේ දැනුනේ.ජීවිතේ කවදාවත් මම අද
තරම් අසරණ වෙලා නැතුව ඇති.
අම්මාගේ අවමංගල කටයුතු ඉවර වෙලා සතියකුත් ගෙවුනා. මම
මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැ. තවම දහ අටවත්
සම්පූර්ණ වෙල නැති නිසා රස්සාවක්වත් හොයාගන්න විදිහක් නැ. අම්මා නැති උනාට පස්සෙ මට කන්න බොන්න දුන්නෙ උපාලි මාමා.
" කෙල්ලේ, අම්මාත් නැති එකේ මාත් එක්ක හිටපන්.. මම හොදට
සලකන්නම්..''
"ඒ කිවේ.."
"නෑ, මමත් තනිකඩ මනුස්සයානෙ.. ඉතින්.."
උපාලි මාමා මට යොජනාවක් ගෙනාවා. මම ඒක ප්‍රතික්ශේප කලා.
" පිස්සුද මාමේ.. මම තාම පොඩි කෙල්ලෙක්.. මට ඕවා තේරෙන්නෙ නෑ.."
ඔහු මගෙ උරහිස ස්පර්ශ කරන්න යද්දිම මම පැත්තකට උනා.
"ඔයා ඕන නාඩගමක් නටාගන්න ඔයාගෙ වයසට ගැළපෙන
කෙනෙක් එක්ක.."
මම එතනින් ගියා.
මම උදේම නැගිටලා ඇඳුම් ටිකත් අරන් පිටත් උනේ කොහෙද යන්නෙ
කියලවත් නොහිතා. තවත් මම මෙහෙ හිටියොත් මට ලොකු ලොකු කරදර වලට මුහුන දෙන්න වෙනවා. ගෙදරින් එළියට බැහැලා ආවාට යන්න තැනක් නම් තිබුනෙ නැහැ.
ගමේ පුස්තකාලය ඉස්සරහා පොඩි අම්බලමක් තිබ්බා.මම ඒකට වෙලා
තමයි අද දවස ගත කරන්න තීරණේ කලේ.
එතන ඉදගත්තාහම ඉස්සරහින් පේන්නෙ පුස්තකාලේ. ඉතින් මම
ඉදගෙන කල්පනා කරන්න ගත්තේ හෙට දවස කොහොමද ජීවත්
වෙන්නෙ කියලා.
'අනේ අම්මේ..ඇයි මාව මේ නපුරු ලෝකේ තනිකරලා ගියේ.. මාවත් එක්ක යන්නකො අම්මේ. අම්මාගෙ චුටි දෝණි තාම දන්නෙ නැ මිනිස්සු එක්ක කොහොමද ජීවත් වෙන්නෙ කියලාවත්.. මම මොකද කරන්නේ..
ඉගෙන ගන්නවත් අතේ සතේ නැ. රස්සාවක් කරන්නත් බැරිවෙයි. තාම අවුරුදු දහ අටවත් වෙලා නැති මට කවුද රස්සා දෙන්න ඉන්නෙ.. දැන් නම් හිතෙනවා අම්මා ගිය තැනටම යන්න. කාත් කවුරුත් නැති උනාම මිනිස්සු කොච්චර නම් අසරණ වෙනවද? ඒත් අම්ම නම් කියලා තියෙන්නෙ මොන ප්‍රශ්න ආවාත් කවදාවත් හිතින් වැටෙන්න එපා කියලා.
මම මොන විදිහකින් හරි රස්සාවක් හොයා ගන්නවා. ඒකල්ලා හොද තැනකට ඇවිත් මගෙ අම්මාගෙ හීනේ හැබෑ කරනවා. ඒත් කොහොමද මම වියදමක් නැතුව ඉගෙන ගන්නෙ.."
මම පුස්තකාලේ දිහාම බලාගෙන හිතින්ම තර්ක කරන්නට විය.
"පුස්තකාලය.."
මගෙ ඔලුවට එකපාරටම ආවේ පුස්තකාලය.
මම හිටපු තැනින් නැගිටලා පුස්තකාලය අසලට ගියා.
" මාමේ.. පුස්තකාලයට බැදෙන්න මොකද කරන්න ඕන.. "
එතන මුරට හිටපු මාමාගෙන් මම ඇහුවා..
" ඇප්ලිකේශන් එකක් අරන් පුරවලා ඇතුලට දෙන්න.. රුපියල්
පන්සියක් ගන්නවා ඇතුලත් වෙන්න නම්..."
අතේ තියෙන්නෙම රුපියල් තුන්සීයයි. මම ඉතින් එතනින් හැරිලා
යන්න හදද්දිම ඒ මුරට හිටපු මාමා මට කතා කලා.
ඔයාලා දන්නෙ නැද්ද ඉස්සරහට මොනවද වෙන්නේ කියලා 
දන්නවනම් කොමෙන්ට් එකක් දාන්න
මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න.
" ඇයි දුව ඇතුලත් වෙන්නේ නැද්ද.."
" නැ මාමේ.. වෙන දවසක එන්නම්.."
" ඒ ඇයි.. ආව එකේ අදම ඇතුළත් වෙලා යන්න ඉතින්.."
" මං ලග රුපියල් තුන්සීයයි තියෙන්නෙ මාමේ.. මම් වෙන දවසක එන්නම්.."
" දුවගෙ දෙමව්පියෝ කෝ.."
" මගෙ අම්මායි තාත්තායි දෙන්නාම නැ.. ඉන්න හිටින්නවත් තැනක් නෑ හරියට... මම පුස්තකාලේට එන්න තීරණේ කලේත් තනියම හරි ඉගෙනගෙන හොද තැනකට ඇවිත් අම්මගෙ හීනේ හැබැ කරන්න.."
" දුව උදේට කාලාද ඉන්නෙ.."
" නෑ මාමේ.."
" ආ.. මේක අරන් පුස්තකාලෙට බැදිලා එන්නකො.. මම කන්න
මොනවා හරි අරන් එන්නම්කො.. යන්න දැන්.."
" අනෙ එපා.. මම හින්දා මාමා කරදර වෙන්න එපා. මාමා ඕක
තියාගන්න.."
" මට මොන කරදරයක්ද දරුවෝ..මේක ගන්නකො.. අරන් ලොකු වෙලා සල්ලි හම්බ කරපු දවසක මට දෙන්න.. ණයක් ගත්තෙ කියලා
හිතාගන්නකො එතකොට හරිනෙ.."
" අනේ මාමාට ගොඩක් පිං මට මේ කරපු උදව්වට.. මං කවදාවත්
මේ උදව්ව නම් අමතක කරන්නේ නැ.."
මම පුස්තකාලේට බැදිලා එලියට ආවා.
" ආ දුව මේක කන්න.. "
මගෙ ඇස් වලින් කඳුළු ගලන්නට විය.
" ඇයි මේ අඬන්නෙ.."
" දුකකටද සතුටකටද කියලා මට තේරෙන්නෙ නැ මාමේ.."
" දුව දැන් කොහෙටද යන්නෙ.."
යන්න තැනක් හොයා ගන්නකල් අර අම්බලමට වෙලාවත් ඉන්නව
මාමේ.."
" දැනට එතෙන්ට ගිහින් ඔය බත් එක කන්නකො.."
මාමා මගෙ ඔලුව අතගාලා ගේට්ටුව ලගට ගියා.
අම්මා නැති උනාට පස්සෙ ගෙවුන දවස් වලට වඩා අද දවස හරි වෙනස්.
තුරුලතා පවා මා සමඟ කෝළම් කරනාවා සේ මට දැනුනි. මුලු ගතම
සිසිල් කරන් හමන සුලඟ වෙනදා මෙන් නොව මා සමගම දඟ කරන බවක් මට සිතිනි.
හවස් උනේ මටත් නොදැනිමය.
" දුව.. මොකද කරන්නේ.."
" මං අදමයි මාමේ මෙච්චර ලස්සනට මේ පරිසරය දැක්කේ.. කවදාවත් මං මෙච්චර උවමනාවෙන් පරිසරේ බලලා නැ.."
" අද කාලේ ගොඩක් අයට ස්වභාදහම විදින්න වෙලාවක් නැ දුව.."
මම ලොකු හුස්මක් පිට කලා.
" ඒක නෙවෙ දුව.. දුව කැමති නම් අපෙ ගෙදර යමු.. මමයි මගෙ
නෝනායි විතරයි ගෙදර ඉන්නෙ.."
"අනෙ කමක් නැ මාමේ.. තවත් මාමාට බරක් වෙන්න බැනෙ මට.. මම්
පුලුවන් විදිහකට මෙහෙම ඉන්නම්.."
" එහෙම එකක් නැ..
මොකද අපිට දරුවෙක් නැති නිසා අපෙ නෝනත්
දුවට ගොඩක් ආදරේ වෙයි.."
මම මොකුත් නොකිය ඔලුව හෙල්ලුවා. 'හා' කියලා නොකියා හිසින්
කැමැත්ත ප්‍රකාශ කලා.
ඇත්තටම ඒ ගෙදර නම් හරි ලස්සනයි. වෙලක් අයිනෙ ලස්සනට
පුංචියට හදල තිබන ඒ නිවස දැකපු ගමන් හිත ඇදිලා යන විදිහට
නිර්මාණය කර තිබුණි.
" අපෙ නෝනේ.. ඩිංගිත්තක් මෙහාට ආවා නං.."
වෙල් යාය දිගේ ආපු ඒ ගැණු කෙනා මං දිහාම බලන් හිටියා.
" කවුද අපෙ මහත්තයා මේ කෙල්ල.."
ඒ නැන්දා මං ලගට ආවා.
" නෝනෙට මං විස්තරේ කියන්නම්.. අපි දැන් යමුකො ගෙට.."
නැන්දා තේ එකකුත් අරන් මං හිටපු තැනට ආවා.
" ආ මෙන්න දුව මේ තේ එක බොන්න.. "
" ස්තූති නැන්දේ..''
"ඔකට මොකට ස්තූති කරනවද කෙල්ලේ.."
නැන්දා මගෙ ඔලුව අත ගෑවා.
" මට මහත්තයා හැමදේම කිව්වා.. ඇත්තටම දුවගෙ අම්මාටයි තාත්තාටයි මොකද උනේ.."
" තාත්තා මාවයි අම්මාවයි දාලා ගිහින් තියෙන්නෙ මට මාස තුනේදි.. ඒ ප්‍රශ්න නිසාම මගෙ අම්මා ලෙඩ උනා. අම්මා හාර්ට් පේශන් කෙනෙක්.. එයාගෙ අසනීපේ වැඩි වෙලා දැන් සති දෙකකට කලින් නැති උනා.."
" දෙයියනේ.. එතකොට දුවලා හිටපු ගෙදර.."
.
" අපි හිටියෙ කුලියට.. අම්මා නැති උනාට පස්සෙ ගෙදර අයිතිකාර මාමා මට යෝජනාවක් ගෙනාව එයාව බදින්න කියල.. මං ඒ නිසා ගෙදරින් ආවා. අනුන්ගෙ තැනක ඉන්න නිසානෙ කරදර.. ඒ එද්දි තමා මට මේ මාමාව හම්බුනේ.."
"දෙයියනේ.. මුන් නම් පුදුම මිනිස්සු තමයි අප්පා.. පොඩි කෙල්ලෙක්ටවත් නිදහසේ ඉන්න දෙන්නෙ නැනෙ.."
මම මොකුත් නොකියා බිම බලාගෙනම හිටියා.
" හරි දැන් දුව ගිහින් මූණ කට සොදගෙන එන්නකො කෑම කන්න.."
නැන්දා ගියාට පස්සෙ මමත් එතනින් ගියා.
ජීවිතේට පුංචි පුංචි හීන එක් කරමින් ඊළඟ දවසත් උදා උනා.
මම උදෙන්ම නැගිටලා පුස්තකාලෙට යන්න පිටත් උනා. හැමදාම හවස් වෙනකල්ම මම පුස්තකාලේ තමයි කාලේ ගත කලේ.
දන්නෙම නැතිව අවුරුද්දකුත් ගෙවුනා.
පාසල් අධ්‍යාපනයට වඩා යමක් මම පුස්තකාලෙන් ඉගෙන ගත්තා. මට දැන් ඕන කොහොම හරි සල්ලි ටිකක් හොයා ගන්න. ඒ ගැනත් කල්පනා කර කර ඉද්දි මට හොඳ අදහසක් ආවා.
නිකන් ඉගෙන ගත්තු දැනුමෙන් ප්‍රයොජනයක් ගන්න මම තීරණේ කලා. ඉතින් රෑ කෑම කන වෙලාවේ නැන්දායි මාමායි දෙන්නටත් මම මගෙ අදහස කියන්න හිතා ගත්තා.
" මාමේ.. මම දැන් ඉගෙන ගන්න ඕන උමරිමේටම ඉගෙන ගෙන නෙ තියෙන්නෙ. ඉස්කෝල් වල වගෙ විභාහග වලට ලකුණු ගත්තෙ නැති උනාට ඒ ලමයින්ට වඩා යමක් මම ඉගෙන ගෙන තියෙන්නෙ..."
"අපෙ කෙල්ල කොහොමත් දක්ශයි කියලා අපි දන්නවනෙ.."
මාමායි නැන්දායි දැන් මට සලකන්නෙ එයාලගෙම දරුවෙක්ට වගේ.
" ඉතින් මට හොද රස්සාවක් කරන්නත් උපාධියක් ගන්න ඔන නෙ.. ඒත් පෞද්ගලික ආයතනයකින් මට ඉගෙන ගන්න වෙන්නෙ.. මට ඒකට
සල්ලි ටිකක් ඔනි.. හොයා ගන්න විදිහක්.."
මට කියලා ඉවර කරන්න නොදි මාමා කතාවකට මුලපිරුවා.
" මගෙ බැංකු පොතේ සල්ලි වගයක් තියෙනවා. මන් ඒ ටික දෙන්නම් දුවගෙ වැඩ වලට..."
" ඔය ඉතින් කියන්නත් කලින් කියලා ඉවරනේ.. එහෙම එපා.. මෙච්චර
ඉගනගෙන තියෙන එකේ ඇයි මට බැරි තවත් කෙනෙක් ට මගෙ දැනුම දීලා හම්බ කරන්න..
මම මේ ගමේ ඉස්කෝලේ යන අයට පන්ති කරන්නම්.. එතකොට මගෙ මතකෙත් වැඩි වෙනවා සල්ලිත් හම්බෙනවා
නෙ.."
"හැබැයි අපෙ මහත්තයා ඒ අදහසත් හොදයි.."
" එහෙනම් අපි එහෙම කරමු.. මම ඉක්මනටම ඒ වැඩේ සූදානම්
කරලා දෙන්නම්.."
අපි තුන්දෙනාටම ගොඩක් සතුටුයි අද නම්. මගෙ අම්මට ඔන වෙලා තිබ්බෙ මාව ලොකු නෝනා කෙනෙක් කරන්න.. ලොකු තැනකට ගේන්න
තමා එයාට ඔන උනේ..
මටත් දැන් ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. එව ටිකෙන් ටික හබෑ වෙද්දි ලොකු සතුටක් හිතට දනෙනවා.
වෙල් යායේ අසිරිය විදිමින් මම නියර දිගේ ඇදුනේ මාමා දැන් ගෙදර එන වෙලාව කිට්ටු නිසා. මාමා කිවුවත් වගේම මට පන්ති පටන් ගන්න හැමදේම ලැහැස්ති කරලා තිබුනේ.
'' ඔන්න එහෙනම් දෝණිට හෙට ඉදලා පන්තියේ වැඩත් පටන්
ගන්න පුලුවන්.."
මම මාමාව බදා ගත්තා. ඒ මොහොතේ සතුටු කඳුළු මගෙ නෙත්
තෙත් කරන්නට විය.
මොහොතෙන් මොහොත, දවසෙන් දවස ගෙවෙද්දි පන්තියට එන ලමයි
ප්‍රමාණයත් වැඩි වෙන්න පටන් ගත්තා. ගමේ ගොඩක් අය ඇවිත් කියනවා මම උගන්වන විදිහ හොඳට තේරෙනවා කියලා ලමයි කියනවා කියලා.
කටින් කටට පන්තිය ගැන හොඳ ආරංචි පැතිරිලා ලමයි එන එකත් වැඩි උනා. ඉතින් ඔහොම දිගටම පන්තිය කරගෙන ගියා.
ගොඩක් වෙලාවක් පන්තියට එන ළමයි එක්ක කාලේ ගත කරපු නිසා දවස් ගෙවනවා දැනුනෙම නැ.
මට ගොඩක් සතුටුයි. මොකද මට වඩා
වයසින් වැඩිමල් අයියලා අක්කලාටත් මම ඉගැන්නුව නිසා.
දැන් මට වයස අවුරුදු දහ අටක් වෙනවා. මගෙ උපාධියට ඕන කරන
සල්ලි ඔක්කොම මට ලැබුනා. ඉස්සෙල්ලාම මම ඒ. ඒ.ටි (AAT) උපාධිය කරන්න
තමයි සූදානම් උනේ. මොකද මම හැමදෙයක්ම වගෙ ඉගෙන ගත්තාට
ගොඩක්ම ඉගෙන ගත්තෙ බිස්නස් පැත්ත ගැන තමයි.
මට නැන්දායි මාමායි දාලා නගරෙට යන්න වෙනවා ඉගෙන ගන්න. දුකෙන් උනත් තාවකාලිකව ඒ දෙන්නගෙන් සමුගන්න උනා.
*අවුරුදු දෙකකට පසු...*
මම අවුරු දෙකකට පස්සෙ තමයි ගමට ආවේ. මේ වෙද්දි මම කොළඹ ලොකු ව්‍යාපාරිකාවක්. මගෙ හීනේ දැනටමත් ඉශ්ඨ වෙලා තියෙන්නෙ.
ඒත් තව කරන්න පුංචි වැඩ ටිකක් තියෙනවා.
" ගෙදර කවුද?.. "
මම නැන්දාවයි මාමාවයි බලන්න ගෙදරට ගියා.
" දෙයියනේ දෝණි.. අනෙ අපි හිතුවෙ කෙල්ලට අපිව අමතක වෙලා ඇති කියලා.."
" ඔය දෙන්නාව එහෙම අමතක කරන්න පුලුවන්ද..? ඔයාලා දෙන්නා නැත්තම් මෙච්චර ඉක්මනට මට මේ තැනට එන්න බැරි වෙයි.. මං ආවේ
මගෙ යුතුකම් ඉශ්ඨ කරන්න.. එන්නකො යන්න.."
මම ඒ දෙන්නාව කාර් එක ලගට එක්ක ගියා.
" කොහෙද මේ එක්ක යන්නේ.."
" නඟින්නකො ගමනක් යන්න.."
" දෝණිට දැන් ආරක්ෂාවටත් කට්ටිය ඉන්නවා නේද?"
මාමා එහෙම ඇහුවේ එතන හිටපු මගෙ ආරක්ෂක නිළධාරින්
දැකලා.
මම හිනාවෙලා ඔලුව හෙලෙව්වා.
" අපිට කියන්නකො දැන් දුවගෙ විස්තර.."
යනගමන් නැන්දා ඇහුවා.
" කොළඹ හොඳම ව්‍යාපාරිකාව තමා මම. අඩු වයසින් මෙච්චර
හොඳට කවුරුත් ව්‍යාපාරයක් පාලනය කරලා නැ මාමේ.."
" ශාහ්.. මරුනෙ.. කොච්චර හොඳද අපෙ කෙල්ල.."
ඒ දෙන්නාට ගොඩක් සතුටුයි මං ගැන. මම කොළඹ තියෙන මගෙ අලුත් ගෙදරට එයාලා දෙන්නව එක්ක ගියා.
ඒ අතරේ ගමේ අයත් මං ගැන නිවුස් වල දැකලා කතාවෙනවා.
" අර අපෙ ළමයින්ට පන්ති කරපු ප්‍රාර්ථනා දරුවා නේද නිලූ ඒ.. "
" ඒක නේන්නන් ප්‍රියන්තියො මාත් බැලුවේ.. අනෙ කොච්චර නම් වාසනාවක් ද? කොළඹ ලොකුම ව්‍යාපාරිකාවක්ලු නේද? සල්ලි එහෙමත් බරටම තියෙනවලු.. අපෙ කොල්ලො කෙල්ලො ටිකටත් හොඳට ඉගැන්නුවානෙ එ කෙල්ල.."
ඒ අය මං ගැන වර්ණනා කරනවා.
"දෙයියනේ මෙච්චර ලොකු ගෙයක්.. මාළිඟාවක් වගේ නෙ
මහත්තයෝ කෙල්ලගෙ ගෙදර.."
"අද ඉඳලා මේ ගෙදර ඔයාලා දෙන්නාටත් අයිති.."
දෙන්නම පුදුම වෙලා මගෙ දිහා බලන් හිටියා.
" පුදුම වෙන්න දෙයක් නෙවේ.. අද ඉඳලා ඔයාල දෙන්නා තමයි මගෙ
අම්මායි තාත්තායි.."
නැන්දාගෙයි මාමාගෙයි ඇස් වලින් කඳුළු වැටුනා.
" මොකද මේ දෙන්න පොඩි ළමයි වගේ අඬන්නේ.. අම්මායි තාත්තායි
ගිහින් සෝදගෙන එන්නකො. අද මගෙ අතින්ම ඔයාලට කන්න උයලා දෙන්නම්.."
"අනේ අපෙ කෙල්ල.."
දෙන්නාම මාව බදාගත්තා.
*ඉඩෝරය නැත හැමදාම*
*ප්‍රශ්න එන්නෙ මිනිසුන්ටයි සැමවිටම*
*නොවැටී යමු දිඟු ගමනක්, අප සැම ඔබ එක සේම..*
සමාප්තයි!
╌╌╌╌╌╌╌╌╌╌╌╌╌╌╌
ලෝබ නැතුව කමෙන්ට් එකක් දාගෙන යනවද




