ආදරයේ ගඟ
පළමු පරිච්ඡේදය - නිමල්
නිමල් අවුරුදු විස්සයි. ඔහුගේ ඇස් වල තිබුණේ වේදනාවයි. කුඩු වලට ඇබ්බැහි උන ඔහුට ජීවිතය කියන්නේ අන්ධකාරයක්. හැම දිනකම එකම කතාව. කුඩු ගන්න සල්ලි හොයන එක.
කලින් ඔහු බුද්ධිමත් ළමයෙක්. පාසලේ පන්තිනයකයා විදියටත් ඉඳලා තියෙනවා. ඒත් නරක මිතුරන්ගේ ආස්‍රයට ගිහින් ඔහුගේ ජීවිතය කඩා වැටුණා. මුලින් සිගරට්, පස්සේ මත් පැන් බීම, අන්තිමට කුඩු. දැන් ඔහුගේ අම්මලා ඔහුව අතහැර දාලා.
"අයියේ මට කුඩු ගන්න සල්ලි නෑ. මට මේ ජීවිතය පට්ට දුකක්" නිමල් තම මිතුරා සමන්ට කිව්වා."නිමල් මචං, ඔයා මෙහෙම කරන්න එපා. මේ ජීවිතය හරි ලස්සනයි. ඒත් ඔයාට ඒක තේරෙන්නේ නෑ කුඩු නිසා" සමන් කිව්වා.
සමන් තමයි නිමල්ගේ එකම සැබෑ යාලුවා. ඔහු මේ කුඩු ව්‍යසනයට නං වැටුණේ නෑ. නිමල්ට උදව් කරන්න, යහා මගට ගන්න උත්සාහ කරනවා.ඒත් නිමල සමන්ගේ කතාව ඇහන්නේ නෑ.
ඔහුගේ හිතේ ඇත්තේ කුඩු ගන්න සල්ලි හොයන එක විතරයි. ඔහුගේ ඇග මුලුමනින්ම වෙව්ලනවා. ඇස් වල කඳුළු එනවා.
දෙවන පරිච්ඡේදය - නරක සැලසුම
එක රෑක නිමල්ගේ ශරීරය ගැහෙන්නට වෙනවා. කුඩු නැතුව ඔහුට ඉන්න බෑ. ඔහුට සල්ලි නෑ. කලින් කලට ඔහු සීයාගේ ගෙදර තිබුන එක එක බඩ සොරකම් කරලා විකුනුවා. දැන් ගෙදර විකුණන්න දේ නෑ.
මම කොහොමද දැන් සල්ලි හොයන්නේ? අඩේ මට කුඩු ගන්නම ඕනේ" නිමල් හිතනවා.
ඔහුගේ ශරීරේ සෑම කොටසකම මහා හයියෙන් ගැහෙනවා. ඇස්වලට අදුරුයි වගේ දැනෙනවා, කිසිවක් පේන්නේ නෑ.ඔහු හිතනවා, කොහොමහරි සල්ලි හොයගන්නවා කියලා හිතාගෙන එලියට බහිනවා.
ඔහු කළුතර නගරයේ පාර දිගේ ඇවිදගෙන යනකොට ලොකු ගෙදරක් දැක්කා. ගෙදර ගොඩක් ලස්සනයි. ලොකු ගේට්ටුවක්, ලස්සන වත්තක්, නිමල්ට හිතුණා මේ ගෙදර සල්ලි තියෙන්න ඕනේ කියලා.
"මම මේ ගෙදරට පැනලා සල්ලි හොරෙන් ගන්නවා. "නිමල් හිතුවා.
ඔහු බලනවා. කොහෙන්ද ගේ ඇතුලට යන්නේ කියලා. තවත් ටිකක් රෑ වෙනකන් බලන් ඉන්නවා.
තුන්වන පරිච්ඡේදය - හොරකම් කරන වෙලාව
රෑ වෙනකොට නිමල් මහපතගම මුදලාලිගේ ගෙදරට පනිනවා. ගෙදර පවුලේ අය නිදාගෙන ඉන්නවා. ගේ ආරක්ෂාවට ලොකු දෙයක් නෑ. පරණ කාලයේ ගෙදරක්.
නිමල් හොරෙන් ගෙදර ඇතුලට එනවා. ඔහුගේ හිත වේගයෙන් ගැහෙනවා. බය සහ කුඩු නැති වේදනාව දෙකම එකට. ඔහු කාමරයක් කාමරයක් ගානේ සල්ලි හොයනවා.
ටීවී එක, ප්‍රිරිජ් එක ගොඩක් බඩු ඔහු දකිනවා. ඒත් ඔහුට දැන් ඕනේ කරන්නේ සල්ලි. කුඩු ගන්න.ගායනිගේ කමරයට ගිහින් ඔහු සල්ලි හොයන්න ගන්නවා.
හදිසියේ නිමල්ගේ අතේ වැදි වතුර විදුරුව බිම වැටෙනවා, ගයනිට එකවරම ඇහැරෙනවා. සඳ රශ්මියෙන් ඇය නිමල්ව දැක්කා.ඔයා කවුද?" ගායනි කෑගහනවා.
නිමල් බය වෙනවා. ඔහුගේ හිත නවත්වන්න කිව්වා වගේ. ඒත් ගායනිව දැක්කම ඔහුගේ හිත වෙනස් වුණා. ඇය හරිම ලස්සනයි. ඇයගේ ඇස් වල අහිංසකමක් තියෙනවා.
හතරවන පරිච්ඡේදය - පළමු බැල්ම
නිමල් ගායනිව දැක්කම ඔහුට පුදුම හැඟීමක් ආවා. ඔහු කුඩු ගහන්න සල්ලි හොයගෙන අවේ, ඒත් ගායනිව දැක්කම ඔහුගේ හිත වෙනස් වුණා. ඇයගේ මුහුණේ තිබුණේ නිර්මල භාවයක්.
ගයනි බය වුණත් ඇයට නිමල් ගැන හිතුනා ඔහු නරක කෙනෙක් නෙමෙයි කියලා. ඔහුගේ ඇස් වල තිබුණේ වේදනාවයි. නරක හිතක් නෙමෙයි. ඔහුට හොදටම දඩිය දාලා මුලු ඇගම වෙව්ලනවා. ඇයට පේනවා ඔහුට උදව්වක් ඕනේ කෙනෙක් කියලා.
"ඔයා ඇයි මේ ගෙදරට ආවේ?" ගායනි සිහින හඬින් අහනවා.
"මට... මට සල්ලි ඕනේ" නිමල් කිව්වා.
"ඔයාට සල්ලි ඇයි ඕනේ?" ගායනි අහනවා.
නිමල්ට ඇත්ත කියන්න බෑ. ඒත් ගායනිගේ ඇස් වල තිබුණ කරුණාව නිසා ඔහුට හිතුනා ඇය හොද කෙල්ලෙක්. ඇයගේ හඬේ තිබුණේ මාතෘ ප්‍රේමයක්. කවුරුවත් ඔහුට මෙහෙම කරුණාවෙන් කතා කරලා නෑ.
පස්වන පරිච්ඡේදය - හදිසි වෙනස
"නංගි ඔයා කෑගහන්න එපා. මම යන්නම්" නිමල් කිව්වා.
ගායනි ඔහු දිහා බලාගෙන ඉන්නවා. ඇයට හිතෙනවා ඔහු ගැන කරුණාවක්. ඔහුගේ ඇස් වල තිබුණේ කාගේ හරි ඇස්. කාගේ හරි කොල්ලෙකුගේ ඇස්.
"ඔයා ඇයි මෙහෙම කරන්නේ? ඔයා හොද කෙනෙක් වගේ පේනවා" ගායනි කිව්වා.
නිමල්ට මේ කතාව ඇහුණාම හිත කම්පනය වුණා. ජීවිතයේ පළමු වතාවට කවුරුහරි ඔහුව හොද කෙනෙක් කිව්වා. ඔහුගේ ඇස් වලට කඳුළු ආවා.
"නෑ... මම නරක කෙනෙක්. මම හොරකම් කරන්න ආවේ" නිමල් කිව්වා.
"ඒත් ඔයා කියන විදිහෙන් ඔයා නරක කෙනෙක් නෙමෙයි. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා" ගායනි කිව්වා.
ගායනිට නිමල්ගේ වේදනාව පේනවා. ඇයට සිතෙනවා මේ කෙනා කුඩු ගන්නවා වෙන්න ඇති කියලා.
හයවන පරිච්ඡේදය - අහිංසක කතාව
නිමල් ගෙදරින් පිටත් වෙන්න හදනවා. ඒත් ගායනි ඔහුව නවත්වනවා. ඇයගේ හිතේ කරුණාව වැඩෙනවා.
"ඔයා යන්න එපා. අපි කතා කරමු" ගායනි කිව්වා.
"මට කතා කරන්න වෙලාව නෑ" නිමල් කිව්වා."ඔයා කුඩු ගන්නවාද?" ගායනි අහනවා.
නිමල් පුදුම වෙනවා. ගායනි කොහොමද දැනගත්තේ? ඔහුගේ මුහුණ රතු වෙනවා, ලජ්ජාවට. "ඔයා කොහොමද දැනගත්තේ?" නිමල් අහනවා.
"ඔයාගේ ඇස් වල සහ අත් වල පේනවා. ගම්මානයේ කුඩු ගන්න අය ගොඩක් ඉන්නවා. ඔවුන්ව දැක්ක නිසා මට පේනවා" ගායනි කිව්වා.
නිමල්ට ලජ්ජා වෙනවා. ඒත් ගායනි ඔහුව පිලිකුල් කරන්නේ නෑ. ගයානි ඔහුව බලන අකරයෙන් දකින්නෙ ඔහු නරක කෙනෙක් නෙවෙයි බව.
හත්වන පරිච්ඡේදය - කරුණාව
"ඔයා ඇයි කුඩු ගන්නේ?" ගායනි අහනවා.
"මට ඒක නවත්වන්න බෑ. මම ඒක කරන්න හැදුවා. ඒත් හුඟක් අමාරුයි" නිමල් කිව්වා.
ගායනිට නිමල් ගැන කරුණාවක් ඇතිවුනා. ඇයට හිතුනා ඔහුට උදව්වක් ඕනේ කෙනෙක් කියලා. ඇයගේ හිත කියනවා මේ කෙනාට උදව් කරන්න.
"ඔයාගේ නම මොකද්?" ගායනි අහනවා.
"නිමල්" ඔහු කිව්වා.
"නිමල් මගේ නම ගායනි. ඔයා මේ සල්ලි ගන්න. ඒත් ආයේ හොරකම් කරන්න එපා" ගායනි ඔහුට සල්ලි ටිකක් දෙනවා.
නිමල් පුදුම වෙනවා. ඇයි මෙහෙම කරන්නේ? ජීවිතයේ පළමු වතාවට කවුරුහරි ඔහුට උදව් කරනවා. ආදරයෙන්.
"ඇයි ඔයා මට මෙහෙම උදව් කරන්නේ?" නිමල් අහනවා.
"මට ඔයා ගැන කරුණාවක් ඇතිවුනා. ඔයා හොද කෙනෙක්. ඒත් ඔයාට උදව් ඕනේ. මම ඔයාට උදව් කරන්නම්" ගායනි කිව්වා.
අටවන පරිච්ඡේදය - ගායනාව
ඊළඟ දවසේ සවස නිමල් ගායනිව සතුටු කරන්න ඇගේ ගෙදර ළඟට යනවා. ඔහුට ඇය ගැන අමුතු සිතුවිලි එනවා. ජීවිතයේ පළමුවතාවට ඔහුට හොද හැඟීමක් ආවා.
ගායනි ගෙදර එලියේ තියෙන අඹ ගහා යටට වෙලා තනියම සින්දුවක් කියමින් හිටියේ කම්මැලි කමට. ඇයගේ හඬ හරි මිහිරියි. නිමල්ට ඒක ඇහනවා.
ගායනිගේ ගායනාව නිමල්ගේ හිතට හොදටම දැනුනා. ඔහුගේ හිත ගොඩක් සන්තෝෂ වුණා. කුඩු නැතුව ඔහුට මෙහෙම සන්තෝෂයක් කවදාවත් දැනුණේ නෑ.
"මේ ගායනාව කොච්චර ලස්සනද. මේ කෙල්ල කොච්චර හොදද" නිමල් හිතුවා.
ගායනි එක කියනගමන් වට පිට බැලුවා. ඇය නිමල්ව දැක්කා.
"ඔයා ඊයේ රෑ ආපු කෙනා නේද?" ගායනි අහනවා.
"ඔව්. මම ඔයාගේ සිංදුව ඇහුවා. ඒක ගොඩක් ලස්සනයි. ඔයාගේ හඬ දෙව්ලෝකෙ දේවදූතයෙකුගේ හඬ වගේ" නිමල් කිව්වා.
නවවන පරිච්ඡේදය - ආදරය ආරම්භය
ගායනි හා නිමල් කතා කරන්න පටන් ගන්නවා. ගායනිට නිමල් ගැන හරි හොද හැඟීමක් ආවා. ඔහුගේ කතාව ඇහුවාම ඇයට පේනවා ඔහුගේ ජීවිත කතාව.
"ඔයා ඊයේ මට දුන්න සල්ලි මම කුඩු ගන්න යොදා ගත්තා. ඒත් දැන් මට ලජ්ජයි.නිමල් කිව්වා.
"ඒකට කමක් නෑ. ඒත් ඔයා කුඩු නවත්වන්න උත්සාහ කරන්න. ඔයාගේ ජීවිතය කැරුණු ගඟක් වගේ. ඒත් ඒක සුද්ධ කරන්න පුලුවන්" ගායනි කිව්වා.
"මට ඒක නවත්වන්න ගොඩක් අමාරුයි. මම බලලා තියෙනවා. ඒත් ශරීරය ගැහෙන්නට වෙනවා. හිත දුක් වෙනවා" නිමල් කිව්වා.
"ඔයා තනියම උත්සාහ කරනවාද? කවුරුහරි උදව් කරනවාද?" ගායනි අහනවා.
"නෑ. මට කවුරුවත් නෑ. පවුලේ අය මාව අතහැරලා ඉන්නේ. සමන් විතරයි මගේ යාලුවා. ඒත් ඔහුටත් මට කරන්න දෙයක් නෑ" නිමල් කිව්වා.
"දැන් ඉඳන් මම ඔයාට උදව් කරන්නම්. මම ඔයා ළඟ ඉන්නම්" ගායනි කිව්වා.
නිමල්ට මේ කතාව ඇහුණාම පුදුම සන්තෝෂයක් ඇති වුනේ. ඔහුගේ ඇස්වලට සන්තෝෂයේ කඳුළු ආවා.
දහවන පරිච්ඡේදය - හිත වෙනස
දින කිහිපයක් ගත වෙනවා. නිමල් හැම දවසේම ගායනිව හමුවෙන්න එනවා. ගායනි ඔහුට හිතට ශක්තිය දෙනවා. ඔහුට ජීවිතය ගැන අමුතු හැගිමක් ඇතී කරනවා.
නිමල්ට ගායනි ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඇයගේ කරුණාව සහ ආදරය නිසා ඔහුගේ හිත වෙනස් වෙනවා. ඔහුට සිතෙනවා ගායනිට කොච්චර ලස්සන හිතක්ද තියෙන්නේ කියලා.
"ගායනි මම ඔයාව ගොඩක් ආදරේ කරනවා. ඔයා මගේ ජීවිතයට ආලෝකයක් වගේ ආවා" නිමල් කිව්වා.
"නිමල් මටත් ඔයා ගැන හොද හැඟීමක් තියෙනවා. ඒත් ඔයා මුලින්ම කුඩු නවත්වන්න ඕනේ. ඔයා ඒ ව්‍යසනයෙන් මිදුණම අපිට ඉදිරිය ගැන හිතන්න පුලුවන්" ගායනි කිව්වා.
"ගායනි මම ඔයා නිසා කුඩු නවත්වන්නම්. ඔයාගේ ආදරය මට ශක්තිය දෙනවා. ඔයා නැතුව මේ ලෝකය මට අන්ධකාරයක්" නිමල් කිව්වා.
ගායනිට නිමල්ගේ හරිම කතාව ඇහෙනකොට ඇයට පුදුම සන්තෝෂයක් ආවා.
එකොලොස්වන පරිච්ඡේදය - පවුලේ විරෝධය
ගායනිගේ තාත්තා මහපතගම මුදලාලි දැනගන්නවා ගායනි කවුරුහරිත් එක්ක කතා කරන ව කියලා. ගමේ අය ඔහුට කිව්වා.
"ගායනි ඔයා කවුරුත් සමග ද කතා කරන්නේ? ගමේ අය කියනවා ඔයා කොල්ලෙකු එක්ක කතා කරනවා කියලා" තාත්තා අහනවා.
"නිමල් කියන කෙනෙකු සමග. ඔහු හරිම හොද කෙනෙක්" ගායනි කිව්වා.
තාත්තා නිමල් ගැන විමසලා බලනවා. ගමේ අයගෙන් ඇහුවාම ඔහු දැනගන්නවා නිමල් කුඩු ගහානවා කියලා. ඒ වගේම ඔහු ගෙදරට හොරෙන් ආවා කියලාත්.
"ගායනි ඔය පිරිමි ළමයා ගොඩක් නරක කෙනෙක්. ඔහු අපේ ගෙදරට හොරකම් කරන්න ආපු කෙනෙක්! ඔහු කුඩු ගහාන කෙනෙක්!" තාත්තා කිව්වා.
දහතුන්වන පරිච්ඡේදය - ආදරයේ ශක්තිය
"නිමල් ඔයා නරක වැඩක් කළා. ඒත් මට පේනවා ඔයා වෙනස් වෙන්න හදනවා. ඔයා ඇත්තටම කුඩු නවත්වන්න උත්සාහ කරනවා නම් මම ඔයාට උදව් කරන්නම්" ගායනි කිව්වා.
"ගායනි මම ඔයාව ගොඩක් ආදරේ කරනවා. ඔයාගේ ආදරය නිසා මට කුඩු නවත්වන්න පුලුවන් වෙයි. ඔයා නැතුව මේ ජීවිතය මට අර්ථ දක්වන්නක් නෑ" නිමල් කිව්වා.
ගායනිත් නිමල්ට ආදරේ කරනවා. ඇය ඔහුගේ හොද පැත්ත දැක්කා. ඔහුගේ අවංකම.
"නිමල් ආදරය කියන්නේ එකෙක් ඉන්න එක විතරක් නෙමෙයි. එකිනෙකාට සහය වෙන එක. ඔයාගේ නරක පැත්තත් එක්ක ඔයාව පිළිගන්න මම සූදානම්. ඒත් ඔයා කුඩු නවත්වන්නම ඕනේ" ගායනි කිව්වා.
ඔවුන් දෙන්නා මිලේ කුඩු නවත්වන්න සැලසුම් කරනවා.
දහහතරවන පරිච්ඡේදය - සටන
දින ගණනක් ගත වෙනවා. නිමල්ට කුඩු නවත්වන්න ගොඩක් අමාරුයි. ඔහුගේ ශරීරේ ගැහෙන්නට වෙනවා. හදවත වේගයෙන් ගැහෙනවා. හිරු එළිය දරාගන්න බෑ.
ඒත් ගායනි හැම වෙලාවේම ඔහු ළඟ ඉන්නවා. ඇය ඔහුගේ හිත හදන්න උත්සහා කරනවා. ඔහුට කැම ජාතී හදලා දෙනවා.
"නිමල් ඔයා මහන්සි වෙන්න. ඔයාට පුලුවන්. මම ඔයා ළඟ ඉන්නවා. ඔයා එක්කෙනෙක් නෙමෙයි මේ සටනේ" ගායනි කිව්වා."ගායනි ඔයා නැතුව මට මේක කරන්න බෑ. ඔයාගේ ආදරයේ ශක්තිය නැතුව මට මේක කරන්න බෑ" නිමල් කිව්වා.
සමනුත් නිමල්ට උදව් කරනවා. ඔහුගේ සැබෑ යාලුවා ලෙස. ඔහු නිමල්ට කතා කරලා හිත ශක්තිමත් කරනවා.
"නිමල් මචං ඔයා මේ කුඩු නවත්වන්න ගන්න උත්සාහය ගැන මට මාරම අඩම්බරයි. ගායනි කෙල්ලත් ඔයාට ගොඩක් උදව් කරනවා. ඔයා මේක ජයගන්නවා" සමන් කිව්වා.
පන්ධරවන පරිච්ඡේදය - ප්‍රධාන බාධකය
ගායනිගේ තාත්තා ඇයව ගෙදරටම හිර කරනවා. ඔහු නිමල්ට ගොඩක් අකමැතියි. ගමේ අයත් මහපතගම මුදලාලිට කියනවා ගායනි නරක පිරිමි ළමයෙක් එක්ක ගනුදෙනු කරනවා කියලා.
"ගායනි ඔයා මේ කුඩු ගහන කෑදරයකයගෙන් ඈත් වෙන්න. ඔහු අපේ පවුලට හානියක්. අපේ ගමේ නමටත් හානියක්" තාත්තා කිව්වා.
"නෑ තාත්තේ! නිමල් හොද කෙනෙක්. ඔහු වෙනස් වෙන්න උත්සාහ කරනවා. ඔහු කුඩු නවත්වන්න උත්සාහ කරනවා" ගායනි කිව්වා.
"ඔහු අපේ ගෙදරට හොරකම් කරන්න ආපු කෙනෙක්! මම ඔයාට ඔහුව හමුවෙන්න කිසීම අවස්ථාවක ඉඩ දෙන්නේ නෑ. ඔයා ගෙදරින් පිටවෙන්නේත් නෑ" තාත්තා කිව්වා.
තාත්තා ගායනිව ගෙදරටම හිර කරනවා.
දහසයවන පරිච්ඡේදය - වෙන්වීම
නිමල්ට ගායනිව හමුවෙන්න බෑ, එ ගැන ඔහු ගොඩක් දුක් වෙනවා. ඔහුට සිතෙනවා ගායනි ඔහුට අකමැති වුණා කියලා" අමතක කරා කියලා.
"සමන් මචං ගායනි මව දාලා ගියා. මට මේ කුඩු නවත්වන්න බෑ. ගායනි නැතුව මට ජීවත් වෙන්නත් බෑ" නිමල් කිව්වා.
"නිමල් මචං ඔයා ගායනි නිසා මේ කුඩු නවත්වන්න පටන් ගත්තා. ඔයාගේ ජීවිතය හදාගන්න. ගායනි ඔයාට ආදරේ කරනවා නම් ඇය ආයේ එයි" සමන් කිව්වා.
"ගායනි මම ඔයාට ආදරේ කරනවා. ඔයා මට කිව්වා කුඩු නවත්වන්න. මම ඒක කරන්නම්. ඔයා නැතුවත් මම මේක කරන්නම්" නිමල් හිතනවා.
ඔහු ගායනිගේ ප්‍රේමය නිසා තමන්ගේ ආත්ම විස්වාසය ඇති කරගන්නවා.
දහහත්වන පරිච්ඡේදය - ආදරයේ ශක්තිය
ගායනි ගෙදරට හිර වෙලා ඉන්නවා ඒත් ඇයගේ හිත නිමල් ගැනයි. ඇය ජනෙලෙන් බලාගෙන ඔහු ගැන හිතනවා. ඇය ඔහුට නිහතමානීව ගායනා කරනවා. ප්‍රේම ගීත.
"නිමල් මම ඔයාට ආදරේ කරනවා. ඔයා වෙනස් වෙන්න. මම ඔයා ගැන ප්‍රාර්ථනා කරනවා. අපේ ආදරය ජයගන්නවා" ගායනි හිතනවා.
නිමල්ත් ගායනි ගැන හිතනවා. ඔහුට සිතෙනවා ගායනිගේ ආදරය නිසා ඔහු වෙනස් වෙන්න ඕනේ. ඔහුගේ හදවතේ ගායනිගේ ප්‍රේමය රැඳිලා ඉන්නවා.
"ගායනි මම ඔයා නිසා මේ කුඩු නවත්වන්නම්. ඔයාගේ ආදරය නිසා. ඔයා මට ශක්තිය දුන්නා. ඔයාගේ ආදරයට ගරු කරලා මම හරි ජීවිතයක් ගත කරන්නම්" නිමල් හිතනවා.
දහඅටවන පරිච්ඡේදය - වෙනස
මාස දෙකක් ගත වෙනවා. නිමල් හරියට මහන්සි වෙනවා. ඔහුගේ ශරීරය වෙනස් වෙනවා. කුඩු නැතුව ඔහුට ගොඩක් අමාරුයි. ඒත් ගායනිගේ ආදරයේ සිහිකිරීම ඔහුව ශක්තිමත් කරනවා.
ඒත් ඔහු අත් නොහරිනවා. ගායනිගේ ආදරය ඔහුව ශක්තිමත් කරනවා. ඔහු වැඩක් හොයාගෙන වැඩ කරන්න පටන් ගන්නවා. එදිනෙදා කම්කරුවෙකු ලෙස.
ඔහුගේ මුහුණේ පැහැය වෙනස් වෙනවා. ඇස් වල එන්න තිබුණ අඳුර පහව යනවා. ඔහු දැන් ලස්සනට ඇදලා කියලා ඉන්නවා.
"සමන් මචං මම කුඩු නවත්වලා. දැන් මට ජීවිතය වෙනස් වෙලා පේනවා. ගායනිගේ ආදරය මට ශක්තිය දුන්නා. ඇය නැතුවත් මම ඇයගේ ආදරය සිහිපත් කරලා ජීවත් වෙනවා" නිමල් කිව්වා.
"නිමල් මචං මට අඩම්බරයි ඔයා ගැන. ඔයා ඇත්තටම වෙනස් වුණා. ගායනි කෙල්ලගේ ආදරය ඔයාව නැවත ජීවිත් කළා" සමන් කිව්වා.
දහනවවන පරිච්ඡේදය - සාක්ෂි
නිමල් වෙනස් වෙලා කියලා මුළු නගරයම දැනගන්නවා. ඔහු වැඩ කරනවා. හොද ජීවිතයක් ගත කරනවා. ගමේ අය ඔහු ගැන කතා කරනවා.
"ඒ නිමල් කොල්ලා වෙනස් වුණා. දැන් ඔහු කුඩු ගන්නේ නෑ. වැඩ කරනවා. හරි පිළිවෙලක් තියෙනවා" ගමේ අය කියනවා.ගායනිගේ තාත්තාටත් මේක අහන්න ලැබෙනවා.
ඔහු පුදුම වෙනවා. ගමේ අයගෙන් ඇහුවාම ඔහුට පේනවා නිමල් ඇත්තටම වෙනස් වුණා කියලා.
"ගායනි, අර පිරිමි ළමයා ඇත්තටම වෙනස් වෙලා වගේ නේ. ඔහු වැඩ කරනවා. කුඩු ගහන්නේ නෑ. හරි ජීවිතයක් ගත කරනවා" තාත්තා කිව්වා.
"ඔව් තාත්තේ! නිමල් හරිම හොද කෙනෙක්. ඔහු වෙනස් වුණා ආදරය නිසා. ආදරයට ජයගන්න පුලුවන් සෑම දෙයක්ම" ගායනි කිව්වා.
"හරි. ඔයාට ඔහුව හමුවෙන්න පුලුවන්. ඒත් ඔයා පරිස්සම් වෙන්න" තාත්තා කිව්වා.
විස්සවන පරිච්ඡේදය - නැවත හමුවීම
නිමල් හා ගායනි අයේ හමුවෙනකොට ඔවුන් දෙන්නාම ගොඩක් සන්තෝෂ වෙනවා. ගායනි නිමල්ගේ වෙනස දකිනවා. ඔහු කුඩු ගැනීම නවත්වලා. ලස්සනට ඇඳගෙන. සඳ වගේ පැහැයක් ඇස් වල.
"ගායනි මම ඔයා නිසා වෙනස් වුණා. ඔයාගේ ආදරය මට ශක්තිය දුන්නා. ඔයාව මුලින්ම දැක්ක දවසේ ඉඳන්ම මගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා" නිමල් කිව්වා.
"නිමල් මට ඔයා ගැන අඩම්බරයි. ඔයා මේ කුඩු ව්‍යසනය ජයගත්තා. ආදරයේ ශක්තිය ජයගත්තා" ගායනි කිව්වා.
"ගායනි මම ඔයාට ආදරේ කරනවා. ඔයා මගේ ජීවිතයේ ගිනිකූඩුවයි. ඔයාගේ ආදරය නිසා මම මේ අඳුරෙන් එළියට ආවා" නිමල් කිව්වා.
ගායනිත් නිමල්ට ප්‍රේම කරනවා. ඔවුන්ගේ ආදරය සර්ව බාධක ජයගත්තා.
එකවිස්සවන පරිච්ඡේදය - භාවිතය
නිමල් ගායනිගේ තාත්තාගෙන් ගායනිව විවාහ කරගන්න අවසරය ඉල්ලනවා. ඔහු තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ඇත්තේ ගායනිගේ ආදරය නිසා.
"මහපතගම මහත්මයා, මම ගායනිව ආදරේ කරනවා. ඇය මගේ ජීවිතය වෙනස් කළා. මම දැන් වැඩ කරනවා. කුඩු ගන්නේ නෑ. ලස්සන ජීවිතයක් ගත කරනවා. මට ගායනිව විවාහ කරගන්න අවසරය දෙන්න" නිමල් කිව්වා.
මහපතගම මුදලාලි සිතනවා. ඔහුට පේනවා නිමල් ඇත්තටම වෙනස් වුණා. ගමේ අයත් ප්‍රශංසා කරනවා නිමල්ගේ වෙනස ගැන.
"නිමල්, ඔයා ගොඩක් වෙනස් වුණා. ඒක මම දකිනවා. ඔයා මගේ ගායනිව සතුටු කරයි කියලා මම විශ්වාස කරනවා. මම ඔයාට අවසරය දෙනවා" මුදලාලි කිව්වා.
දෙවිස්සවන පරිච්ඡේදය - ආදරයේ ජයග්‍රහණය
නිමල් සහ ගායනි විවාහ වෙනවා. මුළු ගමම ඔවුන්ගේ විවාහයට එනවා. ගමේ අයට පුදුමයි. කුඩු ගත් කෙනෙක්ට මෙච්චර වෙනස් වෙන්න පුලුවන්ද ආදරයේ ශක්තියෙන්.
"ගායනි, ඔයාගේ ආදරය නිසා මම නැවත ජීවත් වුණා. ඔයාගේ ආදරයේ ගඟ මගේ අඳුරු ජීවිතයට සර්ව ආලෝකය ගෙන ආවා" නිමල් කිව්වා.
"නිමල්, ආදරය කියන්නේ විශ්වාස කිරීමයි. සෑම කෙනෙක්ගේම හිතේ හොඳ පැත්තක් තියෙනවා. ගායනි කිව්වා.
ඔවුන්ගේ ආදර කතාව ගමේ කතාවක් වුණා. සතුට, කනගාටුව, අභියෝගයන්, ජයග්‍රහණ මෙ සියල්ලම එකට. ආදරයේ ගඟ සර්ව බාධක පසුකරමින් සාගරයට ගලා යනවා.
අවසාන පරිච්ඡේදය - අනාගතය
දැන් නිමල් සහ ගායනි සතුටින් ජීවත් වෙනවා. නිමල් වැඩ කරලා හොඳ ආදායමක් ලබනවා. ගායනිත් ගීත ගායනයෙන් මනරම් ජීවිතයක් ගත කරනවා.
ඔවුන්ට දරුවෙක් ඉපදෙනවා. සතුටු පවුලක්. නිමල්ගේ අතීතය අභිමානවත් සමන්ගේ උදාහරණයක් වෙනවා. ඔහු තරුණයන්ට උපදෙස් දෙනවා.
"කුඩු ආදීන් නරක ප්‍රවණතා වලින් මිදෙන්න ආදරයේ ශක්තිය වැදගත්. සෑම කෙනෙක්ටම දෙවනි අවස්ථාවක් ලැබෙනවා" ඔහු කියනවා.
ගායනිගේ කරුනාව සහ ආදරය නිසා නිමල්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ආදරයේ ගඟ ගලා ගිය හැම තැනම ජීවයේ මල් පිපෙනවා.
අවසානය
"ආදරය යනු ලොව ශක්තිමත්ම බලවේගයයි. එය අඳුරම සිත්වලත් ආලෝකය ගෙන එයි. කරුණාවෙන් සහ ප්‍රේමයෙන් සෑම කෙනෙකුටම වෙනස් වීමේ අවස්ථාව ලැබේ."